ශීතල යුද්ධය (1964 – 1980)

විකිපීඩියා වෙතින්
වර්ෂ 1970 මුල් කාලයේදී එක්සත් ජනපද නාවික F-4 F-4 Phantom II යානය විසින් සෝවියට් Tu-95 Bear D අහස් යානය මුරකිරීම

1960 සහ 1970 දශකවල ශීතල යුද්ධය අඛන්ඩව පැවතුණි. ඒ අතර එක්සත් ජනපදය වියට්නාම් යුද්ධයට අවතීර්ණ විය. ඒ කෙරෙහි ජනතාව තුළ ජන අප්‍රසාදය වර්ධනය වෙමින් පැවති බව වඩාත් හොඳින් ප්‍රකට විය .1960 සහ 1970 දශකවල ඇති වූ සමාජ ප්‍රතිසංස්කරණයන්හි විශාල පරාසයකට ජනාධිපති ලින්ඩන් ජොන්සන්ගේ මහා සමාජයේ (Great Society)සමාජ වැඩසටහන් සහ වොරන් අධිකරණයේ ක්‍රියාමාර්ගද හේතුවිය. ස්ත්‍රී සමානාත්මවාදය සහ පාරිසරික ව්‍යාපාර,දේශපාලන බලවේග බවට පත්වුණු අතර සියලු ඇමෙරිකානු පුරවැසියන් සඳහා සිවිල් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා වූ වැඩ පිළිවෙල නොකඩවා ක්‍රියාත්මක විය. හැටේ දශකයේ අග භාගයේ වනවිට ප්‍රතිසංස්කෘතික විප්ලවය මුළු ජාතිය පුරා සහ බටහිර ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතුරුණි. එහිදී ඒ වනවිට පැවති සතුරු වාතාවරණයද කොටස්වලට බෙදිණි. එහෙත් වඩා ස්වාධින සමාජ දර්ශනයක් ඉදිරියට ගෙන එමින් තිබිණි.

1970 දශකයේ මුල් කාලයේ දී ජොන්සන් ගේ අනුප්‍රාප්තික ජනාධිපති රිචඩ් නික්සන්ට වියට්නාම් යුද්ධය අවසන් කරනට කටයුතු කරන ලෙසට කොංග්‍රසය විසින් බල කරන ලදී. අනතුරුව ඇමෙරිකාවේ අනුග්‍රහය ලද දකුණු වියට්නාම්ය ඇද වැටුණි. යුද්ධය නිසා ඇමෙරිකානු හමුදාවේ 58000 ක්ද වියට්නාමයේ මිලියන ගණනකගේද ජීවිත අහිමි විය. ඔපෙක් තෙල් තහංචි සහ මන්දගාමි ආර්ථික වර්ධනය හේතුවෙන් රැකියා විරහිත යුගයකට යොමු විය. වෝටර්ගේට් සිද්ධියත් සමග නික්සන්ගේ පාලනය අපකීර්තිමත් ලෙස අවසාන විය.


ශීතල යුද්ධයේ ඉතිහාසය (1980 – 1991)[සංස්කරණය]

1980 සහ 1984 ලත් පරාජයන් සමග රොනල්ඩ් රේගන් නැවතත් යථා තත්ත්වයට පත් වීම සඳහා ඉතා වැදගත් කාර්යයක් කළේය. 1980 දී රේගන්ගේ පරාජය යනු සිදුවිය හැකිව තිබුණු කාරණයකි. මක් නිසාද යත් ඩිමොක්‍රටික් පක්ෂය බොහෝ සමාජ ආර්ථික ගැටලුවලදි අසමත් වූ හෙයිනි.

රේගන් ප්‍රජාතන්ත්‍රවාදින් යනු ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන් අයයි. ඔවුහු රේගන්ගේ ප්‍රතිපත්තිද,පෞරුෂත්වයද නායකත්වය ද, විශේෂයෙන් ඔහුගේ තීක්ෂණ ඥාණයෙන් යුත් විදේශ ප්‍රතිපත්ති මෙන්ම පවතින සමාජ ක්‍රමය නොවෙනස්ව පවත්වාගෙන යාමද අගය කළ අය වූහ.

විදේශ සම්බන්ධතාවලදි පක්ෂ දෙකේ සහභාගීත්වය දැකිය නොහැකි විය. නිකරගුවාහි කොන්ට්‍රාස්වරුනට උදව් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති දැරූ උත්සාහයන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ බලවත් සේ විරෝධය පළ කළහ. න්‍යෂ්ටික ක්‍රියාවලින් නැවැත්වීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට අවශ්‍ය වූ නමුත් ඔවූනටද අනතුරු අඟවමින් ඔහු සෝවියට් සංගමයට එරෙහිව ඵලදායි නොවුවද දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඔහු යුද කටයුතු වෙනුවෙන් අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට සමත් විය. එමෙන්ම වියදම් අධික සහ ඉතා සංකීර්ණ මිසයිල ආරක්ෂක පද්ධතියක් ආරම්භ කිරීමට වැඩ පිළිවෙලක් දියත් කළේ සෝවියට් දේශය බිය ගැන්වීමටයි.මෙය තාරකා යුද්ධය “Star wars” ලෙසින් හැඳින්වුනි. මෙය කිසිදාක වර්ධනය නොවු නමුත් එහිදි යොදා ගත් තාක්ෂණය හා කරන ලද පර්යේෂණ අද පවතින ප්‍රති බැලැස්ටික් මිසයිල පද්ධතිය පිහිටුවීමට මග පෙන්වීය. මොස්කව්හි පාලකයා ලෙස මිහායිල් ගොර්බචෝෆ් බලයට පත් විය. ඔහු සහ රේගන් අතර මිත්‍රත්වය සම්බන්ධයෙන් බොහෝ කොන්සර්වේටිව් රිපබ්ලිකන් පාක්ෂිකයින් සැක පහළ කළහ. අතිශය වියදම්කාරී අයුධ තරඟය අවසාන කරමින් ගොර්බචොෆ් උත්සාහ කළේ රුසියාවේ කොමියුනිස්ට් වාදය ආරක්ෂා කිරීමටයි. දෙවනුව ඒ සඳහා නැගෙනහිර යුරෝපා අධිරාජ්‍යය අත් හැරීමයි. අවසානයේදි 1991 දී රුසියාවේ කොමියුනිස්ට් වාදය බිඳ වැටුණේ එක්සත් ජනපදයේ සෝවියට් ශීතල යුද්ධය හමාර කරමිනි.

සටහන්[සංස්කරණය]

|History_of_the_United_States Cold_War 1964-1980 |}

"https://si.wikipedia.org/w/index.php?title=ශීතල_යුද්ධය_(1964_–_1980)&oldid=513166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි