සත්ව සන්නිවේදනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පාර සන්නිවේදනය පූර්ව සංඥාවන්ගේ අර්ථය වෙනස් කරන්නාවූ සංඥාවන්. සුනඛයන් ගේ කෙළිලොල් මුහුණු හා වල්ග සංඥාවන් මේ සඳහා වඩාත් ම ප‍්‍රචලිත උදාහරණ වේ. එමගින් කලින් පෙන්වූ ආක‍්‍රමණශීලී සංඥාවන් ක‍්‍රීඩාමය පොරබැදුමක කොටසක් විනා බරපතල ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලියක් නොවන බව අඟවයි.

සත්ව සන්නිවේදනය යනු කිසියම් සතෙකුගේ චර්යාවක් වෙනත් සතෙකුගේ වර්තමාන හෝ අනාගත චර්යා සඳහා බලපෑමක් ඇති කිරීම වේ.මානව සන්නිවේදනය සඳහා වන ඇන්ත්‍රොපොසෙමියොටික්ස් වදනට වෙනස්ව ඇතැම් අවස්තා වලදී සූ සෙමියොටික්ස් ලෙස හඳුන්වනු ලැබූ සත්ව සන්නිවේදනය පිළිබඳ අධ්‍යයනය, චර්යා විද්‍යාවේ සමාජ ජීව විද්‍යාවේ හා සත්ව ප‍්‍රජානන විද්‍යාවේ දියුණුවට වැදගත් දායකත්වයක් සැපයීය.

සත්ව සන්නිවේදනය හා සමස්ත සත්ව ලෝකය අවබෝධ කර ගැනීම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ක්ෂේත‍්‍රයකි. 21 වන සියවසේ කෙටි කාලය තුලදී පවා මෙතෙක් හොඳින් අවබෝධ කර ගනු ලැබූ ක්ෂේත‍්‍ර යැයි සිතූ පෞද්ගලික සංඥාමය, නාම භාවිතය, සත්ව සංස්කෘතිය, ඉගෙනුම හා ලිංගික චර්යාවෝ පිළිබඳ වූ අවබෝධයන් පවා විප්ලවීය වෙනසකට ලක් විය.

සන්නිවේදන ආකාර[සංස්කරණය]

වඩාත් ප්‍රචලිත සන්නිවේදන ක්‍රමයන් තුළ අනතර්ගත වන්නේ සුවිශේෂී දේහ උපාංග පෙන්වීම හෝ සුවිශේෂී දේහ චලන යන්ය. බොහෝ විට මෙම ක්‍රම 2හිම සංයෝජනයන්ය. එබැවින් සුවිශේෂී දේහ චලනයක් සුවිශේෂී දේහ උපාංගක් හුවා දැක්වීමට යොදා ගැනේ. චර්යා විද්‍ය‍ාවෙන් එන උදාහරණයක් නම් හෙරින්ග් ලිහිණියන් කැදැල්ලේ සිටින පැටවාට සිය හොට පෙන්වීමයි. බොහෝ ලිහිණියන්ට මෙන්ම හෙරින්ග් ලිහිණියාට ද දීප්තිමත්ව වර්ණ ගැන්වුණු හොටක් ඇත. එය කහ පැහැති වන අතර යටි අධෝ හනුවේ කෙළවර රතු ලපයක් ඇත. ඌ කෑම සොයා ගෙන ආපසු පැමිණි විට පැටවා ඉදිරියේ සිටගෙන, සිය ‍හොටෙන් පොළවට කොටයි. මෙය බඩගිනිකාර පැටවාගෙන් ආයාචනාත්මක ප්‍රතිචාරයක් ළඟා කර ගනී (අධෝ හනුv කෙළවර ඇති රතු ලපයt පැටවා සිය තුඩින් කෙටීම) එමඟින් මව හෝ පියා පැටවා ඉදිරියේ වැමෑරීමට යොමු කෙරේ. එබැවින් සමස්ත සංඥාව සුවිශේෂී දේහ උපාංගයක් (රතු ලපය) සහ පැටවාට රතු ලපය මනාව දෘශ්‍ය මාන වන සුවිශේෂී දේහ චලනයක් (පොළවට කෙටීම) අඩංගු කරගනී නිකෝ ටින්බර්ගන් හා ඔහුගේ සගයන් හොටයේ රතු පැහැය හා එහි පැහැදිලි කැපීපෙනීම පැටවාගෙන් අදාල ප්‍රතිචාරය ලබා ගැනීමේ දී තීරණාත්මක වන බව පෙන්වා දෙන ලදී. මෙම හැසිරීම පවතින සංකීර්ණත්වයෙන්ම සහජයෙන් ලද්දක් ද? හොටය කෙරේ මතුවන කුතුහ‍ලයෙන් හා දෙමාපියන්ගේ කැවීමේ අවශ්‍යතාව සංයෝජනය වීම මත නිසඟයෙන්ම ඇතිවන සරල ඉගෙනුම් ක්‍රියාවලියක් ද යන්න තවමත් විසඳී නොමැත. ලිහිණි පැටවා අවට ඇති දීප්තිමත් රතු, කහ, සුදු හෝ දිලෙන ද්‍රව්‍ය මත කෙටුව ද, ත්‍යාගයක් වශනේ ආහාර ලබා දෙනුයේ දෙමාපිය හොටය පමණි. අහම්බෙන් ගිලදමන රතු හෝ දීප්තිමත් පැහැති ප්ලාස්ටික්, වීදුරු කැබලි ලිහිණි පැටවුන්ගේ මර්ත්‍යතාවයට (මරණ ප්‍රමාණයට) සුලබ හේතුවක.

තවත් වැදගත් සන්නිවේදන ක්‍රමයක් නම් විහඟ ගීතයයි. එය පිරිමියා විසින් සාමාන්‍යයෙන් සිදු කෙරුණ ද ඇතැම් විශේෂ වල ගැහැණු සතාත් පිරිමි සතාත් යන දෙ‍නොම එකිනෙකාට පිළිතුරු දෙමින් ගායනයේ යෙදෙයි.. මෙය “යුග ගීතය” නම් වේ. විහඟ ගීතය වඩාත් ප්‍රචලිත වාචික සන්නිවේදන ක්‍රමයයි. වඳුරන්ගේ අනතුරු ඇඟවීමේ කෑගැසීම ගිබන්ගේ වසම් සංඥා , ගෙම්බන්ගේ සංසර්ග ප්‍රාරාධනා ඊට තවත් උදාහරණ වේ.තරමක්

අවස්ථා කිහිපයකදී හැර, ආඝ්‍රාණ සන්නිවේදනය අප්‍රකටය. බොහෝ ක්ෂීරපායීනට අනන්‍ය හා කල් පවතින ගන්ධයන් ඇති කරවන ග්‍රන්ථ ඇති අතර එම ගන්ධයන් ඔවුන් සිටි ස්ථානවලට මුදා හැරීමට අනුගත වූ චර්යාවන් ඇත. බොහෝවිට සිදුවන්නේ ඉහත ග්‍රන්තිවලින් නිපදවන සුගන්ධීය ද්‍රව්‍යයන් \ මුත්‍රා හා මළපහ සමඟ මිශ්‍ර කිරීමයි . ඇතැම්හු ශ්වේදය හරහා පතුරුවා හැරිය ද එය පොළව මත තැන්පත් කරන ලද ගන්ධ මෙන් දිගුකල් නොපවතී ඇතැම් සතුන් සතු ඇතැම් ග්‍රන්ථීන්වල සමස්ථ කාර්යය විලවුන් ලකුණු තැවරීම බව පෙනේ. උදාහරණ ලෙස මොංගෝලියානු ගර්බිල් සත්වයන්ගේ උදරයේ\ ඇති ග්‍රන්ථිවල කාර්ය විලවුන් ලකුණු තැබීම බව පෙනේ. ඔවුන්‍ උදර පෙදෙස ඇතිල්ලීමේ ලාක්ෂණික චර්යාවක් මඟින් විලවුන් ලකුණු තබන බව පෙනේ. රත්රන් හැම්ස්ටරයන් හා බළලුන් ඇලපතෙහි (සිරුර පෙදෙස) විලවුන් ග්‍රන්ථි දරන අතර ඇලපත පෙදෙස වස්තූන්හි පිරිමැදීම මඟින් එම විලවුන් ලකුණු තැන්පත් කරයි. බළලුන්ගේ නළලෙහි ද විලවුන් ග්‍රන්ථි ඇත. මී මැස්සන් වදයෙන් ඉවතට යාමේ දී මී වදයෙන් ද්‍රව්‍ය මල්ලක් රැගෙන යන අතර නැවත ඇතුල් වීමේදී එය නිකුත් කර\ ඔවුන් මී වදයේම කොටසක් බව දන්වා සුරක්ෂිත ඇතුල් වීම සහතික කර ගනී. මෙම සන්නිවේදන අතරින් බහුතරයක් අන්තර් විශේෂ සන්නිවේදනය සඳහා ද යොදා ගත හැක.

අන්තර් විශේෂ සන්නිවේදනය[සංස්කරණය]

වෙනස් විශේෂවලට අයත් සාමාජිකයින් අතර සිදුවන සන්නිවේදනයට උදාහරණ රැසක් පවතී.

ගොදුර - විලෝපිකයාට[සංස්කරණය]

ගොදුර චලනය වුවහොත් හෝ ශබ්දයක් නැගුවහොත් විලෝපිකයාට එය හඳුනාගෙන ඌව අල්ලා ගත හැක. එය ඉහත සන්නිවේදනයේ නිර්වචනය හා ගැලපේ. නමුත් අපට එවැන්නක් “සන්නිවේදනය ලෙස හැඳින්වීම සුදුසු බවක් නොහැ‍ඟේ. එය අපට සන්නිවේදනයේ නිර්වචනය යම් ආකාරයකට වෙනස් කළ යුතු බව හැඟවෙයි. එය සන්නිවේදනය යනු සන්නිවේදකයාගේ වාසියට හේතුවන්නක් බව පැවසීමෙන් හෝ සාමාන්‍ය සත්ව ජීවිතයේ ඇතිවන නොවැලැක්විය හැකි ප්‍රතිඵලවලට වඩා ඔබ්බෙහි දෙයක් අන්තර්ගත වූවක් බව පැවසීමෙන් හෝ සිදු කළ යුතුය.

ගොදුරු වන විශේෂවල ඇතැම් ක්‍රියාකාරකම් පැහැදිලිවම විලෝපිකයාට සන්නිවේදනයක් වන අවස්ථා ඇත. හොඳ උදාහරණයක් නම් අනතුරු ඇඟවීමේ වර්ණ ගැන්වීමයි. බඹරුන් වැනි විලෝපිකයාට හානි කර විය හැකි විශේෂ බොහෝ දුරට දීප්තිමත්ව වර්ණ ගැන්වී ඇත. මෙය විලෝපිකයාගේ හැසිරීම විකිරණය කරයි.

එවිට විලෝපිකයා නෛසර්ගිකව (ඉවෙන්) හෝ පූර්ව අත්දැකීම් නිසා හෝ (ඉවෙන්) @h`\ ගොදුරට පහර දීමෙන් වලකී. ඇතැම් සතුන් සිදුකරන අනුකරණයන්ද මෙම වර්ගීකරණයට වැටෙන “හුවර්ෆ්ලයි” මැස්සන් ඊට උදාහරණයකි. මොවුන්\ විදීමට අසමත් වුව ද බඹරුන්ගේ ස්වරූපයට සමානv වර්ණ ගැන්වී ඇති බැවින් අනුකරණය තුළින් බඹරුන්ට මෙන්ම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට ඉඩ ලැබේ. අනතුරුදායක වර්ණ ගැන්විම මෙන්ම වෙනත් හැසිරීම් රටා ද විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස වෘකයන්, කෝයොට් වෘකයින් වැනි රදනකයින් (සුනඛ පවුලේ සතුන්) දත් විලිස්සා ගනිමින් ගොරවමින් රෞද්‍ර ස්වරූපයක් ආරෝපණය කර ගනිමින් අවශ්‍ය වුවහොත් සටන් කිරීමට සූදානම් බව අඟවයි. “රැට්ල්ස්නේක්” නම් නයි වර්ගය ඔවුන්ගේ ප්‍රචලිත ගෙජ්ජි වල්ගය වනමින් විලෝපිකයන්ට විෂ දායක දෂ්ට කිරීම පිළිබඳව අනතුරු අඟවයි. ඇතැම් අවස්ථාවල අනතුරුදායක වර්ණ රටා හා හැසිරීම් රටා වෙනස්වීම් මනාව සංයෝජනය කෙරෙනු දැකගත හැක. ඇතැම් ගෙඹි විශේෂවල උදරය දීප්තිමත්ව වර්ණ ගැන්වුන ද ශරීරයේ සෙසු ප්‍රදේශ පරිසරය සමඟ මුසුවීමට උචිත පරිදි සැකසී ඇත. අනතුරකට මුහුණ පෑමට සිදු වූ විට ඔවුන් සිය දීප්තිමත් උදරය පෙන්වා තමන් යම් ආකාරයක විෂ දායක බවට අනතුරු අඟවයි.

ගොදුර හා විලෝපිකයා අතර තවත් මාදිලියක සන්නිවේදන ක්‍රමයක් නම් ලුහුබැඳ ඒම ව්‍යර්ථ කිරීමේ සංඥායි. මෙවන්නක් දැකිය හැක්කේ සංඥා කරන්නා , තමා ලුහුබැඳීමෙන් පලක් නොවන බවත් තමා පලා යෑමේ සුදානමින් සිටින බවත් විලෝපිකයාට දැනුම් දීමේදීය, ලුහුබැඳ ඒම ව්‍යර්ථ කිරීමේ සංඥා පණිවුඩ කරන්නාට මෙන්ම පණිවුඩය ලබන්නාට ද ප්‍රයෝජනවත්ය, එමගින් පණිවුඩ කරන්නා පලා යාම සඳහා කාලය හා ශ්‍රමය වැය කිරීමෙන් ද අල්ලා ගත නොහැකි ගොදුරක් වෙනුවෙන් විලෝපිකයා වෙහෙසීම ද වළකී. මෙවැනි සඥාවක් ගොදුර සතු පලා යාමේ හැකියාව පිළිබිඹු කරන රූපීය ස්වභාවය (හැකියා නිවේදනය ) හෝ තමා විලෝපිකයා දුටු බව (ප්‍රත්‍යක්ෂ නිවේදනය) දැනුම් දෙයි . මේ වර්ගයේ සංඥා විවිධ සත්ව කාණ්ඩ අතර බහුලව දැකිය හැක. උදා- මාළුවන් ( ගෝඩින් සහ ඩේව්ස් 1995) , කටුස්සන් ( කුපර් සහ පිරිස 2004), කූර සහිත සතුන් (කාරෝ 1995), සාවුන් (හොලී 1993), ප්‍රයිමේටාවන් (සුබර්බහ්ලර් සහ පිරිස 1997), කෘන්තකයින් /ලෑටිගාන්නන් (ශෙලී සහ බිලම්ස්ටයින් 2005, ක්ලාර්ක් 2005), සහ කුරුල්ලන් (අල්වරේස් 1993, මර්ෆි 2006, 2007) සිය හැකියාව නිවේදනය කිරීම පිළිබඳ ප්‍රකට උදාහරණයක් නම් ඇන්ටිලොප් වර්ගයට අයත් තොම්ප්සන් ගැසල් මුවන් විලෝපිකයින් හමුවේ වේගයෙන් දුවමින් පලා යන අතර පිම්මේ ගුවනට පොලා පැනීමයි, පර්යේෂණවලින් තහවුරුකර ඇති පරිදි ඉහත ආකාරයේ පලා යාම් විලෝපිකයා අභිබවා යාමේ හැකියාව පෙන්වමින් ලුහු බැඳීම පල රහිත බව දැනුම් දෙයි(කාරෝ 1995)

විලෝපිකයා ගොදුරට[සංස්කරණය]

ඇතැම් විලෝපිකයන් යම් යම් ආකාර වලින් ගොදුර වෙත කෙරෙන සන්නිවේදනයන් නිසා ගොදුර සත්වයාගේ හැසිරීමේ වෙනසක් සිදුවේ. බොහෝ විට මෙම වෙනස විලෝපිකයාට ගොදුර අල්ලා ගැනීම පහසු කරයි. මීට ප්‍රකට උදාහරණයක් නම් ඇන්ග්ලර් මාළුවායි. ඌගේ හනු වලට ඉදිරියෙන් පිහිටන අයුරින් නළලේ සිට එල්ලා වැටෙන මාංශමය වර්ධනයක් දක්නට ලැබේ.ඊට රුවටී ඇම ගිලීමට සූදානම් වන කුඩා මාළුන් ඇන්ග්ලර් මාළුවාට ආහාරය කර ගැනීමt පහසු වේ.

සහජීවී විශේෂ[සංස්කරණය]

විවිධාකාර සහජීවන සබඳතා තුල අන්තර් විශේෂ සන්නිවේදනය දැකිය හැක. උදා - පිරිසිදු කිරීමේ මාළුවා හා ගෲපර් පද්ධතියයි. පිරිසිදු කිරීමේ මධ්‍යස්ථාන වලදී ගෲපර් මාළුවා විශේෂ ඉරියව් පෙන්වමින් \ පිරිසිදු කරගැනීමට අවශ්‍ය බව හා සූදානම් බව අඟවයි.

මානව - සත්ව සන්නිවේදනය[සංස්කරණය]

මිනිසා ගෘහාශ්‍රිත සතුන් ගේ හැසිරීම අවබෝධ කරගන්නා ආකාරය , ඔවුන්ට නියෝග දෙන විවිධ ක්‍රම අන්තර් විශේෂ සන්නිවේදනයේ නිර්වචනය හා ගැලපේ. අවස්ථාව අනුව එම සන්නිවේදනයන් විලෝපිකයාගෙන් ගොදුරට කෙරෙන සන්නිවේදන හෝ සහයෝගීතාව අඟවන සන්නිවේදනයන් ප්‍රතිබිම්භනය කරයි. සත්ව භාෂා පිළිබඳ නූතන පර්යේෂණයන් මානව - සත්ව සන්නිවේදනය ස්ථාපිත කර වීම පිළිබඳ වඩාත් නූතන පර්යේෂණයන් වුව ද ඒවායේ ස්වාභාවික සත්ව සන්නිවේදනයට ඇති අනුකූලත්වය සැක සහිතය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සත්ව_සන්නිවේදනය&oldid=368410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි