"මහානායක හිමිවරු" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
162 පේළිය: | 162 පේළිය: | ||
සංඝරාජ විහාරය, අම්බලන්ගොඩ |
සංඝරාජ විහාරය, අම්බලන්ගොඩ |
||
|} |
|} |
||
මෙම ලිපිය තවම සකස්කරමින් පවතී.මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණ දත්ත සහිතව ඔබට මෙය කියවිය හැකිය. |
|||
{{ප්‍රවර්ගකරණය අවැසි පිටු|date=සැප්තැම්බර් 2024}} |
{{ප්‍රවර්ගකරණය අවැසි පිටු|date=සැප්තැම්බර් 2024}} |
08:26, 18 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (2024 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකා වේ ප්‍රධාන නිකායන් 3 ක් පවතී යැයි සාමාන්‍යයෙන් සලකනු ලැබේ.එම නිකායන් තුන නම් ශ්‍යාමෝපාලි මහ නිකාය හෙවත් සියම් මහා නිකාය,ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය හෙවත් අමරපුර මහා සංඝ සභාව,ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය එම නිකායන් වේ.2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය, "ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව "ලෙස එකතු වූ බැවින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ප්‍රධාන නිකායන් 2 ක් පමණක් පවතී යැයි ද සැලකිය හැක.මේ එක් එක් නිකායන්ගේ එක් එක් පාර්ශව සදහා වෙන වෙනම මහානායක,අනුනායක හිමිවරු වැඩසිටිති.
ප්‍රධාන ත්‍රෛනිකායික මහානායක හිමිවරු
නිකාය | මහානායක හිමි |
---|---|
ශ්‍යාමෝපාලි මහා නිකාය-මල්වතු මහා විහාර පාර්ශවය | තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානායක හිමි |
ශ්‍යාමෝපාලි මහා නිකාය-අස්ගිරි මහා විහාර පාර්ශවය | වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤාරතන මහානායක හිමි |
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
(ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව) |
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමි(උත්තරීතර මහානායක ධුරය-වැඩබලන) |
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
(ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව) |
මකුලෑවේ විමල මහානායක හිමි |
ශ්‍යාමෝපාලි මහා නිකාය
සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලි මහා නිකාය තායිලන්තය හෙවත් සියම් ජාතික උපාලි නම් ස්වාමීන් වහන්සේගේ සහ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සඝ පරපුරයි.සියම් මහා නිකායේ ප්‍රධාන පාර්ශව 7 කි.ඒ එක් එක් පාර්ශවය සදහා වෙන වෙනම මහානායක, අනුනායක හිමිවරුන් වැඩ සිටිනු ලබයි.
පාර්ශවය | මහානායක හිමි | අනුනායක හිමි |
---|---|---|
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවය | අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින් වහන්සේ
මල්වතු මහා විහාරය,මහනුවර |
1.පුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ
මල්වතු මහා විහාරය,මහනුවර 2.පුජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමින් වහන්සේ මල්වතු මහා විහාරය,මහනුවර |
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය | අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නායක ස්වාමින් වහන්සේ
අස්ගිරි මහා විහාරය,මහනුවර |
1.පූජ්‍ය වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමින් වහන්සේ
ගෙඩිගේ රජමහා විහාරය,මහනුවර 2.බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධ්‍යාපනපති පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්ස්‍යාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ උඩුගම පන්සල,මහනුවර |
ශ්‍රී ලංකා කළ්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාව | පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අනුනායක ස්වාමින් වහන්සේ
ශ්‍රී සුගතබිම්බාරාම රජමහා විහාර,රණාල |
1.පූජ්‍ය යටියන පඤ්ඤාවාස අනූනායක ස්වාමින් වහන්සේ
ශ්‍රි කළ්යානි වංශිකාරාම,වැල්ලම්පිටිය 2.පූජ්‍ය අලුත්ගම බොගමුවේ සද්ධාරංසි අනූනායක ස්වාමින් වහන්සේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය,අනුරාධපුර |
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාව | අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ
ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරය,පන්නිපිටිය |
මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ
බෝධි රජමහා විහාරය,වාද්දූව |
ස්‍යාමෝපාලි මහ නිකායේ ඌව ස්‍යාම වංශික පාර්ශ්වය | පූජ්‍ය වැටහිරේ සෝරත මහානායක ස්වාමින් වහන්සේ
විවේකාරාමය,කැප්පටිපොල |
පූජ්‍ය ශාස්ත්‍රපති අඹේවෙල වජිරඥාණ ස්වාමින් වහන්සේ
පූර්වාරාමය,කැප්පටිපොල |
රංගිරි දඹුලු රජමහාවිහාර සංඝ සභාව (මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වය) | අතිපූජ්‍ය ඉනාමළුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී ආනන්ද සුමංගලාභිධාන මහානායක ස්වාමින් වහන්සේ
රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය,දඹුල්ල |
ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්දාභිධාන නායක ස්වාමින් වහන්සේ
රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය,දඹුල්ල |
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය | අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නායක ස්වාමින් වහන්සේ
සිත්තම්ගල්ලෙන රජමහා විහාරය,වලස්මුල්ල |
පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමින් වහන්සේ
ඉඩම්ගොඩ පුරාණ රාජමහා විහාරය,කඹුරුපිටිය |
ස්‍යාමෝපාලි මහ නිකායේ වනවාස පාර්ශ්වය | අතිපූජ්‍ය පස්ගොඩ ජිනවංශ මහානායක ස්වාමින් වහන්සේ
එඩේරගල වන සෙනසුන,දඹුල්ල |
පූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන අනුනායක ස්වාමින්වහන්සේ
වනවාස සංඝ මූලස්ථානය,කහදූව |
ශ්‍රී ලංකා අමරපුර–රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව
ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය හෙවත් අමරපුර මහා සංඝ සභාව
අමරපුර නිකාය යනු වර්ශ 1800 දී ආරම්භ කරන ලද ශ්‍රී ලාංකීය පැවිදි නිකායකි. එය එවකට බුරුමයේ කොන්බෝං රාජවංශයේ අගනුවර වූ අමරපුර නගරය මුල්කොට නම් කර ඇත. අමරපුර නිකායේ හිමිවරු ථෙරවාදී බෞද්ධයෝය. 2019 අගෝස්තු 16 වන දින අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ නිකාය බවට පත් කරමින් අමරපුර - රාමඤ්ඤ නිකාය ලෙස ඒකාබද්ධ කරන ලදී.
"උත්තරීතර මහානායක ධුරය" අමරපුර මහා සංඝ සභාව සතු විශේෂ ධුරයකි.
පාර්ශවය | මහානායක හිමි | අනුනායක හිමි |
---|---|---|
සියලු පාර්ශව නියෝජනය කරනු ලබන උත්තරීතර මහානායක ධුරය | කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමි(වැඩබලන) | නොපවතී. |
අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වය | ශ්‍රී සරණපාලවංශාලංකාර ආචාර්ය අතිපූජ්‍ය දෙවිනුවර සිරිසුනන්ද මහානායක ස්වාමීන් වහන්සේ
පරම විචිත්‍රාරාම රාජමහා විහාරය,දෙවිනුවර |
1.අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද අනුනායක ස්වාමින් වහන්සේ
(උන්වහන්සේ මහමෙව්නාව මහා සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක ධුරය ද හොඹවනු ලබයි)
අභයභූමි තපෝවනය,කෑගල්ල |
අමරපුර මූලවංශික පාර්ශ්වය | අතිපූජ්‍ය අහුංගල්ලේ විමලධම්මතිස්ස මහානායක හිමි
අම්බරුක්කාරාම මූල මහා විහාරය,බලපිටිය |
1.පූජ්‍ය යෝගියානේ සෝභිතතිස්ස අනුනායක ස්වාමීන් වහන්සේ
ජයසින්දරාරමය,යෝගියා 2.පූජ්‍ය කළුවාමෝදර සීලරතනතිස්ස අනුනායක හිමි කේෂ්ථාසන්න මහා විහාරය,අලුත්ගම |
අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශවය | අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක හිමි
රංගිරි උල්පත් රජමහා විහාරය, ත්‍රිකුණාමලය |
පූජ්‍ය කොස්ගොඩ සුභූති අනුනායක හිමි
සංඝරාජ විහාරය, අම්බලන්ගොඩ |
මෙම ලිපිය තවම සකස්කරමින් පවතී.මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණ දත්ත සහිතව ඔබට මෙය කියවිය හැකිය.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 සැප්තැම්බර්) |