ශීතකරණ

විකිපීඩියා වෙතින්
ගෘහ ශීතකරණ

අතීතය[සංස්කරණය]

ශීතකරණය හඳුන්වාදීමට ප්‍රථම මිනිසා විසින් තම ආහාර පාන කල්තබා ගැනීම පිණිස විවිධ ක්‍රමයන් භාවිතා කරන ලද අතර ඉක්මනින් වීනාශයට පත්වීමට ඉඩ ඇති මස් මාලු වර්ග මෙන්ම පළතුරැ ළුළවළු ආදි ද්‍රව්‍යයන් නැවත පරිභෝජනයට ගැනිම සදහා මෙම ක්‍රමයන් භාවිතා කරන ලදී. එම ක්‍රමයන් වර්තමානයේ දියුණුවට පත් ජාතින් මෙන්ම නොදියුණු ජාතීන් විසින්ද ඈත අතීතයේදී අනුගමනය කරනා ලදී. විශේෂයෙන් අයිස් සහ හිම එකතු කොට හෝ මිලදි ගෙන ඒ තුල රඳවා තබා ආරක්ෂා කරගැනීමෙන් පසුව ආහාර පාන සදහා යොදා ගන්නා ලදි.මෙම ක්‍රමය වර්තමානයේදී පවා දක්නට ලැබෙනු ඇත. එසේ හිම සහ අයිස් බහුලව ඇති රාජ්‍යයන් තුල ස්වභාවික පරිසරයේ ඇති හිම සහ අයිස් කඳු අතර පිලිවෙලකට සාදාගන්නා ලද වලවල් තුල මෙන්ම ලී කැබලි , කොට කැබලි වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පිළිවෙලකට සාදාගන්නා ලද ස්ථානයන්හි ආහාර ගබඩාකර කල්පවත්නා පරිදි සුරක්ෂිත කොට තබාගන්නා ලද අතර එම ක්‍රමය අනුගමනය කිරිම ශිතකරණ ක්‍රීයාවලියේ මූලික ඉතිහාසය වේ.

ගෘහ ශීතකරණ[සංස්කරණය]

An early electric refidgerator, with a cyclindrical heat exchanger on top. Now in the collection of Thinktank, Birmingham Science Museum.

පදාර්ථයක තාපය ඉවත් කර එය සිසිල් කිරිම ශිතකරණය යනුවෙන් කෙටියන් හැඳින්විය හැක.මෙහිදී හුදෙක් සිසිල් කිරිම පමණක් කරනු ලබන අතර බොහෝ විට ආහාර කල් තබා ගැනීම සඳහා ශීතකරණ පද්ධති භාවිතා කරනු ලබයි.ඊට අමතරව කර්මාන්ත ශාලාවන්හි අවශ්‍යතාවයන් සදහා මෙන්ම වාණිජමය අවශ්‍යතාවයන් සඳහාත් භාවිතා කිරිම සිදු කරයි.

උපකරණ (Equipment )[සංස්කරණය]

ශීතකරණයක හෝ ඕනෑම උපකරණයක් ක්‍රියාත්මක විම පිණිස ඒම උපකරණය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද උපකරණ කොටස් කිහිපයකගේ එකමුතුවකින් අවැසි කාර්යය සාර්ථක ප්‍රතිළුලයක් ලබාගත හැකි බව අප දනිමු. ඒ හා සමානවම ශිතකරණ හා වායු සමීකරණයේද ඒවාටම ආවේනික ප්‍රධාන උපකරණ කිහිපයක් ඇත.

ඝනීකාරකය(Condenser)

සනීකාරකය(Condenser)[සංස්කරණය]

සනීකාරකය(Condenser) හි ප්‍රධාන කාර්යය වන්නේ ශිතකරක ද්‍රව වායුව බවට පත් කිරිමයි. සම්පීඩකයයෙන්(Compressor) සනීකාරකය(Condenser)තුලට ඇතුල් වන ශීතකාරක වායුවේ තාපය පිටකිරිම මගින් එම වායුව ද්‍රව බවට පත් වෙමින් expansion value යට ගමන් කිරිම සිදු කරයි.සනීකාරකය(Condenser)තුලදී සිදුවන අවශ්ථා විපර්යාසය වන්නේ ඝනභවනයයි.(). මෙහිදී තාපය සහ ගුප්ත තාපය යන තාප වර්ග දෙකම පිට කරන අතර ඒවා එවපොරේටරයෙන්(Evaporator) අවශෝෂණය කරගත් තාපයත් සම්පීඩකයයෙන්(Compressor) ජනිත වු තාපයත් වේ.

