ශ්‍රී සුමංගල පාසල, නිල්දණ්ඩාහින්න

විකිපීඩියා වෙතින්
ශ්‍රී සුමංගල විද්‍යාලය,වලපනේ-නිල්දණ්ඩාහින්න.
Location
Map

ඛණ්ඩාංක6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917ඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917
තොරතුරු
වර්ගයරජයට පවරාදුන් පාසලකි AB+
ආදර්ශ පාඨයනොනැවතී ඉදිරියට...
ආරම්භ කලේ1864
විදුහල්පතිකපිල අත්තනායක.
වර්ණ(ය)ලෝහිත සහ රන්         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියශ්‍රී සුමංගල විද්‍යාලය


About Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya

http://www.facebook.com/sumangalanz

http://www.sumangalans.blogspot.com

http://www.sumangalans.wordpress.com

Mission : නොනැවතී ඉදිරියට….. …. … .. … .. .

ඉතිහාසය[සංස්කරණය]

ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි. ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය. ක්‍රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ’1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ අතර මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 30ක් පමණ විය. අතීතයේ සිට මේ (1864-2015) දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.(මෑත කාලයේ දී නම් නව බුදු මැදුරක් ඉදි කරවා ඇත) වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසල සතුව,ශ්‍රවනාගාර දෙකක්,පරිඝනක මධ්‍යස්ථානයක්,මහින්දෝදය විද්‍යාගාරයක්,නවතම පුස්තකාලයක්,සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සදහා අති නවීන විද්‍යාගාර දෙකක්,සිසු නේවාසිකාගාර පෙළක් හා නුවර එළිය දිස්ත්‍රික්කයටම පාසල් තුනකට වෙන් කෙරුණු තාක්ෂණික විෂයයන් සදහා කඩිනමින් ඉදිවෙන තෙමහලකින් ද සමන්විතය. ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2800ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 100ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල “නොනැවතී ඉදිරියට” යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.

පාසල් ගීතය[සංස්කරණය]

සැරදේ විදුහල් මව අභිමානෙන් ආලෝකය අප අතර සැදූ සිප්සත කිරි දී අප දැඩි කරවා මිනිසුන් කරවන ලොවට පොදූ සැරදේ අප මාතා…..//

වටවී උස් කදු පෙරමුණ රමණී අපගේ ගත සිත නිතර සදා විද්‍යාවේ එළියට පණ ගන්වා සිතුවිළි සමුදා කරණ උදා සැරදේ අප විදුහල් මාතා සැරදේ අප මාතා….//

දෑ කුළඹේ අප බැමි සිද බිද දා සමගිය අත්වැල් ගන්වාලා ඔබගේ උණුසුම අතරින් පිබිදී පා ඔසවමු ජය භූමි කරා සැරදේ අප විදුහල් මාතා සැරදේ අප මාතා………

ගෞරවණීය විද්‍යාලාධිපතිවරුන්[සංස්කරණය]

01. A.D ඉෂඩ් සිරිවර්ධන මයා. 02. මීගස්දෙණිය මහත්මිය. 03. වැරැල්ලගම මහත්මිය. 04. E.V.P අබේසිංහ මයා. 05. රත්නායක මයා. 06. බර්නාඩ් මයා. 07. සෙනෙවිරත්න මයා. 08. විල්සන් බණ්ඩාරනායක මයා. 09. එදිරිසූරිය මයා. 10. සුමතිපාල මයා. 11. සෝමරත්න ධනපාල මයා. 12. වික්‍රමසිංහ මයා. 13. සුගතපාල හේරත් මයා. 14. ආරියවංශ මයා. 15. විජේසිංහ මයා. 16. ගුණරත්න බණ්ඩාර මයා. 17. වෛද්‍යසේකර මයා. 18. M. නන්දසේන මයා. 19. W.P දයාරත්න මයා. 20. H.B රත්නායක මයා. 21. උපුල් බණ්ඩාර මයා. 22. U.B දිසානායක මයා. 23. අ.පඤ්ඤානන්ද හිමි. 24. පියදාස කරදගොල්ල මයා. 25. K.P.W ගුණසේන මයා. 26. C.P.H කුමාරිහාමී මිය. 27. නවරත්න ගුරුපියාණන්. 28. කපිල අත්තනායක මයා.

වර්තමානය[සංස්කරණය]

මප/නු/ව ශ්‍රී සුමංගල ජාතික පාසල 2014 වර්ෂයේ අභිමානවත් 150 වන වෂරට පා තැබූ වගයි……! 1864 සිට 2014 දක්වා දිස්ත්‍රීක්කයේ මෙන් ම කලාපයේ ම ප්‍රමුඛත ම පාසලක් ලෙස, 2014 වර්ෂයට පත්ව තිබීම අතිශයින් ම සතුටට කරුණකි. ලංකාවේ ඉහලම පාසල් ගණයට අයත් වන මෙම පාසල,AB පාසල් ඝණයට අයත් වන අතර,එය ජාතික පාසලක් බවට ද පත්ව ඇත.එය කලාපයේ ඇති එක ම ජාතික පාසල ලෙස පවසනුයේ ද මහත් ආඩම්බරයෙනි. ශ්‍රී සුමංගල ජාතික පාසල් 150වන වර්ෂපූර්ණයට එක සිතින් සුභ පතන අතර,අපගේ හදවත බදු සුමුගුල් මෑණියන් රැක ගනීම සුමුගුල් ඔබ සැමගේ ම වගකීම හා යුතුකම ද වන්නේ ය.