ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්‍රී ලංකා සමාජය් නිරන්තර සාකච්චා වට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. බොහොමයක් සමාජ ප්‍රශ්න සමග මෙ‍ම අපචාර සම්බන්ධව පැවතිම එයට හේතුවයි. ළමා අපචාර හා බැදි පවතින කලාපය වන්නේ නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාවයි. නැගෙනහිර ආසියිවේ තායිලන්තය පිලිපිනය හා ඉන්දූනිසියාවත් දකුණු ආසියාවෙ ශ්‍රි ලංකාව හා ඉන්දියාවත් එහිලා ප්‍රධාන ෙව් ළමා අපචාර යනු ළමයින් සදහා සිතා මතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් බව පැහැදිලිය. මෙන්ම ළමා අපහරණය,ළමා අපහයෝජනය යනුවෙන් හැදින්වෙන්නෙ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවිම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධි ක්‍රියාකාරකම්ය .ළමුන්ට ‍එරෙහිව කරනු ලබන මෙබදු ක්‍රියාවන් නීති විරෝධි වන්නේ ඇයිද යන්න ළමා අපචාර හා බැදුණු නීතිමය තත්වය මගින් නිර්‍රවචනය කර ඇත.

ළමයින් අාරක්‍ෂාව පිණිස යම්‍ යම්‍ නෛතික තත්වයන් මෙහිදි අවධාරනය කෙරේ. මෙබදු නීතිමය පසුබිමක් ගොඩනැගී ඇත්ත්‍ත සංවර්ධනය වෙමින පවතින රටවල විවිධ අපචාරයන් සදහා ළමුන් යොදාගැනීම නිසාය. එසේම ඔවුන්ගේ අයිතිවාසිකම්‍ අහිමි වීමක් දක්නට ලැබෙන නිසාය. ලෝකයේ සමස්ත ජනගනයෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ අයිතිවාසිකම්‍ අහිමි කරගෙන සිටින්නන් බව පැහදිලිය. ඇතම්‍ ලේඛණ‍ පෙන්වා දෙන්නේ 1960 දී සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ළමයින් සියයකගෙන් විසිදෙනකුම මිය ගියේ ඔවුන්ගේ විසිවන උපන් දිනයටත් පෙර බවය.ළමා මරණ අධ්‍යාපන අධ්‍යාපන අහිමි කිරිම්‍ ලිංගික සුරාකෑම්‍ මෙහෙකාර වෘර්තින්වල යොදා ‍ගැනිම්‍ ආදි ළමුන්ට එරෙහිව එන සෑම ක්‍රියාවක්ම වනුයේ ඔවුන්ගේ අයිතින් අහිමි කිරිමයි. ළමුන්ට ඔව්න්ගේ අයිතින් වෙනුවෙන් උත්සාහ කල නොහැක.අයිතින් ඉල්ලා සිට්ය නොහැක.මෙනිසා වැඩිහිටියන් විසින් ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතුය. ළමයකු ලෙස හදුන්වනු ලබන්නේ කුමන වයස් සීමාවක අයකු යන්න පිළිබඳ වද විවිධ අදහස් පලව ඇත. එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම්‍ පිළිබද ප්‍රඥප්තිය අනුව ළමයකු වසයෙන් මෙසේ සලකන ලදි,මෙම ප්‍රඥප්තියේ කාර්යන් සදහා ළමයකු යන්නෙන් එම ළමයා අදාල නීතිය යටතේ වයස අවුරුදූ 18 ට පෙර ඔහු වයස් සම්‍පූර්ණත්වයක් ලබන්නේ නම්‍ මිස වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකුම අදහස් ‍වේ‍.

තත්වය මෙසේ උවද ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ළමයකු යන්නෙන් අදහස් කරන්නේ කුමන මට්‍ටමෙ අයකුද යන්න විමසීමට ලක්කල යුතුය.එ‌් අනුව ලංකාවේනීතිය අනුව ළමයකු යන්නෙන් අදහස් කරන්නේ කුමන වයස් මට්‍ටමක අයත් කෙනෙක්ද යන්න පිළිබද යම්‍ ව්‍යාකූලත්වයක් පැන නගී. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය වල වයස අවුරුදු 3.8.10.12.14.16.18 වශයෙන් ළමුන් වයස් මට්‍ටම්‍ විවිදධ අයුරින් දක්වා තිබිමයි. ඒ නිසා විවිධ ව්‍යවස්ථාපිත නීති අනුව ළමයකු යන්නෙන් විවිධ අයුරින් ව‍යස් මට්‍ටම්‍ දක්වා ඇති අන්දම මෙසේ දැක්විය හැක.


  1. දන්ඩ නීති සංග්‍රහයේ ඇතුලත් වන වගන්ති වල අවුරුදු 8.10.12.14.හා.16.18යන වයස් මට්‍ටම්‍ වල ළමයින් සම්‍බන්ධ කරන අපරාධ පිළිබදව හැදින් ‍වේ.
  2. ළමයින් හා තරුණයන් පිළිබද පනතේ ළමයකු යනු වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු වන අතරගැටවරයකු යනු වයස අවුරුදු 14-15 අතර ළමයකු ‍වේ‍.
  3. අදාල ආඥාපනත යට‍තේ ගැහැණු ළමයකු යන්නෙන් වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයකු ‍වේ
  4. කාන්තාවන්, තරුණයන් සහ ළමයින් ‍සේව‍යේ යෙදවීම පිළිබද ආඥාපණත යට‍තේ ළමයකු යන්නෙන් වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු අදහස් වන අතර තරුණි‍යෝ යන්නෙන් වයස අවුරුදු 14 සම්‍පූර්ණ වූද වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් අදහස් වේ.

ළමයකු යන්නෙන් වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකුම අදහස් ‍වේ‍.

ළමා ආක්‍ෂණය පිළිබද නීති[සංස්කරණය]

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිධාන ශ්‍රී ලංකාෙව් දරුවන් හා තරුණයන් පිළිබද ආඥාපණත .ළමා රක්ෂණ සේවා දෙපාර්ත‍මෙන්තු‍වේ ක්‍රියා කාරිත්වය හා විවිධ කොමිෂන් සභා තීරණ හා නීති රීති මගින් ලාංකික දරුවන්‍‍ගේ ආරක්‍ෂාව පිණාස යම් යම් විධිවිධාන හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කර ඇත. මේ නිසා ළමයින්ට එරෙහිව සිදුවන ක්‍රියාමාර්ග පහසුවෙන් තීරණය කර ගැනීමට ඉඩ ලැබේ. උදාහරණ වස‍යෙන් 1995 වර්ෂයේ ඇති කරන ලබු ලංකා සිවිල් නීති සංශෝධනය ගත හැක.එයට අනුව වයස අවුරුදු 18 ට අඩු සත්‍රී පුරුෂ සියලුම දෙනා ළමයින් ලෙස නම් කර ඇත.1995 ට පෙර ‍මෙම වයස් මට්ටම වු‍යේ වයස අවුරුදු 14 කි. තවදුරටත් මෙම නීති සං‍ශෝධනය මගින් දරුවන්වගේ ආරක්‍ෂාව උදෙසා විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇති බව පෙනි යයි. වයස අවු රුදු 12 ට අඩු කිසිදු දරුවකු කිසිදු හේතුවක් නිසාවත් කුමන හො රැකියාවකට බදවා ගැනිම හා සේවයේ යෙදවවිම සපුරා තහනම් කිරීම එක් උදාහරණයකි. මීට අමතරව අංක 360 දරණ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අනුවද ලාංකිකයන් දරුවන් කවර හෝ ලිංගික කටයුක්තක යොදවා ගැනීම වරදකි. විෙශ්ෂයෙන්ම වයස අවවුරුදු 16 ට අඩු ගැහැණු ළමයි තම කැමත්තෙන් හෝ බලයෙන් කවර හෝ ලාංගික කටයුක්තක යොදා ගැනිම තහනම්ය.මේසේ ළම‍යින්ට එරෙහිව සිදු විය හැකි යයි සිතන අසාධාරණයන්ට යම් යම් නෛතික පදනමක් සපයා තිබීම ළමා අපචාර සම්බන්ධයෙන් ඉතා වැදගත් තත්වයකි.

1989 නොවැම්බර් 20දින එක්සත් සංවිධාන‍යේ මහා සමුලුව විසින් දරුවන්ගේ අයිතීන් පිළිබද ප්‍රඥප්තිය සකස් කොට ලොවට දායාද කරනු ලැබු අතර එහි පලමු වන වගන්තියේ දරුවා යන්න අර්ථ දක්වා ඇත්තේ මේසේ‍ය. සියලුම ආකාරවල අයුතු ලෙස ලිංගික ක්‍රි‍යා වල යොවනු ලැබීමෙන් හා අයුතු කටයුතු සහ ප්‍රයෝජනයට ගනු ලැබීමෙන් ළම‍යා ආරක්ෂා කිරීමෙ කාර්යය පාර්ශ්වකරුවන් වන රාජ්‍යයන්හි විසින් විෂේෂවයන්ම.

  1. කිසිම අනීතියික ලිංගික ක්‍රියාවලියක වයදවීම සදහා ළමයකු ‍‍පෙලඹවීම හෝ එසේ යොදෙ‍න ලෙස ඒ ළමයායට බල කිරීම.
  2. ගණිකා වෘත්තියෙහි ළමයින් යෙදවිම.
  3. කාමුක රංගනවල සහ ද්‍යවල ළමයි අයුතු ප්‍රයොජන උදෙසා යෙදවීම වැලැක්වීම සදහා සදහා සුදුසු සියලු ජාතික ද්ව්පාක්ෂික හා බහු පාර්ශවික පියවර ගනු ලැබ්ය යුතුය මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ළමා අපචාර සම්බන්ධ නෛතික විධිවිධාන විසින් අපචාරයේ මට්ටම නීර්ණය කර ඇති බවය. මෙබදු නෛතික තත්වයන් යටතේ වුවද ශ්‍රී ලංකාවේ ළමා අපචාර පාළිබද අද්දැකීම් ශෝචනීය බව කිව යුතුය.