සමාජානුයෝජනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජානුයෝජනය යනු සමාජයට එක්වන නවක සාමාජිකයන් එම සංස්කෘතියට අනුව හැඩගැස්වීමයි.සමාජ අනුයෝජනය යන වචන ඒකාබද්ධ වීමෙන් සමාජානුයෝජනය යන වචනය බිහිවී ඇත.මේ අනුව සමාජයට අනුගතවීම සමාජයට අනුව සකස්වීම සමාජයට අනුව හැඩගැසීම අනුකූල වීම සමාජානුයෝජනය ලෙස අර්ථ දැක්විය හැක.ඕනෑම සමාජයක සාමාජිකත්වය ලබාගැනීමට එම සමාජයට අනුව හැඩගැසීමට එනම් සමාජානුයෝජනය වීමට සෑම නවක සමාජිකයෙකුටම සිදුවේ.

පීටර් වර්ස්ලි දක්වන ආකාරයට සමාජානුයොජනය යනු සංස්කෘතිය පවරාදීමේ ක්‍රියාවලියයි සමාජානුයෝජනය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නකි බොහෝ සමාජවිද්‍යාඥයන් සමාජානුයොජනය යනු සංස්කෘතික පවරා දීම ලෙස සලකයි මානව විද්‍යාව සමාජ විද්‍යාව මනෝ විද්‍යාව ආදී බොහෝ සමාජීය විද්‍යාවන්හි ඉගැන්වෙන ප්‍රධාන සංකල්පයක් ලෙස සමාජානුයොජනය දැක්විය  හැක සමාජානුයෝජනය ප්‍රධාන කොටස් දෙකක් දැකිය හැකිය එවා නම් ප්‍රාථමික සමාජානුයෝජනය හා ද්වීතිය සමාජානුයොජනයයි ඇතැම් අවස්ථාවල මෙය තවදුරටත් බෙදාදක්වයි ඒ තෘතියික සමාජානුයෝජනය පුනර් සමාජානුයෝජනය අපේක්ෂිත සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයොජනය ලෙසයි.

ඉතිහාසය[සංස්කරණය]

අතතීයේදී සමාජානුයෝජනය යනු සමාජයට අනුගතවී ලෙස සරලව හඳුන්වා ඇත.එහෙත් සමාජ විද්‍යාව බිහිවීමත් සමග මෙම සංකල්පයට විවිධ විද්වත් අදහස් එක්විය.

සදාචාරාත්මක සංවර්ධනය[සංස්කරණය]

ලෝරන්ස් කොහ්බර්ග් වැනි දර්ශනිකයන්පෙන්වා දුන්නේ සමාජානුයෝජනය යනු වැරදි දෙයින් නිවැරදි දෙයට හුරුවීම සමාජානුයෝජනය බවයි.මේ අනුව ඔහු මිනිසාගේ අවදී දෙකක් පෙන්වා දෙයි.මෙයින් මුල් අවධිය ප්‍රාථමික අවධියයි.එනම් ළදරු අවධියයි. මෙම අවධියේදී දරුවා වේදනාව හා තෘප්තිය මත තීරණ ගනී.වේදනාත්මක දෑ මඟහැරීම හා සතුට තෘප්තිය උපදවනදෑ යලි යලි කිරීමට පෙළඹේ.දෙවන වර ද්වීතීය අවධියේදී පුද්ගලයා සමාජයේ ජීවත්වන අනෙකුත් සාමාජිකයන්ගේ මඟපෙන්වීම්,ආදර්ශ දාදිය මත තම හැසිරීම සකස්කර ගනී.එමගින් සමාජයට හිතකර හැසිරීම් අනුගමනය කරන්නටත් අහිතකර හැසිරීම් ඉවත්කර ගැනීමටත් පුද්ගලයා යොමුවේ.

