මහාසම්මතවාදය

විකිපීඩියා වෙතින්

මහා සම්මතවාදය යනු-

මහාසම්මතවාදය යනුවෙන් අදහස් කරණයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පවලින් යුත් ජාතික දර්ශනයකි. ප්‍රජාපාලිත දේශකළමණාකරණයක්, ප්‍රජා පාලිත ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි මුඛ්‍ය අරමුණවේ. ලොව පළමු මහා සම්මත වාදියා බුදුරජාණන්වහන්සේය. අග්ගග්ග සුත්ර දේසනාවේ හා චක්‍රවර්තී සිහනාද සුත්‍රයේ දකවා ඇත. ක්‍රමය තුළින් පක්ෂ දේශපාලනයට වැට බදියි. පක්ෂවල පූර්ව නිගමන මත නොව ප්‍රජා සහභාගීත්ව සංවර්ධන සැළසුම් හා ප්‍රතිපත්ති මත මහාසම්මතවාදීව තීන්දු තීරණ ගෙන ඉදිරයට ආ යුතු බව අවධාරණය කරයි. පුද්ගල වාදය වෙනුවට ප්‍රජා සහයෝගීතා පොදු එකගතාවයක් සහිත සැළසුමක් මූලික කර ගනී. පාලකයාව සෘජු ජනසම්මතවාදී උපක්‍රම තුළින් මහජනතාවට පාලනය කළ හැකි, ජනතා අභිලාෂයන් මුදුන් පත්කරන අයෙක් බවට පරිවරථනය කිරීමට බලා පොරොත්තුවේ.

මෙහි මූලබීජය අනුවෙන් එහි නිර්මාපකයින් විසින් දක්වනුයේ හෙළයේ පළමු රජු ලෙස හෙළ මතවාදීන් විසින් සලකන මහා සම්මත රජු තෝරා ගත් ක්‍රමවේදයයි. මෙහිදී සියළු ගම්ප්‍රධිනීන් හෙවත් ගමිණි වරුන් විසින් වඩාත් දක්ෂතම පුද්ගලයා තෝරා ඔහුව රාජ්‍යත්වයට නැන්වූ බව කියන ජනප්‍රවාදය මෙහි මූලබීජය වේ.

මහාසම්මතවාදීන්ගේ අදහසට අනුව සිංහලයේ අනුරාධපුර සමයේ පැවතියේ මහාසම්මත මූලධර්ම මත ගොඩනැගි පාලක ක්‍රමයකි. 1815 සිංහලේ දේශය ඉංග්‍රීසීන් අතට පත්වන තුරුම මෙරට මහාසම්මතවාදී පාලක ලක්ෂණ අඩුවැඩි වශයෙන් පැවත ඇත. මේ නිසාවෙන් සිංහල ජාතික ව්‍යාපාරයේ දේශපාලන දර්ශනය වියැ යුත්තේ මහා සම්මතවාදය බව ඇතැම් ජාතිකවාදින්ගේ මතයයි.

මහා සම්මතවාදී දර්ශනයේ පියවරයන් ලෙස පහත මූලාඝ දැක්විය හැකිය.

  • මහාසම්මත රජ රාජ්‍යත්වයට පත් කරගත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනැන්වුණු දාර්ශනික ක්‍රමවේදයකි.
  • සිංහල කමිෂන් වාර්ථාව 1997

සිංහල කමිෂන් වාර්ථාවෙන් මහාසම්මතය හෙළ දේශපාලන ගමන් මග සදහා උචිතම ක්‍රමවේදය යයි සංවාදයක් අරඹනු ලැබීය.

  • සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය

හරස්චන්ද්‍ර විජේතුංග මහතා විසින් මෙම පක්ෂය පිහිටවනු ලැබීය. මහා සම්මතවාදය හා භූමි පුත්‍ර සංකල්පය මෙම පක්ෂයේ මූලධර්ම විය.

  • ග්‍රාම රාජ්ජය

අනගාරික දර්මසේකරයන් විසින් මහසම්තවාදී දර්ශනය පෝෂණය කරමින් ‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ“ කෘතිය රචනා කළේය.

  • සම්මුති රාජජය

ගුනදාස අමරසේකරයන් විසින් මහසම්මත මූලධර්මයන් ගුරුකොට ගත් සම්මුති රාජ්‍යය නමින් කෘතියක් පළ කළේය.

  • නව මහාසම්මතවාදය

මහාසම්මතවාදය නම් දේශපාලන හා ආර්ථික දර්ශනය විධිමත්ව ඉදිරිපත් කරනු ලැබුවේ 2017-ජුනි මස-29 වන දින ජානක තරංග ආරියරත්න නම් දාර්ශනිකයා විසින් පවතින දේශපාලන ක්‍රමයට විකල්පයක් ලෙස පුරාණ හෙළ දේශපාලන හා ආර්ථික මූලධර්ම තුළින්ම හාසම්මතවාදය නම් ග්‍රංතය ප්‍රකාශයට පත්කරමිනි.

ජනතාව හා පාලකයින් අතර භාදක තාප්පයක් පවතින බවත් එබැවින් ජනතාවගේ අපේක්ෂා ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සමාජවාදයෙන් රාමුවන බවත්, මහාසම්මතවාදය තුළින් සෘජුව ජනතාව සක්‍රීයව දේශපාලන, ආර්ථික හා පර්පාලන කටයුතුවලට සහභාගීවන බවත් මින් අවධාරණය වේ. ජනතාව රාමුගත කරන පක්ෂ දේශපාලනය වෙනුවට පිරමීඩාකාර මධ්‍යගත සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් මේ දහම තුළින් මූලධර්ම ලෙස ඉදිරිපත් කරයි. එක්සේසත් සංකල්පය ලෙසින් එම මූලධර්මය ලේඛකයා විසින් නම්කර පවතී.

රටක මූල සංස්කෘතිය එරට ජාතිය බවත් එහි පවතින ජනවර්ග එම ජාතියේ උප සංස්කෘතීන් බවත් ජාතික කරණය නම් මූලධර්මයෙන් අවධාරනය කෙරේ.

පාලකයින් ජනතාවට සෘජුව වගකිව යුතු බවත්, ජනාව විසින් සම්මත කර ගන්නා සංවර්ධන සැළසුම්, ප්‍රතිපත්ති හා කාලරාමුවලට සේවය කිරීමට ඔහු බැදී සිටින බවත්, එසේ නොවේනම් ඔවුන්ව නියමිත කාලයට පෙර නැවත කැදවීමේ බලය ජනතාව සතුබවත්, පනතක් හෝ ගිවිසුමක් අත්සන් කිරීමට අත්තනෝමතික බලයක් පාර්ලිමේන්තුවට නොපවතින බවත් ඒවා ජනසභාවලින් අනුමත විය යුතුබවත් මහසම්මතවාදීන්ගේ අදහසය.

  • මහා සම්මතවාදය යනු

අප වසර කිහිපයකට පසු එන මැතිවරණයකින් කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් මැතිසබයට යවා ඉතිරි දවස් ඔවුන් කරන විගඩම්වලට විරුද්ධව මහමගට බැස උද්ඝෝෂණය කිරීමට සිදුවේනම් එම පාලන ක්‍රමයේ ඇති යෝග්‍යතාවය කිම? මෙතුවක් කල් මිනිස්සු වෙනුවෙන් පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ තමයි ඔවුන් ගැන තීරන ගත්තේ. පළමුවරට මහාසම්මතයෙන් තමයි මිනිස්සුන්ට තමන්වෙනුවෙන් තීන්දු තීරන ගැනීමේ අයිතිය මිනිස්සුන්ටම ලැබෙන්නේ. මෙතුවක් කල් ඉහළන් ගත් තීරන පහළට පැමිනියේය. නමුත් මහා සම්මතයේදී පහළ සිට ඉහළට තීන්දු තීරණ අදහස් යෝජනා ගමන් කරයි. සැබෑ ජනතා පරමාධිපත්‍ය ලබාදෙයි.  

සෑම ගමකම ගම්වැසියන් එක්කර ගම්සභා තනනු ලැබේ. එම ගම් සභිකයන්,කාන්තා, ළමා, යෞවන, ක්‍රීඩා ආදී නොයෙක් ස්වෙච්ඡා සමිති, ගමට පත්කර ඇති රාජ්‍ය නිලධාරින්ද එක්කර ග්‍රමසේවා වසම් මට්ටමෙන් ජන සභා තනනු ලැබේ. ජනසභාවෙන් සෘජුව තේරීපත්වන නියෝජිතයින් මාර්ගයෙන් ප්‍රාෙද්ශීය සභාද, එයින් තෝරන නියෝජිතයින්ගෙන් දිස්ත්‍රික්සභාද, ජාතික මන්ත්‍රණ සභාද තනවනු ලැබේ. විධියකය සමන්විත වනුයේ විධායක අමාත්‍යංශ විශය පථය ගැන අල්ප දැනුමක් ඇති ඇමතිවරුන්ගෙන් නොව රට පුරා විහිදුනු ජනාධිපතිවරනයකින් තේරුණු ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ අමාත්‍යංශ ලේකම් වරුන්ගෙන් මණ්ඩලයකිනි. ඔවුන් ජාතික මණ්ත්‍රන සභාව විසින් තෝරනු ලැබේ.

