විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy

විකිපීඩියා වෙතින්

හැදින්වීම[සංස්කරණය]

බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලොව පවතින අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ කිසිදු බෙහෙතක් නොබී ශරීරය නිරෝගීව තබා ගැනීමේ ක්‍රම වේදයන් වන අතර යම් රෝගයක් වැලදී ඇත්නම් ඒවා කෙතරම් බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන්න විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකි අතර මේ එක් ක්‍රමවේදයක් පමණක් වේ.

ලොවට හදුන්වා දෙන ලද්දේ[සංස්කරණය]

කිසිදු ඔෘෂධ වර්ගයක් භාවිතයට නොගෙන විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universal Life Force Energy) උපයෝගී කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර.මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබදව ශ්‍රී ලංකාවේ මුල්වරට හදුන්වා දෙනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ බළලත් නිළධාරියෙකු ලෙසින් සේවය කොට විශ්‍රාම ලබා සිටින එස් ජූඩ් සිල්වා විසිනි.දිනය 1918 ජනවාරි මස 22 වන දින සිට මේ පිළීබදව අධ්‍යයනය කරමින් එය සාර්ථක අන්දමින් පවත්වා මහගු ප්‍රතිපලයන් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මහජනතාව මෙන්ම ලෝකයේ මහජනතාවගේ හිතසුව පිණිස 2020 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා දින ප්‍රශිද්ධීයට පත් කරන ලදී....ලෝකයේ නව සොගැනිඹ් අතර මෙම වෙදකම සොයා ගන්නා ලද පළමුවන විශ්වජිවබල වෛද්‍යවරයාද වේ...

ගුගල් සිතියම එස් ජූඩ් සිල්වා

ශ්‍රී ලංකාවේ මුල්වරට හදුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල නගරයේ පිහිටි කැන්ගන් වතුර බෙදාහරිනු ලබන මධ්‍යස්ථානය වේ.

ආරම්භක දිනය[සංස්කරණය]

මෙම විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universal Life Force Energy) වෙදකම මුලින්ම ආරභ කරන ලද්දේ 2018 ජනවාරි මස 22 වන දිනය.එයට විශෙෂ වූ හේතුවක් විය.

ලොවට ඉදිරිපත් කල දිනය[සංස්කරණය]

සම්පූර්ණයෙන් පරීක්ෂණ සදහා රෝගීන් විශාල සංඛ්‍යාවක් යොදා ගන්නා ලද අතර ඒ ඒ රෝගීන් දින කිහිපයක් වසර තුනක් පරික්ෂණයන්ට භාජනය කරන ලද අතර නිසි අයුරින් මෙම ක්‍රම වෙදයට අවතීර්ණ වු අයවලුන් සම්පූර්ණ සුවය ලබා ගන්නා ලදී ඒ අතර පිලිකා රෝගීන් වකුගඩු ආභාධිත රෝගීන් වසර දහයකට අධීක කාලයක් තම ශරීරයට තමන් විසින්ම ඉන්සියුලීන් එන්නත් කර ගන්නා ලද රෝගීන් දියවැඩියාව සදහා තුවාල උත්සන්න වූ රෝගීන් මෙන්ම ක්ලෙස්ටරෝල් අධික වීම නිසා බයි පාස්ට් ඔපරේෂන් කිරීමට නියමව සිටි රෝගීන්ද විය.ඉන් සාර්තකව ප්‍රතිපලයන් ලබා ගත් පසුව 2020 සැප්තෑම්බර් මස 28 වෙනි දින ලොවට දායාද කරන ලදී

පරීක්ෂණ[සංස්කරණය]

පිලිකා රෝගීන්... දියවැඩියා ..ආතරයිටීස් රෝගීන්..ක්ලෙස්ටරෝල් රෝගීන්.. සීනී මට්ටම ඉහල සහ පහල අයවලුන්.. අධික තරබාරු අයවලුන් ..වකුගඩු අමාරු රෝගීන්.. ගැස්ට්‍රයිට්‍රීස් රෝගීන් ..පීනස ඇති අයවලුන් රුවා රදය.. ඇති රෝගීන් මෙන්ම බෝ වෙන සහ බෝ නොවෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් විය...ඉස්හොරි මෙන්ම කුරුලෑ සදහාද මෙම ක්‍රමය භාවිතා කරමින් සාර්ථක ප්‍රතිපල ලැබීමට හැකිවිය.

හැදින්වීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පළමුවරට හෙලි කරන තවත් සත්‍ය හෙලිදරව්වකි.සොයා ගැනීම ආරක්ෂාවිම අනාගත පරපුර ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමකි.ගස්වැල් සතා සිව්පාවුන්,ගංගා ඇළ දොළ මෙන්ම මනසක් ඇති මිනිසා පවා විශ්වයේ එක් නිර්මාණයක් මෙන්ම ජීවීන්ය.මෙම ජීවීන් අතර පෙනෙන සහ නොපෙනෙන ජීවීන් විශාල වශයෙන් සිටින අතර ඒවා මනස දියුණු යැයි කියාගන්නා මිනිසාට පමණක් පෙනෙන ජීවීන් පවා විශ්වයේ ඇතත් මනසක් තිබූ පලියට එම ජීවීන් සහ වශ්තූන් පෙනෙන්නේ නැත.තම මනස දියුණූ කර ගැනීමට කටයුතු කරනා කවර පුද්ගලයෙක්වේද ඔහුට හෝ ඇයට මෙම සත්‍ය අවභෝධ වෙනු ඇතත් අනෙක් කිසිවෙකුටත් එය අවභෝධකර ගැනීමට අපහසු කරුණක් වනු ඇත.

මෙම වෛද්‍ය ප්‍රතිකාර මෙතෙක් ලෝකයේ තාක්ෂනයෙන් ඉහල විදේශීය ජාතීන් විසින් පරීක්ෂණයන් පවත්වමින් මහජනතාව දැනුවත් කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මේ වන විට ප්‍රායෝගීකව සිදු කරමින් පවති. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ පිළීබද සිතිමට පවා අපහසු වී ඇත්තේ අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ගේ මනසේ සහ සිතුවිලි තුල යම් දුර්වලතාවයක් ඇති බැවින් ඒවා ප්‍රතිකෂේප කිරිමට තරම් හේතුවක් වි ඇති අතර ඒ අනුව දිනෙන් දින බරපතල ලෙසින් රෝගයන්ට ගොදුරක්ව මියයාම දක්නට ලැබීමද කණගාටුදායකය.

රෝග බෝ වෙන ආකාරය[සංස්කරණය]

යම් අයෙකුහට රෝගයක් වැළදීම සිදු වන්නේ ශක්තිය විෂම වු අවශ්තාවන් හිදි අපගේ ප්‍රතිශක්තිකරණ පදිධතියට එය මර්ධනය කරගැනීම අපහසුතාවයන්ට ලක්වූ විටයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී විෂම වූ ශරීරය සම තත්වයට ගෙන යාම සදහා ශරීරයට පමණක් නොව මනසටද ප්‍රතිකාරයක් ලබා දීම සිදුකල යුතුයි.ශරීරයේ ඕනෑම දුර්වලතාවයක් මග හැරීමට මෙම ශක්තීන්ට බලයක් ඇත.මේ පිළීබදව දැනුවත්ව නිවරදිව කටයුතු කරන්නාවු යම් අයෙක් වන්නේද ඔහු හෝ ඇය කිසිදු බෙහෙතක් නොබී සුවය ලැබීමටත් නිරෝගී සිරුරක් හිමි අයෙක් නම් සදාකාලිකව බෙහෙත් නොබොමින් ජිවිතය රැගෙන යාමටත් හැකියාවක් ලැබෙන බැවින් සෑම අයෙකු විසින්ම මේ ප්‍රතිකාර ක්‍රමය පිළීබදව දැනුවත් විය යුතුය.එසේ නොමැතිනම් සත්‍ය අසත්‍යතාවය පිලිබදව සොයා දැනගත යුතුයි.එය වත්මන් සහ අනාගත දරු පරපුරට උරුමකර දිය යුතු අපගේ යුතුකමක් වන්නේය. එලෙසින් කටයුතු නොකරන්නේ නම් කුඩා අවධිදිම බරපතල ලෙසින් රෝගා භාධයන්ට ලක්වීම වැලැක්විය නොහැකි කරුණක් වන්නේය.

විශ්වය විසින් විශ්වයට පැමිණෙන ජීවීන්ට යම් ශක්තියක් ලබා දුන්නද එම ශක්තීන් නිසි අයුරින් පරිහරනය කර නොගනිමින් විනාශකර ගනිමින් හා විශ්වයට නුසුදුසු පරදි කටයුතු කරන්නවු යමෙක් වන්නේද එවන් අයවලුන් විශ්වයේ නීතියට අනුව දඩුවම් ලැබීමට උරුමකම් ලබනු ඇත.එය උස් පහත් බාල මහලු මෙන්ම දුප්පත් පොහොසත් කිසිදු බේදයක් නොලකමින් ලබා දීමටද විශ්වය මැලි වන්නේ නැති බව හොදින්ම මතක තබා ගත යුතුය.(විශ්වයේ නිති දොළහ පිළීබදව මිලග ලිපියෙන් දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමි.)

රෝග වර්ග[සංස්කරණය]

කර්ම රෝගය[සංස්කරණය]

හදිසි අනතුරු[සංස්කරණය]

බෝ වෙන රෝග[සංස්කරණය]

බෝ නොවෙන රෝග[සංස්කරණය]

විශ්වයේ රෝග බෝ වෙන ක්‍රම[සංස්කරණය]

යම් රෝගයක් බෝවීම සදහා කරුණු පහක් බලපානු ඇත.

හිරුඑලිය[සංස්කරණය]

වාතය[සංස්කරණය]

ආහාර[සංස්කරණය]

ජලය[සංස්කරණය]

මනස‍[සංස්කරණය]

යම් අයෙකු මෙන්න මේ කරුණු පහ අපවිත්‍ර කර ගන්නේ නම් ඔහු හෝ ඇය නිතැතින්ම රෝගයකට ගොදුරක් වෙනු ඇත.

විශ්වයේ ජීව බල ශක්තිය යනු කුමක්ද? (What is Universal Life Force Energy.?)[සංස්කරණය]

එය කොටස් දෙකකි.එනම් පෙනෙන නොපෙනෙ සහ දැනෙන නොදැනෙන වශයෙන් වර්ග කිරීමකට ලක්කල හැක.එම කොටස්ද තව තවත් කොටස් වලට බෙදී ඇත.

මෙම විශ්වයේ ඇති වාතය හිරුඑළිය සෑම ජීවයක් ගස් වැල් සතා සිව්පාවුන් ඇල දොළ ගංගා මහ පොළවටද ජීවයක් මෙන්ම යමක් කිරීමේ ශක්තියක් විශ්වය විසින් ලබාදී ඇති අතර එය එක් එක් ජීවින්ට යම් යම් ක්‍රම මගින් ලබා දී ඇත.

උදාහරණයන් වශයෙන් ගතහොත් හිරුඑළිය සහ වාතය විශ්වයේ ජීවින්ට නොපෙනුනද එය ශරීරය ස්පර්ශකරමින් ශරීරයට දැනීමක් ඇති කරයි.ජලය සහ ගස්වැල් සතා සිව්පාවුන් ගත හොත් එම ජීවින් පෙනෙන ජීවින් වර්ගයට අයත්ය.මේ විශ්වයේ ඒ ඒ ජීවීන්ට මෙන්ම මනස උසස් යැයි සම්මත මිනිසාටද පැවරුන යම් කාර්යක් විශ්වය විසින් ලබා දී ඇත.එය අප විසින් අවභෝධ කර ගත යුතුයි.

වාතයට ඇති කාර්ය වාතය විසින් ඉටු කල යුතු අතර හිරුඑළියට ලබාදී ඇති කාර්ය එය ඉටුකල යුතුය.මිනිසාට ලබා දී ඇති කාරිය ඔහු විසින් ඉටුකල යුතුයි.ජලය ගස්වැල් හා සතා සිව්පාවුන් සදහා ලබාදී ඇති රාජකාරින් ඒවා විසින් ඉටුකල යුතුයි.ඒවා තේරුම් ගැනීමේ පහසුව සදහා මෙලෙසින් පෙන්වා දිය හැක.වන ජීවින්ට ලබාදී ඇති කාර්ය ඔවුන් විසින්ද?ගස් වැල් වෙත ලබාදී ඇති කාර්ය ඒවා විසින්ද ඉටුකල යුතුයි.අඹ ගස විසින් අඹ ලබා දිය යුතු අතර පොල් ගස විසින් පොල් ලබා දිය යුතුයි.අනෙක් ශාක වර්ගයන්ද එසේමය.ඇල දොළ ගංගා සහ උල්පත් වලින් ජලය ලබා දිය යුතු අතර ඒවා ජීවීන්ගේ එක් එක් අවශ්‍යතා සදහා යොදාගත හැකි පරිද්දෙන් විශ්වය විසින් නිර්මාණය කර ඇත.එය එසේ නිර්මාණය කර ඇත්තේ මනස දියුණූ යැයි කියා ගන්නා මිනිසාට පමණක් නොව විශ්වයේ පැවැත්ම උදෙසාම පමණක් වන්නේය.

හිරුඑළීය,වාතය,ජලය,පස,ශාක වර්ග,මිනිසා ඇතුලු සියලුම ජීවීන්,පළතුරු,එළවලු මෙම සෑම දෙයකටම විශ්වය විසින් යම් ජීවයක් එක්කොට ඇත්තේ සියලුම ජීවීන්ගේ සහ විශ්වයේ පැවැත්ම උදෙසාය.

හිරුඑළීය[සංස්කරණය]

වාතය:-

ජලය:- විශ්වය ආරම්භයේ පැවති ජලයේ ගුනාංග කිහිපයකින් යුක්තව ඇති අතර ජීවීන්ගේ පැවැත්ම සදහාත් විශ්වයේ පැවැත්ම සදහාත් එම සෑම ගුනාංගයක්ම ඉවහල් වේ

පස:-

ශාක වර්ග:-

මිනිසා ඇතුලු සියලුම ජීවීන්:-

පළතුරු:-

එළවලු:-

මෙම සෑම දෙයකටම විශ්වය විසින් යම් ජීවයක් එක්කොට ඇත්තේ සියලුම ජීවීන්ගේ සහ විශ්වයේ පැවැත්ම උදෙසා

මෙහි සදහන් කර ඇත්තේ විශ්වයේ පැවැත්ම සදහා ලබා දී ඇත් විශ්වයේ ජීව ශක්තීන් කිහිපයක් පමණක් වන අතර මෙහි සදහන් නොකරන ලද .තවත් බොහෝ විශ්වයේ ජීව ශක්තීන් ඇතත් ඔබගේ දැන ගැනීම සදහා මෙලෙසින් සදහන් කරන ලදී.

බෝවෙන සහ බෝ නොවෙන රෝගයන් වැලදීම සදහ බලපාන කරුණූ:-

මිනිස් සිරුරට රෝගයන් වැලදීම සදහා බලපාන කරුණු වන්නේ හිරුඑළිය,වාතය,ආහාර,ජලය අපවිත්‍ර කර ගැනීම මෙන්ම තම මනසින් නිකුත් කරනු ලබන රිනාත්මක තරංගයන්ය. මෙවා විශ්වය විසින් ජීවීන්ගේ පැවැත්ම සදහා ලබාදුන් මහගු දායාදයන් වුවත් ඒවා අපිරිසිදු වන්නේ නම් හෝ අපිරිසිදු කරගන්නේ නම් මෙම මිහිතලයේසිටිනා මනස දියුණූවට පත් මිනිසා පමණක් සතා සිව්පාවුන් මෙන්ම අනෙකුත් ජීවීන්ද රෝගාභාධයන්ට ලක්වෙනු ඇත.

නිරෝගීව ජීවත් වීම සදහා පිළීපැදිය යුතු කරුණු ඇතුලත් ලොවට හදුන්වාදෙනු ලබන වෛද්‍ය ක්‍රමය වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) වේ.

අන්තර්ජාල පිටු සහ වීඩියෝ[සංස්කරණය]

මලික ශිද්ධාන්තයන්[සංස්කරණය]

පළමුවන පාඩම[සංස්කරණය]

යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තමන්ගේ ශරීරයේ ක්‍රීයාකාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය,සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම වන විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) පිළිබද දැනුවත් කරමින් මෙම වෙදකම හදුන්වා දෙන ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර විසි දෙකක් සේවය කොට විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාරී එස් ජූඩ් සිල්වා විසින් සදහන් කර ඇත. කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව ජීවත් වීම සදහා පිළීපැදිය යුතු කරුණු ඇතුලත් ලොවට හදුන්වාදෙනු ලබන වෛද්‍ය ක්‍රමය වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) වේ. මෙම වෙදකම ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් මෙහි පහත සදහන් කරුණු පිළීබදව සාමාන්‍ය වශයෙන් අවභෝධයක් තිබිය යුතු අතර නිරෝගීව සිටීමින් තවත් අයෙකුව දැනුවත් කිරීමට කටයුතු කල යුතුයි .නිරෝගීව සිටීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසිදු බෙහෙතක් නොබී දිවි ගෙවීම වශයෙන් මෙම වෙදකම තුලින් ඉගෙන ගන්නා වූ ඉතා වැදගත්ම පාඩම වෙනු ඇත.

එහිදී ඉගෙන ගත යුතු හා පිළිපැදිය යුතු කරුණු වන්නේ.. 1. රෝගයක් මර්ධනය කර ගැනීමට පළමුව අපගේ ශරීරයේ ඇති එක් එක් අවයවයන් පිළීබදව ඒවායේ ක්‍රීයාකාරිත්වය පිළීබදව දැනගත යුතුයි. 2. ශරීරයට රෝගයන් වැලදීමට හේතුවන කාරනාවන් පිළීබදව අවම වශයෙන් හෝ අවභෝධයක් තිබීම ඉතා වැදගත් කමක් ගනු ඇත. 3.විශ්වයේ තිබෙන සෑම දෙයකම මෙන්ම ගස් වැල් ආදීයේ අති ජීව ගුණය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි. 4. මනස සහ මනසේ ශක්තිය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි. 6. සිතුවිලිවල බලය පිළීබද දැනුම තිබිය යුතුයි. 7.විශ්වයේ නිතිය පිළීබදව දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි. රෝගයන් වැලදීමට සහ නිරෝගීව සිටිමට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළිය.වාතය.ජලය.ආහාර සහ මනස යන කරුණු වුවද මිනිසාගේ ජනගහනය ඉහලයාම නිසාත් කාර්මික වශයෙන් මෙන්ම විද්‍යාත්මකව දියුණුවට පත් වීමේදී පරිසරය විනාශ කිරීම් වැනි විශ්වයට අහිතකර කටයුතු නිසා හිරුඑළිය සහ වාතය අපිරිසිදුව යයි.ඒවා පිරිසිදු කර ගැනීම විශ්වය විසින්ම කරගනු ලබන්නේ මහජනතාව වෙත දරුණු ඝණයේ දඩුවම් ලබා දෙමිනි.වර්තමානයේ ලොවපුරා පැතිරි යන කොරෝනා වෛරසයද ඉන් එකක් පමණක් වන බැව් අවභෝධ කර ගත යුතුය. එය විශ්වයේ එක් දඩුවමක් පමණි.

හිරුඑළිය හා වාතය විශ්වය විසින්ම පිරිසිදු කර ගැනීමෙන් පසු මිනිසාට ඉතිරි වන්නේ ආහාර ජලය සහ තම මනස නිසි අයුරින් ශරීරයට අවශය වෙන පරිදි පවත්වා ගැනීමයි.

1.මිනිස් සිරුර. විශ්වය විසින් මිනිස් සිරුර නිර්මාණය කරනු ලබන්නේ එක් එක් අවයවයන් රාශියක් සහ බිලියන මිලියන ත්‍රිලියන ගණනක් වූ සෛලයන්ගේ එකතුවක් ලෙසිනි.මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් ඇත.එම ප්‍රධාන කොටස් සියල්ලටම තමන් වෙත පැවරුණ රාජකාරියක් ඇති අතර ඒවා කිසිවෙකුටත් වෙනස් කිරීමක් කල නොහැක.වෙනස් කරන්නේ නම් විශ්වය කිසි විටෙකත් ඒ සදහා අනුබලයක් නොදෙනු ඇත. එමෙන්ම විශ්වයට පැමිනෙන අනෙකුත් ජීවීන්ද ඒ ආකාරයෙන්ම වනු ඇත. මෙම විශ්වයට පැමිණී සෑම ආගමික සාස්තෘවරුන් විසින් දේශනා කර ඇත්තේ මෙම විශ්වයේ නීතියයි.එම නිසා තම තමන් අදහන ආගම දහම අනුව කටයුතු කිරීම තුල නිරෝගී පුද්ගලයින් වශයෙන් සිටීම සදහා එම ආගම් තුලින් තම තමන්ට කියා දී ඇත්තේද මෙම විශ්ව නීතියයි. එහෙත් අවාසනාවකට එය වෙනස් කර ගනිමින් සිටින්නේ තම තමන්ගේ වාසි සහගත බව ලබා ගැනීම සදහාය.කෙසේ වෙතත් ඉන් සිදු වන්නේ විශ්ව නීතියට පිටු පෑමයි.එබැවින් තම ආගම දහම නිසි අයුරින් රකින්නාවූ සැම විශ්ව නීතිය දන්නාවු අයවලුන් වශයෙන් සදහන් කල හැක.කිසි වෙකුත් විශ්වයේ නිතියට පටහැනිව කටයුතු කරමින් දිවි ගෙවන්නේ නම් නිරෝගී පුද්ගලයින් වශයෙන් මුලු විශ්වයම ජය ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.මෙම විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකම තුලින් ලෙසින් සලකනු ලබන්නේ එයයි. ආහාර විශ්වයේ නීති අංක එක වනුයේ දිව්‍යමය ඒකීයත්වය The Low of Divine Oneness විශ්වයේ සෑම දෙයක්ම අධ්‍යාත්මික වශයෙන් බැදී ඇති සේම ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම කොටසක්ම එකින් එක අන්තර් සම්භන්ධතාවයෙන් යුක්තව පවති. සෑම ඉන්ද්‍රියක් සදහාම පැවරුන රාජකාරියක් ඇති අතර එය නිසි අයුරින් ඉටුකර ගැනීම එහි අයිතිකරුවා වන තමන් විසින් සහය ලබා දිම ආරක්ෂාකර ගැනීම කල යුත්තේ විශ්ව නීතියට යටත්වය. ආහර ලබා ගැනීම අවශ්‍ය ආහාර ශරීරයට ලබා දීමට ක්‍රම වේදයක් ඇත.එයද අනුගමනය කල යුතුය. අවභෝධ කර ගැනීමේ පහසුව සදහා මෙලෙසින් සදහන් කරන ලදී. රුධිරයේ සාමාන්‍ය PH අගය 7.365 සහ 7.400 අතර අගයක් ගන්නවා. රුධිරයේ අම්ල ගතිය අඩු විය යුතු අතර, ක්ෂාරීය ගතිය සුළු වශයෙන් වැඩි විය යුතුය. එසේම ශරීරය භාෂ්මික අගයක් ගත යුතුයි.අපගේ එදිනෙදා ජීවිතයේදී අපි ආම්ලික ආහාර ගොඩක් ලබා ගන්නවා. මෙය අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, රුධිරයේ ආම්ලික ගතිය වැඩි වෙනවා.එහි ප්‍රතිපලයක් ලෙසින් අප රෝගීන් බවට පත් වෙනවා. උදාහරණයන් ලෙසින් වකුගඩු අක්‍රීය වීම,වකුගඩු වල ගල් ඇති වීම, අස්ථි හා මාංශ පේශි දිරා යෑම, පිළිකා ඇති වීමේ අවදානම, අක්මාවේ ගැටළු ඇති වීම සහ හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වෙනවා. එමෙන්ම ප්‍රත්ශක්තිකරණ පද්ධතිය අක්‍රීයවීම නිසා බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරක් වෙමින් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙනවා.

ජලය මෙම විශ්වය ආරම්භයයේදි සෑම දෙයකටම විශ්වයේ ජීව බලයක් ඇත්තා සේම ජලයටද මහත් වූ කාර්යයක් පැවරී ඇත. එය වාතය හිරුඑළිය මෙන්ම ඉතාමත් වැදගත් රාජකාරියක් ඉටු කිරීම සදහාය.ජීවීන්ගේ පැවැත්ම සදහා අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු කරමින් ලෝකයේ සමබර තාවය රැක ගැනීම සදහා ඇත්තේ සියයට හැත්තෑවක්ම ජලයයි..එමෙන්ම මිනිස් සිරුර තුල සියයට හැත්තෑවක් වන්නේද ජලයයි.කොතෙක් දුරකට විශ්වයේ සමබරතාවය රකින්නේ යම් සේද?එය ආරක්ෂා කරන්නේ යම් සේද මුලු ලොවම ආරක්ෂාකාරීව පවතින්නාක් මෙන් මිනිස් සිරුරේ සමබරතාවය රැක ගැනීම සදහා ජලය ඉමහත් සේවයක් සලසනු ලබයි.එය වෙනස් කර ගනිමින් යම් අයෙක් කටයුතු කරන්නේ නම් විශ්වයේ නිති අංක හය යටතේ වන්දි ගෙවීමේ නීතිය The Low Of Compensation.වන්දි ගෙවීමේ නිතියට යටත් විය යුතුය. මනස ශරීරයේ සෑම කොටසක්ම පාලනයේ වගකීම ඇත්තේ තමන්ගේ මනසටයි.එය නිසි අයුරින් පවත්වා ගැනීම අයිතිකරුගේ වගකීමයි.යම් පුද්ගලයෙක් මව් කුසට පිළීසිද ගන්නා අවශ්තාවටත් පෙර සිට ඔහුගේ ආයු කාලය සහ ඔහුගේ කාර්යය ලියවී ඇතත් විශ්වයට පැමිණී විගස මිනිසුන් අතරින් බොහෝ කොටසක් එය අත්හැර දමමින් වගකීමෙන් නිදහස්ව කටයුතු කරන අතර එවන් අයවලුන්ටද දඩුවම් උරුම වනු ඇත.මිනිසෙක් උපත්තිය ලබන අවශ්ථාවේදී දක්ෂතාවයන් කරපින්නාගෙන මිටි බැදගෙන පැමිණීයද ඒවා විනාශකර ගන්නේද තමන් විසින්ම බැව් සිහිතබා ගත යුතුය. මනසේ වැදගත්ම රාජකාරියක් වන්නේ සිතුවිලි වල බලයයි.මෙම ආහාර ජලය සහ තම මනස යන ප්‍රධානම කරුණු සදහා යම් යම් ජීව බලයන් ලබා දී ඇති අතර මනසට ලබාදී ඇති බලය සිතුවිල්ලයි. මෙම කරුණු පිළීබදව අවභෝධ කර ගැනීමේ පහසුව සදහා ඉතාමත් කෙටියෙන් සදහන් කර ඇතත් කිහිප දෙනෙකුට මෙලෙසින් සදහන් කලද අවභෝධ කර ගැනීම අපහසු වෙනු ඇත.එහෙත් මෙම වෙදකම ඉගෙන ගැනීම සදහා කැමැත්තක් දක්වන සෑම අයෙකුම දීර්ඝ වශයෙන් දැනුවත් කිරීමටත් ඒ හරහා තමන් කිසිදු බෙහෙතක් නොබී නීරෝගී වෙමින් නීරෝගී අනාගත පපුරක් බිහිකර ගැනීමට කටයුතු කිරීම ඔබසතු වගකීමක් බවද සදහන් කරමි. මෙම වෙදකම ඉගෙන ගෙන තම ප්‍රෙද්ශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගැන්වීමට කටයුතු කල හැකි අතර මෙම ස්ථානය ක්ලික් කර විඩියෝ පට තුලින් තවත් විස්තර ලබාගත හැක.

වැඩිදුර කියවීම්[සංස්කරණය]


අසනීපයන් සුවවූ අයවලුන්ගේ වීඩියෝ[සංස්කරණය]

විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy)[සංස්කරණය]

විශ්වය ආරම්භයයේදී ජලයේ තිබූ ජීව ගුණය පිළීබදව මෙහි ප්‍රථමයෙන් සදහන් කරනු ලබන්නනේ සෑම ජීවියෙකුගේම පැවැත්ම සදහා මහත් පිටුවහලක් වෙන බැවින්ය.එය එසේ සදහන් කලද අනෙකුත් සෑම දෙයකම ජීව බලයද ඉතා වැදගත් කමක් ගන්නා බව අමතක නොකල යුතුය මිනිස් සිරුරේ සියයට හැත්තෑවක් හැත්තෑපහක් වෙන ජලය මෙම ගුනාංග සහිත වන්නේ නම් නිරෝගී සිරුරකට හිමිකම් කියමින් දිවි ගෙවීමට හැකියාවක් ඇත.

ජලයේ ඇති ජීව ගුණය (ගුනාංග)[සංස්කරණය]

The 3 properties universe water are as follow.

  • 1) ප්‍රතිඔක්ෂිකාරක ගුණය. ANTIOXIDATION.
  • 2) භාෂ්මිකතාවය. ALKALINITY.
  • 3) ජලයේ අංශු කුඩාවීම.MICRO-CLUSTERING.
  • 4) ක්‍රියාකාරී හයිට්ට්‍රජන්.

ප්‍රයෝජනයන්[සංස්කරණය]

  • ප්‍රතිශකතිකරණ පද්ධතිය(Immune System) සවිබල ගැනවීම.
  • ශරීරයේ නිදහස් ඛණ්ඩක(Free Radicals)මගින් සෛල වලට සිදුවන හානිය වලක්වා ගැනීම
  • ශරීරය ආම්ලිකවීම නැවැත්වීම(Alkalize).
  • ශරීරයේ ඇති කෝටි ප්‍රකොටි ගන්න සෛල වලට අවෂ්‍ය කරනු ලබන ජලය පුමාණය ලබාදීම (Hydriaton).
  • ශරීරයේ ඇති විෂ දව්‍ය ඉවත් කිරිම (Detoxifiction).

ප්‍රධාන කරැණූ[සංස්කරණය]

  • දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  • පිලිකා රොගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  • ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  • පැහැපත් රුවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  • දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල දමා ගනිමින් බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් ගෙන් ආරක්ෂා වීමේ හැකියාව.


ගස්වැල් පළතුරු වල ඇති විශ්වයේ ජීව බළ ශක්තිය:-[සංස්කරණය]

වැටේ මුරුංගා[සංස්කරණය]

මෙම ශාඛය හදුන්වනු ලබන්නේ මිරකල් ත්‍රී යනුවෙනි.එයින් අදහස් කරන්නේ ලොව විශ්මිත ගුණයන් ගෙන් අඩංගු ශාකය ලෙසින්ය.එහෙත් අවාසනාවකට අප මහජනතාව විසින් මෙම ශාකයට හිමි ස්ථානයන් ලබා දී නොමැති වීම මහජනතාව බොහො සෙයින් රෝගීන් විමට බලපාන කරුණක් ව ඇත.බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්‍ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය. තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය. වැටේ මුරුංගා පිළීබදව තවත් විස්තර

පොල්පලා[සංස්කරණය]

රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හර්ද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්. මිට අමතරව පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද, ශරීරයට ප්රතිශක්තිය ලබාදීමේ හැකියාවත්, අක්මා පටල ප්රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා. ගොනුස්සකු, පත්තැයකු දෂ්ඨ කල විට විෂ නසන්නට නිතර භාවිතා කල අත් බෙහෙතකි පොල්පලා කැඳ. ඉතාම රසවත් පානයක් පමණක් නොව කුස පිරෙන ආහාරයක්ද වෙයි. පොල්පලා තම්බා බීමට ලාංකිකයන්ගේ යහපත් ක්‍රියාවකි. මුත්ර අඩස්සිය, මුත්ර දැවිල්ල, මුත්ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්රතිකාර කිරීමේදී සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි.

  • මුත්‍ර අඩස්සිය, මුත්‍රා දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීමට දීම මනා ඔසුවකි.
  • වියළි පොල්පලා මල් හා කොළ ගිණි අඟුරු මතට දමා එම දුම් ආග්‍රාහණය කිරීම ඇදුමට ප්‍රතිකාරයකි.
  • හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි.
  • වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි.
  • පොල්පලා මුත්‍රාකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.

විශ්වයේ ජීව බල සහිත ආහාර[සංස්කරණය]

'දියබත'.[සංස්කරණය]

අවශ්‍ය දෑ :-

  • 1. රාත්‍රියේ මැටි මුට්ටියේ ඉතිරිවන බත්
  • 2. ලියාගත් රතුළුණු අත්ලකින් භාගයක් පමණ
  • 3. පොල් බෑයක කිරි
  • 4. දෙහි බෑයක ඇඹුල්
  • 5. අමුමිරිස් කරල් දෙක තුනක්
  • 6. ලුණු ස්වල්පයක්
  • 7. කිතුල් හකුරු අවශ්‍ය පමණ (අවශ්‍ය නම් පමණි)

රාත්‍රියේ මැටි හට්ටියේ ඉතිරිවන බත් යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා උදෑසන පිම්බි ඉදිමි ජලය සිඳී තිබෙන බත හට්ටියෙන් ඉවත් නොකර එයටම උකු පොල්කිරි එකතු කර සිහින්ව ලියා ගත් රතුළූණු , අමුමිරිස් කරල් දෙක තුනක්, දෙහි යුෂ සහ අවශ්‍ය පමණ ලුණු දමාහොඳින් කලවම් කර දිය බත පිළියෙළ කර ගත යුතුය. පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත. කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත. ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත. දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි. දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි. ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ...

  • 1. විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.)
  • 2. ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ. නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත. පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.

  • 1. කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • 2. අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • 3. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
  • 4. ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)

සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන

  • 1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
  • 2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි.
  • 3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
  • 4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
  • 5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
  • 6. කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • 7. අධි ලවණ සංයුතියමානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • 8. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
  • 9. ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
  • 10. ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
  • 11. විටමින් සී වල (ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ )
  • 12. විටමින් බී සපයා රුධිරය පෝෂණය
  • 13. දියවැඩියා කෙරෙහි ගුණදායකය

මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.

  • සටහන :- සුජානි රත්නමාලි