සබ්බ පබ්බතය
පබ්බ යනු කන්ද යන්නය. සබ්බ යනු සියල්ලන්ගේම යන්නය. සබ්බ පබ්බත යනු සියල්ලන්ගේම කන්ද යන්නය. පැරණි සිංහලයේ ආර්ථික සංවිධානයෙහි පැවති මූලධර්මයන් ඔස්සේ සබ්බ පබ්බතය අර්ථක්‍රමය අපට මෙසේ ප්‍රතිනිර්මානය කල හැකිය. මෙම අර්ථක්‍රමය මහසම්මතවාදී දේශපාලනික ක්‍රමවේදය හා බද්දව පවතී. සබ්බ පබ්බතය එහි ආර්ථික මුහුණුවර යැයි පැවසීම වඩාත් උචිතය. මහසම්මතය හා සබ්බ පබ්බතය ය ගසට පොත්ත සේ එකට බද්දව පවතී. එකිනෙකට අනිකක් ආධාරක ලෙස පවතී.
ජනතාව වනාහී බලයේ මූලය මෙන්ම අන් සියල්ලගේම මූලයයි. කිසිවෙක් යහ පාලනයක් ගැන කල්පණාකරයි නම් එය ජනතාවාදී විය යුතුය. ජනතා අභිලාෂයන්ගෙන් ඉටුනොවී ලබන සංවර්ධනය කිසිදු ඵළදායී සංවර්ධනයක් නොවේ. මෙය රටේ සම්පත් විනාසයට පත්කරන අත්තනෝමතික සමාජයේ සුළුපිරිසක් පමණක් ප්‍රතිලාභ බුක්තිවිදින ආර්ථිකයක් බිහිවේ.
සිංහලය විදු ශාස්ත්‍රීය දැනුමෙන් අපට මේ පොදුජනතාව හා කොමිස් හා කොන්ත්‍රත් ධනපතියන් අතර පවතින බාධක තාප්පය බිද දැමීමේ බලයට අවැසි දැනුම් පද්දති නිර්මාණය කළ හැක්කේද සිංහල බෞද්ධ චිංතන දහරාවටමය. මහාසම්මතවාදයෙන් දේශපාලන සජීවීකරණයක් සිදුවන්නාවූ සේම එහි ආර්ථික අංගවූ සබ්බ පබ්බතයෙන් ආර්ථිකය සජීවීකරණයවේ.
සුද්දන් 1833 වාණිජ වැවිලි ආර්ථිකය හදුන්වා දීමට පෙර මෙරට පැවතියේ වැඩවසම් පන්නයේ ආර්ථිකයක් යැයි වර්තමාන ආචාරය මහාචාර්ය වරුද ගිරවුන් සේ කියවයි. එබදු වැඩවසම් ක්‍රමයක් පැවතියේ නම් සාමාන්‍ය ජනයා ප්‍රවේනි හිමියන්ගේ බූදලයක් විය යුතුය. නමුත් අතීතයේ අප මුතුන් මිත්තන් ගොවිතැන් කළේ අත්තමට කයිය. මෙහිදී ගොවීන්ගෙන් පිට සිටින ප්‍රෙව්නි හිමියෙක් නැත. ඒනිසා අපේ රටේ වැඩවසම් ක්‍රමයක් පැවතියේ යන්න තනිකරම මුසාවකි. ගමේ ගම් සභාවේ කතිකා කරගෙන අත්තමට ඔව්හු ඇළවේලි සැකසීමේ පටන් අස්වනු නෙලීම දක්වා සිදු කළහ. මෙම එකා සැමටත් සැම එකාටත් සහයෝගය දෙන්නාවූ ආර්ථික ක්‍රමවේදය සබ්බ පබ්බත ආර්ථික ක්‍රමයේ පදනමය.
වැව යනු සබ්බ පබ්බත ආර්ථික ඒකකයකට හොඳම විසදුමකි. අද පවතින්නාවූ වත්මන් ධනවාදි රටාවට වඩා ප්‍රගතශීලී ලක්ෂණ අතර ගමේ හා රටේ ජනතාවට ආර්ථික ප්‍රගිලාභ සෘජුව ගලා යෑම, සුද්දන් විසින් පුරුදු කරන ලද යැපුම් මානසිකත්වයෙන් මිදීම, ආර්ථිකය අධි සංවිධාන ගත වීම, සබ්බ පබ්බතයේ පදනම වන්නේ මහජන සුභසාධන මිස විජාතික සමාගම් සැනසීම නොවෙයි. ග්‍රාමීය ආර්ථිකයට මුල් තැනක් දෙයි. සෞඛ්‍ය සම්පනන ජාතියන් නැවත ඇති කරනු වස් හෙළ ගොවිතැනට ප්‍රමුඛත්වයක් ලබාදේ. මෙය ජාතිය සතු අරමුදල් වර්ධනය කරයි. අසරණයින් දූගීන්ට විශේෂයෙන් සරණවේ.මුස්ලිම් හා වෙනත් කළුකඩ මුදලාලිලාගේ ග්‍රහණයේ පවතින ආර්ථිකය මහජනතාව සතුකර ගනී.
ලෝකයේ ආර්ථික ක්‍රමයන්ට මූලබීජ වන මූලධර්ම හඳුන්වා දුන් ජාතීන් අැත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි. එයින්ද එකක් සිංහලන්ට උරුමව පවතින බව බොහො අය නොදනිති.අපේ මුතුන්මිත්තන් මහාවැව් දාගැබ් තනා රට සව්‍යං පෝෂිත කළේ මෙම ජනතා මූල ආර්ථිකයෙනි. මෙහි ඇරඹුම අපි ගම්සභාවෙන් ගත යුතුයි. දැනට මේ පවතින ආර්ථික ක්‍රමයෙන් වාසි ලබනුයේ කොමිස් ගසන දේශපාළුවන්ටත් කොන්ත්‍රාත් කරන මුදලාලිලාටත්, සමස්ථා ආර්ථිකයම ගිලගෙන ඇති මුස්ලිම් ව්‍යාපාර ජ්‍යාලයටත් පමනි. මෙවැනි නොහොබිනා කම් වලින් මහජනතාව මුදවාගෙන ඔවුන්ගේ මහන්සියට ඔවුන්ට සෑහෙන ප්‍රතිලාභයක් සැළසෙන්නේ මහසම්මතයෙන් ඉදිරිපත් කරන සබ්බ පබ්බත ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයතුළින් පමණි.
අත්තම් ක්‍රමය, රාජකාරි ක්‍රමය අත්තිවාරම කර ගත් මෙම සබ්බපබ්බත මූලධර්ම සංගත ලෙස කරළියට ආවේ ජානක තරංග ආරියරත්නයින් විසින් ඉදිරිපත් කළ මහාසම්මතවාදය කෘතියෙනි. මෙහිදී හෙතෙම බදුළු සෙල්ලිපිය, හා වැල් මිල්ල ටැම් ලිපිය ඇසුරෙන් මතුකරගන්නා පුරාණ සිංහලයේ ආර්ථික මූලධර්මයන් සබ්බපබ්තයන් ලෙස නම් තබයි. මෙතුළින් එකා සැමටත් සැම එකාටත් යන සමූපාකාර මූලධර්මය ගුරුකොට ගනී.