විලාසිතා බ්ලොග් වර්ග

විකිපීඩියා වෙතින්

විලාසිතා බ්ලොග් වර්ග


විලාසිතා බ්ලොග් විදි කිහිපයකට වර්ගීකරණය කළ හැක.

ලියන්නාගේ විශිෂ්ටත්වය අනුව

විලාසිතා බ්ලොග් අභ්‍යන්තරයෙහි වූවන්, බාහිරෙහි වූවන් හෝ අභ්‍යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත අය විසින් ලියනු ලැබේ.

අභ්‍යන්තරෙහි වූ අය යනු විලාසිතා කර්මාන්තය තුළ කටයුතු කරන (හෝ ‍කටයුතු කර ඇති) හෝ සාම්ප්‍රදායික විලාසිතා මාධ්‍ය සඳහා කටයුතු කරන පුද්ගලයන්ය. මීට අමතරව සමහරක් විලාසිතා හි අභ්‍යන්තරයේ වූ අය විශාල අඩවි තුළ දී අමුත්තන් ලෙස බ්ලොග් ලිවීම සිදු කරයි. උදාහරණයක් ලෙස විලාසිතා නිර්මාණකරුවෙකු වන නැනට් ලෙපෝරේ glam.com සඳහා දායක වී ඇත.

බාහිර පුද්ගලයන් යනු සාමාන්‍යයෙන් විලාසිතාවලට ඉතාමත් කැප වූ පාරිභෝජකයන් වීම තුළින් විලාසිතා පිළිබඳ හසල දැනුමක් (හෝ අඩුම තරමින් ශක්තිමත් ආකල්ප) ඇති පුද්ගලයන්ය.

අභ්‍යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත පුද්ගලයන් ‍යනු විලාසිතා කර්මාන්තයේ හෝ මාධ්‍යයෙහි කටයුතු කරන අතර ඔවුන්ගේ බ්ලොග් විලාසිතා ලිවීම් රැකියා සඳහා දොරක් විවර කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ය. ඔවුන්ගේ බ්ලොග්වල ශක්තිමත්භාවය නිසා විලාසිතා කර්මාන්තය තුළ සේවයෙහි යෙදී සිටින පුද්ගලයන්ගේ නිදසුන් අතරට පහත අය ඇතුළත් වේ.

· Manolo The Shoe Blogger, මොහුට දැන් ‍ෙවාෂින්ටන් පෝස්ට් ප්‍රකාශනවල සතියකට වරක් තීරුවක් හිමි වේ. · Go Fug Yourself හි හෙදර් හා ජෙසිකා නිව් යෝර්ක් සඟරාව සඳහා විලාසිතා සතිය ආවරණය කිරීම සිදු කරයි. · කැතරින් ෆනී විසින් “How to be a Budget fashionista” යනුවෙන් ග්‍රන්ථයක් ලියූ අතර එය වැලන්ටයින් පොත් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

හිමිකාරීත්වය මඟින්

විලාසිතා බ්ලොග් තනි පුද්ගලයන්ට හෝ සමාගමවලට අයත් විය හැක.

තනි පුද්ගලයන් මඟින් සිදු කරගෙන යන විලාසිතා බ්ලොග් ඉහත ලැයිස්තුගත කර ඇත.

දැනට විලාසිතා බ්ලොග් පවත්වාගෙන යන සමාගම් වර්ගවලට විශාල මාධ්‍ය සංවිධාන හා විලාසිතා විකිණුම්කරුවන් ඇතුළත් වේ. විලාසිතා බ්ලොග් අයිති මාධ්‍ය සංවිධාන අතරට ද ටයිම්ස් (UK) කොන්ඩේ නාස්ට් ප්‍රකාශකයන් (US), වරයිටි (US) හා සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් (ඕස්ට්‍රේලියා) ඇතුළත් වේ. ෆැෂන් බ්ලොග් අයත් විකුණුම්කරුවන් අතරට බටර්ෆලයි හා ස්ලෙන්ඩෝරා ඇතුළත් වේ.

තේමාව අනුව

බොහෝමයක් සාර්ථක විලාසිතා බ්ලොග් යම් නිශ්චිත තේමාවක් හෝ කෝණයක් අනුගමනය කරයි. සමහරක් ඔවුන්ගේ පථය එක් විලාසිතා වර්ගයකට සීමා කර ඇත. උදාහරණ පාවහන්, අත් බෑග් හෝ ඩෙනිම්. සමහරක් ඒවා යම් මිළ මට්ටමක් සඳහා විශේෂිත වේ. සාමාන්‍යයෙන් ඉතා ඉහල මට්ටමේ හෝ ආර්ථික මට්ටමට ගැලපෙන මිළ මට්ටම් විශේෂිත වේ. සමහරක් ප්‍රසිද්ධ විලාසිතා පමණක් ආවරණය කරන අතර අනෙක්වා එදිනෙදා හමුවන විලාසිතා ආවරණය කරයි. සමහරක් මෙම මාතෘකාවලින් දෙකක හෝ කිහිපයක එකතුවක් ආවරණය කරයි. ‍



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Fashion_blog#Types_of_fashion_blogs

ඔන්ලයින් විලාසිතා සාප්පු සවාරි සංරක්ෂණය කළ පිටපත 2021-11-30 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා_බ්ලොග්_වර්ග&oldid=593385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි