ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය
ශ්‍රී ලංකාවේ 10% හුණුගල් තට්ටුවක්ද 90%පසද පිහිටා ඇත. පෘතුවියේ වැඩෙන පැළෑටි සහ සත්ව සංහතියේ පැවැත්ම රදාපවතින්නේ මේ පස් තට්ටුව මත වන අතර , පැළෑටි වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාරථද , ජලයද සැපයෙන්නේ පසෙනි.පස පිළිබඳ අවධානය කෘෂිකර්මාන්තයට යොමුවූ කාලයේ සිට පැවති අතර , පස පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයන් ආරම්භවූයේ මෑතකදීය.මෙයට අඩිතාලම දැමුවේ "DUKUSHAEV" නම් ප්‍රමුක රුසියානු විද්‍යාඥයා විසිනි.මේ සමඟ ඇති ශ්‍රී ලංකා පාංශු සිතියම මේ සදහා උපකාරි වෙයි. ශ්‍රී ලංකාව තුළ පාංශු වගර් 14 පිළිබඳ කථාකරණු ලබයි.
රතු දුඹුරු පස
[සංස්කරණය]වියළි කලාපීය ප්‍රදේශවල මේ පස් වර්‍ගය දක්නට ලැබෙයි.මිලි මීටර්අ 200ට අඩු වර්ශාපතනයක් ලැබෙන වියළි කලාපීය ප්‍රදේශවන අනුරාධපුරය, පොළොන්නරැව,වව්නියාව,හම්බන්තොට,මොනරාගල හා යාබඳ දිස්ත්‍රිකවල රතු දුඹුරුපස් ඇත.මේ පසෙහි කැල්සියම් හොඳින් ඇති අතර කැටායන හුවමාරු ධාරිතාවයද ඇත.මේ පස කෘෂිකර්මාන්තය සදහා යෝග්‍යවෙයි.වියළි කලාපයේ සාම්ප්‍රදායික හේන් ගොවිතැනට බොහෝ උපකාරී වේ. මේ අතර ධාන්‍ය,අතිරේක ආහාර බෝග,තණබිම්,පළතුරු, වී වගාව සඳහා යෝග්‍ය වෙයි. pH=6.5 ක් පමණ වේ.පසේ ජලය රදවා තබා ගැනීමේ ධාරිතාවය අඩු බැවින් කෙටි කාලාන්තර වලින් ජලය සැපයිය යුතු ය. තවද මෙම පසහි මතුපිට කැටිති වල ස්ථායීතාව අඩු බැවින් ඛාදනයට ලක් වීමේ හැකියාව ඇත. එබැවින් නිසි පාංශු සංරක්ශණ ක්‍රම අනුගමනය කළ යුතු ය.
චූර්ණක නොවන දුඹුරු පස
[සංස්කරණය]බොරළු වලින් යම්තාක් දුරකට සමන්විත මේ පස රළු වයනයක් ගන්නා අතර තෙතමනයේදී ඇලෙන සුළුය.අම්පාර.මඩකලපුව දිස්ත්‍රිකවලද,ගල්ඔය මිටියාවතේද, මේ පස ඇත.පොටෑසියම්,මැග්නීසියම් පසෙහි අඩුයි.නමුත් කැටායන හුවමාරු ධාරිතාව සතුටුදායකයි.තෘණ වගාව සිදූකරනු ලබන අතර වාරිමාර්‍ග මගින් වී වගාව සාර්ථකයි.
රතු කහ පොඩ්සොලික් පස
[සංස්කරණය]මේ පස වියළි විටක කුඩුවන සුළුද,තෙත් විටක ඇලෙන බවද දක්නට ලැබෙයි. මේ පස තෙත් කලාපීය දිස්ත්‍රිකවල කදූ හා දළ බෑවුම් සහිත භූමිවලට සීමාවේ. බදුලු,බණ්ඩාරවෙල ප්‍රදානයි.නුවරඑළිය,රක්වාන,දෙනියාය සමහර ප්‍රදේශ වලද ඇත. මේ පසෙහි කැල්සියම්,මැග්නීසියම් ප්‍රමාණය හීන වුවද තේ,රබර්,වගාවලට බලනොපායි. එළවළු, පළතුරු වගා සඳහා යෝග්‍ය වෙයි.
රතු කහ ලැටසෝල්ස්
[සංස්කරණය]මේ පස ගැඹුරුය.මනා ජල වහනයකින් යුක්තය.මන්නාරම හරහා පුත්තලම දක්වාද, මුලතිව් දක්වාද, යාපන අර්ධද්වීපයේද ව්‍යාප්තව ඇත.පොස්පරස් හා පොටෑසියම් මට්ටම තරමක් වන අතර කැල්සියම් හා මැග්නීසියම් ප්‍රමාණය සතුටුදායකයි.දෙහි පවුලට අයත් පළතුරු වගා සඳහා ප්‍රධාන වන අතර කජු වගාවටද යෝග්‍ය වෙයි. මේ පසට ඵෙන්ද්‍රීය පොහොර භාවිතා කිරීමෙන් සශ්‍රීකත්වය රදවාගත හැකියි.
රතු දුඹුරු ලැටසොලික් පස
[සංස්කරණය]මෙය කබොක්මය පස ලෙසද හදුන්වයි.එමෙන්ම මනා ජලවහන රටාවකින් යුත් පසකි.නුවර,කෑගලු දිස්ත්‍රිකවලත්,මාතලේ දිස්ත්‍රිකයේත් මේ පස දක්නට ලැබේ. අම්ල බවකින් යුත් පසකි.කැටායන හුවමාරු ධාරිතාවද ඉහළ වන අතර පුළුල් තෙතමනයකින්ද යුක්තයි.කොකෝවා,කෙසෙල් වගාකරනු ලබයි.
අපරිණත දුඹුරු ලෝම් පස
[සංස්කරණය]මේ පස නුවර දිස්ත්‍රිකයේ දක්නට ලැබෙන අතර,මධ්‍යස්ථ ගැඹුරකින් යුක්තයි. වියළි කලාපයේ කදු බෑවුම් වල මෙන්ම ගල්පර තැනිවලද මෙම පස ඇත.කැටායන හුවමාරු ධාරිතාව ඉහළ වන අතර,වයනය,ජලවහනය සතුටුදායකයි.කෘෂිකර්මාන්තයට යෝග්‍යවෙයි.
සොලඩයිස්ඩ් සොලනට්ස් පස
[සංස්කරණය]සංකීර්ණ රටාවකින් යුක්ත මේ පස ක්ෂාර හා ලවණ පස ලෙසද හදුන්වයි. වියළි කලාපයේ මුහුදුබඩ තීරවල වඩදිය බාදිය තලාවල හා මෝය නිධිවල මැටි කොටස්මත දක්නට ලැබේ.ලංකාවේ ගිණිකොණ,තමන්කඩුව,දමන ප්‍රදේශවල ප්‍රධානයි.පසෙහි නයිට්‍රජන් හා පොස්පරස් ප්‍රමණය දුර්වලය.පුළුල් තෘණ වගාවටද වී වගාවටද යෝග්‍ය වෙයි.
ග්රුමුසෝල්ස් පස
[සංස්කරණය]කළු නිවර්තන මැටිපස් ලෙසද හදුන්වන මේ පස යාපන දිස්ත්‍රිකයේ දකුණු ප්‍රදේශය, මුරුක්කන් වටාද,මන්නාරම දිස්ත්‍රිකයේද දක්නට ලැබේ.පැරණි අත්හල වැව් තිබෙන ප්‍රදේශවලද මේ පස තිබුණි.පසේ පොටෑසියම් ප්‍රමාණය අධිකය.කැටායන හුවමාරු ධාරිතාවයක්ද ඇත.කපු වගාව හා වී වගාවට යෝග්‍ය වෙයි.
රෙගෝසෝල්ස් පස
[සංස්කරණය]නවක පසක් යන අර්ථය ගෙනදෙයි.වෙරළ හා වැලි වැටි මතද,මෑත කාලීන නිධිසාදිත නිධි මතද මේ පස වර්ධනය විය.යකඩ පෝෂිත වැලි මැටි පසකි.ලංකාවේ පටු වෙරළාසන්න තීරුවලද,කදුකරයේ බෑවුමේ පහත් පැති තෙත් කදුකර කොටසෙහිද මේ පස ව්‍යාප්තව ඇත.තරමක් පෝෂ්‍යද්‍රයි පසක් වන අතර කැටායන හුවමාරු ධාරිතාවයක්ද ඇත.පොළව යට ඇති ජලය ගැඹුරට වැඩෙන ශාක මඟින් උරාගනියි. මේ පස කෘෂිකටයුතු සඳහා අයෝග්‍ය වන අතර පොල් වගාව ඉතා යෝග්‍ය වෙයි.
අම්ල වගුරු පස්
[සංස්කරණය]හැල් හා අර්ධ හැල් පස් ලෙසද හදුන්වයි.මේ පස දියළු ද්‍රව්‍ය උඩින් පිහිටි පීට් වලින් යුක්තය.25% ඵෙන්ද්‍රීය ද්‍රවය වලින් අඩංගු තට්ටුවකින් සමන්විතය.තෙත් කලාපයේ පහත්බිමේ ප්‍රධාන ගංඟා අසබඩ වගුරු සහිත ප්‍රදේශයේ හමුවේ.කොළඹ,කළුතර, ගාළු දිස්ත්‍රිකවල විහිදී ඇත.උස් ප්‍රදේශවල,සානු ප්‍රදේශවල සමතලා නිම්න පතුලේද ඇත.
අවභ්‍යුමික ග්ලේ පස
[සංස්කරණය]ලංකාවේ සාමාන්‍යයෙන් පහත් බිම් තීරය පුරාම මේ පස විහිදී ඇත.
දියළු පස
[සංස්කරණය]ජලය රදවා තබනු ලබන පසයි.මිටියාවත්,ඇළ,දොළ,ගංඟා ආශ්‍රිතව ජලයෙන් යටවන තලා මත්තෙහි මේ දියළු පස ඇත.වී වගාව සඳහා ප්‍රධානවන්නේ මේ පසයි.චය අගය,කැටායන හුවමාරුව,ඵෙන්ද්‍රීය ද්‍රවය පෝෂ්‍යද්‍රයීත්වය මේ පසෙහි බහුලව ඇත.