ශ්‍රී ලංකා බටගොයා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා බටගොයා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Columbiformes
කුලය: Columbidae
ගණය: 'Treron'
විශේෂය: T. pompadora
ද්වීපද නාමය
Treron pompadora
(ග්මෙලින්, 1789)

ශ්‍රී ලංකා බටගොයා (Treron pompadora) යනුවෙන් හැඳින්වෙන්නේ Treron ගණයට අයත් පරෙවි විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පොම්පදෝරු බටගොයා සහ පිටරතු බටගොයා යන නම්වලින් ද හඳුන්වයි.[2] මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හමු වේ. බොහෝ අධිකාරීන් විසින් මෙම විශේෂය පොම්පදෝරු බටගොයා සංකීර්ණයෙන් බෙදා වෙන්කර ඇත.

හැසිරීම[සංස්කරණය]

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බටගොයා හැසිරෙන්නේ තනි වශයෙන් හෝ කුඩා කන්ඩායමක් වශයෙනි. පියාසැරිය සාමාන්‍යයෙන් පියාසැරිය වේගවත් සහ ඍජු ය. පියාසැරියේ දී වේගවත් අත්තටු සැලීමේ දී ක්‍රමානුකූල රිද්මයෙන් යුතුව අත්පොලසන් හඬක් වැනි ශබ්දයක් නැගේ. මෙය සාමාන්‍යයෙන් පරෙවීන්ට ලාක්ෂණික ලක්ෂණයකි. මෙම පක්ෂියා ශාක ගණනාවක ඇට වර්ග සහ ඵල මත යැපේ. ගසක් මත කෝටු කැබලි ආධාරයෙන් තනන කැදැල්ලේ සුදු පැහැ බිත්තර දෙකක් දමයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Treron pompadora". International Union for Conservation of Nature and Natural Resources. සම්ප්‍රවේශය 2014-12-31.
  2. Anonymous (1998). "Vernacular Names of the Birds of the Indian Subcontinent" (PDF). Buceros. 3 (1): 53–109.
  • Collar, N.J. 2011. Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus. Forktail number 27: 29-38.
  • Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia: the Ripley guide. Lynx Edicions and Smithsonian Institution.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_බටගොයා&oldid=397550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි