විධිමත් සන්දේහය
නූතන දර්ශනවාදයේ ආරම්භකයා වූ ඩේකාට් (1596 - 1650) එක්තරා ක්‍රමයක් නිපදවූ අතර, අද ද එය සාර්ථකව යොදාගත හැකිය. ඒ නම් විධිමත් සන්දේහයයි (systematic doubt). සත්‍ය යයි තමාට ඉතා පැහැදිලිව විශේෂිතව නොපෙනෙන කිසිවක් තමා අදහන්නේ නැතැයි හෙතෙම තීරණය කළේය. හෙතෙම සැක කළ හැකි සෑම දෙයක්ම සැක කරයි. එය සැක නොකිරීමට හේතුවක් පෙනෙන තුරුම සැක කරයි. මේ ක්‍රමය යොදාගැනීමෙන් හෙතෙම, පැවැත්මක් ඇතැයි ඉතාම නිසැකව විස්වාස කළ හැක්කේ තමාගේ පැවැත්ම පිළිබදව පමණකි යන නිගමනයට ක්‍රමයෙන් එළඹුණි. ..... මේ අනුව ඔහුගේ පැවැත්ම ඔහුට සම්පූර්ණ නියතතාවකි. 'මම සිතමි. එහෙයින් මම සිටිමි' (කොජිටෝ, අර්ගෝ සුම්) හෙතෙම මේ නිශ්චිතතාව පදනම් කරගෙන, සිය සංශය නිසා සුණුවිසුණු වූ ලෝකය පිළිබද දැනීම නැවත ගොඩනංවන්නට පටන් ගනී.
සංශය මුල්කරගත් ක්‍රමය නිපදවීමෙන් ද, ඉතාම නියත වන්නේ ආත්ම ගත දේවල් යයි පෙන්වීමෙන් ද, ඩේකාට් දර්ශනවාදයට ඉතා විශාල සේවයක් කළේය.
....එහෙත් ඩේකාට් ගේ තර්කය හාවිතා කිරීමේ දී යම් තරමකට කල්පනාකාරී විය යුතුය. 'මම සිතමි. එහෙයින් මම සිටිමි' යන්න, අතිශයින්ම නිශ්චිත දෙයකට වඩා යමක් පවසන්නකි. එයින් ගම්‍ය වන්නේ මා යයි අද සිටින පුද්ගලයා ඊයේ සිටි පුද්ගලයා ම බවකි. මෙය එක් අරුතකින් ගත් කල සත්‍යය. එහෙත් සැබෑ 'මම' ද සැබෑ 'මේසය' තරම්ම දැනගැනීමට උගහටය. [1] වැඩිදුර විස්තර සදහා 17 වැනි සියවසේ දර්ශනය බලන්න.
- ^ දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්, පරි. රාණි සේනාරත්න රාජපක්ෂ, විජේසූරිය -2008, පිටු 22.23.