වාෂ්පීකරණය (Evaporator)[සංස්කරණය]

වාෂ්පීකරණය (Evaporator)

ශීතකරණ පද්ධතියක තාපය අවශෝෂණය කරගැනීම සදහා පිහිටුවා ඇත්තේ ළුවපොරේටරයයි.(Evaporator(වාෂ්පීකරණය).මෙහි තාපය අවශෝෂණය කරගැනීම සිදු කරනු ලබන්නේ ශීතකාරක ද්රව්ය වායු බවට පත්වෙමින් එනම් වාෂ්පී කරණය සිදුවෙමිනි. මෙහි අවපීඩනයක් තබා ගැනීමෙන් අඩු තාපාංක උෂ්ණත්වයකදී වාෂ්පීකරණය සිදු කිරිමට හැකිවේ.එමගින් ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)} යෙහි උෂෟණත්වය නිතරම පහළ මට්ටමක පවත්වා ගැනිමට හැකිවේ.ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}නිර්මාණය කර ඇත්තේද ඒවා තුල අවපීඩනයක් ඇතිවන පරිදි එහි ටියුබ් ( Tube ) වල විෂ්කම්බය පද්ධතියේ අනෙක් කොටස්වල ටියුබ් ( Tube ) වල විෂ්කම්භයට වඩා වැඩි ආකාරයටය.

සම්පිඩකය.(Compressor )

සම්පිඩකය.(Compressor )[සංස්කරණය]

ශිතකරණයක හදවත ලෙස සැලකිය හැක්කේ සම්පීඩකය(Compressor ) වේ. සැම විටම ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}යෙන් ශීතකාරක වායුව උරා ගනිමින් එහි අවපීඩනයක් ඇති කරන අතර උරාගත් ශීතකාරක වායුව Condensor එකට යැවිමෙන් condensor ය තුල අධී පීඩනයක් ගොඩනගයි. එම අධි පීඩනය මගින් ශීතකාරක වායුවේ අංශුන් ලංවන අතර ද්‍රව බවට පත්විම පහසු කරයි. පද්ධතිය පුරා ශීතකාරක ගමන් කරනු ලබන්නේද (Compressor) කම්ප්‍රෙසරයේ ඉහත කී කාර්යයන් මගිනි.
එක් එක් වර්ගයේ සම්පිඩකය.(Compressor )

කේෂීය නලය (Cappilary Tube )

ප්‍රසාරණ වැල්වය Expansion value[සංස්කරණය]

කේෂීය නලය (Cappilary Tube )[සංස්කරණය]

කේෂීය නලය (Cappilary Tube ) පද්ධතියක දෙපස පීඩනය Low side හා high side වශයෙන් පීඩන අන්තරයක් පවත්වා ගැනීම සිදුකරනු ලබන්නේ Expansion Device(ප්‍රසාරන උපකරණය) මගිනි.ඊට අමතරව පාලනයකින් යුක්තව ද්‍රව ශීතකාරක Evaporator ය තුලට සැපයීමද සිදු කරනු ලබන්නේ Expansion Device(ප්‍රසාරන උපකරණ)එක මගිනි.

ශීතකරණ ක්‍රීයාවලියේ මුලික නියමයන්[සංස්කරණය]

  1. සෑම විටම තාපය වැඩි තැන සිට අඩු තැන දක්වා ගමන් කරයි.
  2. පරිමාව වැඩිවන විටදී පීඩනය අඩුවේ.
  3. පිඩනය වැඩිවන විටදී උෂ්ණත්වයද වැඩිවේ.
  4. පීඩනය අඩුවන විටදී තාපාංක උෂ්ණත්වය (boiling point) පහළ බසී.
  5. ද්‍රවයක් වාෂ්ප වීමේදී යම්කිසි තාප ප්‍රමාණයක් ලබා ගනිද ඒ හා සමාන තාප ප්‍රමාණයක් එම වායුව ද්‍රව බවට පත්වීමේදී පරිසරයට මුදාහරී.
  6. තාපය යනු ශක්ති ප්‍රභ්දයකි. එය විනාශ කළ නොහැක. යම් ස්ථානයකින් තවත් ස්ථානයකට යොමු කිරිම සිදු කළ හැක.

ශීතකරණයේ ක්‍රියාකරිත්වය[සංස්කරණය]

ශිතකරණයේ ක්‍රියාකාරිත්වය

ශීතකාරක(Refrigerants)[සංස්කරණය]

ශීතකාරක යනු පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරිමේදී තාප විපර්යාසය (මුදා හැරිම හෝ අවශෝෂණය) සදහා යොදා ගන්නා පදාර්ථ මාධ්‍යයකි.ශිතකරණ ශීතකාරක හදුනාගත් මුල් අවධියේ සිට ශීත කාරක සදහා ස්භාවික පරිසරයේ පවතින වායු වර්ගයන් සහ ජලය යොදා ගන්නා ලද බව සදහන්ය. උදාහරණ වශයෙන් ,- ජලය/ඔක්සිජන්/කාබන් ඩයොක්සයිඩ්/ආගන් ශීතකරණ තාක්ෂනයේ දියුණුවත් සමගම මෙවැනි ශිත කාරක වෙනුවට දියුණු ශීත කාරක වර්ගයන් හදුනාගනු ලැබීය.මේවා වර්ථමාන ශීත කාරක ක්‍රමයන් වලදි භාවිතයට ගැනැන. බොහෝවිට ශීතකාරකයේ භෙෘතික ලක්ෂණ මත පදනම්ව ශීතකාරක හදුනාගෙන තිබේ.

  1. ඇමෝනියා ශීතකාරකය වන අවශෝෂණ ක්‍රමය.
  2. C.F.C සංයෝග (පියොන්) ශිතකාරක ලෙස භාවිතා වන සම්පිඩන ශීතකාරක ක්‍රමය.

ඉහත හදුනා ගන්නා ලද ශීතකාරකවල රසායනික සංයුතිය යටතේ මේවාද පුභේද රාශියකි.

  1. ස්භාවික වායුව = ජලය ඔක්සිජන්,කාබන් ඩයොක්සයිඩ් සහ ආගන්
  2. හයිඩ්‍රොකාබන් සංයුතිය = මීතේන්,ප්‍ර්පේන්,
  3. අකාබනික සංයා්ගය = ඇමෝනියා
  4. C.F.C (ක්ලෝරෝ ප්ලෝරෝ කාබන්) සංයෝග R11 , R12 , R13, R22 , R502

යළියොමුව ශීතකාරක(Refrigerants) අංකිත ලැයිස්තු

මෙලෙස හදුනාගෙන ඇති ශීතකාරකයන් කාර්යක්ෂම විමට නැතහොත් එය හොද ශීතකාරකයක් ලෙස හැදින්විමට නම් ශිතකාරකය සතු විය යුතු ගුනාංග කිහිපයක් ඇත.

  • වාෂ්පීකරණයේ හා විලසනයේ ගුප්ත තාපය ඉතා ඉහල අගයක් විය යුතුයි.
  • ද්‍රවාංකය හා තාපාංකය අතර කාමර උෂ්ණත්වයට වඩා ඉතා පහළ උෂ්ණත්වයක් විම.
  • නළයන්හි ඇලීම,තැවරීම සහ රැදීම අඩුවීම.
  • රසායනික ප්‍රත්‍රික්‍රියා ගිළිත්වය අවම වීම.
  • අඩු පීඩන තත්වයන් තුලදී කාර්යක්ෂමව තාප විපර්යාසයන්
  • විෂ සහිත නොවීම.
  • ගද සුවද නොමැති වීම.
  • ගිනි ගැනීම වැනි අනතුරැදායක ප්‍රතිළුල රහිත වීම.
  • විකාදනබල නොමැති වීම.
  • පහසුවෙන් සපයාගත හැකි වීම.
  • වායුකාන්දු පහසුවෙන් හදුනාගත හැකි වීම.
  • පරිසරයට හිතකාමී වීම.

ශීතකාරක(Refrigerants) වර්ග ශිතකාරකයන්හි ලක්ෂණ සහ ඒවා හදුනාගැනිමේ පහසුව මෙන්ම සුවශේෂී කාර්යයන් සදහා යෝග්‍යතාවය,ගබඩා කිරිමේ පහසුව සදහා වැනි කරැණු පදනම් කරගෙන ඒවා කාණ්ඩ හතරකට බෙදා ඇත.

  1. පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502
  2. දෙවන කාණ්ඩයේ ශීතකාරක.
  3. තෙවනකාණ්ඩයේ ශීතකාරක.
  4. චක්‍රීය කරනය නොකරන ශීතකාරක.

පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502

ශිතකරණයට ඇතිවියහැකි ආභාධයන්[සංස්කරණය]

ශිතකරණ අළුත්වැඩියාවට අවැසි උපකරණ[සංස්කරණය]

ගෘහ ශීතකරණ

ශිතකරණ අළුත්වැඩියාව[සංස්කරණය]

ආශ්‍රීත වෙනත් ලිපි[සංස්කරණය]

ගෘහ ශීතකරණය(Home Refregirator)
ශීතකරණයේ අළුත් වැඩියාව සදහා අවැසි ප්‍රධාන උපකරණ
ශීතකරණය හදුන්වාදීම
ගෘහ ශීතකරණය(Home Refregirator)
ශීතකාරක(Refrigerants)
සම්පිඩකය.(Compressor )
වාෂ්පීකරණය (Evaporator)
සනීකාරකය(Condenser)
කේෂීය නළය (Capillary Tube)
ශීතකාරක(Refrigerants) සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine
ශීතකරණ පුහුණුවට මග
ශීතකරණ පුහුණුව විඩියෝපට
ශීතකරණ පුහුණුවට වැදගත්
වෙනත්

වායු සමීකරණ[සංස්කරණය]

වායුසමීකරණ (Air Condition)
පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ධතාවය,පිරිසිදුතාවය යන භෙතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමිකරණ යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමීකරණ පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.

More Detail තවත් විස්තර බලන්න >>>>

"https://si.wikipedia.org/w/index.php?title=ශීතකරණ&oldid=602726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි