වොන් ෆිලිප්ස් (නිමැවුම්කරු)

විකිපීඩියා වෙතින්

වොන් ෆිලිප්ස් (උපත 1954) යනු විකලාංග අනුබද්ධ පිළිබඳ ඇමරිකානු නිමැවුම්කරුවෙනි. ඔහු විසින් නිමැවුනු ෆ්ලෙක්ස්-ෆුට් මාදිලියේ කෘත්‍රිම පාද සහ ගාත්‍රා මෙන්ම,[1] අංගඡේදිතයන් වෙනුවෙන් ඔහුගේ පුණ්‍යමය කටයුතු සඳහා ඔහු ජනප්‍රියය.[2] වයස අවුරුදු 21 ක් වත්ම, දණහිසෙන් පහළ එක් පාදයක් අහිමිවූ අංගඡේදිතයෙක් වූ ෆිලිප්ස්, එකල පැවැති කෘත්‍රිම ගාත්‍රා වල අඩුපාඩුකම් නිසා පෙලඹීමට ලක්වූ, නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාල වෛද්‍ය ශාස්ත්‍රාලයෙහි විකාලාංග අනුබද්ධ-පෙළගැස්වුම් කේන්ද්‍රයෙහි අධ්‍යයනය ඇරමීය. උපාධිය ලැබුමෙන් පසුව, ෆ්ලෙක්ස්-ෆුට් ඉන්කෝපරේටඩ් නම් ස්වීය සමාගම 1984දී ඇරඹීමට පෙර, යූටා විශ්වවිද්‍යාලයෙහි ජෛව-වෛද්‍ය නිර්මාණ ඉංජිනේරුවෙකු ලෙසින්[1] ඔහු සේවය කලේය.

අත්‍යන්තයෙහිදී, කාබන් ග්‍රැෆයිට් වලින් නිමැවුනු හා භාවිතයෙහි යෙදිය හැකි කෘත්‍රිම පාදයක් නිමැවීමට ෆිලිප්ස් සමත් විය. පෙරදී වූ සියළු විකාලාංග අනුබද්ධිතයන්ගෙන් වෙනස් වූ එය,[තහවුරු කර නොමැත] පළඳින්නාගේ පියවර තැබීම තුලින් උකහා ගත් චාලක ශක්තිය, දුන්නක විලසින්, විභව ශක්තිය ලෙසින් ගබඩා තොට, පළඳින්නාට දිවීමට හා පැනීමට ඉඩ සැලසීය. ඔහු විසින් නිර්මාණය කෙරුණු විකලාංග අනුබද්ධ පාදයක් වන ෆ්ලෙක්ස්-ෆුට් චීටා නමැත්ත, ද්විත්ව-අංගඡේදිත සහ පැරාඔලිම්පික් රන්-පදක්කම්ලාභී ඔස්කා පිස්ටෝරියස් විසින් භාවිතා කෙරෙන අතර, පැරාඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් සියයට 90 පමණ දෙනා මෙන්ම ලොව පුරා දහස් ගණනක් ජනයා, මුල් ෆ්ලෙක්ස් -ෆුට් සැලසුමෙහි ප්‍රභේදනයක් භාවිතා කරති.[1] වසර 2000දී ෆිලිප්ස් විසින් ඔසර් සමාගම වෙත ෆ්ලෙක්ස්-ෆුට් විකුණු අතර, එය විසින් කෘත්‍රිම පාදය නිෂ්පාදනය කිරීම සිදු කරගෙන යයි.[2][3] මෙයත් බලන්න ඔසර්#විකලාංග අනුබද්ධය.

ලෝකය වඩා සිටින අංගඡේදිතයන් සඳහා මිල අධික නොවන සහ ශක්තිමත් විකලාංග අනුබද්ධ සැපයීම සඳහා වන ලාභ-සඳහා-නොපවත්වන සංවිධානයක් වන සෙකන්ඩ් වින්ඩ් සංවිධානය 1999දී ඔහු විසින් සංස්ථාපනය කෙරුණු අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් වල, බිම් බෝම්බ වලට ගොදුරුවූවන් සඳහා විකලාංග අනුබද්ධ පාදයක් තැනීම සඳහා කටයුතු සලසමින් සිටියි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ඉන්වෙන්ටර් ඔෆ් ද වීක්, ජනවාරි 2007: වොන් ෆිලිප්ස්". ලෙමෙල්සන්-MIT වැඩසටහන. සම්ප්‍රවේශය 2008-07-02.
  2. 2.0 2.1 2.2 මාර්තා ඩේවිඩ්සන්. "ආටිෆීෂියල් පාට්ස්: වොන් ෆිලිප්ස්". ස්මිත්සෝනියන් ආයතනය. සම්ප්‍රවේශය 2008-07-02.
  3. පොගාෂ්, කැරල් (2008-07-02). "අ පර්සනල් කෝල් ටු අ ප්‍රොස්තටික් ඉන්වෙන්ෂන්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2008/07/02/sports/olympics/02cheetah.html?ref=sports. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-02. 

බාහිර සබැඳි[සංස්කරණය]