ගම් සභා හෝ ජන සභාවලට නියෝජිතයන් තෝරාපත්කරගරනීමේදී පක්ෂය වැදගත්නොවේ. පක්ෂයක න්‍යායපත්‍රයකට යටත් නොවී නිදහසේ ඉදිරි වසර කිහිපය සදහා සාර්ථක සැලැස්මක් ඉදිරිපත්කිරිම පමනක් සෑහේ. මේ නිසා දක්ෂයින්ට ඉහළ මණ්ඩලවල නියෝජනය කරන්නට පක්ෂවල නාමයෝජනා අවශ්‍ය නොවේ. මේනිසා පක්ෂ දේශපාලනය දුර්වලවේ. 

ජන සභාවේ ලේකම් නිල බලයෙන් උපාධිධාරී රාජ්‍ය නිලධාරියෙක් වෙයි. ප්‍රාෙද්ශය සභාවේ ප්‍රාෙද්ශීය ලේකම්ද, දිස්ත්‍රික්සභාවේ දිස්ත්‍රික් ලේකම්ද, ජාතික මණ්ත්‍රන සභාවේ රාජ්‍ය ලේකම්ද ආකාරයෙන් පරිපාලන ජාලයක්ද නිර්මානය කරයි.

සෑම ජනවසමකම ජන දායකත්වයෙන් හා රාජ්‍ය අරමුදල් වලින් ජන සභාවක් තනා ගමේ ව්‍යවසායන් ඒකාබද්ධකර, නව ව්‍යවසායන් ඇතිකර ගමේ ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. ජන වසමක ක්ෂුද්‍ර මූල්‍යක්‍රම,  නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක්, බෙදාහැරීමේ හා අලවි ජ්‍යාලයක් ඇතිකරයි. එම ජනසමාගම් එක්කර ප්‍රාෙද්ශීය, දිස්ත්‍රික් ජාතික වශයෙන් ජන සමාගම් ජ්‍යාලයක් නිර්මානය කර අතර මැදි වෙළද එකාධිකාරය කඩනු ලැබේ.

බලශක්තිය වැනි ලාභදායි විශාල කර්මාන්ත ජාතික මට්ටමේ  ජන සමාගම් විසින් සිදුකෙරේ. එවිට රාජයේ ආදායම් ඉහළ යන බැවින් ජනතාව මත පනවන බදු ප්‍රමානය අඩුකරගත හැකිය.මහාපරිමාන ජාතික ජන සමාගම්වල පටන් ගමේ ජන සභාව දක්වා මාසිකව එවාට දායක වන සමාජයේ පහළම එකකයටද ලාභාංෂ හිමිවන බැවින් ජනතාව දක්ෂ අවංක බලධාරීන්ම තෝරා යැවීමට පෙළබේ. 

මත්පැන් සිගරට් ඇතුළු සියළුම මත්ද්‍රව්‍ය තහනමි කිරීමද, එක් නීතියක් ප්‍රතිපත්තියද, හරිතමය පුරවර වැඩසටහනද, ග්‍රාමීය සංවර්ධනය සදහා සෞභාග්‍ය නම් වැඩසටහනක්ද, හෙළ විද්‍යා තාක්ෂය දියුනුවට සවිද්‍යා නම් වැඩසටහනක්ද මහසම්මතවාදී ප්‍රතිපත්ති මාලාව අනුව අරඹනු ලැබේ. මේආකාරයෙන් මහජනතාව බිම්මට්ටමේ සිට ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් බලගන්වා ශක්තිමත් දේශයක් ගොඩ නන්වනු ලැබේ.

මහජන නියෝජිතයන් වැරදි පාරේ යන්නේ නම් ජනසභාවලින් ඔහුව නැවත කැදවිමේ බලය දෙනු ලැබේ. පනතක් හෝ ගිවිසුමක් අත්සන් කිරීමේදී ජන සභාවල අනුමැතිය ලබා ගැනීමටද බලය දෙනු ලැබේ. මේ සංවරන බල දෙකෙන් දේශපාලකයා ජනතාවට වගකියන පුද්ගලයෙක් බවට පත්කෙරේ.

රටේ දේශපාලන අගනගරයට අනුරාධපුරයට නැවත ගෙනගොස් සුද්දන් ඇතිකල බෙදුම්වාදයට තුඩුදුන් පලාත් බෙදීම් අහෝසිකර රුහුණු, මායා, පිහිටි, මළය සිව්හෙළ බෙදීම් ඇති කිරීම. භාෂාව, ආගම, ජනවර්ගය කුමක් නමුත් මේ රටේ ජාතිය සිංහල බව පිළිගැනීම. මෙම ජාතික කරණය තුළින් මහසම්මත නොබෙදුණු එක්සේසත් ශක්තිමත් ජාතියක් නිර්මානය කිරීම.

මෙය ලංකාව කේන්ද්‍රකරගෙන ඉදිරිපත් කලද මෙහි මූලධර්ම විශ්වීය සපලතාවයකින් යුක්තවේ.

  • .මහ සම්මමතය වනාහී නියති වාදයක් නොවේ. එය මහජනතාවට අවැසි පරිදි කාලෝචිතව සාමූහික පොදු එකගතා මගින් වෙනස්කර ගනිමින් ඉදිරියට යා හැකි ක්‍රමවේදයකි. සම්මතවාදය බලාත්මක වියයුත්තේ පුලුල් ජනතා ව්‍යාපාරයක් ලෙසින් යැයි කියවේ. මේ සඳහා ඕනෑම දේශපාලන පක්ෂයකට, සංංවිධානයකට, කණ්ඩායමකට මූලික වීමට භාදාවක් නැත. නමුත් එහි ජනතාවගෙන් පරිබාහිර දේශපාලන රාමුගත වීමක් නොමැත.
  • සම්මතය - මිනිසා උපතේ පටන් ලෝකය හඳුනා ගන්නේ පොදු එකඟතා ආධාරයෙනි. දැනුම යනු මෙසේ සම්මත කර ගන්නා ලද දැනුම් පද්දතීන්ය. මෙම දැනුම් පද්දතීන් පළමුව පුද්ගල සම්මත ලෙසද දෙවනුව පවුලේ සම්මත ලෙසද පොඳු එකඟතා ස්වරූපනේ දැක ගත හැකිය. දරුවා වැඩෙත්ම පවුලේ සම්මත හට ගනී. සමාජයයට පිය නගන විට සමාජීය සම්මත හට ගනී. භාෂාව වනාහි මේසේ වූ සමාජීය සම්මතයකි. විවිධ සාම්ප්‍රදායික රීතීන් මෙසේ සමාජීය පොදු එකඟතාවයන්ය. සමාජයක උත්තරීතරම සංවිධාන ව්‍යුහය වන රාජ්‍ය විසින් පනවන සමස්ථ රාජ්‍ය්‍යටම බලපවත්වන්නාවූ එකගතා මහා සම්මත ලෙසින් සැළකේ. මහාසම්මතයන්ට නීතියානුකූල පදනමක් ඇත. නෛතික පිළිගැනීමක් පවතී. මහා සම්මතයන් බිදිකළ දණ්ඩනයට පවා යටත් විය හැකිය. මේ නිසා මෙම මහා සම්මතයන් පැනවිය හැක්කේ බිම් මට්ටමේ සිට ඉහළට නැගෙන්නාවූ ව්‍යුහයක් තුළින් ඇතිවෙන්නාවූ පොඳු එකඟතාවයන් රාජ්‍යයේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කිරීමෙන්ය. මෙම ව්‍යවස්ථාමය මහා සම්මතයන්ට යටත්ව චූල සම්මතයන් පැවතිය හැකිය. (උ.දා සමිතියක)
  • මහාසම්මතවාදය පිළිබදව හා එහි මූලධර්ම පිළිබද වැඩි තොරතුරු දැන ගැනීමට න්‍යාය හා ව්‍යවහාරය නමින් ලිපි පෙළක් ඉදිරිපත්කෙරේ.
"https://si.wikipedia.org/w/index.php?title=මහාසම්මතවාදය&oldid=621499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි