වෘක්කයේ ඍජු ධමනිකා

විකිපීඩියා වෙතින්
වෘක්කාණුවක්, මෙහි වාසා රෙක්ටා යන්න arteriolae rectae ලෙස නම්කොට ඇත.
ආන්ත්‍රික ව්‍යූහය සඳහා, වාසා රෙක්ටා (අන්ත්‍රය) බලන්න

වෘක්කයේ රුධිර සැපයුම තුළ, වෘක්කයේ ඍජු ධමනිකා (හෙවත් වාසා රෙක්ටා රෙනිස්) යනු මජ්ජාවේ ඇති ඍජු රැධිර කේශනාළිකා ශ්‍රේණියකි (ලතින්: වාසා, "වාහිනී"; රෙක්ටා, "ඍජු"). මේවා හෙන්ලේ පුඩුවට සමාන්තරව දිවෙයි.

ජක්ස්ටමජ්ජා වෘක්කාණුවල (මෙම වෘක්කාණු මජ්ජාවට සමීපව පිහිටා ඇත) අපවාහී ධමනිකාවලින් පැනනගින මෙම වාහිනී මජ්ජාවට ඇතුළු වී හෙන්ලේ පුඩුව වටකොට පිහිටයි. මෙම ඍජු ධමනිකා පරිනාලාකාර කේශනාලිකා විශේෂයක් වන අතර, විශේෂයෙන්ම ඒවා හෙන්ලේ පුඩුව වටකොට පිහිටයි.[1]

පටක විද්‍යාව[සංස්කරණය]

පටකවිද්‍යාත්මක කදාවක, රුධිරය පැවතීම මගින් ඍජු ධමනිකා, හෙන්ලේ පුඩුවේ නාලිකාවලින් වෙන්කොට හඳුනාගත හැක.[2]

කෘත්‍යය[සංස්කරණය]

සෑම ඍජු ධමනිකාවක්ම මජ්ජාවේදී වැලමිටි ආකාර හැරීමකට ලක්වන අතර, එමගින් රුධිර ඉතා අඩු ශීඝ්‍රතාවකින් ගලායයි. ඉහත වැදගත් හේතූන් දෙකෙහි බලපෑම මගින් පිළිධාරා හුවමාරුව පවත්වාගැනීමට උපකාර වන අතර, එමගින් වෘක්ක මජ්ජාවේ ස්ථාපිත සාන්ද්‍රණ අනුක්‍රමණය ද පවත්වා ගැනේ.[3]

මෙම සාන්ද්‍රණ අනුක්‍රමණය පවත්වා ගැනීම වෘක්කයේ සාන්ද්‍ර මූත්‍ර නිපදවීමේ හැකියාව සඳහා දායක වන ප්‍රධාන යන්ත්‍රණයකි.

ඍජු ධමනිකාවල අවරෝහණ පෙදෙසේ දී, NaCl සහ යූරියා රුධිරයට ප්‍රතිශෝෂණය කර ගැනේ. එ‍සේම ජලය රුධිරය තුළට ස්‍රාවය‍ වේ. එහි ආරෝහණ පෙදෙසේ දී, NaCl සහ යූරියා අන්තරාලය වෙත ස්‍රාවය වන අතර, ජලය ප්‍රතිශෝෂණය සිදු වේ.

නාමකරණය[සංස්කරණය]

ටර්මිනොලොජියා ඇනටමිකා අනුව "vasa recta renis" යන වදන "arteriolae rectae renis"යන්න සඳහා විකල්ප නාමයක් වන අතර, වෙනත් වදනක් වන venulae rectae renis යන්න එහි ශිරාමය කොටස හැඳින්වීමට භාවිතා වේ.

කෙසේනමුත් සෙසු මූලාශ්‍රවල "vasa recta renis" යන්න එහි ධමනිකාමය මෙන්ම අනුශිරාමය පෙදෙස් සඳහා භාවිතකර ඇත.[4]

මෙහි "රෙනිස්" යන වදන නිතරම භාවිතා කරනු නොලැබුවත්, එම නාමයම ඇති වෙනත් වයූහ ද පවතී:

ව්‍යාධිවේදය[සංස්කරණය]

දෑකැති සෛල රෝගයේ දී රතුරුධිරාණු දෑකැති හැඩැති වීම නිසා ඍජු ධමනිකාවල සෙමෙන් සිදුවන රුධිර ගලනය හේතුවෙන්, අතිකැටිගැසීමේ තත්ත්වයක දී හෝ පටක හානියක දී ත්‍රොම්බෝසික තත්ත්වයන් ඇති විය හැක.[6] එමගින් ඇති වන ඉස්කේමියාව නිසා වෘක්ක පිටිකා විපන්‍යය ඇතිවිය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://faculty.stcc.edu/AandP/AP/AP2pages/Units24to26/urinary/nephron.htm. {{cite web}}: Missing or empty |title= (help)
  2. >වෝඝන්, ඩෙබෝරා (2002). අ ලර්නිං සිස්ටම් ඉන් හිස්ටොලොජි: CD-ROM ඇන්ඩ් ගයිඩ්. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 978-0195151732.
  3. Physiology: 7/7ch08/7ch08p07 සංරක්ෂණය කළ පිටපත 2016-03-24 at the Wayback Machine - එසෙන්ෂල්ස් ඔෆ් හියුමන් ෆිසියොලොජි
  4. වෝඝන්, ඩෙබෝරා (2002). අ ලර්නිං සිස්ටම් ඉන් හිස්ටොලොජි: CD-ROM ඇන්ඩ් ගයිඩ්. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 978-0195151732.
  5. jejunumileum ද ඇනටමි ලෙසන්, වෙස්ලි නෝර්මන් (ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලය) විසිනි
  6. ටර් මාටෙන් ජේ.සී., ස්ටර්නි ඊ.එච්., වැන් එප්ස් ඩබ්.එස්., ටර් වී පී.එම්., ඩොන්කර් ඒ.ජේ., ගෑන්ස් ආර්.ඕ. (March 2000). "ඉෆෙක්ට්ස් ඔෆ් ඉන්සියුලින් ඇන්ඩ් ඒට්‍රියල් නේට්‍රියුරෙටික් පෙප්ටයිඩ් ඔන් රිනල් ටියුබියුලර් සෝඩියම් හැන්ඩ්ලිං ඉන් සික්ල් සෙල් ඩිෂීස්". Am. J. Physiol. Renal Physiol. 278 (3): F499–505. PMID 10710555. {{cite journal}}: Vancouver style error: punctuation in name 1 (help)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Kidney

"https://si.wikipedia.org/w/index.php?title=වෘක්කයේ_ඍජු_ධමනිකා&oldid=593408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි