මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු

විකිපීඩියා වෙතින්
මැරීන් සෙබළු සහ ඔවුන්ගේ M240 G අවි සමග ඔකිනාවා හි හැන්සන් කඳවුරේදී,

මධ්‍යම මැෂින් තුවක්කු [MMG] රයිෆල් විශ්කම්භය සතු සම්පූර්ණ බලයම භාවිතාවන ස්වයංක්‍රීය අවියක්වන අතර කුඩා ස්වයංක්‍රීය අවියකට වඩා ප්‍රහාරයක ශක්තියකින් යුක්තය. එහෙත් මෙම MMG අවිය බයිපොඩ් (bipod) ආධාරකයක් සමග භාවිත කල හැක. සාමාන්‍යයෙන් මෙම අවියක් රාත්තල් 15 ත් 40 ත් අතර බරකින් යුක්තය.

එසේම මෙම කුඩා සහ මධ්‍යම අවි දෙකම “බයිපොඩ්” ආධාරකයක සහාය ලබා ගත හැකි අතර විශාල මැෂින් තුවක්කු බර ආධාරක යොදාගනී. තවද, විශාල අවිය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යවන අතර මධ්‍යම ප්‍රමාණයේ අවිය හැසිරවීමට සොල්දාදුවකු හෝ දෙදෙනෙක් පමණක් සෑහේ. කුඩා ප්‍රමාණයේ අවිය මාරු කළ නොහැකි තුවක්කු කාණූවක් සහිතව නිපදවනු ලබන අතර මධ්‍යම අවිය තරමක් බර තුවක්කු කාණුවකින් යුක්තවන අතර තුවක්කු කාණුව මාරුකළ හැකි ලෙස නිපදවනු ලබයි.


මේවාත් බලන්න[සංස්කරණය]