විවිධ වර්ගයේ ඇස් නිසා බිහි වූ "නාම පද" (nouns) සහ "නාම විශේෂණ"

විකිපීඩියා වෙතින්


විවිධ වර්ගයේ ඇස් නිසා බිහි වූ "නාම පද" (nouns) සහ "නාම විශේෂණ" (adjectives)[සංස්කරණය]


ඇති ඇස් සංඛ්‍යාව මත පදනම් වෙන නම්[සංස්කරණය]


එක ඇහැක් ඇත්තා / One-eyed one (කපුටා, එකැස් කණා)[සංස්කරණය]

ඒකාක්ෂියා (නාම පදය) 1. one-eyed person, කණා; 2. the crow, කපුටා.

කුවේර ද ඒකාක්ෂි නමින් හඳුන්වන බවට සටහනක් දුටුවත් එය පිළිගත හැකි මූලාශ්‍රයකින් තහවුරු කර ගන්න බැරි වුනා.


සටහන: "එකනෙත" කියලා බුදුන් හැඳින්වීමට යොදලා නොතිබුනත් "ලෝකයට අසහාය ඇසක්" බඳු කියලා බුදුන්ට උපමා සවරූපයෙන් යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් බුදුන්ට යොදන්නේ "පසැස්" (ඇස් පහක් ඇත්තා) හෝ "තිලෝ නෙත" (තිලොවට ඇසක් බඳු) කියලා වුනත්, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කාව්‍යශේඛරයේ පළමුවන සගේ 72 කවියේ "එක නෙත" කියන යෙදුම බුදුන්ට යොදලා තියෙනවා අර්ථයෙන්. "[දියටෙක නෙතක් බඳු] - ඇවත්නි අප සුගතිඳු - මුහුදෙව් ගැඹුරු රුදු - නැණින් බබළනසේක පිරිසුදු" - අර්ථය: ආයුෂ්මත්නි (ඇවත්නි), ලෝකයට (දියට - සමහරු මෙය ජගත් ත්‍රවයට හෙවත් තුන් ලෝකයට කියලා අර්ථ කථනය කළත් වචනාර්ථයෙන් ගත්තහම 'ලෝකයට' වෙන්න ඕනේ)  අසහාය නේත්‍රයක් බඳු වු (එක නෙතක් බඳු),  අපගේ සුගතේන්ද්‍රයන් තෙම (අප සුගතිඳු), සමුද්‍රය මෙන් (මුහුදෙව්, මුහුද+එව්) ගම්භීර වු (ගැඹුරු), මහත් වූ (රුදු වූ මහා මුහුද), පිරිසුදු ඥානයෙන් (නැණින්), බබළන සේක. ඒ වගේම සුනිල් ආරියරත්න ලියූ "කවදා පායන්ද" ගීතයේ "කවදා එත්ද අපගේ එක් නෙතාණෝ" කියලා ලංකාවට බේරාගන්න උපදින දියසේන වැනි නායකයකුට යොදනවා. මෙහි ක්‍රියා කාරක පද සම්බන්ධය හෙවත් අන්වය වෙන්නේ "අපගේ එක් නෙතාණෝ කවදා එත්ද?" කියලා. අර්ථය අපගේ (සම්බන්ධ විභක්තියේ අයිතිය හඟවන නාම පදය - "නෙතාණෝ" යන්නට නාම විශේෂණයක් ලෙස) එක්‌ (නාම විශේෂණය - තනි, කේවල, අද්විතීය, අසහාය - අර්ථ හරිස්චන්ද්‍ර විජයතුංග ගේ ගුණසේන මහා ශබ්දකෝෂයෙන්) නෙතාණෝ (ගෞරවාර්ථයේ නාම පදය / උක්තය) කවදා (කාලාර්ථයේ නිපාතයක්) එති ද? (බහුවචන ආඛ්‍යාතය / ප්‍රශ්නාර්ථයේ)."නේතෘ" කියන පදය නායකයාට යෙදෙන බව මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය, වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ සහ Glossary of Molecular Biology Terms කියන තුනේම තියෙනවා. නමුත් නේතෘ කියන එකට ශබ්දකෝෂ දෙන එකම අරුත නායකයා කියන එක විතරයි. වෙනත් විදියකට කිව්වොත් නේතෘ කියන වචනේ ඇසට යෙදෙන්නේ නැහැ (උදා: ගුණසේන මහා ශබ්දකෝෂය - නේතෘ -නාම ප්‍රකෘතිය- 1. මෙහෙයවන්නා, නායකයා 2. ඇත් රළක ප්‍රධාන ඇතා 3. නායක වෘෂභයා / මධුර කුලතුංග ශබ්දකෝෂය නේතෘ - leader). මේ කිට්ටුවෙන් යන තවත් වචනයක් තමයි නේතා (නාම පදය) නාථයා කියන පදයෙන් බිඳෙන, master, owner, ස්වාමියා කියන අරුත් දෙන පදය (චාල්ස් කාටර් ශබ්දකෝෂය). එහෙම නම් "එක් නේතාණෝ" මිස "එක් නෙතාණෝ" වෙන්න බැහැ.ගුණසේන මහා ශබ්ද කෝෂයේ හරිස්චන්ද්‍ර විජයතුංග "නෙත්" අර්ථකථනය කරලා තියෙන්නේ "නෙත් (නාම ප්‍රකෘතිය) 1. ඇස, නේත්‍රය 2. නායකයා, නෙතෘවරයා" කියලා. මේ අනුව නෙත කියන එක නායකයාට නාථයා කියන අරුතින් යොදන්න පුළුවන් කියලා වැටහුනා. සුනිල් ආරියරත්න අනුව ඔහු යෙදුවේ "අපගේ එකම නෙත" කියන අරුතින් වුනත් මේ අනුව බලන කොට "එක් නෙතාණෝ" කියන එකට "එකම නායකයාණෝ" කියන එක වඩා ගැළපෙනවා. මේ අරුත් දෙකෙන් මොකෙන් ගත්තත් දෙකම  භාශාත්මකව හරි කියලයි මට හිතෙන්නේ.

ඇස් තුනක් ඇත්තා / Three-eyed one (ශිව සහ පොල්ගස)[සංස්කරණය]

ත්‍රි·නයන (නාම පදය) Three-eyed one, Siva, who has an additional eye in his forehead

ත්‍රි·නාඩිකා  (නාම පදය) 1. ත්‍රි ·නේත්‍ර·කාන්තාව, wife of the Three-eyed one, Siva's wife පාර්වතී.

ත්‍ර‍‍යක්‍ෂ (නාම පදය) ත්‍රි අක්‍ෂ, three eyed, coconut tree, පොල්ගහ.

තුන් නෙත්, තුන් ඇස්, තිනෙත්, තෙනෙත්, තුන් නුවන්, තුන් නෙත්, ත්‍රිනයන, ඊශ්වර

තුන් ඇස් කල්, තුන් නෙත් කල්, ඊශ්වර දෙවියන්ගේ පතිනිය උමාව


පෙර යෙදුම් උදාහරණ:

1. සැවුල් සන්දේශය - 45 – “සකත සවත විකුමැති මෙ රජුගෙ සොබන - දිගත පැතිරැ යන තෙද යුගත නල මෙන - [තිනෙත] සද වලා පෙළයැයි සලකමින (මෙහෙසුරා, මහ ඊශ්වරයා) - මොහොත රඟා වෙහෙසිණි අවසර නොදැන - “මහ ඉසුරා සිරිත පරිදි නටන්නේ සැදෑවේ යි. රජු ගේ තෙද සැඳෑ වලා පෙළ යැයි සැලැ කු මෙහෙසුරා සැඳෑ කල් එන්නේ යැයි සිතා එ බලා බලා නටන්නට පටන් ගත්තාම සැඳෑ වලා සේ එ තෙද අවසන් නො වන හෙයින් මෙහෙසුරාට එයින් සැඳෑව ගණන් ගෙනැ නටා එ නැටුම අවසන් කරන්නට අවසරයෙක් නො ලැබේ. එ යි න් හේ නැටීමෙන් මැ වෙහෙසට පත් වෙයි.”

