සංස්ථාවාදය
ඵෙතිහාසිකව, සංස්ථාවාදය හෝ සංස්ථාගත වාදය යනුවෙන් හඳුන්වන්නේ ආර්ථික, කාර්මික, කෘෂිකාර්මික, සමාජ, සංස්කෘතික සහ වෘත්තීය පිරිස් ආදී ප්‍රජා එකතූන් සඳහා බලය ලබාදෙන දේශපාලන හෝ ආර්ථික පද්ධතියකි. මෙම ප්‍රජා එකතූන් සංස්ථාලෙස හඳුන්වයි. (ඉහත එක් නිර්වචනයක හෝ එවැනි ව්‍යාපාරයක් අඩංගු නොවූවත්, ව්‍යාපාර ආකෘතිය සංස්ථාවක් ලෙස හැදින්වීම අවශ්‍ය නොවේ) සංස්ථා යනු අභ්‍යන්තර මූලාවලියකින් යුත් ඡන්දයෙන් පත්කර නොගන්නා සංවිධානයකි. ඔවුන්ගේ අරමුණ වන්නේ ඔවුන්ට විෂය වූ ක්ෂේත්‍ර වල සමාජ හා ආර්ථික ජීවිතය පාලනය කිරීමයි. මෙලෙස උදාහරණයක් ලෙස වානේ සංස්ථාව මිල මට්ටම් හා වැටුප් වල පොදු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම එක්රැස් වන වානේ කර්මාන්තයේ ව්‍යාපාරික ප්‍රමුඛයන්ගෙන් සැදුම්ලත් කාටල ගිවිසුමක් විය හැක. රටක දේශපාලන හා ආර්ථික බලය එවැනි කණ්ඩායම් මත රදා පවත්නා විට සංස්ථාකරුවන්ගේ පද්ධතියක් ඇති වෙ.
සංස්ථාවද යන වචනය කෝපස් (Corpus) යන ශරීරය සඳහා වන ලතින් වචනයෙන් ව්‍යුත්පන්න වී ඇත. මෙම අදහස විශේෂිත සංකල්පයක් වන ව්‍යාපාර සංස්ථා හා සම්බන්ධ නොවේ. නමුත් වැඩිදුරටත් එක්තැන් කරනු ලබන ඕනෑම දෙයක් පොදුවේසඳහන් කරනු ලබයි. ශරීරයේ විවිධ කොටස් එහි ජීවය පවත්වා ගැනීමට විවිධ භූමිකා ඉටුකරන ආකාරයට, විවිධ අංග, උදාහරණයක් ලෙස ශිල්ප ශ්‍රේණි, විශ්ව විද්‍යාල, ආශ්‍රම, විවිධ ඉඩකඩම් ආදී සෑම දෙයක්ම සමාජයේ ජීවය රදා පැවැත්මට අදාලව භූමිකාවක් රඟදක්වන බව එහි භාවිතයන් මඟින් මුළු සමාජයම මධ්‍යකාලීන යුරෝපීය සංකල්ප තුලින් පෙන්නුම් කරයි. විවිධ න්‍යාය වාදීන්ට අදාල සංස්ථාවාදය යනු ඒකාබද්ධ රුචිකත්වයන් රජය සමඟ එකතුවීමෙන් වැඩවසම් ක්‍රමයේ නූතන සංස්කරණයක් ගොඩ නැංවීමට දැරූ උත්සායකි.
මෙය 1920 සහ 1930 කාලයේදී බ්‍රසීලයේ ජෙටුලියෝ වර්කස් (Getulio Vargas) ගේ පාලන කාලයේ සමාජ සුභසාධන කටයුතු වල ආරම්භයත් සමඟ ප්‍රචලිත විය. පසුව නූතන ධනවාදය යනුවෙන් හඳුන්වනු ලැබූ ආකෘතියක් ඔහු විසින් ක්‍රියාත්මක කරන ලදී. එහි පරමාර්ථ මධ්‍යස්තවූ අතර සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොලට විවෘත නොවීය. අනෙක් අතර සංස්ථාවාදය සම්පූර්ණයෙන්ම රාජ්‍ය නීතියක් වීමට අවශ්‍ය නොවුණි. ස්පාඤ්ඤ, පෘතුගාලය හා ඉතාලිය මෙම සංකල්පවේදය අත්හදා බැලුවේ 1900යේ මුල් කාලයේදීය.
දේශපාලන විද්‍යාඥයින් පවා සංස්ථාවාදය නම් භාවිතය විවිධ ක්‍රියාවන් පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා ලදී. රජය විසින් බලපත්‍ර ක්‍රමය තුළින් හා නිල බලයන් පිහිටවනු ලැබූ සමාජ, ආගමික, ආර්ථික හෝ ජනප්‍රිය සංවිධාන පාලනය, ඵලදායී ලෙස ඔවුනගේ නායකත්වය තෝරාගැනීම හෝ එම සංවිධාන වල නීත්‍යානුකූලත්වයේ මූලාශ්‍රය ලෙස රජය කටයුතු කිරිම මඟින් රාජ්‍ය අධිකාරිත්වයට අභියෝග කිරීමට එම ආයතන වලට ඇති හැකියාව සීමා කිරිම මෙන්ම ඇතැම් අවස්ථාවල සංස්ථා මඟින් එම ආයතන සෘජුව හෝ වක්‍රව පාලනය කරමින් පවත්වා ගැනීම් ආදී ක්‍රියාවන් සංස්ථාවාදය තුලින් පැහැදිලි කල හැක. මෙම භාවිතය පෙරදිග ආසියානු අධ්‍යයන වල විශේෂයෙන්ම පොදු වන අතර ඇතැම් අවස්ථාවල රාජ්‍ය සංස්ථාවාදය ලෙසද හඳුන්වනු ලබයි. ඕස්ට්‍රේලියාවේ ප්‍රොපෝස් පද්ධතිය (Propars System) වැනි බටහිර යුරෝපා රටවල භාවිතයන් විස්තර කිරීම සඳහා ඇතැම් විශ්ලේෂකයන් විසින් නූතන සංස්ථාවාදය යන සංකල්පය භාවිතාකර තිබේ. පොදු සංස්ථාවල යහපතට වඩා රජයේ පෞද්ගලික සංස්ථා වල යහපත සංවර්ධනය දැක්වීම සඳහා මෑත වර්ශ වලදී සැලකිය යුතු ලෙස සංස්ථාවාදය යන සංකල්ප යොදාගෙන තිබේ.