මනෝ විද්‍යාත්මක සංවර්ධනය[සංස්කරණය]

වර්‍යාවාදය[සංස්කරණය]

සමාජානුයෝජන ප්‍රභේද හා කාරක[සංස්කරණය]

පුද්ගලයා ලබන සමාජානුයෝජනය කොටස්කර අධ්‍යනය සමාජානුයොජන ප්‍රභේද ලෙස සළකන අතර ඒඒ සමාජානුයොජනයට අදාල නියෝජීතයන් හෙවත් කාරකයන් සමාජානුයෝජන කාරක ලෙස හදුන්වයි

ප්‍රාථමික සමාජානුයෝජනය[සංස්කරණය]

සමාජානුයෝජනයක මූලිකම හා වැදගත්ම කොටස ප්‍රාථමික සමාජානුයෝජනයයි මෙය පුද්ගලයා මුල්වරට ලබන සමාජානුයෝජනයයි නව ලොවට මුල්වරට බිහිවන ළදරුවා සමාජයට අනුගතකිරීමේ ක්‍රියාවලිය මෙයයි.මුල්වරට තම අවට පරිසරය හා සමාජය පිළිබද ඉගෙනුමක් ලබාගැනීම ඉතා වැදගත් වන්නේ නව ලොවට බිහිවන ළදරුවා සංස්කෘතිය තුල පවතින කිසිවක් නොදැන අළුතෙන්ම ලබන සමාජානුයොජනයක් නිසාය.ලොකයට මුල්වරට බිහිවන්නේ ජීව විද්‍යාත්මක මිනිසෙකි.ඔහුට ඇත්තේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පමණි.එනම් කුසගින්න පිපාසය විවේකය හා ශරීර කෘත්‍ය සිදුකර ගැනීමේ අවශ්‍ය තාවයන් පමණි.පසුව ජීව විද්‍යාත්මක මිනිසා එනම් ළදරුවා පවුල් පරිසරය ඇසුරු කරගෙන පවුලේ අය මගින් සමාජයේ පවතින සිරිත් විරිත් සාර ධර්ම ඉගෙන ගනිමින් සංස්කෘතියට අනුකූලව හැඩ ගැසෙයි. මෙහිදී සමාජානුයොජනයට භාජනයවන ළදරුවා මෙහෙයවීම බොහෝවිට පවුල තුලින් සිදුවෙයි.මෙහිදී ප්‍රධාන සමාජානුයෝජන කාරකය වන්නේ පවුලයි.ජීව විද්‍යාත්මක මිනිසා සමාජීය මිනිසකු බවට පත්කරන මුල් අඩිතාලම දමන්නේ පවුල නම්වන සමාජානුයොජන කාරකය මගිනි.මෙහිදී සමාජානුයෝජන මෙහෙයවනු ලබන කාරකයන් ලෙස පිළිවෙලින් මව පියා කුසඹුරුවන් විතෘත පවුලකනම් ආච්චී සීයා මාමා නැන්දා බාප්පා මහප්පා පුංචි අම්මා ආදී ඥාතීන් ප්‍රමුඛවේ.

ප්‍රථමික සමාජානුයෝජනයේදී මව ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටුකරයි.සමාජානුයෝජනයේ දී මවගේ කාර්‍ය ඉතාමත් වැදගත් සාධකයක් බව සමාජ විද්‍යඥයන් මානව විද්‍යාඥයන් හා මනෝවිද්‍යාඥයන් පවසයි.ලොවට අළුතින් එක්වූ ළදරුවාට මුල්වරට සමාජය හදුනාගන්නට උපකාර කරන්නේ මව විසිනි.විශේෂයෙන් ළදරු අවධිය තුල දරුවා ලෝකය හදුනා ගන්නේ මවගේ උදවුවෙනි.මවගෙන් ලැබෙන සමාජානුයොජනය දරුවකුගේ පෞරුෂය වර්ධනයට ඍජුව බලපාන බව මානව විද්‍යාඥ මාග්‍රඩ් මීඩ් දක්වයි.කුඩා අවධියේ දී මව විසින් ආදරයෙන් සෙනෙහසින් රැකබලා ගන්නා දරුවන් වැඩිවියට පත්වූවිට සාමකාමී දරුවන් වන බවත් අකාරුණික ලෙස සලකමින් නිතර දඩුවමට භාජනය වන දරුවන් වැඩිහිටි වියේදී ආක්‍රමණශ්‍රීලී ක්‍රියාවන්ට පෙළබෙන බවත් මාග්‍රඩ් මීඩ් විසින් නිව්ගිනියාවේ වාසය කළ මුණ්ඩුගුමාර් හා ඇරපේෂ් ගෝත්‍රකියන් පිළිබද කරනු ලැබූ මානව විද්‍යාත්මක අධ්‍යනයෙන් සනාත කළාය.

මවගෙන් පසු මීලග දරුවන් සමාජානුයොජනය කිරීමේ දායකත්වය පැවරෙන්නේ පියාටයි.

ද්වීතීය සමාජානුයෝජනය[සංස්කරණය]

ද්වීතීය සමාජානුයොජනය ලෙස පෙර පාසැල පාසැල ඇසුරෙන් ගුරුවරයින් ගෙන් හා සම වයස් මිතුරු කණ්ඩායම් ඇසුරෙන් හා සමාජයේ අනෙකුත් සාමාජිකයන් ලබන සමාජානුයේජනය දැක්විය හැක.පවුලේ සමාජිකයන් සුළු පිරිසක් ඇසුරේ ලබන සමාජානුයෝජනයට වඩා බොහෝ පිරිස් ඇසුරේ සමාජානුයෝජනය ලැබීමට ද්වීතීය සමාජානුයෝජනයේදී ඉඩ සැළසේහෙිදී විධිමත් අයුරින් සමායෝජනය ලැබීම විශේෂිතය පාසැළ,විශ්ව විද්‍යාලය වැනි ආයතන මගින් විධිමත් සමාජානුයෝජනයක් ලබාදේ.කාලසටහනකට අනුව වැඩ කිරීම මගින්වෙලාවට අවධිවීම,කෑම ගැනීම,වැසිකිළි යාම,විවේකය ගත කිරීම ආදී සියල්ල කාල සටහනකට අනුව කිරීමට ළමයා යොමුවේ.ගුරුවරුන් ඇසුරේ නව දැනුම ලබා ගැනීමටත් සම වයස් මිතුරන් ඇසුරෙන් තමාට නව ආරෝපිත තත්වයක් ලැබීමටත් හැකිවේ.තත්වය හා භූමිකා නිවැරදිව හඳුනා ගනිමින් ඊට අදාල කාර්‍යයන්ට නිවැරදිව හුරුවීමටද මෙහිදී උගනී.පුද්ගලයා තම නිදහස භුක්ති විඳීම,කුසලතා සංවර්ධනය,සමාජ අනන්‍යතාවක් ගොඩනගා ගැනීම,සංස්කෘතික ඇගයුම් වටිනාකම් තේරුම් ගැනීම ආදිය වැඩි වශයෙන් හුරුවන්නේ ද්වීතීය සමාජානුයෝජනයේදීය.

තෘතීක සමාජානුයෝජනය[සංස්කරණය]

පුද්ගලයා පුවත්පත්,සඟරා,ගුවන් විදුලිය,අන්තර්ජාලය ආදී මුද්‍රිත හා විද්‍යුත් ජනසංනිවේදන මාධ්‍ය මෙන්ම සමාජ මාධය ඇසුරෙන් ලබන සමාජානුයෝජනය තෘතීක සමාජානුයෝජනය ලෙස හදුන්වයි.වර්ථමානයේදී ඉතාමාත් ප්‍රභල සමාජානුයෝන කාරකයක් ලෙස තෘතීත සමාජානුයෝජන කාරක හැඳින්විය හැකිය.මෙම සමාජානුයෝජන කාරකවල බලපෑම ඉතා කුඩා අවධියේ සිටද දරුවන්ට ලබේ.මුද්‍රිත මාධ්‍ය අභිබවා විද්‍යුත් මාධ්‍ය අදවනවිට කරළියට පැමිණ ඇත.මෙම සාමාජානුයෝජන කාරක මගින් පුද්ගලයාට ලැබෙන සමාජානුයෝජය ධණාත්මක මෙන්ම ඍණාත්මක බලපෑම්ද ඇති කරයි.පුද්ගල පෞරුෂය කරෙහි ද ඍජු බලපෑමක් මෙමගින් සිදුවේ.විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය වන ඇතැම් වෙළඳ දැන්වීම් නාට්‍ය චිත්‍රපට ඇතැම් විට පුද්ගලයන්ට වැරදි ආදර්ශ සපයයි.අන්තර්ජාලය හරහා වැරදි ලිංගික අධ්‍යාපනයන් ලබාදෙයි.සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවයි.මේ ආකාරයෙන් ඍණාත්මක සමාජානුයෝජනයන් මෙන්ම විධිමත්ව සංවිධානයවූ ආදර්ශවත් තොරතුරුද මාධ්‍ය හරහා ප්‍රචාරයවේ.එබැවින් මාධ්‍ය භාවිතයේදී නිවැරදි අයුරින් තොරතුරු තොරාගැනීමට ග්‍රාහකයන් සමත්විත විය යුතුය.ඇතැම් විට දැන උගත් අයගෙන් උපකාරයෙන් තොරතුරු තෝරා ගැනීම කළයුතුය.තොරතුරු නිවැරදිව තොරාගත නොහැකි අයට උපකාර කළ යුතුය.උදාහරණ ලෙස කුඩා දරුවකු වැරදි ආදර්ශ සහිත චිත්‍රපටයක් නරඔනවිට එහි ඇති නරක පිළබද දැනුවත් කළහැක.තරුණයෙකු අන්තර්ජාලයෙන් අසභ්‍ය දර්ශනයක් නරඹා එය සැබෑ ලෝකයේද එසේම වන්නේය යන වැරදි මතයක සිටය හොත් එය එස නොවන බවත් විද්‍යාත්මකව පැහැදිළි කළහැක.සමාජ මාධ්‍යය තුල පැරිරෙන දැන්වීම් නිසි මූලාශ්‍රයක් සපයා නොමැති නම් ප්‍රතික්ෂේප කළහැක.

පුනර් සමාජානුයෝජනය[සංස්කරණය]

පුනර් සමාජානුයෝජනය යනු යම් පුද්ගලයෙකු තමාට නුහුරු අඵත්ම සංස්කෘතියක් ඇසුරේ ලබන සමාජානුයෝජනයයි.බොහා් විට මෙවන් තත්වයන් මහා සංකෘතියක සිට උපසංස්කෘතියකට පිවිසෙන පුද්ගලයන්ට අද්දක්න්නට ලැබේ.

අපේක්ෂිත සමාජානුයෝජනය[සංස්කරණය]

පුද්ගලයා අනාගතයේ දී දැරීමට අපේක්ෂා කරන තත්වය අරමුණු කරගෙන ලබන සමාජානුයෝජනය අපේක්ෂිත සමාජානුයෝජනය ලෙස හදුන්වයි.

සාවද්‍ය සමාජානුයෝජනය[සංස්කරණය]

තත්වයට අදාල භූමිකාව වැරදියට අභ්‍යන්තරීකරණය හෙවත් වැරදි ලෙස සිදුවන සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයෝජනය ලෙස හදුන්වයි.මෙවන් සමාජානුයොජනයන්ට උදාහරණ ලෙස බොහෝ සම්ප්‍රදායික හා පෙරදිග රටවල පවතින කාන්තාව පිළිබද ආකල්පයන් ගත හැක.බොහෝ සම්ප්‍රධායික සමාජයන්හි කාන්තාවක් සැමවිටම පුරුෂයාට යටත්ව සිටිය යුතු බවටත් පුරුෂයා අභිබවා යෑම වරදක් බවත් වෛවාහික ප්‍රචණ්ඩත්වය කොතරම් දරුණු වුවද එය ස්ත්‍රිය විසින් ඉවසිය යුතු බවත් පුරුෂයන් සිදුකරන ඇතැම් වෘත්තීන් ස්ත්‍රීන්ට නුසුදුසු බවත් ස්ත්‍රියක් සැමවිටම තම අභිමත පරිදි නොව පුරුෂයාට හෝ සංස්කෘතියට අභිමත ආකාරයට පමනක් හැසිරිය යුතුමවට පෙන්වාදෙයි.මෙමගින් ස්ත්‍රියගේ පෞරුෂය දුර්වල වන බව සමාජ හා මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙයි.මීට අමතරව දකුණු ආසියාතික සමාජයන්හි දක්නට ලැබෙන කුල ක්‍රමය මගින්ද කුලහීන පුද්ගලයන් සැමවිටම උසස් කුලයන්ට යටත්ව සිටිය යුතුමව උසස් කුලවතුන් ලබන වරප්‍රසාද ඔවුන්ට ලබාගත නොහැකී ආදි වශයෙන් සාවධ්‍ය සමාජානුයෝජනයකට ලක්කරයි.එම නිසා එම හීන කුලිකයන් ගේ පෞරුෂය දුර්වලවේ.වර්ග භේදවාදය පතින රටවල මේ අයුරින්ම කළු ජාතිකයන් සාවද්‍ය සමාජානුයෝජනයට ලක්වේ.සාවද්‍ය සමාජානුයෝජනයට ලක්වන පුද්ගලයන්ගේ පෞරුෂය මෙන්ම බුද්ධි ඵලය හා චිත්තවේග ඵලය දුර්වල වනබව මනෝ විද්‍යාඥයන් සොයාගෙන ඇත.ප්‍රකට මනෝ විද්‍යාඥයෙකු වූ හැන්ස් අයිසෙන්ට් වැනි මනෝ විද්‍යාඤයන් විසින් සිදුතල පරීක්ෂණ මගින් මෙම මතය තහවුරුවේ.ඒ අනුව බටහිර කාන්තාවට වඩා පෙරදිග රටවල කාන්තාවන් සාවද්‍ය සමාජානුයෝජනයට ලක්වීම නිසා ඔවුන්ගේ පෞරුෂය බුද්ධි ඵලය හා චිත්තවේග ඵලය දර්වලය.උසස් කුලයන්ට අයත් පුද්ගලයන්ට වඩා හීන කුලිකයන්ගේ පෞරුෂය බුද්ධි ඵලය හා චිත්තවේග ඵලය සාවද්‍ය සමාජානුයෝජනයට ලක්වීම නිසා දුර්වලවේ.මේ අයුරින්ම සුදු ජාතිකයන්ට වඩා කලු ජාතිනයන් දුර්වලය මෙයට හේතුව සාවද්‍ය සමාජානුයෝජනය බව මනෝ විද්‍යාඥයන් පර්යේෂණාත්මකව ඔප්පුකර ඇත.නමුත් වර්තමානය වනවිට මෙම තත්වය වෙනස්වෙමින් පවතී.සාවද්‍ය සමාජානුයෝජනය අවම වෙමින් පවතී.

දේශපාලන සමාජානුයෝජනය[සංස්කරණය]

යම් සමාජයක ජීවත්වන සාමාජිකයින් එම සමාජය තුල පවතින දේශපාලන ක්‍රමයට අනුගතවීම දේශපාලන සමාජානුයෝජනය ලෙස සමාජ මානව හා දේශපාලන විද්‍යාවන්හි සදහන්වේ.සෑම සමාජයකම යම්කිසි දේශපාලන ක්‍රමයක් පවතී.දේශපාලන සමාජ විද්‍යාවට අනුව ප්‍රධාන දේශපානල ක්‍රම දෙකක් පවතී.ඒනම් රජ්‍ය විරහිත සමාජ හා රජ්‍ය සහිත සමාජ යනුවෙනි.රාජ්‍ය විරහිත සමාජ ලෙස ග්‍රෝත්‍රික සමාජ දැක්විය හැකි අතර රාජ්‍ය සහිත සමාජ ලෙස නූතන සංකීර්ණ සමාජයන්හි පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහිත සමාජ දැක්විය හැක.අදාල සමාජයේ පවතින දේශපාලන ක්‍රමයට මීලග පරපුර වෙත ගෙනයාම දේශපාලන සමාජානුයොජනයයි.

"https://si.wikipedia.org/w/index.php?title=සමාජානුයෝජනය&oldid=411702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි