සංවර්ධන ආර්ථික විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කෙසේ නිර්වචනය කළද මානව සුභසාධනයේ වර්ධනය ඇතුළත් සංකීර්ණ බහුමානයන්ගෙන් යුක්ත සංකල්පයක් ලෙස ආර්ථික සංවර්ධනය දැකිය හැකිය.

වර්ධනය වන ආර්ථිකයක් තුළ පවතින දරිද්‍රතාවය, විෂමතාවය හා සේවා වියුක්තිය පහළ දැමීම හා බැහැර කිරීම තුළින් ඇතිවන ප්‍රථිඵලය, ආර්ථික සංවර්ධනය ලෙස මහාචාර්ය ඩඩ්ලි සියර්ස් අර්ථ කථනය කරයි.

සංවර්ධනයේ අරමුණු 3 ක් මහාචාර්ය මයිකල් ටොඩාරෝ දක්වයි. එනම්

  • ආහාර, නිවාස, සෞඛ්‍ය සේවා වැනි ජීවත්වීම සඳහා අවශ්‍යදෑ නිපදවීම හා ඒවා බෙදාහැරීම පුළුල් කිරීම.
  • ජීවන තත්වය හා ආත්මාභිමානය ඉහළ නැන්වීම.
  • ආර්ථික හා සමාජ තේරීම් පුළුල් කිරීම සහ බිය දුරු කිරීම.

සංවර්ධනය මැණිම සඳහා පුළුල්ව පිළිගත් දර්ශක කාණ්ඩයක් එක්සත් ජාතීන් විසින් හඳුන්වා දෙන ලදි.

  • එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය (HDI) මඟින් මානව සංවර්ධනයේ මූලික පැතිකඩ 3 ක් කරා, ළඟාවීමේ සාමාන්‍ය මනිනු ලබයි. එනම්; ජීවන අපේක්ෂාව, අධ්‍යාපනික අත්පත් කරගැනීම් සහ ගලපන ලද මුල්‍ය ආදායම (PPP) (එක් අයෙකුට $)
  • එක්සත් ජාතීන්ගේ මානව දරිද්‍රතා දර්ශකය (HPI) මඟින් වයස අවුරුදු 28 ට පෙර මිය යතැයි අපේක්ෂා කරන ජනගහනයේ ප්‍රතිශතය, නූගත් වැඩිහිටියන්ගේ ප්‍රතිශතය, සෞඛ්‍ය සේවා හා පිරිසිදු ජලය නොලබන ජනගහන ප්‍රතිශතය හා වයස අවුරුදු 5 ට අඩු, ඌන බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය භාවිතාකර දුෂ්කරතාවය මනිනු ලබයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික විද්‍යාඥයින් ලතින් ඇමරිකාව, අප්‍රිකාව, හා ආසියාවේ බොහෝ රටවල පහළ ජීවන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට පටන් ගැනිණි. මේ සමඟ, ආර්ථික විද්‍යාවේ ශාඛාවක් ලෙස සංවර්ධන ආර්ථික විද්‍යාව ගොඩ නැගුණි. ආර්ථික විද්‍යාවේ අවසාන පරමාර්ථයට පටහැනි ලෙස සංවර්ධන ආර්ථික විද්‍යාව එහි ශාඛාවක් ලෙස ගොඩනැගුනද එහි වැදගත් වෙන් කිරීම් දක්නට තිබේ.


සංවර්ධන ආර්ථික විද්‍යාවේ පළමු ප්‍රවේශයන් මඟින් ඌන සංවර්ධිත රටවල් (LDCs) සංවර්ධිත රටවල් වලින් බෙභෙවින් වෙනස් වේයයිද, ඌන සංවර්ධිත රටවල ආර්ථික හැසිරීම මූලික ආර්ථික විද්‍යාවට පැහැදිලි කළ නොහැකි යයිද උපකල්පනය කෙරේ. එවැනි ප්‍රවේශයන් සිත් ගන්නා සුළු හා කදිම ආර්ථික විද්‍යා ආකෘති ගොඩනඟා ඇති නමුත් මෙමඟින් ඌන සංවර්ධිත රටවල වර්ධනය රහිත, සෙමෙන් වර්ධනය වන හෝ වර්ධනය හා පිරිහීම යන රටාවන් පැහැදිලි කිරීමට අපොහොසත් වි ඇත.

මෙම ක්ෂේත්‍ර ආවස්තිථික පිරිවැය, සැපයුම හා ඉල්ලුම ඌන සංවර්ධිත රටවලට අදාළ කර ගැනුණි. මෙමඟින් ආර්ථික සංවර්ධනයට වඩා හොඳ ප්‍රවේශයක් සඳහා පසුබිම සැකසුණි.

දුර්වල හා අසමත් වර්ධන රටාවන් සැසඳීමට සම්ප්‍රදායික ආර්ථික විද්‍යාවට තවමත් හැකිවී නැත.

ඌන වර්ධනය පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය වන්නේ ආයතන පිළිබඳ සූක්ෂම සංකල්ප සහ පුද්ගල වරණයන් හා උරුමයන්ගෙන් ඔබ්බට ගිය සාර්ව හා ආයතනික සාධකයි. වෙළෙඳපල අසමත් වීමේ න්‍යායන් මඟින් සිදුකළාට වඩා හොඳින් දුර්වල වර්ධන රටාවන් පැහැදිලි කිරීමට, ආයතනික විශ්ලේෂණ වලට හැකිවී ඇත. කෙසේ වුවද සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් බහුතරයක් එකඟවන පොදුවේ පිළිගත් ආර්ථික සංවර්ධනය පිළිබඳ ආයතනික න්‍යායක් නොමැත. අවම වශයෙන් ආයතනික සාධක කෙතරම් වැදගත්ද යන්න පිළිබඳවවත් ඔවුන් අතර එකඟතාවයක් නොමැත.

සටහන්[සංස්කරණය]

Academic_and_institutional_approaches