Jump to content

වියළි කළාපයේ පස

විකිපීඩියා වෙතින්

හැඳින්වීම.

පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශය ගත්කල ඵය සෙන්ටිමීටර 3 සිට මීටර 3 දක්වා පමණ ඝනකමින් යුත් පස් තට්ටුවකින් වැසී ඇත.පසේ වැදගත්කම ගත්කල පැළෑටි සහ සත්වයින්ගේ පැවත්ම රඳා පවතින්නේ මේ පස් තට්ටුව මතයි.පස පිළිබඳ අවධානය යොමුවීම කෘෂිකර්මාන්තයට යොමුවු කාලය තරම්ම පැරණිය.පස පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය ආරම්භ වූයේ ඉතා මෑතකදීය.ඵහිදී මූලිකත්වය ගත්තේ ඩුකුෂෙව් ප්‍රමුඛ රුසියානු විද්‍යාඥයින් පිරිසකි.මොවුන්ට අනුව පස සකස්වීමට ප්‍රධාන සාධක 5ක් ඇත.

1.මූලික ද්‍රව්‍ය

2.භූ ලක්ෂණය

3.කාලගුණය

4.ජීවගෝලය

5.කාලය


ගොනුව:Soil map Srilanka.jpg
ශ්‍රී ලංකාවේ පාංශු

ඵකී ආකාරයෙන් කෘෂිකර්මාන්තයේදී ප්‍රධානතම සාධකය බවට පත් වන පස ලෙස අප හඳුනාගන්නේ පාංශුජනක ක්‍රියාවලීන්ගේ කාලාන්තරයක් තිස්සේ සිදුවන ක්‍රියාත්මකවීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.

පාංශු වර්ගීකරණය.

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දැනට පාංශු වර්ගීකරණයන් අතර පිළිගන්නේ 1961දී මුවර්මන් සහ පානබොක්කේ යන අය විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරනයන්ය. ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ මහා පාංශු ගණ 14ක් දක්නට ලැබේ.ඵයින් පහත ඵ්වා වියළි කළාපයේ දක්නට ලැබේ.

1.රතු දුඹුරු සුදු කහවත්ත 1505 පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ පස

2.රතු කහ ලැටසෝල්ස් පස

3.ක්ෂාරීය නොවන දුඹුරුපස

4.ග්‍රැමුසෝල්ස්

5.අපරිණත දුඹුරු ලොම් පස

6.ක්ෂාරීය සහ ලවණ පස

7.දුර්වල ජල වහනයක් පවතින හියුමික් පස

8.දියලු පස

9.රෙගොසෝල්ස් පස


අනෙක් කලාප 2ට සාපේක්ෂව වියළි කලාපය තුළ පාංශු වර්ග වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර වියළි කළාපය පුරා ඵනම් මන්නාරම මුලතිවු ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර,පුත්තලම,මඩකලපුව,පොතුවිල් වැනි ප්‍රදේශවල ව්‍යාප්තව ඇත.වියළි කලාපය තුළ භෝග වගාව සාරවත්ව සිදුකරයි. එහිදී කෘෂිකාර්මික යෝග්‍යතාවය පිළිබඳ සලකා බැලීමේදී සාම්ප්‍රධායික ගොවියෙකු පසක සාරවත් බව පිළිබඳව විමසා බලන්නේ භෝග නිෂ්පාදන ශක්තිය උරා බැලීමෙනි. නමුත් ඉන් ඔබ්බට ගොස් බැලීමේදී වියළි කලාපයට සුවිශේෂී වු පස්වර්ග තුළ රසායනික හා කෘෂිකාර්මික යෝගයතාවක්ද පවතින බව වටහාගත හැක. බෙහෙවින් වැදගත් වන්නාවූ එහි පස් වර්ගයන්ගේ සශ්‍රීකත්ව ගුණාංග සහ ඒවායේ භෝග උත්පාදන ශක්තිය පහත පරිද්දෙන් දැක්විය හැක.


රතු දුඹුරු පස

[සංස්කරණය]
  • වියළි කලාපයට ආවේණික වූ මෙම පස එහි භූමියෙන් විශාල ප්‍රදේශයක වයාප්තව ඇත. එනම්, අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව හම්බන්තොට, මොණරාගල, හා යාබද දිස්ත්‍රික්ක වල දක්නට ලැබේ.
  • මෙම පස,කැල්සියම් හා මැග්නීසියම් ඉතා සතුටු දායක ලෙස සපයන අතර ඒවාට ඉතා හොඳ කැටායන හුවමාරු ධාරිතාවක්ද ඇත.
  • නිවර්තන මට්ටමෙන් මෙම පසේ රසායනික සශ්‍රීකත්වය ඉතා යෝග්‍ය යැයි සැලකිය හැක.
  • මෙහි දුඹුරු වයනය හා ජල වහනයද ඉතා පුළුල් වගා පන්තියකට ගැලපේ.
  • රතු දුඹුරු පසක භෝග උත්පාදක ශක්තිය ඉතා උසස්ය. එනම් පසේ ඉතා පුළුල් ලෙස නිවර්තන ධාන්‍ය වර්ග, මුං ඇට, මෑ ආදිය තෙල් බීජ සහ ප්‍රධාන ආහාරයට අමතර ආහාර සාරවත් අයුරින් වගා කළ හැක.
  • උසස් ආර්ථික අගයකින් යුතු වගාවන් වියළි ඍතුවේදි පවා වගා කළ හැක.
  • ක්වොට්ස් බොරළු තට්ටුව පළතුරු වැවීම සඳහා ඉතා ප්‍රයෝජනවත්ය.
  • නයිට්‍රජන් හා පොස්පේට් පොහොර භාවිතා කොට ඵලෝත්පාදක බීජ පාලනයත් නිරවද්‍ය අස්වැද්දීමත් පාලන පුහුණුවත් තුළින් ඉහළ නිෂ්පාදන ඉසුළුමක් ද ලබා ගත හැක.
  • රතු දුඹුරු පස හා සම්බන්ධ කහ දුඹුරු පස හා දුර්වල ජල වහනතා දියළු පස වී වගාව සඳහා වඩාත් ඵලදායි වේ.
  • නිවැරදි ජල සම්පාදනයක් තුළින් වාර්තා පිහිටුවාලියහැකි තරම් ඵලදාවක් මෙම පසෙලබා ගත හැක.





චූර්නමය නොවන දුඹුරු පස

[සංස්කරණය]
  • මෙය මධ්‍යස්ථ ගැඹුරකින් යුත් මනා ජල වහනයකින් යුතු පසකි.
  • මඩකලපුව,අම්පාර,යන දිස්ත්‍රීක්ක වල රට අභ්‍යන්තරයට වන්නටද භූ දර්ශනයේ හොඳින් ජල වහනය වූ උස් බිම් වලද දක්නට ලැබේ.
  • සතුටුදායක කැටායන හුවමාරු ධාරිතාවයක් සහිතය.
  • වර්ෂා ජලයෙන් හෝ වාරිමාර්ග අනුසාරයෙන් කෙරෙන වී වගාවේදී ප්‍රධාන තැනක් ගනමනා ජල සම්පාදනයක් තුළින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැක.















රතු කහ ලැටසෝල්ස් පස

[සංස්කරණය]
  • තදින් ජීර්නය වූ මෙන්ම ඉතා තද වර්ණයෙන් යුත් පස් මේ ගනයට අයත්ය.
  • මේ පස ඉතා ගැඹුරුය

.*මනා ජල වහනයකින් යුතුය.

  • මෙහි විශේෂත්වයනම් ගැඹුරු B මහලකින් යුක්ත වීමයි.
  • B මහල 75-100 cm විය හැකිය. ‍C හා B යන මහල් 2ම සමාන වයනයක් ඇත.
  • මෙම පස් වර්ගය වර්ග කි.මී.1600 පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇත.
  • පුත්තලම සිට මුලතිව් දක්වා වෙරළබඩ පටියක මෙන්ම යාපනය අර්ධද්වීපයෙහිද මෙම පස දැකිය හැක.
  • පොස්පරස් සහ පොටෑසියම් සැපයුම අතිශයින් කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම අතිශයින් සතුටුදායක වේ.
  • රතු කහ ලැටසෝල්ස් මෙන්ම උප ගනයට අයත් විශිෂ්ට භෞතික සශ්‍රීකත්වයකි.
  • මෙම පස කුඩුවන සුළුය.
  • රතු කහ ලැටසෝලික් දෙහි පවුලට අයත් වෘක්ෂලතා සඳහා ඉස්තරම් පසක් වේ.
  • ආර්ථික වගාවක් වන කඡු වගාව සඳහා ඉතා යෝග්‍ය පසකි.








ග්රැමුසෝල්ස්.

[සංස්කරණය]
  • පොටෑසියම් වැඩි ප්‍රමාණයක් ඇති අතර අතිශය සතුටුදායක කැල්සියම් සහ මැග්නීසියම් සැපයුමක් පවතී.
  • ඵමෙන්ම බෙහෙවින් අධික කැටායන හුවමාරු ධාරිතාවක්ද තිබේ.
  • ඵනිසා රසායනික සශ්‍රීකත්වය අතින් මෙය ඉතා යෝග්‍ය ඵකකි.
  • ඉතා සතුටුදායක ලෙස වී වගා කළ හැකි අතර ඉන වැඩි අස්වැන්නක් ලබා ගත හැක.



අපරිණත දුඹුරු ලොම් පස.

[සංස්කරණය]
  • මෙම පසේ කැල්සියම් හා මැග්නිසියම් සැපයුම සතුටුදායකය.
  • මනා කැටායන හුවමාරු ධාරිතාවක් තිබේ.
  • ඉතා යෞවන පසක් බැවින් ඊට ඇත්තේ යෝග්‍ය රසායනික සශ්‍රීකත්වයකි.
  • මෙහි රතු දුඹුරු පසක ආකාරයටම භෝග වගාව කළ හැක.





‍රෙගොසෝල්ස් පස

[සංස්කරණය]
  • ඵහි ඇති ඡීර්ණය විය හැකි ඛනිජ සමානුපාතය යෝග්‍ය සශ්‍රීකත්වයට නෑකම් කියනු ඇත.
  • මෙම පස භෞතික සශ්‍රීකත්වය අතින් පූර්ණය.
  • තැන්නක හෝ ඉතා සුළු නිම්නෝන්නත භූමි දර්ශනයක ඇති වැලි සහිත රෙගොසෝල්ස් පස කජු වගාවට ඉතා අනර්ඝ වේ.
  • තවද වඩා ඵලදායි පොල් වගාව මෙම පසේ සිදු කරයි.










දියලු පස

[සංස්කරණය]
  • මෙම පස වී වගාව සඳහා ඉතාමත් යෝග්‍ය වන අතර වෙනත් ආහාර ද්‍රව්‍ය වගාවටද යොදාගත හැක.
  • යාපනය දිස්ත්‍රීක්කය මෙහිදී විශේෂ වේ.





















මේ අඩවියත් බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වියළි_කළාපයේ_පස&oldid=568541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි