වියුක්තව පැවති ඉන්දියාව

විකිපීඩියා වෙතින්

පසුව ඉන්දියානු උප මහාද්වීපය බවට පත් වූ වියුක්තව පැවති ඉන්දියාව යනු වෙන්ව පැවති භූමිස්කන්ධයක් විය. ගොන්වානා බිඳීමෙන් පසුව, ක්‍රිටේසීය යුගයෙහි පසු අදියරයන් තුලදී සහ පේලියොසීන යුගයෙහි බොහෝ කාලයක් තුලදී, ඉන්දියානු ඵලකය ටෙතිස් සාගරය හරහා ප්ලාවනය වෙමින් ඉන්දියානු සාගරය නිර්මාණය කරමින් පවතිද්දී, ඉන්දියානු උප මහාද්වීපය වියුක්ත භූමිස්කන්ධයක් ලෙසින් පැවතුනි. මැඩගස්කරය වෙතින් ඉන්දියාවෙහි වෙන්වීම 88 මිලියන වසර ගණනකට පෙර පළමුව ඇරඹුනද, පරිපූර්ණ වියුක්තිය ඇතිවුනේ මස්ට්‍රික්ටියන් සමයෙහි අවසානය වෙත්ම වන අතර, ඩක්කන් තරප්පු තැනීම සිදුවීම මෙම ක්‍රියාවලිය නිසා යැයි අනුමාන කෙරෙයි. මෙයින් පසු 55 මිලියන වසර ප්‍රමාණයකට පෙර ආසියාව සමග ස්පර්ශය ඇතිවන තෙක්, භූමිස්කන්ධය වඩාත් සීඝ්‍ර ලෙසින් උතුරු දෙසට චලනය විය. එසේ වුවද, භූමිස්කන්ධ දෙක පූර්ණ වශයෙන් ඒකාබද්ධ වීම 35 වසර මිලියන ගණනකට පෙර පමණ වන තෙක් පමා වූ අතර,[1][2] 24 වසර මිලියන ගණනකට පෙර වන මෑතක් වන තුරු වියුක්ත කාලසීමා පැවතිණි. .[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ස්කොටීස්, ක්‍රිස්ටොෆර් ආර්. (ජනවාරි 2001). "ද කොලිෂන් ඔෆ් ඉන්ඩියා ඇන්ඩ් ඒෂියා (90 මියුපෙ — වර්තමානය)". පේලියොමැප් ව්‍යාපෘතිය. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2004.
  2. Aitchison, ජොනතන් සී.; අලි, ජේසන් ආර්.; ඩේවිස්, ඒලීන් එම්. (2007). "වෙන් ඇන්ඩ් වෙයාර් ඩිඩ් ඉන්ඩියා ඇන්ඩ් ඒෂියා කලයිඩ්?". ජර්නල් ඔෆ් ජියෝෆිසිකල් රිසර්ච්. 112 (B5). Bibcode:2007JGRB..11205423A.
  3. බයෝටික් ඉන්ටර්චේන්ජ් බිට්වීන් දි ඉන්ඩියන් සබ්කන්ටිනන්ට් ඇන්ඩ් මේන්ලන්ඩ් ඒෂියා තෘෘ ටයිම්. Nat Commun. 2016 ජූලි 4;7:12132. doi: 10.1038/ncomms12132.