විරන්ත ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්
විරන්ත ප්‍රනාන්දු
පුද්ගලික තොරතුරු
උපත6 පෙබරවාරි 1959(1959-02-06)
ලංකාව
මරණය17 April 2000(2000-04-17) (වයස 41)
කොළඹ, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයදකුණත්
භූමිකාවපිතිකරු
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1989–1990කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
1993මොරටුව ක්‍රීඩා සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි පළමු පෙළ
තරග 13
රැස් කල ලකුණු 501
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 38.53
100ඒවා/50ඒවා 1/4
වැඩිම ලකුණු 111
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 5/–
මූලාශ්‍රය: CricketArchive

විරන්ත ප්‍රනාන්දු (6 පෙබරවාරි 1959 - 17 අප්‍රේල් 2000) යනු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙකි .

ක්‍රිකට් දිවිය[සංස්කරණය]

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ගිය ප්‍රනාන්දු තරුණ වියේදී ඒකාබද්ධ පාසල් කණ්ඩායමේ නායකයා විය.[1] ඔහු 1976 වසරේ පකිස්තාන සංචාරයකදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර නැවතත් 1978 වසරේ ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදීද ඔහු නියෝජනය කළේය.[2]

දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වන ප්‍රනාන්දු 1980 දශකය පුරාවටම කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළ අතර 1988/89 ලක්ස්ප්‍රේ කුසලානයේ දී ඔවුන් ක්‍රීඩා කළ තරග පහේදීම නායකත්වය දැරීමේ ගෞරවයට පාත්‍ර විය. එය තරගාවලියට පළමු පෙළ තත්ත්වය හිමි වූ පළමු අවස්ථාව විය.[3] අර්ධ ශතක තුනක් ඇතුළත්ව සාමාන්‍ය 52.00 සහිතව ලකුණු 208 ක් ලබා ගනිමින් ඔහු එම වාරයේ සමාජයේ වැඩිම ලකුණු ලාභියා විය.[4]

ප්‍රනාන්දු 1989/90 ලක්ස්ප්‍රේ කුසලානයේ නායකත්වය රූපනාත් වික්‍රමරත්නට පවරා ඔහු ක්‍රීඩා කළ තරග තුනේදී රැස්කළේ ලකුණු 130ක් පමණක් වූ නමුත් කෝල්ට්ස් ක්‍රිකට් පිටියේදී මොරටුව ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 111ක ඉනිමක් වාර්තා කළේය.[5]

ප්‍රනාන්දු ඊළඟ වාර දෙකේදීම පළමු පෙළ මට්ටමේ ක්‍රීඩා නොකළ අතර පසුව 1992/93 දී මොරටුව ක්‍රීඩා සමාජය සමඟ නැවත පැමිණියේය. ඔහු මොරටුව සරවනමුත්තු කුසලාන තරඟාවලියේ තරඟ පහටම පෙනී සිටි අතර, ඔවුන් තරඟයක් පරාජය නොවී B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.[6] ඔහුගේම දායකත්වය අවම වූ අතර, සාමාන්‍ය 32.60 සහිතව ලකුණු 163ක් ලබා ගත්තේය.[7]

දේශපාලනය[සංස්කරණය]

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන ප්‍රනාන්දු මහතා බස්නාහිර පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[8]

ඝාතනය[සංස්කරණය]

2000 අප්‍රේල් 14 වැනි දින රාත්‍රියේ හලාවත රෝහලේ සංචාරයකින් පසු විරන්ත කුරණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නෑනාගේ නිවසට පැමිණි අතර ඔහුගේ රියදුරු සමඟ පාපැදිකරුවන් දෙදෙනෙකු ගැටුමක් ඇති විය.[9] පසුව පාපැදිකරුවන් 20 දෙනෙකුගෙන් යුත් මැර පිරිසක් පිහි සහ කඩුවලින් සන්නද්ධව නිවසට පැමිණියහ.[10] ඔවුන් නිවසට ඇතුළු වී නිවැසියන්ට පහර දුන්හ.[9] ප්‍රනාන්දු බරපතළ තුවාල ලැබූ අතර කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය අතර පසුව ඔහු මිය ගියේය.[9]

යොමු කිරීම්[සංස්කරණය]

  1. Daily News,"Kusal – first Cambrian to lead Sri Lanka under 19 team", 26 August 2013
  2. "Miscellaneous Matches Played By Wirantha Fernando (21)". CricketArchive.
  3. "Lakspray Trophy 1988/89". CricketArchive.
  4. "Batting And Fielding For Colts Cricket Club". CricketArchive.
  5. "Colts Cricket Club v Moratuwa Sports Club in 1989/90". CricketArchive.
  6. "Saravanamuttu Trophy 1992/93". CricketArchive.
  7. "Batting And Fielding For Moratuwa Sports Club". CricketArchive.
  8. The Sunday Times,"Jayatilleke shines at powerlifting meet", 19 December 1999
  9. 9.0 9.1 9.2 The Sunday Times,"Crime time", 23 April 2000, Leon Berenger and Chris Kamalendran
  10. The Sunday Times,"Mob attacks provincial minister", 16 April 2013
"https://si.wikipedia.org/w/index.php?title=විරන්ත_ප්‍රනාන්දු&oldid=543883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි