ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්ත
ශ්‍රී ලංකාව ලෝව සතරවෙනියාට වැඩිම පොල් නිෂ්පාදය කරන රටක් වෙයි. ශ්‍රී ලංකාව ඒ දේශීය වශයෙන් පොල් හටගත් අතර, වසර මිලියන 50-55කට පෙර සිටම පොල් ලංකාවේ ව්‍යාප්තව පැවතුනි. ලංකාවට පමණක්ම ආවේනික ශාකයක් වන්නේ තැඹිලිය. පොල් පිලිබඳව ප්‍රථම ලිඛිත සාක්ෂි හමුවන්නේ විජයාගමයත් සමඟ. කුවේනි විසින් විජය කුමරුට පොල් වතුර බීමට දීම ඇත. ලංකාවේ පොල් නිෂ්පාදනය ඉහල නමුත් ඒකපුද්ගල පොල් පරිභෝජනය ලෝකයේ දෙවැනි වැඩිම වන අතර, රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවේ. 2024 වර්ෂයේ ඉතා ප්‍රභල ලෙස පොල් හිඟයක් අරම්භ විය, එමගින් පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගියේය.[1] ගතවූ වසර 30 තුළ ලංකාවේ පොල් පරිභෝජනය ඉහළ ගියද රටේ නිෂ්පාදනය අවම විය. ප්‍රධාන හේතු ලෙස රිලා උවදුර, අධික ජනගහනය නිසා ඉඩම් කට්ටි වී, පොල් ඉඩම් හිඟවීම ද ප්‍රධාන හේතු වේ.[2]
ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතන
[සංස්කරණය]- ලුණුවිල
පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් විශේෂ 2 ක් ව්‍යාපාරික වගාව සඳහා හදුන්වා දී තිබේ. ඒවා නම්
- CRIC 60
- CRISL98 ය.
- පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් විශේෂ 5 ක් ගෙවතු වගා සඳහා හඳුන්වා දී ඇත.
- CRIC 65
- කප්රුවන
- කප්සෙක
- කප්සුවය
- CRISL2020
ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය හා වෙළඳාම
[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ කෘෂි භූමි ප්‍රමාණයෙන් 28% ක් පමණ පොල් වගාව සඳහා යොදා ගෙන ඇත. එම භූමි ප්‍රමාණය හෙක්ටාර 439000 කි. (1988 මහ බැංකු වාර්තා අනුව) පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවක් දක්වයි. පොල් ආශ්‍රිතව විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳ වෙළඳපොළක් ද දක්නට ලැබේ. පොල් වගාව නිසියාකාරව කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද යෙදිය හැකිය.
ශ්‍රි ලංකාවේ පොල් නිෂ්පාදන අපනයන තත්ත්වය
[සංස්කරණය]පොල් ආශ්‍රිත අපනයනය | 1994 | 1995 | 1996 | 1997 | 1998 |
---|---|---|---|---|---|
කපාපු පොල් | 380000000 | 465000000 | 425000000 | 524000000 | 367000000 |
පොල් තෙල් | 480000000 | 516000000 | 328000000 | 289000000 | 334000000 |
කොප්පරා | 32000000 | 50000000 | 39000000 | 42000000 | 52000000 |
පොල් ගෙඩි | 25000000 | 27000000 | 17000000 | 18000000 | 18000000 |
මූලය- (ශ්‍රී ලංකා මහ බැංකුව 1998)
පොල් ආශ්‍රිත නිෂ්පාදන
[සංස්කරණය]පොල් ආශ්‍රිත නිෂ්පාදනවල දී පොල් ගසේ විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබයි.
- පොල් මදය ආශ්‍රිත
පොල් මදය - කොප්පරා
- පුන්නක්කු
- පිසීමට ගන්නා පොල් තෙල්
- හිස තෙල්
- සුවඳ සබන්
- ෂැම්පු
- බිස්කට්
- කේක්
නැවුම් පොල් තෙල් (Virgin Coconut Oil)
- කෙඳි ආශ්‍රිත
කොහු කර්මාන්තය - ලණු
- කඹ
- බුරුසු වර්ග
- කොසු
- ලණු පැදුරු
- විසිතුරු භාණ්ඩ
- පොල් අතු ආශ්‍රිත
- පොල් අතු විවීම සඳහා
- පොල් ඉරට ආශ්‍රිත
- ඉදල් නිෂ්පාදනය සඳහා
- විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා
නිෂ්පාදන ආශ්‍රිත පින්තූර ගැලරිය
[සංස්කරණය]-
පොල් තෙල්
-
පිටි කරන ලද පොල් කිරි
-
බිස්කට්
-
කේක්
-
සබන්
-
පාට කරන ලද කොහු
-
පොල්කටු හැදි
-
ලී කර්මාන්තය
-
විසිතුරු භාණ්ඩ
-
පොල් කිරි
-
විනාකිරි
-
පොල් කටුවෙන් තනන ලද වළලු
ශ්‍රී ලංකාවේ පොල් අපනයනය කරන රටවල්
[සංස්කරණය]
පොල් වගාවේ අභියෝග හා අනාගත විභවය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 70% පමණ භාවිත වනුයේ දේශීය පරිභෝජනය සඳහාය. එබැවින් පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍යවන පොල් ගෙඩි ප්‍රමාණයේ විශාල අඩුවක් පවතී මෙම ගැටලූව විසදීමය සඳහා
- පොල් ඉඩම් වල ඵලදායිතාව ඉහල නැංවීම.
- ඉහල නිෂ්පාදන විභවයක් ඇති දෙමුහුන් පොල් ප්‍රභේද හදුන්වා දීම.
- පාංශූ සංරක්ෂණ ක්‍රම භාවිතයෙන් පස සෝදා පාළුවට යාම වැලක් වීමට කටයුතු කිරීම.
- පසට කාබනික ද්‍රවය යෙදීම.
- කෘමී හා පළිහෝද මර්දනය කිරීම සිදුකල යුතුය.
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දෙන ගැටළු
[සංස්කරණය]- හෙක්ටයාරයක්න් ලැබෙන ආදායම අඩු වීම.
- රිලව් උවදුර, 2022 පමණක් රිලව් විසිනි පොල් ගෙඩි මිලියන 200 කා දමා ඇත, ඒම නිසා රටට අහිමිවු මුදල රුපියල් බිලියනය 20කට අධිකය.[3] 2024 මාර්තු මස රජය විසින් රිලව් උවදුරෙන් මිදිමට වායු රයිෆල් 1000ක් ගොවීන්ට බෙදා දෙන ලදි.[4]
- සංකීර්ණ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම.
- පොහොර භාවිතය අඩු වීම.
- දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්‍රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිර ිවන පොල් ප්‍රමාණය අඩු වීම.
- පළිබෝධ හා කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම.
*පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක්ලබා ගැනීමට උත්සාහ නො දැරීම.
- වෙනත් ආදේශක නිසා විදේශ වෙළඳ පොළේ හොඳ මිළක් නො ලැබීම.
- කටුු පොල් වගාකරුවන්ගේ්ගේ වෙළඳ මාාෆිියා
පොල් ඉඩම් අඩු වීමට හේතු
[සංස්කරණය]- නිවාස ඉදිකිරීම.
- කර්මාන්තශලා ඉදිවීම.
- නිදහස් වෙළඳ කලාප ඇති වීම.
- ක්‍රීඩාංගන ඉදි කිරීම.
- මහා මාර්ග ඉදි කිරීම.
යනාදිය සඳහා බිම් යොදා ගැනීම.
ගැටළු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග
[සංස්කරණය]- පොල් වගාව සංවර්ධන කිරීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවීම.
- පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නැවත පොල් වගා කිරීම, අලුතින් පොල් වගා කිරීම, ගෙවතු වගා ආධාර දීම යනුවෙන් සහනාධාර ක්‍රම ඇරඹීම
- ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝග්‍ය පොහොර වර්ග හදුන්වා දීම.
- ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ පොල් හඳුන්වා දීම.
- කෘමි උවදුරු සහ පළිබෝධ මර්දනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ පොල් කර්මාන්තය දිරි ගැන්වීමට අවශ්‍ය ආධාර ලබා දීම.
- පොහොර ලබා දී ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට උපදෙස් ලබා දීම.
එනම් කෙසෙල්, අන්නාසි, ගම්මිරිස්, කෝපි වැනි අතුරු බෝග වගාව හා සත්ත්ව පාලනය සඳහා යොදා ගැනීම. පොල් වගා කරන ආසියානු රටවල් පැසිෆික් රටවල් විසින් පිහිටුවා ගනු ලැබූ ආසියානු පැසිෆික් පොල් සංවිධානය පිහිටවීම.
ලෝකයේ පොල් වගා කරන වෙනත් ප්‍රදේශ කිහිපයක්
[සංස්කරණය]
- ආසියාව
- ඉන්දියාව
- බුරුමය
- තායිලන්තය
- ඕස්ටේලියාව
- කාම්බෝජය
- මැඩගස්කරය
- ජැමෙයිකා
- ටැන්සානියා
- පිලිපීනය
- මලයාව
පින්තූර ගැලරිය
[සංස්කරණය]මුලාශ්‍ර
[සංස්කරණය]- අධ්‍යාපන දෙපාර්තුමේන්තුව - 9 ශ්‍රේණිය - සමාජ අධ්‍යයනය පෙළ පොත
අඩවියෙන් පිටත පිටු
[සංස්කරණය]- පොල් වගාකිරීමේ මණඩලය - ශ්‍රී ලංකාව සංරක්ෂණය කළ පිටපත 2009-05-04 at the Wayback Machine