ශ්‍රී ලංකාවේ සර්පයෝ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
පෘථිවිය මත උරගයින් සම්භවය වී ඇත්තේ දැනට වසර දශ ලක්ෂ 300 කට පමණ ඉහත දීය. වර්තමානයේ දී දැකිය හැකි උරගයින් පෘථිවිය මත පහළ වී ඇත්තේ දැනට වසර දශ ලක්ෂ 70 කට පමණ ඉහත දී බව විද්‍යාඥයින් ගේ මතයයි.අද වන විට ලෝකයේ ජිවත් වන උරග විශේෂ සංඛ්‍යාව දළ වශයෙන් 9500 ක් පමණ වන අතර, එම සංඛ්‍යාව වර්තමානය වන විට පෘථිවිය මත ජිවත් වන ක්ෂීරපායි සත්ව විශේෂ සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ වේ.
සත්ත්ව ලෝකය තුළ සර්පයින් තරම් මිනිසා භීතියටත් කුතුහලයටත් පත් කළ වෙනත් සත්ත්ව කාණ්ඩයක් නොමැති බව කීවද එය නිවැරදිය. ඒ නිසාම සමහර රටවල්වල මිනිසුන් ඇතැම් සර්පයින් දේවත්වයෙන් වැදුම් පිදුම් කළහ. මේ අතර ඉන්දියාව ප්‍රමුඛස්ථානයක් ගනී.
දැනට ලෝකයේ ජිවත් වන සර්ප විශේෂ සංඛ්‍යාව 2500 ක් පමණ වන අතර ලෝකය පුරා බොහෝ රටවල එම සර්ප විශේෂ ව්‍යාප්ත වී සිටී.ඉන් 10% ක් පමණ විෂ සහිත සර්පයන් වේ. නමුත් කිසිදු සර්ප විශේෂයක් දැකිය නොහැකි රටවල් ද ඒ අතර දැකිය හැකිය. නවසීලන්තය, අයර්ලන්තය, ඇසොරෙස් සහ බර්මියුඩා එම රටවල් සදහා උදාහරණ වේ. මැඩගස්කරයේ විෂ සහිත සර්පයන් දැකිය නොහැක. ඇතැම් රටවල සිටින සර්ප විශේෂ අතුරින් විෂ සහිත සර්ප විශේෂ දැකිය හැකි වන්නේ ඉතා කලාතුරකිනි. එංගලන්තය ඒ සදහා කදිම උදාහරණයකි. එහි වෙසෙන සර්ප විශේෂ අතුරින් ඇඩර් (Vipera berus) නැමැති පොළොන් විශේෂය පමණක් විෂ සහිතය . නමුත් ඕස්ට්‍රේලියාව සම්භන්ධයෙන් අපට ඇසිය හැක්කේ ඊට හාත්පසින්ම වෙනස් කථා පුවතකි. එහි වාසය කරන සර්ප විශේෂ 30 ක් උග්‍ර විෂ සහිතය. ලෝකයේ භෞමිකව වාසය කරන උග්‍රම විෂ සහිත සර්ප විශේෂය වාර්තා වන්නේ ද ඕස්ට්‍රේලියාවෙනි. එම සර්ප විශේෂය ඉන්ලන්ඩ් තායිපෑන් (Oxyuranus microlepidotus) යන නමින් හැදින්වේ.
ලෝකයේ දැනට වාර්තා වන වඩාත් දිගැති මාරාන්තික විෂ සහිත සර්ප විශේෂය වන්නේ රාජ නාගයාය (Ophiophagus hannah). ඌ දිගින් අඩි 18 ක් පමණ දක්වා වර්දනය වූ අවස්ථා වාර්තා වී ඇත. රාජ නාගයා ඉන්දියාවේ හිමාල කඳුකර ප්‍රදේශය, පිලිපීනය සහ මලයාසියාවේ ජිවත් වේ. මාරාන්තික විෂ සහිත සර්පයින් අතුරින් දිගම දළ සහිත සර්ප විශේෂය වශයෙන් වාර්තා වී ඇත්තේ ගැබූන් පොළඟාය (Bitis gabonica). එම දළ දිගින් අඟල් 1 1/2 - 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන දිගම දළ සහිත සර්ප විශේෂය වන්නේ තිත් පොළඟා (Daboia russelii) වන අතර එම දළ අඟල් 3/4 පමණ දක්වා දිගට වර්දනය වේ. සියළුම විෂ සහිත සර්පයින් ගේ දළ වල ඇති විශේෂත්වය වන්නේ එම දළ ජීවිත කාලය තුළදී වරින් වර නව දළ යුගලයකින් ප්‍රතිස්ථාපනය කළ හැකි වීමයි.
ලෝකයේ වඩාත් වේගයෙන් සංචරණය කළ හැකි සර්ප විශේෂය වශයෙන් හඳුනා ගෙන ඇත්තේ සයිඩ්වින්ඩර් ය(Crotalus cerastes). නිරිතදිග එක්සත් ජනපදයේ සහ වයඹදිග මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශවල ජිවත් වන මෙම සර්පයාගේ සංචරණ වේගය පැයට කිලෝමීටර් 29 ක් පමණ වේ. දැනට ලෝකයේ සිටින විශාලත්වයෙන් වැඩිම සර්පයා ලෙස හැදින්විය හැක්කේ දකුණු ඇමරිකාවේ ජීවත් වන කොළ පැහැති ඇනකොන්ඩාය (Eunectes murinus). ඌ දිගින් අඩි 35 ක් පමණ දක්වා වර්ධනය වේ. දැනට ලෝකයේ ජීවත්වන දිගින් වැඩිම සර්පයා වශයෙන් හැදින්වෙන්නේ රෙටිකියුලේටඩ් පිඹුරාය (malayopython reticulatus). මෙම පිඹුරු විශේෂය තායිලන්තය, මලයාසියාව, බුරමය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල ජීවත් වන අතර, දැනට වාර්තා වී ඇති උපරිම දිග ඇදී 48 කි.
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටක් වන අතර එය ඉන්දීය උප මහද්වීපයට අයත් වේ. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 65,000 ක් පමණ වේ. භූගෝලිය පිහිටීමෙන් සහ විද්‍යාත්මක සාධක වලින් අනූන ශ්‍රී ලංකාවේ තෙත් කලාපය, අන්තර් කලාපය හා වියළි කලාපය ඉතා සරු පරිසරාත්මක ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. එහි ආසියානු කලාපයේ වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන ජෛව විවිධත්වයකින් යුක්ත ශාක සහ සත්ත්ව සංතතියක් දක්නට ලැබේ.
අප රටේ ජීවත්වන සර්පයින් කුල 11 කට බෙදා ඇත. ඔවුන් ඝණ 46 කට අයත් වන අතර විශේෂ ගණන 103 ක් පමණ වේ. මෙම සර්පයින් ජීවත්වන පරිසරය අනුව රුක් වාසී, පාංශුවාසී, භෞමික සහ ජලජ (කරදිය හා මිරිදිය) වශයෙන් වර්ග කල හැකිය.
ශ්‍රී ලංකාවේ සර්පයින්ගේ වර්ගීකරණය
[සංස්කරණය]කුලය | ඝණ | මුළු විශේෂය | ආවේණික විශේෂය | ආවේණික උප විශේෂය |
---|---|---|---|---|
ටිප්ලෝපිඩේ(පණුඋල්ලන්/කණඋල්ලන්) | 02 | 10 | 08 | - |
යුරෝපෙල්ටිඩේ(තුඩුල්ලන්/වල්ගාඇබයන්) | 04 | 17 | 15 | 01 |
බොයිඩේ(කොට පිඹුරන්) | 01 | 01 | - | 01 |
ඇක්‍රොකෝයිඩේ(දියගොයන්/රෙදිනයින්) | 01 | 01 | - | - |
කොලුබ්‍රිඩේ(කොලුබ්‍රිඩාවන්) | 12 | 30 | 08 | 05 |
ඉලැපිඩේ(නයින්/කරවලුන්/දෙපත්කළුවන්/මුහුදු සර්පයින්) | 11 | 20 | 02 | 03 |
සිලින්ඩ්‍රොපිඩේ(දෙපත්නයින්) | 01 | 01 | 01 | - |
වයිපරිඩේ( පොළඟුන්/වල්පොළඟුන්) | 04 | 07 | 04 | - |
පයිතොනිඩේ(පිඹුරන්) | 01 | 01 | - | - |
නෙට්‍රිසිඩේ(නෙට්‍රිසිඩාවන්) | 06 | 12 | 09 | 01 |
හෝමලොප්සිඩේ(කලපු දියනයින්) | 03 | 03 | - | - |
මාරාන්තික විෂ සහිත සර්පයන් බහුලව ව්‍යාප්ත වී සිටින කලාප
[සංස්කරණය]සර්පයා | ව්‍යාප්තව සිටින කලාපය |
---|---|
මගමරුවා / තෙල් කරවලා | වියළි හා ශුෂ්ක කලාප |
නාගයා | මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම |
වැලි පොළඟා | වියළි කලාපයේ වෙරළබඩ තීරය |
තිත් පොළඟා | උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම |
පොළොන් තෙලිස්සා | සෑම ප්‍රදේශයකම |
මුදු කරවලා | තෙත් කලාපය |
දෙපත් කළුවා | වියළි කලාපය |
වැලි පොළඟා
[සංස්කරණය]Saw-scaled Viper (Echis carinatus carinatus)
ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.නමුත් ශ්‍රී ලංකාවේ වැලි පොළගාගෙන් සැළකිය යුතු තරම් මරණ වාර්තා නොවේ. විශ තත්වය උග්‍ර විශ වුවද ශ්‍රීලංකාවේ වෛද්‍ය සංගමය විසින් වැළි පොළගා මද විශ (තුරිත විශ) යටතේ වර්ග කරයි
තිත් පොළඟා
[සංස්කරණය]Russell's Viper (Daboia russelii)
දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්‍රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
මද සහ සුළු විෂ සර්පයෝ
[සංස්කරණය]- පලා පොළඟා Sri Lankan Green Pit Viper Trimeresurus trigonocephalus
- නාග මාපිලා / කබර මාපිලා / ලේ මාපිලා Forsten's Cat Snake Boiga forsteni
- නිදි මාපිලා Sri Lanka Cat Snake Boiga ceylonensis
- පදුරු මාපිලා Barnes's Cat Snake Boiga barnesii
- කහ මාපිලා Beddome's Cat Snake Boiga beddomei
- රූන් මාපිලා / ගැරඩි මාපිලා Common Indian Cat Snake Boiga trigonata
- ඇහැටුල්ලා / ඇස්ගුල්ලා Green Vine Snake Ahaetulla nasuta
- හෙනකදයා Brown Vine Snake Aheatulla pulverulenta
- නිහලුවා / මල් කරවලා Sri Lankan Blossom Krait Balanophis ceylonensis
- මල් සරා / පොල්මල් කරවලා Ornate Flying Snake Chrysopelea ornata sinhaleya
- දඟර දන්ඩා Sri Lanka Flying Snake Chrysopelea taprobanica
- කුණුදිය කළුවා Dog-faced Water Snake / Bockadam Cerberus rynchops rynchops
විෂ නැති සර්පයෝ
[සංස්කරණය]- පුල්ලි දත් කැටියා Oligodon sublineatus
- අහර කුක්කා Amphiesma stolata
- කොට / වැලි පිඹුරා Eryx conicus
- කට කළුවා Coelognathus helena
- කුරුන් කරවලා Aspidura ceylonesis
- දිය වර්ණ Atretium schistosum
- දෙපත් නයා Chlindrophis maculata
- පිඹුරා Python molurus
- ගැට රදනකයා Dryocalamus nympha
- කබර රදනකයා Lycodon striatus sinhaleyus
- ගැරඬියාPtyas mucosa
- දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
- වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
- මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
- දිය බරියා / දිය නයා Xenochrophis piscator
- රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
- පලා බරියා Macropisthodon plumbicolor
- අරනි දත් කැටියා Oligodon arnensis
- දිය පොළඟා Xenochrophis asperrimus
- රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
- දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
- අළු රදනකයා Lycodon aulicus
- ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
- තුරු හාල් දණ්ඩා Dendrelaphis tristis
පින්තූර ගැලරිය
[සංස්කරණය]-
සර්ප දෂ්ටනයට ලක් වූ පාදයක්
-
සර්ප දෂ්ටනය නිසා ඇති වන රෝග ලක්‍ෂණ
මූලාශ්‍ර
[සංස්කරණය]- 'විජය' පුවත්පත (2005 සැප්තැම්බර්)
- Most venemous snakes in Sri Lanka[permanent dead link]
- How to Treat a Snake Bite