විහඟනා ආරියසිංහ

විකිපීඩියා වෙතින්
විහඟනා ආරියසිංහ
උපතවිහඟනා ආරියසිංහ
2005 මාර්තු 1
මහනුවර
විපත2023 මාර්තු 30
කුරුණෑගල ශික්ෂණ රෝහල
විපතට හේතුවමොළය මිය යාම
වාසස්ථානයඅඹන්පොල, කුරුණෑගල
ජාතිකත්වයශ්‍රි ලාංකික
ජාතියසිංහල
අධ්‍යාපනයකුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය

විහඟනා ආරියසිංහ, 2023 දී වයස අවුරුදු 17 දී මියගිය ශ්‍රී ලාංකික පාසල් සිසුවියකි. ඇය මහනුවර මලියදේව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ අතර, ඇයගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ත්‍යාගශීලී බව නිසා ප්‍රසිද්ධියට පත් වූවාය. ඇය පාසලේ පිහිනුම් කණ්ඩායමේ සාමාජිකාවක් ද වූවාය. උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි.[1]

ආරියසිංහ 2022 මාර්තු 30 වන දින මිය ගියේ දුර්ලභ පිළිකාවක් සමඟ සටනකින් පසුවය. ඇගේ මරණය ඇගේ පවුලේ අයට, මිතුරන්ට සහ පන්තියේ මිතුරන්ට කම්පනයක් විය. ඇයගේ දේහය මහනුවර කිරිබත්ගොඩ බෞද්ධ සුසාන භූමියේ තැන්පත් කර තිබුණි.

ආරියසිංහගේ අභාවය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට සිතීමට අවස්ථාවක් "Inspiration" ලබා දී ඇත. ඇයගේ කතාව මාධ්‍යවල හුවමාරු වී ඇති අතර, ඇයගේ ධෛර්යය සහ ඇගේ අධිෂ්ඨානය පිළිබඳව ඇය පැසසුමට ලක්ව ඇත. ඇය ලෝකයේ වෙනසක් කළ දීප්තිමත් හා දක්ෂ තරුණියක් ලෙස සිහිපත් කරයි.

විහඟනාගේ මරණය අන් අයට සිතීමට අවස්ථාවක් අයුරු:

  • පිළිකා රෝගයෙන් පෙළෙන අනෙකුත් දරුවන්ට උපකාර කිරීම සඳහා ඇගේ පවුලේ අය ඇයගේ නමින් පදනමක් පිහිටුවා ඇත.
  • ඇයගේ ගෞරවය පිණිස ඇගේ පන්තියේ මිතුරන් මලියදේව බාලිකා විද්‍යාලයේ සමරු උද්‍යානයක් නිර්මාණය කර ඇත.
  • ඇයගේ කතාව තම ජීවිතය උපරිමයෙන් ගත කිරීමට පෙළඹවූ ආකාරය ගැන බොහෝ දෙනෙක් තම කතා බෙදාගෙන ඇත.

විහඟනාගේ ජීවිතයත් මරණයත් සිහිපත් කරන්නේ ඉතා කුඩා කරුණාවෙන් පවා ලෝකයේ වෙනසක් ඇති කළ හැකි බවයි.

අධ්‍යාපනය[සංස්කරණය]

ඇය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබිය.

මරණය[සංස්කරණය]

අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වුණි.

ඒ අනුව මාර්තු 17 වනදා විහඟනාව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව ඇයගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය 2022 මාර්තු 22දා මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්විය.

අවයව දන්දීම[සංස්කරණය]

විහඟනා ඇයගේ ශරීර අවයව කැමැත්තෙන් දන්දී තිබූ අතර ඇයගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු රෝගියකුට බද්ධ කෙරිණි. මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයකි. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේ දී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කර තිබිණි. ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනකුට නීරෝගි ජීවිතයක් ලබා දී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයකි.

උසස්පෙළ ප්‍රතිඵල[සංස්කරණය]

ඇය වානිජ අංශයෙන් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය යන සියලු විෂය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන තිබෙන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබේ. ඇයට හිමිව ඇති ඉසෙඩ් අගය 1.7 වේ.[2]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. විහඟනාගේ උසස්පෙළ ප්‍රතිඵලය මෙන්න (adaderana.lk)
  2. ජිවිත හතකට ජීවිතය දී මෙලොවින් සමුගත් විහඟනා සිසුවියට ‘A’ 3යි (theleader.lk)
"https://si.wikipedia.org/w/index.php?title=විහඟනා_ආරියසිංහ&oldid=582905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි