විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)
Jump to navigation
Jump to search
විශාල මැෂින් තුවක්කුවක් යනු විශාල විෂ්කම්භයක් සහිත ප්‍රබල අවියක්වන නමුත් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කුවක් ආධාරක සහිතව භාවිතයේදී ද ඉහත කී අයුරින් හැඳින්වේ. මෙම සියළු අවි සතුව 1800 තරම් ඈත කාලයක සිට පවතින දීර්ඝ ඉතිහාසයක් සතු වේ. එදා පටන් මෙම අවි විවිධාකාරයේ වෙනස්කම් සහිතව වර්තමානය තුළ ද භාවිතා කෙරේ.
ඉතා පැරණි මැෂින් තුවක්කුවක් සේ සැලකෙන “මැක්සිම්” අවිය ඊට හොඳම උදාහරණයක් වන අතර “තෙපාද” ආධාරකයක් හෝ රෝධ සහිත ආධාරකයක් යොදා ගනිමින් භාවිතයට ගන්නා එය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යය වේ. විශාල කාල තුවක්කුවකට M2 අවිය හොඳම නිදසුනක් වේ. විෂ්කම්භය 13mm සිට 15mm තෙක් නිපදවා ඇති අවි ස්වයංක්‍රීය කාලතුවක්කු වේ.