2. කව් මුතු හර - සද්ධර්මාලංකාරයේ කඤචන දේවි කථා වස්තුව - ධර්මා නන්ද හිමි - 25 - “අනත සුකැත් විප් වෙස් ඈ සි‍ටි සිරිවන් කුමරි ‍‍සොඳුරු - [තිනෙත පියඹ] දුනු සිරින් පැලඳ බරණ නෙරන් වතුරු - සුගත පුදට තිලො අගපත් නේ පුදවන් අතින් සුඳැරු - නුමුත බැතින් අමත පතා පුද කෙරෙමින් තුටු ලෙන්පිරු” -  අන්වය: නෙරන් බරණ වතුරු පැළඳ [තිනෙත් පියඹ] දිනු සිරින් සිටි අනත් සුකැන් විප් වෙස් ඈ සිරිවන් සොඳුරු කුමරි, තිලොඅගපත් සුගත පුදට අතින් සුදැරු නේ පුදවන් ලෙන් පිරු තුටු නුමුත බැතින් අමත පතා පුද කෙරෙමින්… - අර්ථය: නොයෙකුත් රත්රන් ආභරණ හ වස්ත්රග පැළඳ [ඊශ්වරයාගේ ප්‍රියාව - උමාව] ජය ගන්නා ආකාරයෙන්වු බොහෝ රජ, බමුණු, වෛශ්‍ය ආදී කුලවල ශ්‍රියා කාන්තාව වැනි කුමරියන් තුන් ලොවට අග පැමිණි බුදුන්ට පූජා කිරීමට අතින් ගත් නොයෙක් පුජා වස්තූන් හද පිරි සතුටින් හා අඩු නො වු භක්තියෙන් යුක්තව නිවන් පතා පූජා කොට…

3. සිය බස් මල් දම - කිරම ධම්මානන්ද හිමි - 26 - “සතත සකත තලත [තිනෙත] බඹ කත සිරි කත කිවි ගුරු

සවත වතත අනත තරිදු [දිය නෙත්] බුද රුදුරු මිතුරු” - අන්වය: සතත, සකත, තලත, [තිනෙත], බඹ කත, සිරි කත, කිවි ගුරු, සවත, වතත, අනත, තරිඳු, [දිය නෙත්], බුද, රුදුරු මිතුරු, දියත පසිඳු අනත නැණැති තෙද බල දැරූ සමත මෙ මුරු, විතත යස ඇති එපුර ඉසුරු වනත සමති, වෙන කො සුරුද? - අර්ථය: බ්‍රහ්මයා, විෂ්ණු, බලභද්‍ර, [ඊෂ්වර], සරස්වතී, ශ්‍රී කාන්තා, සිකුරු, බ්‍රසහ්පතී, ස්කන්ධ, ගණ දෙවි, අනන්ත නා රාජ, චන්ද්රුයා, [සූර්යයා], බුදහු, වෛශ්‍රවණ, යන ලොව පුරා ප්‍රසිද්ධ අනන්ත ඥානයෙන් යුතු , තේජස් හා බල දැරූ, දක්ෂ මේ දේව සමූහයා, මහත් කීර්තියෙන් යුතු ඒ නගරය වර්ණනා කිරීමෙහි සමත් වෙති. ඒ හැර වෙන කවුරු ඒ සඳහා සමත් වෙත් ද? - විස්තර:   සතත; බ්‍රහ්මයා, සතක් හෙවත් කූඩයක් අතෙහි ඇති හෙයින් (සත්+අත) සතත ය යි බ්‍රහ්මයාට යෙදේ. සකත: විෂ්ණු, සකක් හෙවත් හක් ගෙඩියක් අතෙහි ඇති හෙයින් (සක්+අත) මේ විෂ්ණුට යෙදෙන නමකි. තලත;  භලභද්‍ර, තල් අත්තක් ඔහුගේ අතෙහි ඇත. [තිනෙත: ඊශ්වරයා. ඊශ්වරයාට ඇස් තුනෙකි. එකක් නළලහි ය.] බඹ කත: සරසවි. සරස්වතිය බ්‍රහ්මයාගේ බිරිය ය යි සැලකේ. සිරි කත: ලක්ෂ්මී, විෂ්ණුගේ භාර්යාවයි. කිවි: සිකුරු, දෙවියන්ගේ ගුරුවරයා ය. ගුරු: බ්‍රහස්පතී, මේ අසුරයන්ගේ ගුරුවරයා ය. සවත:          කඳ කුමරු. මොහුට මුණු සයක් ඇත්තේ ලු. වතත: ගණ දෙවි. වතෙහි අතක් ඇති හෙයිනි. ගණ දෙවිට ඇත්තේ ඇත් හිසෙකි. එහි සොඬවැල අත ය. අනත: අනන්ත නා රජ, මොහුට පෙණ දහසකි. මුව දහසකි. [දියනෙත: සූර්යයා. ලොවට ආලෝකය දෙන තැනැත්තා ය.] රුදුරු මිතුරු: වෛශ්‍රවණ. මේ යක්ෂයින්ගේ නායකයා වේ.

5. මේඝ දූතය - “තිනෙත් දෙවිය‍ාගේ” / “‘හිමි ගෙලේ පැහැසේ’ ම නු’යි තිනෙත්”

6. සියබස් ලකර - 274. “සිසි, හිරු, මරු, දෙරණ, අග, තෙ, ගුවන්, හුනන්, යුත් ත-මේ විලසික්මැ තෙනෙත, කරතැස් සමු කවරමෝ?” - පෙළ ගැසුම: [තෙනෙත]; සිසි, හිරු, මරු, දෙරණ, අග, තො, ගුවන් හුනන් යුත්, ත මේ විලස් ඉක්මැ (තා) ඇස්සමු කරන් කවරමෝ? - ‍තේරුම: [මෙහෙසුරාණෙනි] හඳ යැ හිරු යැ, හුළඟ යැ, පොළොව යැ; ගින්න යැ, දිය යැ; අහස යැ, යාග හෝම යෙන් යුත්තා යැ (යාග කරුවා) යන ඔබ ගේ මේ හැඩ නිල ඉක්මවා ඔබ බලත් හොත් අපි කවරමෝ ද?

පැහැදුම - මේ පැදියේ යට ගියාව සැඳැහෙන ගීය ද සිය බස් ලකර කරුවන් නොසිහි කළ සැටි නොමැනැවි. කන් දෙන්නැ එයට.

ඇස් පහක් ඇත්තා / Five-eyed one (බුදුන්)[සංස්කරණය]

පසැස්, පස් ඇස්, පංචාක්‍ෂිය, පස්නෙත (නාම පදය) the five eyed one, Buddha as having five kinds of eyes: bodily eyes, a divine eye, an eye of wisdom, a Buddha's eye or knowledge of Nirvāna, and a universal eye

පෙර යෙදුම් උදාහරණ: (බොහෝ යෙදුම් නාම විශේෂණයක් ලෙස යෙදී ඇති බව පෙනේ)

1. පන්සීය පනස් ජාතක පොත - 324 - "රථලට්ඨි ජාතකය" - “දිවැස පැණැස (නුවණැස) මනැස යනාදීන් [පඤ්චනේත්‍රයන්] (ඇස් පහක්) ඇති හෙයින් චක්‍ෂුමත්වූ (ඇස් ඇත්තාවූ)”

2. සිංහල බෝධි වංසය - “දිව ඇස් පැණ ඇස් ආදී වූ පසැස් ඇති, සර්වඥයන් වහන්සේ” / “මසැස දිවැස පැණැස සමතැස බුදු ඇස යන [පසැස්] ඇති බුදුන් ගේ”

3. මහාවංශය - “[පසැස්] ඇත්තාවු සර්වසඥයන්”

4. සමන්තකූට වර්ණනා - “[පඤ්චනෙත්තො]”

5. සිංහල විමානවස්තු ප්‍රකරණය - “පහන් පූජාවෙන් පසැස් ලැබෙයි” / “යසස් ඇත්තාවූ [පසැස්] ඇති ගෞතමයන්වහන්සේගේ”

6. මහාබෝධිවංශ ග්‍රන්ථ පදය - “[පඤ්ච නෙත්තො]” / “පඤ්චනෙත්තස්ස”, පස් ඇස්

7. දහම්පියා අටුවා ගැටපදය - “චක්ඛූම, පස් ඇස් ඇතියව”

8. ධර්මප්‍රදීපිකාව - “ඔහු [පස්ඇස්] ඇතියෝ. මෙහි පස් ඇස් නම් කවරැ යත්? මසැස, දිවඇස, පැනඇස, බුදුඇස, සමතැසි. එහි මසැසැ පස්පෑ දිස්සි - නිල්පැහැයැ, රන්වන් පැහැයැ, රත් පැහැ යැ, කළුපැහැ යැ, සුදු පැහැයයි.”

ඇස් අටක් ඇත්තා / Eight-eyed one (බ්‍රහ්මයා)[සංස්කරණය]

අට නෙත්, නෙත් අට - (නාම පදය) eight-eyed one, Brahma, ඇස් අටක් ඇත්තා මහා බ්‍රහ්මයා

පෙර යෙදුම් උදාහරණ:

1. කව් මුතු හර - සද්ධර්මාලංකාරයේ කඤචන දේවි කථා වස්තුව ඇසුරෙන් - කිරම ධම්මානන්ද හිමි - 19 වන කවිය - "අට දස අත් උස හුණයට මුදුනත - සෙට වන ලෝනා පාදා කරපත - වට කොට මිණිමුතු දැල් බඳවානත - [අට නෙත] කිරුළෙව් තබමින් තුල රත" ---- අන්වය: අට දස අත් උස හුණයට මුඳුනත, සෙට වන ‍ලෝනා පාදා පත කර වටකොට නත මිණිමුතු දැල් බඳවා [අට නෙත ]කිරුළෙව් රත තුල තබමින්. ------අර්ථය: දහ අට රියනක් උස ඇති උණ ලිය මුදුනෙහි ශ්‍රේෂ්ඨ වු ලෝකනාථයන් වහන්සේ ගේ පත්‍රා ධාතුව තබා, එය වටකර බොහෝ මැණික් හා මුතු දැල් බඳවා, [මහා බ්‍රහ්මයාගේ] වොවුන්න සේ රථය තුළ තබා..."

ඇස් දොළසක් ඇත්තා ./ twelve-Eyed one (කඳ සුරිඳු)[සංස්කරණය]

ද්වාදශ·ලෝචනයා, ද්වාදශාක්‍ෂ (නාම පදය) the twelve-eyed one, 1. කාර්තිකේය, කාතීතිකේය, කතරගම දෙවියෝ Kārtikéya 2. වෘහස්පති

නුවන්·බර, බර·නුවන්, බර·නෙත්, බරනෙත (නාම පදය) twelve-eyed one - බර twelve, නුවන් or නෙත් eyes - කාර්තිකේය, as having six heads and twelve eyes two in each of his six heads.

පෙර යෙදුම් උදාහරණ:

1. නීල කොබෝ සංදේශය - “තෙදබල මහිම යසසින් ඔබගෙ [බරනෙත]”

2. කාව්‍යශේඛරය - 4 - “සතත සක සක අත - සුරගුරු ගණිඳු [බරනෙත] - රිවි කිවි සඳ තිනෙත - මෙ දෙවි ගණ නිති කෙරෙත් සුබ සෙත”

3. සිය බස් මල් දම - කිරම ධම්මානන්ද හිමි - 4 – “බඹ සුර පති සුර ගුරු සුර ගුරු නත - නැබසර සිරි සර සරකර [බරනෙත]”

4. කාව්‍යසංග්‍රහව හෙවත් කව්සඟරාව - 1919 - රජ ගෙදර හෙන්දා විස්කිවලට වතුර වක්කර විකුම්සිහ කළා යයි බොරුවට ගතු කි බැවින්, හෙන්දාට කෝපව කී කවි පන්තියක් - “කතරගම ඉන්න ඔබ පද වැන්ද මට - මෙවර කරපු අනඩුව දැක [බරනෙතට] - කවරවත් මෙබුඳුදේ මතු නොකරන්ට - එ මැර හෙන්ද දෙව කැපකර යම රජුට”[සංස්කරණය]

ඇස් විස්සක් ඇත්තා / 20 -eyed one (රාවණා)[සංස්කරණය]

විසැස්> විසි ඇස් (රාවනා), කමලාව (සීතාදේවියව/ දේවියගේ) රස පහස නොවිඳම, දසිස් (හිස් දහයක්> රාවනාට හිස් දහයක් ඇතැයි යන අදහසට අනුව)

ඇස් සියයක් ඇත්තා / Hundred-eyed one (මෙසේ යෙදෙන්නේ කාටද යන්න පැහැදිලි කර ගත නොහැකි විය)[සංස්කරණය]

ශාතක්‍ෂ (නාම විශේෂණය) අක්‍ෂි, hundred-eyed, centoculated, ඇස් සියයක් ඇති.

ඇස් දහසක් ඇත්තා / Thousand-eyed one (ඉන්ද්‍ර / සක්‍රයා)[සංස්කරණය]

සහස්‍රනේත්‍රයා, සහස්‍රාක්‍ෂයා, ස්‍රාක්‍ෂයා, සහස නෙත (නාම පදය) අක්‍ෂ eyes, thousand දහස - thousand-eyed one, Sakra, who being cursed by Buddha, became covered with obscene marks, which were afterwards in kindness changed by Buddha to eyes.

දහසැස්, ඇස් දහස්, ඇස් දැල්, (නාම පදය) දහස් ඇස්, thousand-eyed one, Indra or Sakra as having a thousand eyes or a network of eyes / as a personification of the stellar region.

පෙර යෙදුම් උදාහරණ:

1. කහකුරුළු සන්දේශය - 230 - “පවර මෙ මහසෙන් හිමි සුර රජුගෙ තොස - විතර නොවන සිරි තෙද නැණ විකුම් යස - සතර වත [සහස නෙත] තවවාම මිස (සතරවත, මහා බ්රුහ්මයා / සහ‍සනෙත, ශක්‍රයා) - කවර අනික් කිවියර වණති ඇති ලෙස”

2. නීල කොබෝ සංදේශය - “බැලි සඳ තම සිරිනු බැව් දැක [සහස නෙත] විලි වැද ගොසින් වසනෙව් දැන් සුනෙර මත” - 1. සහසනෙත - සහස්‍ර නේත්‍රධාරී වූ ශක්‍රයා - සහස්ස නෙත්ත (පාළි) සහස්‍ර නේත්‍ර (සංස්කෘත) < සහස නෙත)

3. කාව්‍යසංග්‍රහව හෙවත් කව්සඟරාව - 1761 - රැද්දල්ගොඩ පනසලේ සිටි කිරිකිත්තේ තෙරුන්වහන්සේගේ ප්‍රබන්ධයකි - “සසර දුක් නැසු මුනිඳු ගෞතම සසුන් දිටුගත් විස්නු දෙවියන් - නිතර සත්වෙත [දහස් නෙතකින් දිවස්බලනා සක්‍ර දෙවියන්] - පවර උත්තම සිව්වරන්දෙවි දො‍ලස රැසයුත් ග්‍රසහ දෙවියන් - කවර කලවත් දුකක්නොව පඬිතුමා රකිනුය සෑම දෙවියන්”

4. ශක්‍රයාට සහස්සක්ඛ (දහසක් නෙත් ඇත්තා) යැයි කීමට හේතුව වෙන අයුරකින් ථේරවාදී ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ සංයුත්තනිකාය - සගාථ වර්ගය - 11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය - 2. සත්තවත වර්‍ගය - 2. දේවා සූත්‍රය / සක්කනාමසුත්තං - “මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇත්තා) යයි කියනු ලැබේ” – “‘‘සක්කො, භික්ඛවෙ, දෙවානමින්දො සහස්සම්පි අත්ථානං මුහුත්තෙන චින්තෙති, තස්මා [සහස්සක්ඛොති] වුච්චති”

ඇස් දෙදහසක් ඇත්තා / Two thousand eyed one (අනන්ත ශේෂ නාගයා)[සංස්කරණය]

වි·සහස්‍රාක්‍ෂයා, ද්වි·සහස්‍රාක්‍ෂයා (නාම පදය) the two thousand-eyed one, the sovereign of the serpents and couch of Vishnu, king of the නාගලෝකය, Indra as regent of the stellar regions or personifications of those regions. - අනන්ත ශේෂ නාගයාට පෙන ගොබ නොහොත් හිස් දහසක් ඇති බව හින්දු සහ බෞද්ධ මිත්‍යා සාහිත්‍යයේ එයි. හින්දු විශ්වාස අනුව අනන්ත ශේෂ ලෝකය උසුලාගෙන සිටින්නේ මෙම දහසක් වූ පෙණ ගොබ වලිනි. සිංහල සාහිත්‍යයේ අනත නා රජුගේ ඇස් සහස නොව පෙණගොබ හතේ ඇති මුව දහසට වැඩි තැනක් දුන් බව පෙනේ. සැවුල් සන්දේශයේ, අලගිවන්න මුකවෙටි "ගතිනා කනා ලිය රතදරිනි නාලිය - තෙනෙනා රනා හස ගමනින් එ නාලිය - නිතිනා දිනා එහි සරනා මනාලිය - නතනා විනා වති කවරෙක් වනාලිය" කියලා ලිව්වෙත්, "නතනා විනා තැන වියතෙක් වැනීමට", "සිරිපති පුරපති [නතනා] - ගුරු තුරු පති - පසුපති රතිපති සුමනා - ගණපති සහ මෙමුරු ගනා-හැර - නොසමති කීමට වෙන අය ඇ ගුනා" කියලා කිරම ධම්මානන්ද හිමි "සිය බස් මල් දමේ" කියන්නෙත්, දෙවිනුවර මහා විහාරයේ හිමි නමක් "තිසර සංදේශයේ "සුරනා නළනා ලෙසිනා රඟනා - නරනා නතනා ම විනා කෙවනා" කියලා ලියන්නෙත් අලගිවන්න මුකවෙටි සැවුල් සන්දේශයේ "නිතිනා දිනා එහි සරනා මනාලිය - නතනා විනා වති කවරෙක් වනාලිය" කියලා කියන්නෙත්, විල්ගම්මුළ හිමියන් "සඳ කිඳුරු දා කවේ" වනත් මුත් කො ද අනතනා මුත්" සහ "අනත නා මුත් කෙසේ වනමු ව" කියලා ලියන්නෙත්, මේ වගේ දෙයක් වර්ණනා කරන්න මුව දහසකුත් මදි කියන අරුතින්. ඒ කියන්නේ හිස් දහසක් තියෙන අනන්ත ශේෂට, මුවල් දාහක් තියෙනවා කියන විශ්වාසය මත. ඒ වගේම ඔලු දහසේ ඇස් දෙදහසක් ඇති නිසා තමයි මෙලෙස යෙදෙන්නේ.

ඇස් සංඛ්‍යාව මත සැදි නාම පද කිහිපයක් එක කවක ඇති පෙර යෙදුම් උදාහරණයක්:[සංස්කරණය]

මේ අර්ථ ගොඩක් එකට එන කවියක් තමයි අලගිය වන්න මුකවෙටි ලියූ "දහම් සොඬ කාව්‍යයේ" 4 වන කවිය.


“පස් නෙත සහස් නෙත

අට නෙත තිනෙත බර නෙත

දිය නෙත කමල නෙත

දෙනෙත රැක දෙත යොමා දිව නෙත”


[පස්නෙත] - සර්වඥයා / බුදුන් 

[සහස් නෙත] - ශක්‍රයා,

[අටනෙත] - බ්‍රහ්මයා (මුහුණු හතරයි)

[තිනෙත] - ඊශ්වරයා

[බරනෙත] - කඳ කුමරු (බර=දොළහ, උදා කවි පද දොළහේ “භාරස කාව්‍ය”)

[දියනෙත‍] - සූර්යයා

[කමල නෙත] - විෂ්ණු

යන මේ උදවිය

[දිවනෙත] යොමා - දිව්‍ය නේත්‍රය මෙහෙයා,

දෙනෙත - ජන සමූහයා,

රැක දෙත - ආරක්ෂා කොට දෙත්වා!


ක්‍රියාකාරක පද සම්බන්ධය / අන්වය: “(මේ අය) දිව නෙත යොමා දෙනෙත රැක-දෙත්”


‘රැක, යනු රක් (රැකුමෙහි) දයින් සිදු පෙර කිරියයි.

දෙත් යනු ‘දා’ (දීමෙහි) යි දයින් සිදු කොට ඇත්තේ ය.

අග ‘අ’ යන්න ආගමයි.

දෙත් යන්නට ‘රැක යනු උපකාර ව සිටියේ වෙයි.

රකිත්වා යන එක ක්‍රියාව වෙනුවට මේ දෙක යෙදිණ.

කතෘ "මේ උදවිය" යන්නට ආඛ්‍යාතය වෙන්නේ "රකිත්වා" යන පදය යි.

පස්නෙත යනාදී පදයන්ගේ අර්ථය මෙයට ඇතුළති.

දෙනෙත යනු කර්මය යි. ‘දිවනෙත’ ද කර්මය යි. දිව වූයේ ද ඒ නෙත් වූයේ ද ‘දිවනෙත්’

පස් නෙත - ප්‍රථමා විභක්ති ඒක වචනයි. නෙත් පසක් වූයේ

ඇස්වල පැහැය අනුව[සංස්කරණය]


රතු ඇස් ඇත්තා / Red-eyed one (මීමා / කොබෙයියා / ඇටිකුකුළා / කෝකිලයා / රකුසා / චණ්ඩයා)[සංස්කරණය]

රත·නුවන, රතනුවන, රතැස්, රක්තාක්‍ෂයා, රක්තාක්‍ෂියා, රතැස්·දරයා, (නාම පදය) නුවන eye - රතු red - දර bearing, රක්ත අක්‍ෂ, රත ඇස්, 1. red-eyed one රතු ඇස් ඇති තැනැත්තා, 2. Indian cuckoo, කෝකිලයා, 3. pigeon - කොබෙයියා; 4. buffalo - මීමා, 5. Greek partridge?- ඇටිකුකුළා, 5. devil or demon, යක්‍ෂයා, sprite, ogre, රකුසා, 6. savage man, චණ්ඩයා.

පෙර යෙදුම් උදාහරණ:

1. කෝකිල සන්දේශය "කොළ තුරු තුරු වැදැ නිදි ගත් [රතනුවන]" Indian cuckoo, කෝකිලයා යන අරුතින්

2. සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා - [රක්තාක්ෂියා නම් රකුසා ගැන] - පෙනෙන දෙනුවන රතු ඔලිඳ ඇට ලෙස ඇත

3. ජානකීහරණය - “මාමියං ප්රාාණනිර්යාණවෛජයන්තී පුරඃසරී [රක්තාක්ෂය] වාහනා දෙශ දූතී සංසෙවතෙ ජරා”

4. දහම් සොඬ කාව්‍ය - 99 – “වෙසෙස් උසස් ගත් අඳුන් කුලක් මෙන - සිරස් කොරොස් කෙස් යබළිස විලසින - සරොස් [රතැස්] යුග යුග කෙළ රිවි මෙන - රකුස් විලස් ගති [සහසැස්] මෙලෙසින”

5. රාජාරත්නාකරය “සිරිසඟබෝ මහරජ… රතැස් නමි රාක්ෂයෙකු”

රත්තරන් ඇස් ඇත්තා / Golden-eyed one (විෂ්ණු)[සංස්කරණය]

හරිනේත්‍ර (නාම පදය) 1. Vishnu's-eye or golden-eye, 2. white lotus, Nymphæa lotus, ඕලු.

කොළ ඇස් ඇත්තා / Green-eyed one (සිංහයා)[සංස්කරණය]

හර්‍ය්‍යක්‍ෂයා (නාම පදය) හරි green, අක්‍ෂි eye, lion, සිංහයා.

තැඹිලි පැහැයට හුරු ලා දුඹුරු පැහැ ඇස් ඇත්තා / tawny- eyed one (ශිව)[සංස්කරණය]

පිංකාක්‍ෂ (නාම පදය) tawny-eyed one, ශිව දෙවියන් Siva. - අරුණ පැහැ / කපිල / පිංගල / පිච්ඡර - A color adjective, tawny describes something that is a mix of yellow, orange, and brown colors. A lion has a beautiful tawny coat. Tawny comes from the Anglo-Norman word, taune, which means tanned.

නිල් ඇස් ඇත්තී / Blue-eyed (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

නීලක්‍ෂි (නාම පදය) blue-eyed woman, නිල් ඇස් ඇත්තිය, නිලැස් ඇත්තී

බුදුන්ට වර්ණ පහක ඇස් ඇති බවට යෙදූ පෙර යෙදුමක්[සංස්කරණය]

පන්සිය පනස් ජාතක පොත - 069 - විෂවන්ත ජාතකය - “නිර්මල වූ පස් පෑ දිස්නා (නිල්, රන්වන්, රතු, කළු, සුදු යන පස් පැහැයකින් දිළෙන) නේත්‍ර යුගලයක් ඇති තිලෝගුරු බුදුරාජණන් වහන්සේ”

ඇස්වල හැඩය අනුව[සංස්කරණය]


වටකුරු ඇස් ඇත්තා / Round-eyed one (මීමින්නා, මීයා)[සංස්කරණය]

වට·ඇස් (නාම පදය) 1. round-eyed one, moose deer, වටැස් මුවා, වට ඇස් මුවා, මීමින්නා, 2.  මීයා rat or mouse

දිගටි ඇස් ඇත්තා / Long-eyed one (කාන්තාව)[සංස්කරණය]

දිගැසි, දිගුනෙත (නාම පදය) දිග ඇසි, long-eyed one, කාන්තාව, දිග ඇස් ඇත්තී, woman with long eyes

පෙර යෙදුම් උදාහරණ:

1. කෝකිල සන්දේශය - “හසළ සුවඳ මඳ නල මෙ පුරැ [දිගුනෙත]”

2. ජානකීහරණය - “‍හළ දිගැසියන් හා” / “සීතා සොඳුරු දිගැසිය”

3. භරණ ගණිතයා ගේ වස් කවියක් - “පවරා කදිර පුර පුද ලබනා තුම්මා - නොහැරා මම කියමි මගෙ දුක වැදන නිම්මා - පවරා නුදුනි නම් මගෙ [දිගැසිය] නම්මා - උදුරා මම ගනිමි තගෙ වල්ලී අම්මා”

සතුන්ගේ ඇස් අනුව[සංස්කරණය]


මුව ඇස් ඇත්තී / Deer-eyed one (ස්ත්‍රී)[සංස්කරණය]

මියුලැස, මියුලැසි, මෘග·නේත‍්‍රී, මෘගනේත්‍රි, මෘගාක්‍ෂී, (නාම පදය) මියුල් deer අක්‍ෂි, ඇස, ඇසි, eye; deer-eyed one, woman, ස්ත්‍රී. woman who has fine eyes.

හරිණ·ලෝචනී (නාම පදය) හරිණ deer - ලෝචන eye, ඊ feminine, deer-eyed one, handsome-eyed female, woman, ලක්‍ෂණ ඇස්ඇත්තී.

මෘග·ක්‍ෂි, මෘගාදනී (නාම පදය) 1. deer's-eye, 2. deer's-food යක් කොමඩු.

පෙර යෙදුම් උදාහරණ:

1. මේඝ දූතය - “ඒ මියුලැස ගේ දෙනෙත් ඔබ සැපත් වත උඩුකුරු වත මස්සකු ගේ කැළැඹිල්ලෙන් ලෙලෙන නිලු’පුලෙක වෙස් ගත්”/ “ළකල් සිහිනිඟින්, මියුලැස් යුවළින්”

2. මහාබෝධිවංශ ග්‍රන්ථ පදය - “මියුලැසි වන බැවින් හරීණලොචනා යනුදු වූ”

3. සිංහල බෝධි වංසය - දිගු පුළුල් නිල් නුවන් - දික් වූත් පුළුල් වූත් නිල් වන් ඇස් හරිණ ලෝවනා - මියුලැසිය, මුවන්ගේ බඳු ඇස් ඇත්තී.”

බැටළු ඇස / Ram Eye(තෝර)[සංස්කරණය]

මේෂාක්‍ෂි (නාම විශේෂණය)  1. cassia or තෝර, the flower of cassia resembles a ram's eye.

සර්ප ඇස / Serpent eye (වෙරළු)[සංස්කරණය]

භුජංගාක්‍ෂි (නාම පදය) serpent-eye, to which the flowers are compared / 2. අරත්ත, අරැත්ත, ichneumon plant, so called because the mongoose is said to use this plant as an antidote to the poison of a snake-bite. [Ophiorrhiza Mungos] 2. Curcuma domestica, 3. කහ

සර්‍පාක්‍ෂ (නාම පදය) අක්‍ෂ eye සර්‍ප snake, wild olive seed, වෙරළු

හරක් ඇස් ඇත්තා / Ox-eyed one (වඳුරු රජා)[සංස්කරණය]

ගවාක්‍ෂයා (නාම පදය) ox-eyed monkey, monkey chief, ලොකු ඇස්ඇති වඳුරුපතියා.

වෘෂභා·ක්‍ෂි, ගවාක්‍ෂි (නාම පදය) ox-eye, 1. ගොන්කැකිරි 2. නිල්කටරොළු, කටරොළු

මාළු ඇස් ඇත්තී / Fish-eyed one (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

මීන·ලෝචන, මීනාක්ෂි fish-eye, a plant having a flower resembling the eye of a fish, Alternanthera triandra (Illeceb.).

මීන නුවන් - මාළුවකුගේ හැඩය ගත් ඇස්

මත්ස්‍යාක්‍ෂී fish-eye 1. ‍සෝමලතාව, moon-plant or creeper, 2. කන් කුඹලා

මුව ඇස් මාළුන්ට සම කළ පෙර යෙදුම් උදාහරණ:

කාව්‍යශේඛරය - 34 - “පිළිබිඹු පත් ගඟට - මියුලඟන දිගු නුවනට - තම සතුරු සැක කොට - නිබඳ මින්කැල වදිති සටනට”

උකුසු ඇස් / Hawk eyes (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]


බළල් ඇස් / Cat’s eye (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

බළල් ඇස් (නාම පදය) 1. cat's-eyes 2. eyes like cat's eyes.

Cat's-eye gem (නාම පදය) වෛඩුර්‍ය්‍යය, වෛදූර්‍ය්‍යය, වෛදූරිය, වෛරෝඩි, වෛරෝඩිය, වයිරෝඩිය, වෙරළු·මිණ, වෙරළුමිණි, මැසිරි·ගල, මැසිරිගල, මැසිරි, පුනක්කන්·ගල, ක්‍ෂීරස්ඵටිකය, cpal

හොඳ ඇස්[සංස්කරණය]


ලස්සන ඇස් ඇත්තා / Beautiful-eyed one (ස්ත්‍රී, මුවා)[සංස්කරණය]

සුනයනාව (නාම පදය) beautiful-eyed one, woman, ස්ත්‍රී.

සුනයනයා (නාම පදය) සු excellent, නයන eye, deer, මුවා.

සුනුවන් (නාම පදය) සු excellent - නුවන් eyes, beautiful-eyed one, deer, මුවා.

සුලෝචන (නාම විශේෂණය), a. (සු excellent), fine-eyed, ලක්‍ෂණ ඇස්ඇති.

සුලෝචනයා (නාම පදය) fine-eyed one, deer, මුවා.

සුලෝචනාව (නාම පදය) fine-eyed one, woman, ස්ත්‍රී.

චරු·ලෝචන (නාම විශේෂණය). beautiful-eyed, a deer or woman.

වාමාක්‍ෂී (නාම පදය)·අක්‍ෂී eye, fine woman.

වාම·නේත්‍ර (නාම විශේෂණය) වාම pleasing, fine-eyed, ලක්‍ෂණ ඇස් ඇති.

දීප්තිමත් ඇස් ඇත්තා / Bright-eyed one (බළලා / මොනරා)[සංස්කරණය]

දීප්ත·ලෝචනයා (නාම පදය) fiery-eyed one, bright-eyed one, cat, බළලා.

දීප්තාක්‍ෂයා (නාම පදය) bright-eyed one, cat or peacock, මොනරා / බළලා

හොඳින් පෙනෙන ඇස් ඇත්තා (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

සූ·චක්‍ෂුස් (නාම පදය) pleasant eye, අට්ටික්කා.

සු·චක්‍ෂු (නාම පදය) සු good, චක්‍ෂු eye, one of good vision, wise man, ප්‍රඥාවන්තයා.

තියුණු ඇස් / sharp-eyed(යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

තීක්‍ෂණක්‍ෂි (නාම විශේෂණය) sharp-eyed, lynx-eyed, තියුණු ඇස් පෙනීම ඇති.

නොහොඳ ඇස්[සංස්කරණය]


භයංකාර ඇස් ඇත්තා / terrible-eyed one (ශිව)[සංස්කරණය]

භීමනේත්‍ර (නාම පදය) terrible-eyed, Siva, who has an awe-inspiring large circular eye in his forehead.

කුවේරගේ ඇස / යක්ෂ ඇස (කුඹුරුවැල)[සංස්කරණය]

යක්‍ෂා·ක්‍ෂි, යක්‍ෂදෘක්, යක්‍ෂ·දෘශ්, ධනද්‍රක්‍ෂිය, (නාම පදය) ධනද අක්‍ෂිය, Kuvéra's eye, demon's-eye, කුඹුරුවැල, a creeper bearing a medicinal nut, grey bonduc, Cæsalpinia Bonduc (Legum). The seed of the creeper කුඹුරුවැල, said to resemble his eye or that of any demon.

ආයුධ ඇස් / eye-weapon (යම රජ)[සංස්කරණය]

නායුධනය (නාම පදය) eye-weapon, Yama, as of such terrific aspect that one glance of his drives the soul out of the body.

කැත ඇස් (ශිව / විරූපාක්‍ෂ)[සංස්කරණය]

වි·රූපාක්‍ෂ (නාම පදය) 1. අක්‍ෂ eye, unnatural-eyed one, Siva, who has three eyes 2. Regent of the West and chief of the Nàgas - සතර වරම් දෙවියෝ.

වි·ෂමාක්‍ෂයා (නාම පදය) අක්‍ෂ eye, odd-eyed one, Siva, who has an eye in his forehead.

නළල් ඇස / One with an eye in matted hair (ශිව)[සංස්කරණය]

දළ නෙත්, නෙත් දළ, දැළැස, දළ ඇස, දළ නයන, දළ නුවන (නාම පදය) Siva as having an eye in his matted hair on the forehead. ශිව ගේ නළල මතට වැටෙන හැඩපලු ගැසුණු කෙස් රොද අතර ඇති තුන්වන ඇස නිසා ශිව දෙවියන් හැඳින්වීමට යොදන නමක්, ඊශ්වර දෙවියා

පෙර යෙදුම් උදාහරණ:

1. සැවුල් සන්දේශය - 198 – “[තිනයන දළ නයන] රිවි විලස යුග කෙළ (මෙහෙසුරු ගේ නළල් ඇස)

2. සැවුල් සන්දේශය - “එබැවින් රනිඳු උනහය කළ [දළ නුවන]”

3. සැවුල් සන්දේශය - 205 – “තිපුර දැවු හර [දළ නෙත] ගෙව් තෙදණ”

4. සැවුල් සන්දේශය - 46 – “දූළ යුග කෙළ රිවි හර [දළ නයන] මෙන”

නපුරු ඇස් / evil-eyed (යම් කෙනෙකු, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක්  හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

කුදෘෂ්ටිය (නාම පදය) 1. weak sight, ඇස්පෙනීම අඩුවු, 2. evil-eyed, ඇස්වහ, 3. මිථ්‍යාදෘෂ්ටිය, heresy, false view

දුරීක්‍ෂණව (නාම පදය) දුර් ඊක්‍ෂ, evil eye, curse, ඇස්වහ.

ඇස් වහ (නාම පදය) eye-poison, evil or envious eye, evil or injury supposed to be produced by the glance thereof

පෙර යෙදුම් උදාහරණ:

1. ධර්මප්‍රදීපිකාව - “ආත්ම පරිත්ත සංඥි’ යයි [කුදෘෂ්ටි] පතිත එකෙකැ”

2. සද්ධර්මරතනාකරය - “කුදෘෂ්ටි කුඤ්ජරවිදාරණයෙහි”

මල් ඇස්[සංස්කරණය]


නෙළුම් මල් ඇස් ඇත්තා / Lotus-eyed one (විෂ්ණු)[සංස්කරණය]

පියුම්·නෙත්, කමලැස, කමල් නෙත්, කමල් ඇස, (නාම පදය) නෙත් eyes - කමල් lotus, lotus-eyed, Vishnu.

නිල්මහනෙල් ඇස් ඇත්තිය / Blue Lotus-eyed one (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

නිලිපුලැසි (නාම පදය) නිල් මහනෙල් පැහැය ගත් ඇස් ඇත්තිය, නිල්මහනෙල් බඳු ඇස් ඇත්තිය, dark-blue-eyed woman

පෙර යෙදුම් උදාහරණ:

1. කෝකිල සන්දේශය - තුසර කඳුළු [නිලුපුල් නෙතනි] ඉස ඉසා

2. පරවි සංදේශය - [ඉඳුවර නුවන] යා හස කර තඹර වතින්

ලෝකයට පෙනීම ලබා දෙන ඇස් / Eyes of the World[සංස්කරණය]


ලෝකයේ ඇස / Eye of the world (හිරු)[සංස්කරණය]

ලෝකචක්‍ෂු (නාම පදය) eye of the world, the sun, ඉර.

දියනෙත, දියනෙත් (නාම පදය) දිය world - eye of the world, the sun, ඉර‍.

ජග‍ත්දක්‍ෂි (නාම පදය) ජගත් අක්‍ෂි, eye of the world or universe, the sun.

ජගත්සාක්‍ෂියා (නාම පදය) the world's eye or witness, the sun, ඉර.

පෙර යෙදුම් උදාහරණ:

1. සැවුල් සන්දේශය - “උතුරු දකුණු වැදැ යන වැන්නැ [දිය නෙත]”

2. කව්සිළුමිණ - “දැඟුම් මෙර විලස් පෑ [දියනෙත] ගතෙ නරපවර”

3. කව් මුතු හර - “සිටුවත සක සකත - හර ගුරු බරත [දියනෙත] - මෙදෙව් ඈ නෙසුගත - කෙරෙත්වා මුළු ලොවට සුබසෙත”

4. කව්මිණි මල්දම - “බඹ උවිදු බරනෙත - කිවි ගුරු තරිඳු [දියනෙත] - මෙ අද මුරුගණ මෙත - කෙරෙත්වා සත්ලොවට සුබසෙත”

5. සුභාෂිතය - “[දියනෙත] උදා වන සිය කිරණින් මහරු - මෙදියත දිවා බිහි දුරු වෙයි ගන අඳුරු”

ලෝකයේ ඇස / Eye of the world (බුදුන්)[සංස්කරණය]

දිය සක, දියැස (නාම පදය) eye of the world, Buddha

පෙර යෙදුම් උදාහරණ:

1. ගුත්තිල කාව්‍යය - “පැවැත් වී අප මුනිඳු [දිය නෙත]”

2. දහම් සොඬ කාව්‍ය - “සමත මුනිවරන් වදහළ [තිලෝ නෙත]”

තුන් ලෝකයේම ඇස / Eye of the three worlds (බුදුන්)[සංස්කරණය]

තිලොවෙක නයන, තිලෝ නෙත (නාම පදය) බුදුන්

පෙර යෙදුම් උදාහරණ:

1. දහම් සොඬ කාව්‍ය - “සමත මුනිවරන් වදහළ [තිලෝ නෙත]”

2. මුව ජාතකය - 1 “[තිලොවට නෙතක්] වන”

3. කාව්‍යසංග්‍රහව හෙවත් කව්සඟරාව - ඇලපාල මුලිතුමා කී පිළිතුරු කවිය - “ත බුදුන් සරණ ගියෙ නම් අසිතප රැගෙණ - සිරසුන් කෙරෙමි කිව මට දෙවියෙකු විසින - මරබුන් ඔබැර දියබප [තිලොවෙක නයන] - සිහිනෙන් විතර නොගනිමි අනිකෙකු සරණ”

විශ්ව ඇස / Universal eye (බුදුන්)[සංස්කරණය]

සමන්ත·චක්‍ෂු, සමන්තාක්‍ෂි (නාම පදය) සමන්ත universal - චක්‍ෂු, අක්‍ෂි, eye of the universe / universal eye, all-seeing, Buddha

සමතැස්, a. (සමත universal, ඇස් eye-), all-seeing, ep. of Buddha, සැමදේ දකින බුදුන්.

පෙර යෙදුම් උදාහරණ:

1. බුත්සරණ - “මෙසේ වූ සමතැස් ඇති බුදුන්” - “සමන්තචක්ඛුං වුච්චති සබ්බඤ්ඤැතඤාණං; භගවා සබ්බඤ්ඤැතඤාණෙ උපෙතො හොති” මෙහි සමතැස් නම් කවරැ යත්? සර්වඥතාඥාන යි

2. ධර්මප්‍රදීපිකාව - සමන්තචක්ඛුං වුච්චති සබ්බඤ්ඤැතඤාණං

විකෘති ඇස් (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]


Goggle eyes (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

බුබුලැස් ඇති (නාම විශේෂණය) බුබුලු, goggle-eyed.

