Jump to content

වෙස්ට්මිනිස්ටර් මාළිගය

Coordinates: 51°29′57″N 00°07′29″W / 51.49917°N 0.12472°W / 51.49917; -0.12472
විකිපීඩියා වෙතින්
වෙස්ට්මිනිස්ටර් මාළිගය
තේම්ස් නදියට ඔබ්බෙන් සිට එලිසබෙත් කුළුන සහ වෙස්ට්මිනිස්ටර් පාලම සමග වෙස්ට්මිනිස්ටර් මාළිගය දිස්වන අයුරු
Locationවෙස්ට්මිනිස්ටර් නගරය, ලන්ඩනය, එක්සත් රාජධානිය
Coordinates51°29′57″N 00°07′29″W / 51.49917°N 0.12472°W / 51.49917; -0.12472
Area112,476 මී2 (1,210,680 වර්ග අඩි) [1] (අභ්‍යන්තර)
Built1016
Demolished1834 (ගින්නක් නිසා)
Rebuilt1840–70
Architectural styleආලම්බක ගොතික් පුනර්ජීවන
Ownerකිරීටයෙහි අයිතිවාසිකමක් වශයෙන් දෙවන එලිසබෙත් රැජිණ වෙත
නිල නාමයවෙස්ට්මිනිස්ටර් මාළිගය, වෙස්ට්මිනිස්ටර් ඇබේ, සහ ශාන්ත මාගරේට්ගේ දේවස්ථානය
වර්ගයසංස්කෘතික
උපමානයi, ii, iv
නාමෝද්දේශනය1987 (11වන සැසිය)
නිර්දේශ අංකය426
රටඑක්සත් රාජධානිය
ප්‍රදේශයයුරෝපය
දිගුවන්2008
Invalid designation
නිල නාමයපාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල  / වෙස්ට්මිනිස්ටර් මාළිගය
නාමෝද්දේශනය5 පෙබරවාරි 1970
නිර්දේශ අංකය1226284[2]
වෙස්ට්මිනිස්ටර් මාළිගය is located in මධ්‍යම ලන්ඩනය
වෙස්ට්මිනිස්ටර් මාළිගය
මධ්‍යම ලන්ඩනයෙහි වෙස්ට්මිනිස්ටර් මාළිගයෙහි පිහිටුම

වෙස්ට්මිනිස්ටර් මාළිගය යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රී මණ්ඩල දෙක වන, මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි සහ සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි රැස්වීම් පැවැත්වෙන ස්ථානය වෙයි. එහි අධිවාසින් අනුව යමින්, පොදු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල ලෙසින් හැඳින්වෙන මෙම මාළිගය, තේම්ස් නදියෙහි උතුරු ඉවුරෙහි, මධ්‍යම ලන්ඩනයෙහි, වෙස්ට්මිනිස්ටර් නගරයෙහි පිහිටා ඇත.

අසබඩ පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙතින් ව්‍යුත්පන්නව ඇති එහි නම පහත ගොඩනැගිලි දෙකින් එකකට බැඳෙයි: 1834 වසරෙහිදී ගින්නක් නිසා විනාශවූ මධ්‍යතන ගොඩනැගිලි සංකීර්ණයක්වූ පැරණි මාළිගය සහ, දැනට පවතින එය වෙනුවට තැනුනු නව මාළිගය. කිරීටයෙහි අයිතිවාසිකමක් වශයෙන් රජු විසින් මාළිගයෙහි අයිතිවාසිකම දරන අතර, උත්සවාකාර අවස්ථා වලට පමණක් සීමා වෙමින් රාජකීය නිවහනක් වශයෙන් එහි මුල් තත්ත්වය පවත්වා ගනියි. ගොඩනැගිල්ල කළමනාකරණය කරනු ලබන්නේ මන්ත්‍රී මණ්ඩල දෙකම විසින් පත්කෙරුණු කමිටු විසින් වන අතර, ඒවා මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා සහ කතානායක සාමිවරයා වෙත වාර්තා කරති.

පළමු රාජකීය මාළිගය මෙම ස්ථානයෙහි තැනුනේ 11වන සියවසෙහිදී වන අතර, 1512 වසරෙහිදී ගින්නක් නිසා සංකීර්ණයෙහි බොහෝ කොටසක් විනාශ වන තුරු, එංගලන්තයෙහි රජවරුන්ගේ ප්‍රාථමික නිවහන ලෙසින් වෙස්ට්මිනිස්ටර් මාළිගය පැවතිණි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ http://www.restorationandrenewal.parliament.uk/assets/img/Factsheet_Palace_of_Westminster.pdf
  2. ^ Historic England. "Details from listed building database (1226284)". National Heritage List for England. සම්ප්‍රවේශය 9 ජූලි 2015.