වී වගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Terrace of paddy fields in Yunnan Province, southern චීනය.
Planting rice in Bangladesh
Paddy fields in southern India.
Rice terraces in Longji, Guangxi, People's Republic of China.
Paddy field prior to planting, in Taiwan


ඉතිහාසය[සංස්කරණය කරන්න]

පුරා විද්‍යාඥයින් සාමාන්‍යයෙන් පිළිගන්නේ තෙත් ක්ෂේත්‍ර වගා මුලින්ම ඇති වූයේ චීනයේ බවයි. නියෝලිතික් මැජියෑබෑන්ක් සංස්කෘතියේ වැඩ බිමක් වූ කැවෝෂිෂෑන්ග් ප්‍රදේශයේ දී පුරා විද්‍යාඥයන් විසින් කුඹුරක් කැනීමකින් මතු කර ගන්නා ලදී. සමහරක් පුරා විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ එම කුඹුරේ ඉතිහාසය 4000-3000 BC තරම් අතීතයකට දිව යන බවයි. නමුත් නියමිත විද්‍යාත්මක දින ගණනය කිරීමේ තාක්ෂණික ක්‍රම මඟින් දින ගණනය සිදු කර ඇති පැරණිතම කැනීමකින් මතු කර ගන්නා ලද සහල් කුඹුර පිහිටා ඇත්තේ කොරියාවේය. යුධමය කටයුතු සඳහා හා චීනයේ නියෝලිතික යුගයේ සිට හැන් රාජ පරම්පරාව දක්වා කාලය තුළ දී රෝගවලින් මිය ගිය අය සමඟ වැළලීම සඳහා වී ගබඩා කර තිබූ බවට පුරා විද්‍යාත්මක සාක්ෂි පවතී.

‍කොරියානු කුඹුරු ආශ්‍රිත වගා කිරීම් පෞරාණික වේ. ඩැචියන් නී වැඩ බිමෙහි ගබඩා නිවසක තිබී කාබනීකෘත සහල් සමූහ අතර රේඩියෝ කාබන් දින ගණනය කිරීම් මඟින් දැක්වූයේ වියළි බිම්වල සහල් වගා කිරීම, මධ්‍යම ජුල්මුන් කුඹල් යුගය (3500-2000 BC) තරම් ඈත කාලවල දී ආරම්භ වී ඇති බවයි. කොරියාවෙහි පෞරාණික කුඹුරු මසාන්හි කියුග්නම් (Kyungnam) විශ්ව විද්‍යාල කෞතුකාගාරය වැනි (KUM) ආයතන මඟින් පොළොවෙන් මතු කර ගෙන ඇත. ඔවුන් විසින් දකුණු ජියොංග්සෑන්ග් පළාතේ මිරියෑන්ක් ප්‍රදේශය අසල ජියුම්චියොංග් වැඩබිමෙහි කුඹුරු කැනීම සිදු කරන ලදී. එම කුඹුර හමුවූයේ මුල් මුමුන් කුඹල් යුගයේ (1100-850BC) පසු භාගයේ තිබුණි යැයි සැලකෙන ගබඩා කාමරයක් අසලිනි. KUM විසින් වර්තමානයේ දී ඉස්ලාම් ලෙස හඳුන්වන යැවුම්ඩොන් හා ඔකියොන් ප්‍රදේශවල සිදු කළ කැනීම්වලින් ද එතරම් පැරණි කුඹුරු හමු වී ඇත. මුල් කාලීන මමන් අංග සාමාන්‍යයෙන් ස්ථානගත වී තිබුණේ දේශීය ජල පද්ධතිවලින් පෝෂණය වූ පහත් පටු අගිලිවලය. තැනිතලා ප්‍රදේශවල ඇති සමහරක් මමන් කුඹුරු ප්‍රදේශ දළ වශයෙන් 10cm පමණ උසින් යුත් බැමිවලින් වෙන්කොට ඇති සමචතුරස්‍ර හා සෘජුකෝණාස්‍ර විශාල ප්‍රමාණයකින් තනා තිබූ අතර තැනිතලා බිම්වල නොමැති කුඹුරු බිමෙහි ස්වාභාවික හැඩයන් අනුගමනය කළ විවිධ විශාල හැඩයන්ගෙන් සමන්විත විය. මමන් යුගයේ සහල් ගොවිතැන්කරුවන් මට්ටම් කිරීම, නියරවල් සෑදීම, ඇළ මාර්ග හා කුඩා ජලාශ වැනි වර්තමානයේ දී කුඹුරුවල භාවිතා කරන බොහොමයක් අංග භාවිතා කරන ලදී. මධ්‍ය මමන් යුගයේ භාවිතා කළ සමහරක් ගොවිතැන් තාක්ෂණික ක්‍රම මැජියොන් නි වැඩ බිමෙහි සොයා ගත් හොඳින් සුරක්ෂිත ලී මෙවලම්වලින් ග්‍රහණය කර ගැනීමට අපට හැකි වේ. කෙසේ නමුත් කුඹුරු ගොවිතැන්කරණය සඳහා යකඩ මෙවලම් 200BC කාලය දක්වා හඳුන්වා දී නොතිබුණි. කුඹුරුවල අවකාශීය පරිමාණය කොරියාවේ රාජධානී ත්‍රිත්වය යුගයේ දී (AD 300/400-668) මෙවලම්වල භාවිතයත් සමඟ වර්ධනය විය.

ජපානයේ ප්‍රථම කුඹුරු මුල් යැයොයි යුග‍ය දක්වා දිව යයි. මුල් කාලීන් යැයොයි නැවත දිනගත කිරීම සිදු කර ඇති අතර එම නිසා එමඟින් දර්ශනය වන්නේ ජපානයෙහි තෙත් බිම් කෘෂිකර්මාන්තය ආරම්භ වී ඇත්තේ‍කොරියානු රාජ්‍යයෙහි එය ආරම්භ වූ කාලයේ දීම බවයි.

පිලිපීනයේ දී සහල් කුඹුරු භාවිතා කිරීම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යයි. එය පිල, ලැගුනා වැනි නම්වලින් පැහැදිලි වේ. ඒවායේ නම් කෙලින්ම කුඹුරුවල සීමා ලකුණු කරන කසල ගොඩවල්වලට සම්බන්ධ වේ.

වියට්නාමයේ තෙත සහල් වගා කිරීම නියෝලිතික හොවා බිම් සංස්කෘතිය දක්වා හා බැක් සොන් සංස්කෘතිය දක්වා දිව යයි.

වී වගා කරන රටවල්[සංස්කරණය කරන්න]

  • දකුණු ආසියාව:ඉන්දියාව,ශ්‍රී ලංකාව,බංගලාදේශය,පකිස්තානය
  • නැගෙනහිර ආසියාව :ජපානය,චීනය,කොරියාව
  • අග්නිදිග ආසියාව:ජාවා,සුමාත්‍රා,තායිවානය,මැලේසියාව,බුරුමය,තායිලන්තය


Pic4.gif



ආසියාවේ ජීවත්වන අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරනගොවිතැන් ක්‍රමයක් ලෙස වී වගාව වැදගත් වෙයි. අධික ජන සංඛ්‍යාවක් වෙසෙනබැවින් බිම් සකස් කිරීමේ සිට අස්වනු නෙලීම දක්වා බොහෝ කටයුතු මිනිස් ශ්‍රමය ‍මගින්සිදුකෙරේ.මෙම තත්ත්වයආසියානුකලාපයේ සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල දක්නට ලැබෙන්නකි. ඒ හැරෙන්නට ජපානය වැනි දියුණු රටවල නවීන තාක්‍ෂණික ක්‍රම ශිල්ප භාවිතා කරනු ලැබේ.

වර්ෂයකට කන්න 2ක් හෝ 3ක් වශයෙන් වී වගා කෙරෙන්නේ වර්ෂාපතන ඍතු අනුව ය. මෙම කෘෂිකාර්මික ක්‍රමයේ මූලික අරමුණ වන්නේ පාරිභෝජනය යි. බොහෝ විට අතිරික්තයක් ඇතොත් පමණක් ඒවා අලෙවි කරයි. වියට්නාමය , තායිලන්තය හා ඉන්දියාව වැනි රටවල ‍මෑත කාලයේ සිට වාණිජ්‍යමය ස්වරූපයෙන් වී වගා කරගෙන යනු ලැබේ.

ලෝකයේ තිරිගු, ඉරිගු වැනි කෘෂි භෝගවලට සාපේක්‍ෂව ඉතාමත් ම කුඩා බිම් කට්ටිවල වී වගාව පවත්කාගෙන යනු ලැබේ. ගොවි බිමක විශාලත්වය සාමාන්‍යයෙන් අක්කර කාලක් පමණ වේ.ආසියාතික රටවල ජනගහණය අධික වීම හේතුවෙන් වැඩි බිම් ප්‍රමාණයක් වී ගොවිතැන සඳහා යෙදවීම දුෂ්කර වී ඇත. එමෙන් ම නූතන තාක්‍ෂණික ලෝකය තුළ තවමත් පැරණි ක්‍රම ශිල්ප සහ සරළ උපකරණ භාවිතයෙන් වී ගොවිතැන කරගෙන යන අවස්ථා ද වේ.

Pic11.jpg P20.jpg Pic10.jpg


See also[සංස්කරණය කරන්න]

Notes[සංස්කරණය කරන්න]


External links[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=වී_වගාව&oldid=341618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි