නඛා වෙහෙර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නඛා වෙහෙර යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර පිහිටි බෞද්ධ ස්තූපයක් වේ. මෙය අනුරාධපුර යුගයේ අගභාගයට, එනම් ක්‍රි.ව. 7-10 සියවස් වලට අයත් මහායාන ස්තූපයක් යැයි විශ්වාස කෙරේ.[1] ගඩොලින් නිර්මාණය කොට ඇති ස්තූපයෙහි සුවිශේෂීත්වය වනුයේ කේතුකාකාර හැඩයකින් යුක්තව ඉදිකර තිබීමයි. නඛා වෙහෙර හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ද්විත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේදී හා පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදයහී දැකගත හැකිවේ. නඛා වෙහෙර හැරුණු විට ඒ ආසන්නයේම ප්‍රථිමා ගෘහයක් සේ සැළකෙන ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිලි කිහිපයක් වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අනුරාධපුර නඛා වෙහෙර". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 11 ජනවාරි 2016. 
"https://si.wikipedia.org/w/index.php?title=නඛා_වෙහෙර&oldid=435583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි