ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණ
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
අශෝක රජු සමයේ සිට පැමිණ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් නව ජීවයක් ලැබු හෙළ කලා ශිල්ප ඉන් පසුව ලක්දිව රජවු රජ දරුවන්ගේ වීරබාහු තුලින් ඔපවත් වී ගොඩනැගුනි.ඒ අනගි කලා දායාද අද පවා හෙළ කලාකරුවන්ගේ සුවිශේෂ නිපුනත්වය ලොවට හඩගා කියාපාන නි
හඩ සාක්ෂිව පවතින්නේය.
අනුරාධපුර යුගය
[සංස්කරණය]පෙර අපේ රජදරුවන්ගේ නිර්මාණශීලී බවෙහි ස්වර්ණමය යුගය වු අනුරාධපුර යුගය සිරිලක කලා නිර්මාණවල ආරම්භක යුගය යැයි සැලකිය හැක. ලාංකික කලාකරුවාගේ නිර්මාන තුලින් බිහිවු විශිෂ්ට නිර්මාණයක් වන අනුරාධපුර බිසෝ මාලිගයේ සදකඩපහන අදද අපේ සිත් පහන් කරවන මනරම් දසුනකි. කඨෝර ගලක ඉතා සියුම් ලෙස ගැඹුරට කැටයම් කර ඇති අඩ පියුමකි.ඵ් වටා කවාකාර පටිවලින් ලියවැලක්ද, හංස පේලියක්ද නැවත ඵවැනිම විසිතුරැ ලියවැලක්ද ඵකිනෙකා පිටුපස වමේ සිට දුවන ඇත්, අස්, ගව, සිංහ පේලිද අවසානයේ මනරම් ගිනිදැල් මාලාවක්ද දක්නට ලැබෙයි. අනුරාධපුර සමයේ විසු ලක්දිව බුදුසමය වැලදගත් පළමු නරපතියා වන දෙවන පෑතිස් නිරිඳුන්‍ගේ කලා දායාදයක් වන ඉසුරුමුනි පෙම් යුවල අද අපේ කලා ශිල්ප අතර වැදගත් තැනක් ගනී.
කි.පු.4 වන සියවසේ තැනු මෙය ඉසුරුමුනි විහාරයට අයත්ව ඇත.ඉතා වටිනා ගල් කැටයමක් වන මේ පෙම් යුවල ලෝකවාසී කලාකාමීන්‍ගේ ගෞරවයට ලක් වී ඇත.මීට අමතරව අනුරාධපුරයේ විශිෂ්ට කලා නිර්මාණ ලෙස අනුරාධපුර යුගයේ මැද භාගයේ ඉදිවු කුට්ටම් පොකුණ, සමාධි පිලිමය, මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ මුල් තැනක් ගනී. ඉතා අලංකාර චිත්‍ර සමූහයකින් සමන්විත ලොව viii වැනි පුදුමය ලෙස සැලකෙන කාශ්‍යප රජු තැනූ සීගිරිය අපේ හෙළ කලාදායාද වල අපූර්වතම නිර්මාණයකි. අව් වැසි වලින් ආරක්ෂා වන ලෙස ඇද ඇති මෙම චිත්‍ර ඉන්දියාවේ අජන්තා ලෙනෙහි දක්නට ඇති සිතුවම් වලට සමානය
අනුරාධපුර යුගයේ සිතුවම්
[සංස්කරණය]-
අනුරාධපුර බිසෝමාලිගයේ සදකඩපහන
-
අනුරාධපුර බිසෝමාලිගයේ සදකඩපහන
-
ඉසුරැමුණි විහාරය
-
ඉසුරැමුණි පෙමි යුවල
-
ඉසුරැමුණියේ අශ්වහිස සහිත මිනිසා
-
කුටිටම් පොකුණ
-
කුටිටම් පොකුණ
-
නුරාධපුරය සමාධි බුද්ධ ප්‍රතිමාව
-
මිහින්තලේ ආරාධනා ගල
-
මිහින්තලේ කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ
-
සීගිරිය
-
සීගිරිය සංකීර්ණය
පොලොන්නරු යුගය
[සංස්කරණය]මුලු රටට සශ්‍රීකත්වයේ සංකේතයක් බවට පත් කළ,දහසක් වැව් බැදි රජරට පෝෂණය කල පොලොන්නරුව යුගය කලා ලොවට දුන් දායාද ඉමහත්ය.ඵ් අතර පොලොන්නරුවේ විසූ 1 වන පරාක්‍රමබාහු නිරිදුන්ගේ අනුගහය යටතේ ඉදිකල උත්තරාරාමය හෙවත් ගල් විහාරය වැදගත්ම අංගයකි. බුදුන් වහන්සේගේ හිටි පිළිමයක්, හිදි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ලෙස මෙය සමන්විතය. ස්වභාවික කළුගල් පර්වතයක් විශ්මිත බුදුපිළිම තුනක් බවට පත් කිරීමට හෙළ කලාකරුවාගේ රන් දෑත කොතරම් සියුම් ලෙස හසුරැවා ඇත්ද යන්න දැන ගැනීමට අපට තවත් සාක්ෂි අවශ්‍ය නැත.ඵතරම් අපගේ හෙළ කලා දායාද නිර්මාණශීලීය.පොලොන්නරු යුගයේ ඉදිවූ තවත් කලා අංගයක් වන තිවංක පිළිම ගෙයද වැදගත් ස්ථානයක් ගන්නා කලා නිර්මාණයකි.බොකු වහලයකින් යුක්ත මෙය බුදු පිළිම තැන්පත් කිරීමට යොදාගෙන ඇත.මෙය අලංකාර කැටයම් මූර්ති රාශියකින් යුක්තය. සිව හා පාර්වතී ලෝකඩ පිළිමද පොලොන්නරු යුගයේ වැදගත් නිර්මාණ වේ. තවද නිශ්ශංකමල්ල රජුගේ දම්සභා මණ්ඩපය වන නිශ්ශංකලතාණ්ඩපයද,පොලොන්නරු යුගයේ වැදගත් ස්ථානයකි. මෙහි ඇති කුළුණු මත අඩක් පිපුණු නෙළුම් මල්,ලියවැල් ,හා පලාපෙති අලංකාර ලෙස කැටයම් කර ඇත.පොලොන්නරු යුගයේ තවත් නිර්මාණ ලෙස ශිව දේවාලය, ලංකාතිලක විහාරය හැදින්විය හැක. දඹදෙණි යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා කලාශිල්ප අනුරාධපුර පොලොන්නරු කලාශිල්ප වලට වඩා වෙනස් කමක් ගත්තේය. ඊට හේතුව රාජධානි නිතර නිතර මාරැවීම හා හින්දු ආගමික බලපෑමය. පොළොන්නරුව නෙළුම් පොකුණද සුවිශේෂී නිර්මාණයකි.
පොලොන්නරු යුගයේ සිතුවම් සහ නිර්මාණ
[සංස්කරණය]-
ගල්විහාරය සැතපෙන පිළිමය
-
ගල්විහාරය හිට් පිළිමය
-
ගල්විහාරය හිදි පිළිමය
-
තිවංක පිළිමගෙය
-
තිවංක පිළිමගෙය
-
තිවංක පිළිමගෙය
-
නිශ්ශංකලතා මණ්ඩපය
-
නිශ්ශංකලතා මණ්ඩපය
-
නිශ්ශංකලතා මණ්ඩපය
-
පොලොන්නරුව ශිවදේවාලය
-
පොලොන්නරුව ශිවදේවාලය
දඹදෙණි යුගය
[සංස්කරණය]දඹදෙණි යුගයේ කලා නිර්මාණ ලෙස අද ඉතිරිව ඇත්තේ ඉතා සුළු කොටසකි.ඵ්වා අතර තුන්වන විජයබා රජ විසින් තනවන ලද බෙලිගල දළදා මැදුර , රාජ මාලිගය හා විජය සුන්දරාරාමය වැදගත්ය.මේවායේ ඉතා වටිනා මූර්ති කැටයම් හා බුදු පිළිමද ඇත.
දඹදෙණි යුගයේ සිතුවම්
[සංස්කරණය]-
දඹදෙණිය විජය සුන්දරාරාමයේ සිතුවමක්
යාපහුව යුගය
[සංස්කරණය]ගල් කුලක් කපා ඉදිකල දර්ශනීය පියගැටපෙළක් වන යාපහුව පියගැටපෙළත් අභීත ලෙස සිංහලකම කියාපාන යාපහුවේ සිංහයාත් හෙළ කලාකරුවාගේ සුවිශේෂත්වය ලොවට කියාපායි. යාපහුවේ සිංහයා හෙළ කලාශිල්පවල වැදගත් මෙන්ම නිර්මාණශීලී දායාදයකි.
යාපහුව යුගයේ සිතුවම්
[සංස්කරණය]-
යාපහුව පියගැටපෙළ
-
යාපහුව සිංහයා
කුරුණෑගල යුගය
[සංස්කරණය]දෙවන බුවනෙකබාහු රජතුමාගේ පුරවරය වන කුරැණෑගල රාජධානියේ අපට ඉතිරිව ඇති කලා නිර්මාණ ප්‍රමාණය ඉතා කුඩාය. ඵ් අතර තොටගමුවේ විජයබා පිරිවෙන, විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන වැදගත් වේ.මෙම ස්ථාන දෙකෙන් බුවනෙකබා රජකාලයේ තිබූ බුදු පිළිම වර්ග කිහිපයක් හා විශේෂ කලා නිර්මාන කිහිපයක් පමණක් අද අපට ඉතිරිව ඇත. වැසී පැවති විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන 1999 වර්ෂයේදී යලිත් ආරම්භ කර ඇත.
ගම්‍පොළ යුගය
[සංස්කරණය]ගඟසිරිපුරවරය නොහොත් ගම්‍පොළ රාජධානියේ කලා ශිල්ප නව ආරක් ගත් නම්‍යශීලී බවක් ඉසිලුවේය. ලංකාතිලක විහාරය හා ගඩලාදෙනිය විහාරය වැනි සුවිශේෂ විහාර කිහිපයක් ගම්පළ යුගයට අයත්ව ඇත. 1v වන බුවනෙකබාහු රජුගේ අනුගහය යටතේ තැනුණ අතර අද ද අපේ අනන්‍යතාවය කියාපායි. මීට අමතරව හෙළ වඩුවාගේ දෑතින්ම නිමවූ අලංකාර ලී කැටයම් රාශියකින් ගහන ඇම්බැක්කේ දේවාලය අතීත සිංහල වඩුවාගේ අගය අපට පෙන්වා දෙයි. හංස ජෝඩු, ඇත් පොරය , නාටිකාංගනාවන් ආදී ලංකාවේ දුර්ලභ කැටයම් රාශියක් මෙහි දක්නට ඇත.
ගම්‍පොළ යුගයේ සිතුවම්
[සංස්කරණය]-
ලංකාතිලක විහාරය
-
ලංකාතිලක විහාරයේ සිතුවම්
-
ලංකාතිලක විහාරය
-
ගඩලාදෙණිය සිතුවම්
-
ගඩලාදෙණිය විහාරයේ කුලුණක්
-
ඇම්බැක්කේ ලී කැටයමි
-
ඇම්බැක්කේ ලී කැටයමි
-
ඇම්බැක්කේ ලී කැටයමි
කෝට්ටේ යුගය
[සංස්කරණය]ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සෞභාග්‍යමත් යුගයක් වන කෝට්ටේ යුගයේ පාලකයා වුයේ V වන පරාකමබාහු රජතුමාය. නිශ්ශංක අලගක්කෝනාර නැමති සෙන්පතියා විසින් තනන ලද කෝට්ටේ බලකොටුව හා සුනේත්‍රාදේවි පිරිවෙන කලාකෘතීන්ගෙන් පිරී ඇති ස්ථානයන්ය.
මෙසේ ශ්‍රී ලංකාවේ දස දෙසින් පිහිටා ඇති ඉපැරණි කලා දායාද බොහෝය.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- දහම් ලිපි සරණිය, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රකාශනය,2003