වමරැස්, cross-eyed, වපර, squint-eyed, cross-eyed (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

පිගිරි, පිගිහි (නාම විශේෂණය) squint-eyed, වමරැස්.

වපර (නාම විශේෂණය) cross-eyed, squinting, boss-eyed, cock-eyed, cockeyed

වපරයා (නාම පදය) one who squints, cross-eyed person.

වමරැස් (නාම විශේෂණය) වමර ඇස්, cross-eyed, වපර.

වමරැස්කම (නාම පදය) cross-eyed state, strabismus.

වමරැස්කාරයා (නාම පදය) cross-eyed person, වපරයා.

වලිර (නාම විශේෂණය) cross-eyed, වපර.

වලිරතාව (නාම පදය) state of being cross-eyed, වමරැස්කම.

ටගර (නාම විශේෂණය) squint-eyed, වපර.

Sore-eyed (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

චිල්‍ල (නාම විශේෂණය) blear-eyed, sore-eyed, ගායවු ඇස් ඇති.

චිල්‍ලය (නාම පදය) blear eye, sore eye, පිළල් ඇස, ගායවූ ඇස.

චුල්ල (නාම විශේෂණය) blear-eyed, bose-eyed

පිල්ල (නාම විශේෂණය) blear-eyed, ගායවූ ඇස.

Watery Eyes (eye diseases) (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

ජලාක්‍ෂිය, ජලාක්‍ෂි·රෝගය (නාම පදය) watery eye, hydrophthalmia, දියඇස.


7.5. wall-eyed / අසාමාන්‍ය ලෙස වැඩිපුර සුදු පැහැය පෙනෙන ඇස් (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)

හෙළැස (නාම පදය) හෙළ white - ඇස eye, wall-eye, සුදුඇස, හෙළැසක්ඇති, හෙළැස්අති, wall-eyed

ශුක්ල·කාණයා (නාම පදය) person with one eye white or blind of albugo.

ඇස් වර්ග පහ (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]


මස් ඇස (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

මාංස·චක්‍ෂුස, මසැස (මස් ඇස), bodily eye, fleshly eye, eye of the body as distinguished from දිවැස or divine eye / One of the ten organs දශේන්‍ද්‍රිය, n. pl. (දශ ඉන්‍ද්‍රිය), the ten organs of sense and action, viz. the skin, eye, tongue, nose, ear, larynx, hand, foot, anus, pudendum.

පැණ·ඇස (ද්‍රිතරාෂ්ට්‍ර)[සංස්කරණය]

පැණ·ඇස, පැණැස, ප්‍රඥා·නේත්‍රය, eye of wisdom, of understanding or intellect, mind, intel

බුඬීන්‍ද්‍රියය, ධීන්‍ද්‍රියය, ධීඉන්‍ද්‍රියය, an organ of intellect or sense, as the mind

ප්‍රඥා·චක්‍ෂුඃ, wisdom-eye, ද්‍රිතරාෂ්ට්‍ර / දෘතරාෂ්ඨට යෙදෙන නමකි Dhritarāshtra who was a wise and celebrated king and uncle of the Pāndu princes

නැණ ඇස (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

ඥානාක්‍ෂිය, eye of the mind, intellectual perception, intellect.

චකබුව, 1. චක්‍ෂුස, eye, ඇස; 2. බුඬ සර්‍වඥය, omniscience of Buddha, 3. සිහිය නැමැති ඇස, mental eye

චක්‍ෂුවිඥනය, perception by the eye, sight, vision, දැකුම, දැකීම දැනගැනිම.

දිව ඇස (යම් කෙනෙක්, සත්ව වර්ගයක්, හෝ ශාක වර්ගයක් හඳුන්වන නාමයක් ලෙස නොයෙදේ)[සංස්කරණය]

දිව ඇස (නාම පදය) පංචාභිඥාවන්ගෙන් එකක් - පංචාභිඥ, the five supernatural powers of Rahats, 1. සෘධීප්‍රභේදඥනය, knowledge of supernatural powers; 2. දිව ඇස, divine eye, which sees objects at any distance; 3. දිවකන, divine ear, which hears sounds at any distance; 4. පරචිත්තවිජානනඥනය, knowledge of the hearts of others; 5. පෙරජාති දැනීම, knowledge of past lives

දිව්‍යචක්‍ෂුව, දිව්‍යචක්‍ෂුස, divine eye, supernatural sight or mental vision, of the past, present and future දිවැස, දිව්‍යචක්‍ෂුව, දිව·නෙත්, දිව්‍යාක්‍ෂිය (නාම පදය) divine eye or sight, supernatural perception possessed by gods or saints.

පෙර යෙදුම් උදාහරණ:

1. විධුර ජාතක කාව්‍යය - “දුටුවේ මුනිතුමන්ගේ ගුණ දිව නෙතට”

ඇස හැඳින්වීමට යෙදෙන සමාන වචන සහ ඒවායේ පෙර යෙදීම් කිහිපයක්[සංස්කරණය]


ඇස, ඇහැ, දෑස,[සංස්කරණය]


අක්ෂිය, අක,[සංස්කරණය]


චක්ඛු, චක්‍ඛුන්‍ද්‍රිය, චක්ෂු, චක්‍ෂුව, චක්‍ෂුස[සංස්කරණය]


නයන[සංස්කරණය]

පෙර යෙදුම් උදාහරණ:

1. මයුර සන්දේශය - “අයා [නයන] දැකැ දැකැ සිරි නොයන කල”

2. මහා බෝධිවංශ ග්‍රන්ථ පදය - “හිංසනක [නයන] යුගළෙන”

නුවණ, නුවන, නුවනත[සංස්කරණය]

පෙර යෙදුම් උදාහරණ:

1. මයුර සන්දේශය - ලොලත් වඩන වරඟන නිලුපුල් [නුවන]”

2. කෝකිල සන්දේශය - “කෙළවා දිගු [නුවනත] ලා බැල්මා”

3. සැළලිහිණි සන්දේශය - “හෙළන නඟන අත [නුවනග] බැලුම් දිදී

4. තිසර සංදේශය - “[නුවනග] බැලුමෙන් ලා සුබ දිගටා”

5. කාව්‍යශේඛරය - “මඳමද සිනායුත් - ඇගෙ [නුවනගින්] බැල්මත් - මොළොකැටි රසබසත් - මඳ ද බඳිනුව දුටුදනන් සිත්”

නෙත, නෙතත, නේත්‍රය,[සංස්කරණය]

පෙර යෙදුම් උදාහරණ:

1. පන්සිය පනස් ජාතක පොත - 348 - ස්වර්‍ණමෘග ජාතකය - “[නේත්‍ර] ඉන්‍ද්‍රණීල මාණික්‍ය දෙකක් මෙන් වුයේය”.

2. සිංහල බෝධි වංසය - “[නේත්‍රයට] ආකර්ෂණාඤ්ජනයක් වැනි වූ”

3. මයුර සන්දේශය - “දැකුම් ඇකුම් කළ රු රසඟනන් [නෙත]”

4. මයුර සන්දේශය - “[නෙතතට] වතට වලහට පිය පියොවුරට”

5. මයුර සන්දේශය - “බැලුම් ඇලුම් කරන ලොලේ - කතක එ රඟැ රඟන කලේ - පැළැඳි සවනැ නිල් උපු‍ලේ - [නෙතට] පැරැදි සෙයින් සැලේ”

6. පරවි සංදේශය - “තෙප් කඩුවෙන් මෙන් [නෙතගින්] පහර දෙන”

7. කෝකිල සන්දේශය - “ළඳුන් ‍සරන තැනැ තැනැ රූ දුටු [නෙතට]”

8. තිසර සංදේශය - “ඒ දුටු [නෙතටා] රසඳුන් කුමටා”

9. කහකුරුළු සන්දේශය - “මනකල් රුවින් [නෙත] රසඳුන් තනා ඇඳ”

10. ගුත්තිල කාව්‍යය - “කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා [නෙතගින්] සබා”

11. කව්මිණි මල්දම - “ඔත් මියුලඟන [නෙත] - පවසන් කඳුලු වැගිරෙත - වෙහෙලිඳු දුක්ව සිත - දුනෙව් රන්නෙත් කදුලු මිණිවිත”

12. ලෝකෝපකාරය - “සව්වත් දකින [නෙත] - තමා නොදකී කැඩපතින් මුත්”

13. කාව්‍යසංග්‍රහව හෙවත් කව්සඟරාව - දුවේ මෝදර අගම්පොඩි අර්ලියස් ප්රේවරා කොට්ඨාසේ මුලාදැනියාගේ කවියක් - 33 - “[නෙත] නැතිදා කුමටද මට කන්නාඩි”

15. කාව්‍යසංග්‍රහව හෙවත් කව්සඟරාව - 792 “[නෙතට] විල තමයි කඳුලැලි වැගිරීම”

ලෝචනය,[සංස්කරණය]

පෙර යෙදුම් උදාහරණ:

1. පන්සිය පනස් ජාතක පොත - 176 - තින්‍දුක ජාතකය “ශාක්‍යකුල [ලෝචන] වූ සර්‍වඥයන් වහන්සේ”

2. සිංහල බෝධි වංසය - “හරිණයන් ගේ (හරිණ = මුවා) [ලෝචන] බඳු [ලෝචන] ඇත්තී ද වෙයි. මෙසේ කාන්තිමත් වූ මුඛය හා අභිනීල නේත්‍රයන් ද ඇත්තී යැ”.

3. සිංහල බෝධි වංසය - “සන්තෝෂ [ලෝචනය]” - සොම්නසින් පිරැන ඇස.

4. සිංහල බෝධි වංසය - “අනිමිෂ [ලෝචන] යුගලය” - නොපියනලද දෑස

5. මහා බෝධිවංශ ග්‍රන්ථ පදය - “අනිමිස ‍‍ලෝචන යුග‍ලයෙන් පුදන ලද බැවින්”

6. මහා බෝධිවංශ ග්‍රන්ථ පදය - “ජගදානන්ද [ලෝචනො]” - ජගත්හට, ආනන්දයට ලෝචනයක් බඳු වූයේ

7. මහා බෝධිවංශ ග්‍රන්ථ පදය - “ප්‍රීති විකසිත [ලෝචනයෙන්] පූජා කොට”

8. මහා බෝධිවංශ ග්‍රන්ථ පදය - “විකසිත ඉන්තීවර නීල [ලෝචනා] - පිපි නිල්මහනෙල් සෙයින් නිල් නුවන් ඇත්තී

දෛව·දීපය divine lamp,[සංස්කරණය]


නේත්තර, නේත්තරා[සංස්කරණය]


ස‍සලය[සංස්කරණය]


සක්[සංස්කරණය]


විලෝටනය[සංස්කරණය]


ප්‍රේක්‍ෂණය[සංස්කරණය]


ඇස හෝ ඇසෙහි සමාන පද පදනම් කරගෙන බිහිව ඇති උනන්දුජනක වදන්[සංස්කරණය]

C.1. eye salve නේත්‍රාංජනය නුවනඳුන්, n. (නුවන් අඳුන්), eye-cosmetic, ඇස් අඳුන්.

C.2. නයන·රසායන, n. or a. eye-pleaser,


C.3. eyeshot පේන තෙක්මානය

C.4. eyesore අශෝභන දර්ශනය


C.5. sly eye, leer හොරැහින්බලනවා / යටසින්·බලනවා, look with lowered eye, de press one's gaze

C.6. නුවනග·බැලුම,·බැල්ම, n. looking with the corner of the eye, leering, leer, අඩබැල්ම. නුවනග, n. (නුවන් අග), corner of the eye, ඇස් කොන. නෙතග, n. (නෙත් අග), end corner of the eye, ඇස්කොන. නුවන්·කෙළ, n. corner of the eye, ඇස්කොන.


C.6. හුල්, කබ, පොරඩස්, අක්ෂි ගූථය, mucus of the eye rheum of the eye, නෙත්·මල, n. gum or rheum of the eye.


C.7. සාක්‍ෂිය, (ස with, අක්‍ෂි eye), eye-witness, evidence, testimony ප්‍රත්‍යක්‍ෂ·දර්‍ශකයා


C.8. සඳ, සඳැස්, සදැස්, පිල් ඇස, පිලඇස, සදැස, කනැස, මේචකය, චන්‍ද්‍රය, චන්‍ද්‍රකය, eye of a peacock's father, eye in the peacock's tail-feather, black or dark blue colour(චන්‍ද්‍ර කය - the moon or anything moonlike: eye in a peacock's tail feathers)


C.8. මල්·පොල, flowery pupil of the eye, spot or cataract of the eye, nebula


C.9. නේත්‍ර·තාරකාව, n. eye-star, viz. pupil of the eye, කළු ඉංගිරියාව.


C.10. බෙර·ඇස drum-eye, drum-end, drumhead


C.11. පුක, ball of the eye, ඇස්ගුළය, posteriors - පුක්පනිනවා, to start or spring from the socket (as the eye).


C.12. නේත්‍රෝතසවය, (නේත්‍ර උත්:), eye-feast, a delight to the eye, ඇසට ප්‍රිය


C.13. නයනෞෂධය / නය·භූෂණය, n. lit. eye-ornament, viz. collyrium made of antimony to beautify the eyebrows.


C.14. චක්‍ෂුෂ්‍ය, a. agreeable to the eye, beautiful, දර්‍ශනීය, ලක්‍ෂණ


C.15. චක්‍ෂු·ඵලය, n. lit. eye-fruit: what is seen; what is pleasant to the eye, ඇසට ප්‍රියදේ;


C.16. නේත්‍ර·ධාරාව, ඇස්දහර, ඇස් දහර, ඇස් දාර, අශ්‍රැධාරා eye-flow, stream, tear, කඳුළ, කඳුළු. නෙත්·සිලිල, නෙත්සිලිල්, නුවන්·දල, water of the eye, tear, කඳුළ.


C.17. නේත්‍ර·කල්‍යාණ, a. eye-delightsome, superb, gorgeous, ඉතා අලංකාර.


C.18. උප නේත්‍ර, n. secondary or helping eyes, spectacles, කණ්ණාඩි.


C.19. නිමිෂය, නිමෙස, නිමේෂය, n. twinkling of an eye; an instant, ඇසිපියහෙළීම, ඇසිල්ල.


C.20. ඊක්ෂණය, n. seeing, sight, දැකීම, බැලීම; eye, ඇස.


C.21. ඇස් කුලිය, n. eye-hire, reward for finding lost things.


C.22. ඇස් ගුල්ලා kind of snake of green colour, පලාපණුවා.

C.23. නේත්‍රාංජනම් - යක්ෂ භූත පිශාචයන් පෙනීම සඳහා ඇස වටේ ගාන ජප කරන ලද අඳුන

වචනාර්ථ සඳහා භාවිතා කළ ශබ්දකෝෂ Dictionary Referencing[සංස්කරණය]

කාටර්,  චාර්ල්ස් (1924) චාර්ල්ස් කාටර් සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය Carter, Charles. A (1924) Sinhalese-English dictionary, The Ceylon Observer Printing Works, London https://dsalsrv04.uchicago.edu/dictionaries/carter/

මධුර කුලතුංග (2002) මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය, Madura English-Sinhala Dictionary – Online

ක්ලවුග්, බී. (1982) ක්ලවුග් ශබ්දකෝෂය - Clough, B (1892) Sinhalese English Dictionary, Wesleyan Mission press, Kollupitiya - Available at: https://archive.org/details/sinhaleseenglish00clourich

ගුණපාල මලලසේකර (2017) මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11 / Malalasekera, G.P. (1967). English - Sinhalese Dictionary, M. D. Gunasena and Company, Colombo 11

විජේතුංග, හර්ශ්චන්ද්‍ර (2017) ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11

වෙබ්ස්ටර් ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය (2013) Webster's English Sinhala Dictionary in Sinhala Dictionary Resources Online http://www.sinhaladictionary.org/

සිංහල පැහැදුම් ශබ්දකෝෂය (2013) - Sinhala Explanatory Dictionary - සිංහල එක්ස්ප්ලනේටරි ශබ්දකෝෂය in Sinhala Dictionary Resources Online http://www.sinhaladictionary.org/