සංගුං

විකිපීඩියා වෙතින්
සංගුං
හංගුල්상궁
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයsanggung
මැකූන්–‍රයිෂවර්sanggung

සංගුං යනු 5වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ (正五品; ජොං 5 පුම්) නිලධාරිණී තනතුරක් වූ අතර, එය කොරියාවේ ජොසොන් රාජවංශයේ ගුංන්යෝ, එනම් පරිවාර කාන්තාවකට ලබාගත හැකි උසස්ම තනතුර විය.[1][2] මෙම තනතුර සහිත නිලධාරිණියනට මාලිගයේ අභ්‍යන්තර කටයුතු පාලනය භාර විය. සාමාන්‍ය නාඉන්වරියක් වසර 15කට වඩා සේවය කළ විට, ඇයට සංගුංවරියන් පළඳින විසිතුරු කොණ්ඩා කටුවක් හිමි වේ. ඒ නිසා අලුතෙන් පත් වූ සංගුංවරියක් සාමාන්‍යයෙන්, අවුරුදු 35–45 පමණ වියැති කාන්තාවෝ වූහ. සංගුං තනතුරේ පාලිකාවකට විශේෂ වරප්‍රසාද හිමි ළුූ අතර, ඇයට ඇගේම නිවසක් හා සේවිකාවන් හිමි විය.[3]

මෙම තනතුර පළමුව දක්නට ලැබෙන්නේ ගොර්යෝසා ("ගෝර්යෝවේ ඉතිහාසය") නම් වූ ගෝර්යෝ යුගය පිළිබඳ සඳහන් ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථයේ බෙක්ග්වන්ජි (百官志) නැමැති පරිච්ඡේදයේ, සියලු නිලධාරී තනතුරු ඇති අතර, එහි සංගුං (尙宮, මාලිගය කළමනාකරණය), සංචිම් (尙寢, සිරියහන් සැකසීම), සංසික් (尙食 ආහාර කළමනාකරණය), සහ වෙනත් සංචිම් (尙針, මැහුම් කළමනාකරණය) වැනි තනතුරු හ්යොන්ජොං රජුගේ කාලයේ පැවති බව සඳහන් වේ. මෙම ග්‍රන්ථයෙහි තවත් තැනක 1031 මාර්තු මාසයේ රජුගේ 22වන වර්ෂයේ හන් පාලිකාව සංගුං තනතුරට පත්කෙරුණු බව සඳහන් වේ. මෙම වාර්තා මගින් සනාථ වන්නේ සංගුං ක්‍රමය ගෝර්යෝ යුගයේ සිට පැවත එන බවයි.[4][5]

නේම්යොංබුහි (內命婦) සඳහන් ක්‍රමය මෙන් අගබිසව සහ පරිවාර කතුන් ඇතුළු මාලිගයේ තනතුරු දරන ස්ත්‍රීන්[6] ජොසොන් රාජවංශ සමයේ දී මෙම ක්‍රමය ප්‍රතිශෝධනය කෙරුණු අතර, සංගුං තනතුර හිමි නිලධාරිණියන් මාලිගයේ අභ්‍යන්තර කටයුතු සංවිධානය කරමින් ගුංග්වන් (සාහිත්‍යමය. මාලිග නිලධාරියා) ඉහළම තනතුරු හෙබවූහ. නේම්යොංබු විශාල වශයෙන් නේග්වන් (සාහිත්‍යමය "අභ්‍යන්තර කාර්යාල")[7] ) සහ ගුංග්වන්වලට බෙදන ලද්දේ ග්යොංගුක් දේජොන් අනුව ය. මීට පෙර ගුංග්වන් යන්න රජුගේ උඵබිසෝවරුනට හෝ කිරුළහිමි කුමරුගේ බිසෝවරුනට භාවිත වුව ද, අනතුරුව එය මට්ටමක් සහිත නිලධාරිණියනට භාවිත විය.[4]

සංගුංගේ සමාජ තත්ත්වය යැංගින් (සාමාන්‍ය ජන) පන්තියට අයත් වූ අතර, එය නීතිය අනුව නේග්වන්ගෙන් වෙනස් විය.

සංගුං ප්‍රභේද[සංස්කරණය]

  • ජෝජො සංගුං (提調尙宮) - හෙවත් ක්‍යුන්බැං සංගුං.[8] ගුංන්යෝවරියන් අතර මොවුනට ඉහළම බලතල හිමි විය. වත්කම් පරිපාලනයට වගකිව යුතු විය. රජුගේ මාලිගයේ සෙසු පරිවාර කතුන් සමග ඔවුන් රජුගේ නියෝග ලබාගත් අතර, ඔවුනට දේහපාලන බලතල හිමි විය.
  • බුජේජො සංගුං (副提調尙宮) - හෙවත් අරිගො සංගුං (阿里庫尙宮) මාලිගයේ ගබඩාවන්හි භාණ්ඩ කළමනාකරණය කරන ලදී.
  • ජිමිල් සංගුං (至密尙宮) - හෙවත් දේර්යොං සංගුං (待令尙宮) රජු සමීපයේ නැවතී සිටින ලදී.
  • බොමෝ සංගුං (保姆尙宮) - සාහිත්‍යමය අරුත "හෙද සංගුං" කුමාරවරුන් සහ කුමරියන් රැකබලා ගන්නා ලදී.
  • සින්යෝ සංගුං (侍女尙宮) - සාහිත්‍යම අරුත "පරිවාර සේවිකා සංගුං" යන්නයි. මැය ජිමිල් සංගුං හට පොත් සහ උත්සව කටයුතු සඳහා ආධාර කරන ලදී.
  • ගම්චල් සංගුං (監察尙宮) - සාහිත්‍යමය අරුත "පරීක්ෂක සංගුං" යන්නයි. ුගංන්යෝවරියන් පරක්ෂා කොට දඬවම් ලබාදෙන ලදී.[9]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හ්යේග්යොංගුං හොං සි (1996). ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්යේග්යෝං: ද ඔටෝ බයෝග්‍රැෆිකල් රයිටිංස් ඔෆ් අ ක්‍රවුන් ප්‍රින්සස් ඔෆ් එයිටීන්ත්-සෙන්චරි කොරියා. යුනිවර්මිටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස්. p. 62. ISBN 0-520-20055-1. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. "상궁(尙宮), සංගුං" (කොරියානු and ඉංග්‍රීසි බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය.
  3. http://www.food.co.kr/english/05_5.html
  4. 4.0 4.1 상궁(尙宮) (කොරියානු බසින්). එම්පාස් / බ්‍රිටනිකා.
  5. 상궁(尙宮) (කොරියානු බසින්). එම්පාස් / එන්සයිකොරියා.
  6. 내명부 (內命婦) (කොරියානු බසින්). දූසන් විශ්වකෝෂය.
  7. සංරක්ෂිත පිටපත, http://www.aks.ac.kr/glossary/glossary_detail.asp?g_code=1370&page=1&c_code=&search_field=all&keyword=naegwan&order=g_korean&kanada=, ප්‍රතිෂ්ඨාපනය 2016-10-08 
  8. 상궁 (尙宮) (කොරියානු බසින්). දූසන් විශ්වකෝෂය.
  9. සංරක්ෂිත පිටපත, http://100.nate.com/dicsearch/pentry.html?s=K&i=255134&v=42, ප්‍රතිෂ්ඨාපනය 2016-10-08 

[[Category:සමාජ තත්ත්වය අනුව ස්ත්‍රීන්]

"https://si.wikipedia.org/w/index.php?title=සංගුං&oldid=593600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි