වෙනත් ගද්‍ය සාහිත්‍යය
දර්ශන විද්‍යාව, ඉතිහාසය, පුවත්පත් කලාව, නීතිමය හා විද්‍යාත්මක ලේඛන කලාවන් සාහිත්‍ය පෙල ගැස්විය හැක. එම කලාවන් දැන් පවතින පැරණිතම ගද්‍ය සාහිත්‍ය ලෙස හැඳින්විය හැක. නවකතා හා ගද්‍ය කෘතින් 'ප්‍රබන්ධ' ලෙස හඳුන්වන්නේ පෙර කියු සත්‍ය කරුණු සහිත ලේඛන හා පැරණි අප්‍රබන්ධන ලේඛන වලින් එන කෘතින් වෙන් කර දැක්විමටයි.
නුතන විද්‍යාත්මක පරියේෂණ වෙත පොදු ජනයා ලං නොවිමත් එහි සංකිර්ණත්වයත් හේතුවෙන් පසුගිය සියවස් දෙක පුරා සාහිත්‍යයේ විද්‍යාත්මක ස්වභාවය විශාල ලෙස අවම වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාව වර්තමානයේ දක්නට ලැබෙන්නේ පුවත්පත් ලිපි වලය. ඉයුක්ලිඩ්, ඇරිස්ටොට්ල් සහ නිව්ටන් වැනි දාර්ශනිකයන්ගේ විද්‍යාත්මක ගද්‍යයන් තවමත් ඉහල වටිනාකමකින් යුක්ත වුවද ඒවායේ අඩංගු විද්‍යාත්මක දර්ශනයන් යල් පැන ගිය බැවින් ඒවාහි නුතන පිලියමක් දක්නට නොලැබේ. නමුත් එහි තාක්ෂණික ස්වභාවය ඉහල නිසා එම ගද්‍යයන් ශාස්ත්‍රිය හෝ සාහිත්‍යමය කෘතින් ලෙස සැලකිය නොහැක. විද්‍යාවේ ඉතිහාසය හදාරන්නාවු සිසුන් පවා මෙවැනි ග්‍රන්ථ පරිහරණය කරන්නේ කලාතුරකිනි. නමුත් මෙසේ විද්‍යාව පොදු ජනයා අතර ප්‍රචලිත කරන්නා වු පොත් සාහිත්‍යමය කෘති ලෙස හැඳින්වීමට සුදුසු වේ.
දර්ශන විද්‍යාව ද ඉතා ඉහල ශාස්ත්‍රිය හික්මීමකින් යුක්ත වු විෂයයක් බවට පත් වි ඇත. මෙම විෂය හදාරන බොහෝ දෙනා විද්‍යා විෂයෙහි නියැලෙන්නන්ට වඩා මේ පිළිබඳ පසුතැවේ. වර්තමානයේ බොහෝ දාර්ශනික විද්‍යා කරුණු දක්නට ලැබෙන්නේ අධ්‍යාත්මික සඟරා වලය. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඒගස්ටින්, ඩෙස්කකාටෙස් හා නියට්සි වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ඉතිහාසයේදි යම් කතුවරුන් මෙන්ම ආගම ධර්මයට ඉතා ලැදි අය විය. වර්තමානයේදී සයිමන් බැල්ක්බර්න් වැනි දාර්ශනිකයන් විසින් ලියැවුණු ගද්‍යයන් සාහිත්‍යය' ගණයට ඇතුලත් වන්නේ ද යන්න පිළිබඳ වාද විවාද කරන ලදි. නමුත් දර්ශන විද්‍යාවේ තාර්ක ශාස්ත්‍රය වැනි කොටස් ඉහළ තාක්ෂණික ස්වභාවයක් දරන බැවින් එය සාහිත්‍ය ගණයට වඩා ගණිතමය ස්වභාවයක් දරන බවද කරුණු ලෙස දැක්වුණි.
පැරණි ලිඛිත මුලාශ්‍ර බොහොමයක් සාහිත්‍ය ලෙස පෙලගැස්විය හැකි වන අතර එහි ප්‍රදාන ප්‍රභේදයක් ලෙස 'නිර්මාණාත්මක අප්‍රබන්ධ' හැදින්විය හැක. එලෙසම සාහිත්‍යමය පුවත්පත් කලාව වැනි පුවත්පත් ලේඛන කලාවන් ද එහි ප්‍රභේදයක් වේ. කෙසේ වුවද, මෙම ක්ෂේත්‍රයන් ඉතා පුළුල් වන අතර ඒවා ප්‍රාථමික වශයෙන් උපයෝග්‍යවාදී අරමුණු සහිත වේ. එනම්, දත්ත වාර්තා කිරිම, හා නව කරුණු අනාගතයට ගෙන යෑමයි. මේ නිසා ඉහත ක්ෂේත්‍රයන්හි සාහිත්‍යමය තත්වයේ අඩුපාඩුවක් දක්නට ලැබේ. ප්‍රධාන 'සාහිත්‍යමය' ඉතිහාසඥයන් ලෙස හෙරොඩෝටස්, තිසිඩයිඩිස් හා ප්‍රොකෝපියස් හැඳින්විය හැක.
නීති විද්‍යාව මෙතරම් පැහැදිලි අර්ථකථනයක් නොදක්වයි. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ගේ සමහර කෘතින් මෙන්ම බයිබලයේ ආරම්භක කොටස්ද නීතිමය සාහිත්‍යයට අයත් ලෙස හැඳින්විය හැක. බැබිලෝනියාවේ ගම්මුරාබිගේ නීති වගුද මෙහිදි සලකනු ලබයි. බයිසැන්තියානු අධිරාජ්‍යයේ පලමු ජස්ටිවනියන්ගේ සමයේ කෝපස් ජුරිස් සිවිලිස් හි රෝමානු සිවිල් නීතිය වැදගත් සාහිත්‍යයක් ලෙස හඳුන්වා දි ඇත. බොහෝ රටවල මුලික පොත් ද (ව්‍යවස්ථාවන්) සාහිත්‍ය ගණයේ ලා සැලකිය හැක. කෙසේ වෙතත් වත්මන් නීතිමය ලේඛන සාහිත්‍යමය ලක්ෂණ පෙන්වන්නේ කලාතුරකිනි. තරඟ නිර්මාණ (Game Design)පිටපත් කරන තරඟ ක්‍රිඩා කරන්නන් විසින් දක්නට නොලැබේ. මේවා පිළිබඳ දැන ගැනීමට උනන්දුවක් දක්වන්නේ ද ඉතා කුඩා කොට්ඨාසයකි. නමුත් මෙම පිටපත්හි සැඟවුණු සාහිත්‍යමය මාණික්‍යයන්සේ, ඉතා ත්‍රාසජනක සහ අතිශය රසවත් කතා පැවතේ.
මෙම බොහෝ ක්ෂේත්‍ර විශේෂිකරණය හෝ ප්‍රගුණනය හා ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම තවදුරටත් සිදු නොකෙරේ. මේවා වර්තමානයේ ශාස්ත්‍රිය සාහිත්‍යය ගණයේ ලා සැලකේ. බොහෝ විට වර්තමානයේ දි මෙම ගද්‍යයන් තාක්ෂණික සාහිත්‍යය හෝ වෘත්තිමය සාහිත්‍යය ලෙස සැලකේ.
සටහන්
[සංස්කරණය]Other prose literature |