විශ්වයෙහි වයස

විකිපීඩියා වෙතින්

භෞතික විශ්ව න්‍යාය විද්‍යාවෙහි, විශ්වයෙහි වයස යනු, මහා පිපිරුම සිද්ධියෙන් පසුව ගතව ඇති කාලය වෙයි. විශ්වයෙහි වයස සඳහා තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රභින්න ලෙසින් වෙනස් මිනුම් දෙකක් ව්‍යුත්පන්න කර ඇත:[1] විශ්වයෙහි මුල් තත්ත්වයක් පිළිබඳ සෘජු නිරික්ෂණ මත පදනම්වූ මිනුමක් විසින් විශ්වයෙහි වයස අවුරුදු 13.787±0.020 බිලියන බව දක්වන අතර 2021 වසර වන විට ලැම්ඩා-CDM සුසංගතතා ආකෘතිය වෙතින් අර්ථකථනය කර දෙන ලදි;[2] මේ අතර ස්ථානීය, නූතන විශ්වය පිළිබඳ නිරික්ෂණ මත පදනම්වූ මිනුම් විසින් අඩු වයසැති බවක් පෙන්නුම් කරයි.[3][4][5] වයස සඳහා සමසම අගයයන් ගෙනදුන් අධ්‍යයන කිහිපයක් ඔස්සේ පළමුවන මිනුමෙහි අනියතතාව 20 මිලියන වසර ගණනක් දක්වා පටු කර ගැනීමට සමත්වී තිබේ. මෙම අධ්‍යයන අතර ප්ලෑන්ක් අභ්‍යවකාශ යානය, විල්කින්සන් ක්ෂුද්‍රතරංග අසමවර්තතාව ඒෂණිය සහ අනෙකුත් අභ්‍යාවකාශ ඒෂණි මගින් සිදු කල ක්ෂුද්‍රතරංග පසුතල විකිරණ පර්යේෂණ වෙති. අන්තරීක්ෂ පසුතල විකිරණය පිළිබඳ මිනුම් සිදුකිරීමෙන් මහා පිපිරුමෙන් පසුව විශ්වයෙහි සිසිලන කාලය සොයාගත හැකි අතර,[6] විශ්වයෙහි ප්‍රසාරණ වේගය පිළිබඳ මිනුම් කිරීමෙන් කාලයෙහි පසුපසට බහිරාවේෂණය කිරීමෙන් එහි දළ වයස ගණනය කල හැක. මෙම ඇස්තමේන්තුවෙහි පරාසය, විශ්වයෙහි නිරික්ෂිත පැරණිතම තරුව සඳහා ඇස්තමේන්තුවෙහි පරාසය තුලම පිහිටයි.

ඉතිහාසය[සංස්කරණය]

පෘථිවියෙහි වයස, වසර බිලියන ගණනක් නොවේ නම්, වසර මිලියන ගණනක් බවට සංකල්පයක් 18වන සියවසෙහිදී ඉස්මතු වීමට පටන් ගති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ෆ්‍රොම් ඇන් ඕල්මෝස්ට් පර්ෆෙක්ට් යුනිවර්ස් ටු ද බෙස්ට් ඔෆ් බෝත් වර්ල්ඩ්ස්". යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය. 17 ජූලි 2018. last paragraphs. https://sci.esa.int/s/wRe24lA. 
  2. ප්ලෑන්ක් කොලැබරේෂන් (2020). "ප්ලෑන්ක් 2018 රිසල්ට්ස්. VI. කොස්මොලොජිකල් පැරාමීටර්ස්". ඇස්ට්‍රෙනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්. 641. පිටුව A6 (බලන්න PDF පිටුව 15, වගුව 2: "Age/Gyr", අවසාන තීරුව). arXiv:1807.06209. Bibcode:2020A&A...641A...6P. doi:10.1051/0004-6361/201833910. S2CID 119335614.
  3. රීස්, ඇඩම් ජී.; කැසර්ටානෝ, ස්ටෙෆානෝ; යුවං, වෙන්ලෝං; මාක්රි, ලූකස්; බූස්සියාරේලි, බියට්‍රිස්; ප=ලට්ටන්සි, මාරියෝ ජී.; et al. (2018-07-12). "මිල්කි වේ සෙෆියෙඩ් ස්ටෑන්ඩර්ඩ්ස් ෆො මෙෂරිං කොස්මික් ඩිස්ටන්සස් ඇන්ඩ් ඇප්ලිකේෂන් ටු ගයියා DR2: ඉම්ප්ලිකේෂන්ස් ෆො ද හබ්ල් කොන්ස්ටන්ට්". දි ඇස්ට්‍රොෆිසිකල් ජර්නල්. 861 (2): 126. arXiv:1804.10655. Bibcode:2018ApJ...861..126R. doi:10.3847/1538-4357/aac82e. ISSN 1538-4357. S2CID 55643027.
  4. ඊඑස්ඒ/ප්ලෑන්ක් කොලැබරේෂන් (17 ජූලි 2018). "මෙෂර්මන්ට්ස් ඔෆ් ද හබ්ල් කොන්ස්ටන්ට්". sci.esa.int. යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය. 6 ඔක්තොම්බර් 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. ෆ්‍රීඩ්මන්, වෙන්ඩි එල්.; මැඩෝ, බැරී එෆ්.; හැට්, ඩයිලාන්; හෝයිට්, ටේලර් ජේ.; ජැං, ඉං-සං; බීට්න්, රේචල් එල්.; et al. (2019-08-29). "ද කානෙගී-චිකාගෝ හබල් ප්‍රෝග්‍රම්. VIII. ඇන් ඉන්ඩිපෙන්ඩන්ට් ඩිටර්මිනේෂන් ඔෆ් ද හබ්ල් කොන්ස්ටන්ට් බේස්ඩ් ඔන් ද ටිප් ඔෆ් ද රෙඩ් ජයන්ට් බ්‍රාන්ච්". දි ඇස්ට්‍රොෆිසිකල් ජර්නල්. 882 (1): 34. arXiv:1907.05922. Bibcode:2019ApJ...882...34F. doi:10.3847/1538-4357/ab2f73. ISSN 1538-4357. S2CID 196623652.
  6. බෙනට්, සී.එල්.; et al. (2013). "නයින්-ඉයර් විල්කින්සන් මයික්‍රොවේව් ඇනිසොට්‍රොපි ප්‍රෝබ් (ඩබ්එම්ඒපී) ඔබ්සර්වේෂන්ස්: ෆයිනල් මැප්ස් ඇන්ඩ් රිසල්ට්ස්". දි ඇස්ට්‍රොෆිසිකල් ජර්නල් සප්ලිමන්ට් සීරීස්. 208 (2): 20. arXiv:1212.5225. Bibcode:2013ApJS..208...20B. doi:10.1088/0067-0049/208/2/20. S2CID 119271232.
"https://si.wikipedia.org/w/index.php?title=විශ්වයෙහි_වයස&oldid=620631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි