ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය නැටුම්

විකිපීඩියා වෙතින්


ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම් ශෛලීන් තුනක් පවතී. ඒවා නම්,

1. උඩරට නැටුම් - ප්‍රචලිතව පවනින්නේ කන්ද උඩරට ප්‍රදේශයේය.

2. පහත රට නැටුම් - ප්‍රචලිතව පවතින්නේ දකුණු පළාත්වලය.

3. සබරගමු නැටුම් - ප්‍රචලිතව පවතින්නේ සබරගමු ප්‍රදේශයේය.

උඩරට නැටුම්හි “උඩරට” යන නාමය ලැබී ඇත්තේ සිරිලක අවසාන රාජ්‍ය අගනුවර වූද, කොළඹින් කිලෝමීටර් 120 කට ඈතින් පිහිටි නුවර පුරවරයෙනි. මේ වන විට උඩරට නැටුම් ශෛලිය ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම් අතරින් ප්‍රධාන ස්ථානයකට පත්වී හමාරය.

සංස්කෘත භාෂාවේ හැඳින්වෙන තෘන නම් වූ කොටසට,එනම් කාල (රිද්මය) පදනම් කොටගත් රිද්මයානුකූල නර්තන ශෛලියක් ලෙස උඩරට නැටුම් හැඳින්විය හැක. මෙම රිද්මයානුකූල චලනය සඳහා තාල දැමීමට “තාලම්පට” නම් වූ වාදන භාණ්ඩයක් උපයෝගී කර ගනී. උඩරට නැටුමෙහි ප්‍රධාන විනෝදාංශයක් ලෙස වෙස්, නෛඅධි, උඩැක්කි, පන්තේරු සහ වන්නම් හැඳින්විය හැක.

උඩරට පහතරට හා සබරගමු නර්තන ශෛලින් එකිනෙකින්‍වෙනස් වන ප්‍රධාන කරුණු කීපයකි. ඒවා අතර නැටුම් අංග චලන, දේහ චලන, රංග වස්ත්‍රාභරණ සහ එක් එක් ශෛලීන්ට අනුකූල කාල රටා මැවීමට භාවිතා කරන්නා වූ විවිධ මාදිලියේ බෙර වර්ග ප්‍රධාන වේ. මේ අතරින් විශේෂිත වූ තවත් කරුණක් නම් පහත රට නැටුම්හි භාවිතා වන වෙස් මුහුණ පළඳනා උඩරට හෝ සබරගමු නැටුම්වලදී භාවිතා නොවීමයි.

තවද උඩරට නැටුම් සඳහා ගැට බෙරය ද, පහත රට නැටුම් සඳහා යක් බෙරයද, සබරගමු නැටුම් සඳහා දවුල් බෙරය ද භාවිතා වේ. ගැට බෙරය හා යක් බෙරය බෙර වාදකයාගේ දෙඅත් භාවිත‍ා කර වාදනය කරන අතර, දවුල් බෙර වාදකයා එක් අතකින් කඩිප්පුව (කෝටුවකි) ගෙන අනෙක් අතින් දවුල වාදනය කරයි. යක් බෙර හා දවුල් බෙරයෙහි බද සිලිණ්ඩරාකාර වන අතර උඩරට බදයෙහි බඳ දෙපසට ක්‍රමයෙන් අඩුවී යන ආකාරයේ හැඩයෙන් යුක්ත වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Dances_of_Sri_Lanka#Classical_Dances