ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය

ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වුවත් එහි ජෛව විවිධත්වය ලෝකයේ කැපී පෙනෙන දැවැන්ත රටවල් පවා අභිබවා යන්නකි. එයින් එක් ආකර්ශනීයම අවස්ථාවක් වන්නේ ලංකාවටම ආවේණික මිරිදිය මත්‍ස්‍ය සම්පතයි. එසේම සමහර මතස්‍යයන් විවිද කරුණු අරඹයා විදේශීයව ගෙන්වා ලංකාවේ ව්‍යාපත්ත කරනු ලැබූවත් එම සත්වයන් පවා ලංකාවේ පරිසරයට උචිත අයුරින් හැඩ ගැසෙමින් හා විවිධාකාර පරිණාමන ක්‍රියාවලීන්ට භාජනය වෙමින් ශ්‍රී ලංකාවට උචිත අයුරින් ස්ථාවරව සිටින බවද කිවයුතුවේ.

එහෙත් පිටස්තරව ගෙනෙන මෙවැනි සතුන් ලංකාවට ආවේණික මතස්‍ය ප්‍රජාව කෙරේනම් ඇති කර ඇත්තේ හිතකර වාතාවරණයක් නොවන බවද අනිවාර්යය සාධකයකි. ඇතැම් හදුන්වාදෙන මසුන් මාංශභක්‍ෂකයන් වන්නාසේම සමහරවිට ඔවුන්ගේ ගොදුරුබවට පත්වන්නේ ලංකාවටම ආවේණික මසුන් සහ ජලාශ්‍රිතව ජීවත්වන වෙනත් වැදගත් සත්වයන් නිසා තම නිජබිම තුලම ජීවත්වූ ආවේණික සත්ව ප්‍රජාවට දැවැන්ත තර්ජනයක් එල්ලවී ඇති අතර ඔවුන්ට තම වාසභූමිය ආක්‍රමණය කල පිටස්තරයාට ඉඩදී දිවියෙන් සමුගන්නට සිදුවී තිබීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව තුල ඒකදේශික මසුන්ගේ ව්‍යාප්තිය ගත්කල 100 කට වඩා වැඩි ප්‍රධාන හා උප ගංඟා ද්‍රෝණි ආදියේ, ගලා යන ජල ප්‍රවාහයන්හි, ජලය එක් රැස් කිරීමට තනා ඇති විශාල ටැංකි හා සංචිත, පොකුණු සහ ලංකාව තුල කැපී පෙනෙන විල් ආදිය නැතත් පැරණි රාජ්‍ය පාලකයන් විසින් හෝ රාජ්‍ය අනුග්‍රහයලත් ප්‍රාදේශීය පාලකයන් විසින් තනා ඇති 12,000 කට අධික වැව් වලද මෙම ආවේණික මසුන් ජීවත්වේ. තවද වගුරුබිම් හා කිවුල් දිය ඇති කලපු ආශ්‍රිතව හා වෙරලාශ්‍රිත ඩෙල්ටාවන්ගේද එම පරිසර පද්දතීන්ට අනුකූලව වෙසෙන මත්ස්‍ය ප්‍රජාවක් වාසය කරයි. ඊට අමතරව කරදිය හා මිරිදිය යන උභය ජලාශ්‍රිත පද්දතීන් සිය දිවියේ ජීවනචක්‍රයේ විවිද අවස්ථා සදහා භාවිතා කරන ලූලන් වැනි මතස්‍යන්ගෙන්ද මෙම දූපත් රාජ්‍ය පොහොසත්ය.

ප්‍රධාන වශයෙන් ගැනෙන මිරිදිය මතස්‍ය සම්පත පිළිබදව ගතහොත් තවමත් ඒකදේශික නව විශේෂ සොයාගැනීම පිළිබදව වාර්තාවන අතර එය සහ තවත් විවිදාකාර හේතු නිසා සත්‍ය වශයෙන්ම අංග සම්පූර්ණ නිවැරදි සංඛ්‍යාලේඛණයක් මිරිදය මසුන් පිළිබදව තැබීමට නොහැකිවී ඇති බව මේ පිළිබදව විශේෂ්‍යඥයන්ගේ මතයයි. ඇතැම් විට සොයාගන්නා මසුන් පිළිබදව විධිමත්ලෙස සටහන්නොතැබීමත්, උභය පරිසර පද්දතීන් වල වෙසෙන මසුන් පිළිබදව හරිහැටි අධ්‍යයනය නොකොට ඔවුන්ද මිරිදයේ පමණක් වෙසෙන මසුන් ලෙස වාර්තා තැබීම හා වදවී යාමේ තර්ජනයට මුහුන දී ඉතාමත් අල්ප සංඛ්‍යාවක් වෙසෙන මසුන් ඇස නොගැටීම වැනි කරුණු නිසාද සත්‍ය වශයෙන්ම නිවැරදිම සංඛ්‍යාලේඛණයක් මේ සම්බන්ධයෙන් තවමත් ඉදිරිපත් වී නොමැතිබව පැවසීමට සිදුව තිබේ. කෙසේවෙතත් 100 කට අධික ඒකදේශික මතස්‍ය ප්‍රජාවක් ශ්‍රී ලංකාව තුල වෙසෙන බව සතුටින් පැවසිය හැකි කාරණයකි.

ලංකාවේ සමස්ථ මිරිදිය මත්ස්‍ය විශේෂ[සංස්කරණය]

ලංකාවේ සමස්ථ මිරිදිය මතස්‍ය විශේෂ ගතහොත් 82 ක් පමණ ලෙස සදහන් වන අතර ලංකාවටම ආවේණික විශේෂ ඇත්තේ 47 ක් පමණ සංඛ්‍යාවක් පමණ බවයි. එහෙත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙයින්ද ඇතැම් විශේෂ දැන් වඳවී යෑමේ තර්ජනයට ලක්වී හෝ සැබැවින්ම වඳවී ගොස් තිබීමයි. තවද ගෝත්‍ර ලෙස ගත්කල ගෝත්‍ර 11 කට අයත් මසුන් මෙරට වාසය කරයි.

ලංකාවේ ඒක දේශික මිරිදිය මසුන්[සංස්කරණය]

ලංකාවේ ඒක දේශික මිරිදිය මසුන් පිළිබදව දල වශයෙන් තුන් පාර්ශවයනට බෙදා වර්ගකල හැකිය.

=== පිරිසිදු මිරිදිය ජලයේ පමණක් වෙසෙන මත්‍ස්‍ය විශේෂ ===හූඌඋ සිය ජීවිත කාලය පුරාවටම පිරිසිදු මිරිදිය ජලයේ ජීවත් වන මසුන් මෙයට අදාල‍ වේ.

කලපු ආශ්‍රිත කිවුල් දියේ හා වෙරළාශ්‍රිත ඩෙල්ටාවන් තුල වෙසෙන මසුන්[සංස්කරණය]

මෙවන් මසුන් විශේෂ කලපු ආශ්‍රිත කිවුල් දියේ හා වෙරළාශ්‍රිත ඩෙල්ටාවන්හි ඇති ජලයේ වාසය කලත් තම ජීවන චක්‍රයේ ඇතැම් අවස්ථාවල පිරිසිදු මිරිදිය ජලය ඇති ස්ථාන වෙත පැමිනේ. උදාහරණයක් ලෙස ඇතැම් ලූලන් විශේෂ කරදියේ උපත ලැබූවත් පසුකාලීනව ඔවුන් ජීවිතය ගත කරන්නේ මිරිදිය ජලයේය. නැවත ඔවුන් මුහුදු ජලය හෙවත් කරදිය වෙත පැමිනෙන්නේ අභිජනන ක්‍රියාවලියට හෝ සිය දිවියේ අවසාන අවධිය ගත කිරීම සදහායි.

කරදියේ වාසය කලත් ඇතැම් විට මිරිදිය ජල ප්‍රවාහවලද කලාතුරකින් දැකිය හැකි මසුන්[සංස්කරණය]

මෙය කලාතුරකින් දැකිය හැකි අවස්ථාවකි. කෙසේවෙතත් මිරිදය ජලප්‍රවාහ ලෙස සටහන්කලත් මොවුන් මෙම ස්ථානවලට පැමිනෙන්නේ මුහුදේ ඇතිවන උදම් රල හා සුනාමි වැනි අවස්ථාවල ‍ගොඩබිම දෙසට ඇදී එන කරදිය ජලය ඔස්සේවේ. කෙසේවෙතත් කරදිය සහ මිරිදිය පරිසර පද්දතිවල ඇති විශමතාවයන් ඔස්සේ මෙවැනි තත්වයකට ලක්වන මසුන්ගේ ජීවිතය අවිනිශ්චිතවන අතර මෙවැනි අවස්ථා බහුලවම වාර්තානොවේ.

ලංකාවේ සිතියම්ගත මත්ස්‍ය ව්‍යාප්තිය[සංස්කරණය]

ලංකාවේ සිතියම්ගත මතස්‍ය ව්‍යාප්තිය ගත් කල එය ප්‍රධාන වශයෙන් කලාප තුනක් ඔස්සේ බෙදා වෙන්කර ඇති බව දැක්විය හැකිය‍.

ඒවා නම් ;

  • නිරිත දිග කලාපය - මෙම ප්‍රදේශයන්ට අයත්වන්නේ අත්තනගලු ඔය දෝණියේ සිට නිල්වලා ගංගා දෝණිය දක්වා තෙත් කලාපීය ප්‍රදේශයයි. එනම් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිට දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කය අතර ප්‍රදේශය මෙයින් ආවරණය වේ.
  • මහවැලි කලාපය - මහවැලි ගංඟ ද්‍රෝණිය ඇතුලත් වන එනම් මහවැලි ගඟ ගලා බසින ප්‍රදේශයන් මෙයින් ආවරණය වේ.
  • වියළි කලාපය - උක්ත කලාපයන් හැරුන කොට ඉතිරි ප්‍රදේශයන් සියල්ල මෙයින් ආවරණය වේ.*

තවත් වැදගත් කරුණක් වන්නේ මෙහි දැක්වූ පළමු හා දෙවන කලාප අතර ඇති විවිද අතුගංඟා හා වෙනත් මිරිදිය ජල පරිවහන පද්දති ඔස්සේ සංක්‍රමණ කලාපයන්ද පිහිටා තිබීමයි.