කැල්වින් ක්ලෙයින්

විකිපීඩියා වෙතින්
කැල්වින් L.ක්ලෙයින්
වර්ගයSubsidiary
ස්ථාපිතය1968
ප්‍රාරම්භකCalvin Klein
මූලස්ථානයNew York City, United States
මූලකාරකPhillips-Van Heusen
වෙබ්අඩවියcalvinklein.com

නඟරයේ යෝක් හෝටලයෙහි වූ කබා සාප්පුවක් වූ කැල්වින් ක්ලෙයින් සමාගම ආරම්භ කරන ලදී. පුරාවෘත්තවලට අනුව කියවෙන්නේ බොන්විට් ටෙලර් සිට පැමිණි ගැණුම්කරුවෙකු වැරදි මහලක දී විදුලි සෝපානයෙන් බැස පසුව ඩොලර් 50000 ක ඇණවුමක් ලබා දීමෙන් නැවතුණු බවයි. නමුත් එහිදී සිදුවන්නට ඇත්තේ ක්ලෙවින් විසින් ඔහුගේ නිර්මාණ බොන්විට් ටෙලර් කාර්ය මණ්ඩලයට පෙන්වීමෙන් පසු නිව්යෝර්ක් නගර සාප්පුවෙහි මිනිසුන්ගේ හා කාන්තාවන්ගේ කබා එකතුවක් වූ ප්‍රථම කැල්වින් ක්ලෙයින් එකතුවට මාර්ගය විවර වූ බවයි.


1969 දී අවම බවේ සුපිරි විශාරදයා ලෙස පසුව හැඳින්වෙනු ලැබූ ක්ලෙයින් මහතා වෝග් සඟරාවේ පිටකවරයෙහි නිරූපණය විය. 1971 වන විට ක්‍රීඩා ඇඳුම්, නිල කබා මෙන්ම කොමු පිළී ද ඔහුගේ කාන්තා එකතුවට එකතු වන ලදී. 1973 දී ඔහු ප්‍රථම වරට ඔහුගේ කොටස් 74කින් යුත් කාන්තා ඇඳුම් එකතුව සඳහා කොටී (coty) සම්මානයෙන් පිදුම් ලද අතර ඉන්පසුව ඔහු එකදිගට වසර 3ක් එය හිමි කරගන්නා ලදී. 1977 වන විට වාර්ෂික ආදායම ඩොලර් මිලියන 30 දක්වා පමණ ඉහළ නැගි අත් ආවරණ, සපත්තු, පටි, සිනිඳු ලෝම ඇඳුම් හා අව් කණ්ණාඩි සඳහා ද බලපත්‍ර ලැබී තිබුණි.ඒ වන විටද ක්ලෙයින් හා ෂෙවොඩ්ස් විසින් වෙන් වෙන් වශයෙන් ඩොලර් මිලියන 4 බැඟින් උපයමින් තිබිණි. සමාගම විසින් විලේපන, ඩෙනිම් හා පිරිමි ඇඳුම් සඳහා බලපත්‍රයට අත්සන් කළ පසු ක්ලෙයින්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ක් බවට තක්සේරු විය. 1978 දී ක්ලෙයින් විසින් ඔහුගේ ජනප්‍රිය ඩෙනිම් 200000ක් නිපදවා ඒවා වෙළෙඳ පොළට දැමූ පළමු සතිය තුළ දීම විකිණීමේ ජයග්‍රහණය අත් කර ගන්නා ලදී.1981 දී Fortune සඟරාව ක්ලෙයින්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 8.5ක් බවට අනාවරණය කර ගන්නා ලදී. 1970 මැද භාගයේ දී ඔහු ඔහුගේ නම පසු සාක්කුවෙහි සඳහන් කරමින් නිර්මාණකරුවන්ගේ ඩෙනිම් උමතුව නිර්මාණය කරන ලදී. එම කලිසම් වයස අවුරුදු 15 ක් වන බෘක් ෂීල්ඩ් විසින් “මම හා මගේ කැල්වින් අතරට කිසිදෙයක් පැමිණෙන්නේ නැත.” හා “මට කැල්වින් 7 තිබෙන අතර ඔවුන්ට කතා කළ හැකි නම් මට සිදු වන දේ සිතා ගැනීමටත් නොහැකිය.” ලෙස පවසන ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් මඟින් අතිශය ප්‍රචාරණයකට භාජනය වන ලදී. වැඩිහිටියන් පෙනී සිටින ලිංගිකව හැඟීම අවුස්සන වාක්‍ය ඇතුලත් මතභේදයට තුඩු දෙන ප්‍රචාරණය කිරීම් තුළින් සමාගම සඳහා අදාල පරිසරය නිර්මාණය කරන ලදී. 1984 දී ක්ලෙයින් යට ඇඳුම් සඳහා ෂීල්ඩ්ස් විසින් ප්‍රචාරණය ලබා දෙන ලදී.

1970 පසුභාගයේ දී සමාගම ඔවුන්ගේම සුවඳ විලවුන් ආලේපන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට උත්සාහ කළ නමුත් ඉක්මනින්ම විශාල වාණිජමය බිඳ වැටීම් සමඟ වෙළෙඳ පොළෙන් සමුගන්නා ලදී. 1980 ගණන්වලදී නිර්මාණකරුවන්ගේ ඩෙනිම් උමතුව එහි උපරිමයට ළඟා වීමත් සමඟ කැල්වින් ක්ලෙයින් විසින් කාන්තාවන් සඳහා සාර්ථක කොට කලිසම් මාලාවක් ද පිරිමි යට ඇඳුම් මාලාවක් ද හඳුන්වා දෙන අතර එයින් පසුව එක් වසරක දී ඩොලර් මිලියන 70ක ආදායමක් ලබා ගන්නා ලදී. 1990 දශකයේ පසුභාගයේ දී කැල්වින් ක්ලෙයින්ගේ යට ඇඳුම් ව්‍යාපාරය පොප් ගායකයෙකු වූ මාර්ක් වැල්බර්ග්ගේ පින්තූර පෙන්වන විශාල දැන්වීම් පුවරු සමඟ වර්ධනය වූ අතර එය කොතරම් සාර්ථක වූයේ ද යත් ඉන්පසු මාර්කග් යට ඇඳුම් සාමාන්‍යයෙන් හැඳින්වීමට පටන් ගත්තේ කැල්වින්ස් ලෙසය ය.

පුදුම සහගත වර්ධනය 80 දශකය හරහාද අඛණ්ඩව පැවතුනි. 1974 දී මෙය ආරම්භ කරන විට ඩොලර් 24000ක් ගෙන දුන් බලපත්‍ර වැඩසටහන වසර 10කට පසු ඩොලර් මිලියන 7.3 ක රාජකීය ආදායමක් උපයා දෙන ලදී. එම වසරේ දී ලොව පුරා සිල්ලර වෙළෙඳාම ඩොලර් මිලියන 600 කටත් වැඩියෙන් තක්සේරුගත කර තිබුණි. ක්ලෙයින්ගේ ඇඳුම් එක්සත් ජනපදයේ සාප්පු 12000 ක් පුරාවට මෙන්ම වෙනත් රටවල් 6 ක ද විකිණීමට තබන ලදී. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 12 ඉක්මවන ලදී.

වානිජමය ප්‍රශ්න, සෑම පැතිවලින්ම එල්ලවන විට වැඩිවන පීඩනය, පිරිමි ඇඳුම් අංශයේ බලපත්‍රලාභීන් සමඟ වූ එකඟතාව බිඳ වැටීම හා එහි බලාපොරොත්තු කඩවන විකිණීම මෙන්ම කැල්වින් ක්ලෙයින් තුළ හා එහි බලපත්‍ර කොටස්කරුවන් අතර පැවති අතිවිශාල සේවක කඩා වැටීම කැල්වින් ක්ලෙයින් සමාගම විකිණෙනු ඇතැයි යන ප්‍රථම කටකතාවට මුලපිරීමට හේතු විය. එමෙන්ම 1987 දී ප්‍රකාශ වූයේ ඇසුරුම් නිෂ්පාදනකරුවෙකු වූ ට්‍රෑන්ගල් සමාගමට කැල්වින් සමාගම විකිණීම නැවතුනේ කොටස් වෙළෙඳ පොළ බිඳ වැටීම් නිසා බවයි.

1992 දී සමාගම බන්කොලොත්වීම් වලට මුහුණපෑව ද කැල්වින් ක්ලෙයින් 90 පසුභාගය පුරාවට තමන්ගේ ලාභදායී භාවය නැවත ලබා ගැනීමට හා වැඩි කර ගැනීමට සමත් විය. ඔහු විසින් මෙය සිදු කරන ලද්දේ එහි ඉතා ජනප්‍රිය යට ඇඳුම් හා සුවඳ විලවුන් අංශයෙන් මෙන්ම ck ක්‍රීඩා ඇඳුම් පැළැඳුම් අංශයෙන්ය. 1993 දී ක්ලෙයින් මහතා ඔහුගේ ඇමරිකානු සැලසුම් සඳහා ඇමරිකාවේ හොඳම නිර්මාණකරුවා ලෙස නම් කරන ලදී. ඉන්පසු නැවතත් විශ්මය දනවන කාරණාවක් ලෙස 1999 දී ප්‍රකාශයට පත් වූයේ CKI නැවතත් විකිණීම සඳහා ඇති බවයි. එහි ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශාල සමාගම් 2 ක් වන LVMH හා Pinault printemps redoute සමාගම් විසින් එම සමාගම කරා පැමිණියත් කිසිවක් සිදු වුනේ නැත. අනෙකුත් ඒ හා සමාන සමාගම් වූ Tommy Hilfiger හා ඉතාලියේ Holding Di partecicapazioni ද CKI හි ඩොලර් මිලියන 1ක් වූ අධික මිළ නිසා කළකිරීමට පත් විය. මාස 7 කට පසු කිසිදු ගැණුම්කරුවෙකු නොසිටි නිසා ක්ලෙයින් මහතා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ රාජධානිය තවදුරටත් වෙළෙඳ පොළෙහි නොමැති බවයි. සමාගම කිසිවිටකත් මහජනයා කරා නොවනු ඇත. එය එක් වරක් ක්ලෙයින් මහතා ගේ සැලසුමට පත්ව තිබූ දෙයකි.

http://en.wikipedia.org/wiki/Calvin_Klein.

"https://si.wikipedia.org/w/index.php?title=කැල්වින්_ක්ලෙයින්&oldid=433458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි