වෙස්ට්මිනිස්ටර් මාළිගය
වෙස්ට්මිනිස්ටර් මාළිගය | |
---|---|
තේම්ස් නදියට ඔබ්බෙන් සිට එලිසබෙත් කුළුන සහ වෙස්ට්මිනිස්ටර් පාලම සමග වෙස්ට්මිනිස්ටර් මාළිගය දිස්වන අයුරු | |
පිහිටුම | වෙස්ට්මිනිස්ටර් නගරය, ලන්ඩනය, එක්සත් රාජධානිය |
ඛණ්ඩාංක | 51°29′57″N 00°07′29″W / 51.49917°N 0.12472°Wඛණ්ඩාංක: 51°29′57″N 00°07′29″W / 51.49917°N 0.12472°W |
වර්ග ප්‍රමාණය | 112,476 මී2 (1,210,680 වර්ග අඩි) [1] (අභ්‍යන්තර) |
ගොඩනැගීම | 1016 |
කඩාදැමීම | 1834 (ගින්නක් නිසා) |
යළිගොඩනැගීම | 1840–70 |
ගෘහනිර්මාණ මාදිළිය(න්) | ආලම්බක ගොතික් පුනර්ජීවන |
අයිතිකරු | කිරීටයෙහි අයිතිවාසිකමක් වශයෙන් දෙවන එලිසබෙත් රැජිණ වෙත |
නිල නම: වෙස්ට්මිනිස්ටර් මාළිගය, වෙස්ට්මිනිස්ටර් ඇබේ, සහ ශාන්ත මාගරේට්ගේ දේවස්ථානය | |
වර්ගය | සංස්කෘතික |
නිර්ණායකය | i, ii, iv |
නාමෝද්දේශනය | 1987 (11වන සැසිය) |
ආශ්‍ර අංකය. | 426 |
රට | එක්සත් රාජධානිය |
ප්‍රදේශය | යුරෝපය |
දිගුවන් | 2008 |
ලැයිස්තුගත ගොඩනැගිල්ල – ශ්‍රේණිය I | |
නිල නම: පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල / වෙස්ට්මිනිස්ටර් මාළිගය | |
නමෝද්දේශනය | 5 පෙබරවාරි 1970 |
ආශ්‍ර අංකය. | 1226284[2] |
Lua දෝෂය in Module:Location_map at line 522: Unable to find the specified location map definition: "Module:Location map/data/එක්සත් රාජධානිය මධ්‍යම ලන්ඩනය" does not exist. |
වෙස්ට්මිනිස්ටර් මාළිගය යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රී මණ්ඩල දෙක වන, මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි සහ සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි රැස්වීම් පැවැත්වෙන ස්ථානය වෙයි. එහි අධිවාසින් අනුව යමින්, පොදු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල ලෙසින් හැඳින්වෙන මෙම මාළිගය, තේම්ස් නදියෙහි උතුරු ඉවුරෙහි, මධ්‍යම ලන්ඩනයෙහි, වෙස්ට්මිනිස්ටර් නගරයෙහි පිහිටා ඇත.
අසබඩ පිහිටි වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙතින් ව්‍යුත්පන්නව ඇති එහි නම පහත ගොඩනැගිලි දෙකින් එකකට බැඳෙයි: 1834 වසරෙහිදී ගින්නක් නිසා විනාශවූ මධ්‍යතන ගොඩනැගිලි සංකීර්ණයක්වූ පැරණි මාළිගය සහ, දැනට පවතින එය වෙනුවට තැනුනු නව මාළිගය. කිරීටයෙහි අයිතිවාසිකමක් වශයෙන් රජු විසින් මාළිගයෙහි අයිතිවාසිකම දරන අතර, උත්සවාකාර අවස්ථා වලට පමණක් සීමා වෙමින් රාජකීය නිවහනක් වශයෙන් එහි මුල් තත්ත්වය පවත්වා ගනියි. ගොඩනැගිල්ල කළමනාකරණය කරනු ලබන්නේ මන්ත්‍රී මණ්ඩල දෙකම විසින් පත්කෙරුණු කමිටු විසින් වන අතර, ඒවා මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා සහ කතානායක සාමිවරයා වෙත වාර්තා කරති.
පළමු රාජකීය මාළිගය මෙම ස්ථානයෙහි තැනුනේ 11වන සියවසෙහිදී වන අතර, 1512 වසරෙහිදී ගින්නක් නිසා සංකීර්ණයෙහි බොහෝ කොටසක් විනාශ වන තුරු, එංගලන්තයෙහි රජවරුන්ගේ ප්‍රාථමික නිවහන ලෙසින් වෙස්ට්මිනිස්ටර් මාළිගය පැවතිණි.