ශීතකරණ සහ වායු සමන

විකිපීඩියා වෙතින්
(ශීතකරණය සහ වායු සමීකරණ යන්ත්‍ර වෙතින් යළි-යොමු කරන ලදි)

ශීතකරණ සහ වායු සමන යනු පිලිවෙලින් ද්‍රව්‍ය සහ කාමර වල උෂ්ණත්වය අවශ්‍ය අගයේ තබාගැනීමට යොදාගන්නා උපකරණවේ. මේ දෙකටම පොදු ගුණාංග කිහිපයක්ම ඇත.

ශීතකරණ

ශීතකරණ[සංස්කරණය]

ශීතකරණය හඳුන්වාදීමට ප්‍රථම මිනිසා විසින් තම ආහාර පාන කල්තබා ගැනීම පිණිස විවිධ ක්‍රමයන් භාවිතා කරන ලද අතර ඉක්මනින් වීනාශයට පත්වීමට ඉඩ ඇති මස් මාලු වර්ග මෙන්ම පළතුරැ ළුළවළු ආදි ද්‍රව්‍යයන් නැවත පරිභෝජනයට ගැනිම සදහා මෙම ක්‍රමයන් භාවිතා කරන ලදී. එම ක්‍රමයන් වර්තමාෙනයේදී දියුණුවට පත් ජාතින් මෙන්ම නොදියුණු ජාතීන් විසින්ද ඈත අතීතයේදී අනුගමනය කර ඇත..විශේෂයෙන් අයිස් සහ හිම එකතු කොට හෝ මිලදි ගෙන ඒ තුල රඳවා තබා ආරක්ෂා කරගැනීමෙන් පසුව ආහාර පාන සදහා යොදා ගන්නා ලද අතර මෙම ක්‍රමය වර්තමානයේදී පවා දක්නට ලැබෙනු ඇත. එසේ හිම සහ අයිස් බහුලව ඇති රාජ්‍යයන් තුල ස්වභාවික පරිසරයේ ඇති හිම සහ අයිස් කඳු අතර පිලිවෙලකට සාදාගන්නා ලද වලවල් තුල මෙන්ම ලී කැබලි , කොට කැබලි වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පිළිවෙලකට සාදාගන්නා ලද ස්ථානයන්හි ආහාර ගබඩාකර කල්පවත්නා පරිදි සුරක්ෂිත කොට තබාගන්නා ලද අතර එම ක්‍රමය අනුගමනය කිරිම ශිතකරණ ක්‍රීයාවලියේ මුලාරම්භ ඉතිහාසය ලෙසට සැලකිය හැක.

ගෘහ ශීතකරණය(Home Refregirator)[සංස්කරණය]

ශීතකරණ යන්ත්‍රය(Refrigerator) පදාර්ථයක තාපය ඉවත් කර එය සිසිල් කිරිම ශිතකරණය යනුවෙන් කෙටියන් හැඳින්විය හැක.මෙහිදී හුදෙක් සිසිල් කිරිම පමණක් කරනු ලබන අතර බොහෝ විට ආහාර කල් තබා ගැනීම සඳහා ශීතකරණ පද්ධති භාවිතා කරනු ලබයි.ඊට අමතරව කර්මාන්ත ශාලාවන්හි අවශ්‍යතාවයන් සඳහා මෙන්ම වාණිජමය අවශ්‍යතාවයන් සඳහාත් භාවිතා කිරිම සිදු කරයි.

ශීතකරණයේ ප්‍රධාන උපකරණ ( Equipment )[සංස්කරණය]

ශීතකරණයක හෝ ඕනෑම උපකරණයක් ක්‍රියාත්මක විම පිණිස ඒම උපකරණය සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද උපකරණ කොටස් කිහිපයකගේ එකමුතුවකින් අවැසි කාර්යය සාර්ථක ප්‍රතිළුලයක් ලබාගත හැකි බව අප දනිමු.ඒ හා සමානවම ශිතකරණ හා වායු සමීකරණයේද ඒවාටම ආවේනික ප්‍රධාන උපකරණ කිහිපයක් ඇත.

ඝනීභවකය(Condenser)

වායු සමන යන්ත්‍රයක් මූලික කොටස් හතරකින් යුක්තයි. එනම්, 1. කන්ඩෙන්සරය හෙවත් ඝනීභවකය 2. එවැපරේටරය හෙවත් වාශ්පීකාරකය 3. කම්ප්‍රෙෂරය හෙවත් සම්පීඩකය 4. එක්ස්පෑන්ෂන් වැල්වය හෙවත් ප්රඩසාරණ වැල්වය

ඝනීභවකය(Condenser)[සංස්කරණය]

ඝනීභවකය(Condenser) හි ප්‍රධාන කාර්යය වන්නේ ශිතකරක ද්‍රව වායුව බවට පත් කිරිමයි. සම්පීඩකයයෙන්(Compressor) ඝනීභවකය(Condenser)තුලට ඇතුල් වන ශීතකාරක වායුවේ තාපය පිටකිරිම මගින් එම වායුව ද්‍රව බවට පත් වෙමින් expansion value යට ගමන් කිරිම සිදු කරයි.ඝනීභවකය(Condenser)තුලදී සිදුවන අවශ්ථා විපර්යාසය වන්නේ ඝනභවනයයි.(). මෙහිදී තාපය සහ ගුප්ත තාපය යන තාප වර්ග දෙකම පිට කරන අතර ඒවා එවපොරේටරයෙන්(Evaporator) අවශෝෂණය කරගත් තාපයත් සම්පීඩකයයෙන්(Compressor) ජනිත වු තාපයත් වේ.

වාෂ්පීකරණය (Evaporator)[සංස්කරණය]

වාශ්පීකාරකය(Evaporator)

ශීතකරණ පද්ධතියක තාපය අවශෝෂණය කරගැනීම සදහා පිහිටුවා ඇත්තේ ළුවපොරේටරයයි.(Evaporator(වාෂ්පීකරණය).මෙහි තාපය අවශෝෂණය කරගැනීම සිදු කරනු ලබන්නේ ශීතකාරක ද්රව්ය වායු බවට පත්වෙමින් එනම් වාෂ්පී කරණය සිදුවෙමිනි. මෙහි අවපීඩනයක් තබා ගැනීමෙන් අඩු තාපාංක උෂ්ණත්වයකදී වාෂ්පීකරණය සිදු කිරිමට හැකිවේ.එමගින් ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)} යෙහි උෂ්ණත්වය නිතරම පහළ මට්ටමක පවත්වා ගැනිමට හැකිවේ.ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}නිර්මාණය කර ඇත්තේද ඒවා තුල අවපීඩනයක් ඇතිවන පරිදි එහි ටියුබ් ( Tube ) වල විෂ්කම්බය පද්ධතියේ අනෙක් කොටස්වල ටියුබ් ( Tube ) වල විෂ්කම්භයට වඩා වැඩි ආකාරයටය.

සම්පිඩකය.(Compressor )

සම්පිඩකය.(Compressor )[සංස්කරණය]

ශිතකරණයක හදවත ලෙස සැලකිය හැක්කේ සම්පීඩකය(Compressor ) වේ. සැම විටම ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}යෙන් ශීතකාරක වායුව උරා ගනිමින් එහි අවපීඩනයක් ඇති කරන අතර උරාගත් ශීතකාරක වායුව Condensor එකට යැවිමෙන් condensor ය තුල අධී පීඩනයක් ගොඩනගයි. එම අධි පීඩනය මගින් ශීතකාරක වායුවේ අංශුන් ලංවන අතර ද්‍රව බවට පත්විම පහසු කරයි. පද්ධතිය පුරා ශීතකාරක ගමන් කරනු ලබන්නේද (Compressor) කම්ප්‍රෙසරයේ ඉහත කී කාර්යයන් මගිනි.

Type of Compressor

1 Reciprocating compressor

  • Hermetic Reciprocating Compressor
  • Semi Hermetic Reciprocating Compressor
  • External Drive Open

11 Rotary compressor

  • Stationary Blade Rotary Compressor
  • Rotating Blade Rotary Compressor

111 Screw compressor

  • Mono Screw Compressor
  • Twin Screw Compressor

1V Scroll compressor
V Centrifugal compressor

1Reciprocating compressor
Reciprocating compressor යනුවෙන් හදුන්වන්නේ Crank Shift එකක් එයට Connecting Rod එකක් එයට සම්භන්ධ වු Cylinder ය තුල ගමන් කල හැකි Piston එකක් අඩංගු Compressor වේ.Reciprocating compressor ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක.

2Hermetic Reciprocating Compressor
Compressor යේ කොටස් එය කරකවන Drive Part එකක් එයට සම්භන්ධකර වායු රෝධක ලෝහ වලින් තැනූ Capsule එකක් තුල පිහිටා ඇති අවශ්ථාවක එම Compressor වලට Hermetic Reciprocating Compressor යනුවෙන් හදුන්වයි. Domestic Refrigerators,Room A/C unit,Split A/C unit,Package Type System යන පද්ධතිවල බොහෝවිට දක්නට ලැබේ.ඉඩකඩ සීමිත තැන්වල මේවා බහුලව යොදා ගැනෙන්නේ මේවායේ ඇති Compact Size එක නිසාය.මේවායේ ඇති ප්‍රධනතම දුර්වලතාවය නම් අළුත් වැඩියා කිරිමට ඇති අපහසුතාවයයි. (Non Serviceable Compressor Seal Type Compressor)

ප්‍රසාරණ වැල්වය Expansion value[සංස්කරණය]

කේෂීය නලය (Cappilary Tube )[සංස්කරණය]

කේෂීය නලය (Cappilary Tube ) පද්ධතියක දෙපස පීඩනය Low side හා high side වශයෙන් පීඩන අන්තරයක් පවත්වා ගැනීම සිදුකරනු ලබන්නේ Expansion Device(ප්‍රසාරන උපකරණය) මගිනි.ඊට අමතරව පාලනයකින් යුක්තව ද්‍රව ශීතකාරක Evaporator ය තුලට සැපයීමද සිදු කරනු ලබන්නේ Expansion Device(ප්‍රසාරන උපකරණ)එක මගිනි.

ශීතකරණ ක්‍රීයාවලියේ මුලික නියමයන්[සංස්කරණය]

  1. සෑම විටම තාපය වැඩි තැන සිට අඩු තැන දක්වා ගමන් කරයි.
  2. පරිමාව වැඩිවන විටදී පීඩනය අඩුවේ.
  3. පිඩනය වැඩිවන විටදී උෂ්ණත්වයද වැඩිවේ.
  4. පීඩනය අඩුවන විටදී තාපාංක උෂ්ණත්වය (boiling point) පහළ බසී.
  5. ද්‍රවයක් වාෂ්ප වීමේදී යම්කිසි තාප ප්‍රමාණයක් ලබා ගනිද ඒ හා සමාන තාප ප්‍රමාණයක් එම වායුව ද්‍රව බවට පත්වීමේදී පරිසරයට මුදාහරී.
  6. තාපය යනු ශක්ති ප්‍රභ්දයකි. එය විනාශ කළ නොහැක. යම් ස්ථානයකින් තවත් ස්ථානයකට යොමු කිරිම සිදු කළ හැක.

ආශ්‍රීත වෙනත් ලිපි[සංස්කරණය]

ශීතකරණයේ අළුත් වැඩියාව සදහා අවැසි ප්‍රධාන උපකරණ
ශීතකරණය හදුන්වාදීම
ගෘහ ශීතකරණය(Home Refregirator)
ශීතකාරක(Refrigerants)
සම්පිඩකය.(Compressor )
වාෂ්පීකරණය (Evaporator)
සනීකාරකය(Condenser)
කේෂීය නළය (Capillary Tube)
ශීතකාරක(Refrigerants) සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine
ශීතකරණ පුහුණුවට මග
ශීතකරණ පුහුණුව විඩියෝපට
ශීතකරණ පුහුණුවට වැදගත්
වෙනත්

වායු සමන[සංස්කරණය]

වායු සමන (Air Condition)
පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ද්‍රතාවය,පිරිසිදුතාවය යන භෞතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමන යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමන පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.


"https://si.wikipedia.org/w/index.php?title=ශීතකරණ_සහ_වායු_සමන&oldid=593582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි