විදුලිය ජනනය කිරිමේ ක්‍රම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලෙස විදුලිය ජනනය කරන්නේ ජල විදුලි ක්‍රමය මගින් වන අතර ද්විතීයික වශයෙන් ඉල්ලුම අධික කාල සීමාවන්හිදී එය තාප එන්ජින් මගින් සිදු කෙරේ. තාප එන්ජින් වලට ප්‍රධාන වශයෙන් තාපය සපයන්නේ ෆොසිල ඉන්ධන දහනයෙනි. මීට අමතරව න්‍යෂ්ටික විකිරණනය මගින්ද තාපය සපයනු ලබයි.

ටර්බයින[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

සියලු තාප විදුලි එන්ජින් ටර්බයින ලෙස හැදින්විය හැක. වෙනත් වර්ගවල ටර්බයින නම් සුළගින් සහ ගලායන ජලයෙන් ක්‍රියාකරන ටර්බයිනයි. සියලු ටර්බයිනවල අන්තර් මාධ්‍ය ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරයි.

හුමාලය විද්‍යුත් උත්පාදක මධ්‍යස්ථානය, න්‍යෂ්ටික බල කර්මාන්ත ශාලා

හුමාලය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

න්‍යෂ්ටික ඛණ්ඩනය, ෆොසිල ඉන්ධන දහනය (ගල් අගරු, ස්වාභාවික වායු හෝ පෙට්‍රෝලියම් හෝ ජෛව ස්කන්ධ) දහනයෙන් ජලය නැට‍වීම, මීට අමතර සමහර කර්මාන්ත සුර්ය බලය තාපය ලෙස යොදා ගනී. මෙහිදී සුර්යය කිරණවලින් සුර්ය ශක්ති කුලුණු මගින් සුර්යාලෝකය කාන්දු කර කාබන් නිපදවන අතර මෙම තාපය ද්‍රව තුළට හුවමාරු කරණු ලබයි.

අලුතින්ම යොදා ගන්නා තාප නිෂ්පාදන ප්‍රභවයක් වන්නේ භූ උෂ්ණත්ව ශක්තියයි. මෙහිදී පොළවෙන් ජනිත වන උෂ්ණත්වයෙන් සෘජුවම ටර්බයින ධාවනයකර හෝ උණුවෙන් ද්‍රව්‍යයකින් ජලය වාෂ්පකරවා එමගින් ටර්බයින ධාවනය කරවයි.

ජලය(ජල විදුලිය)[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මෙහිදී ටර්බයින් පෙති මතට ගලායන ජලය වැටෙයි. එම ජලය වේල්ලකින් වේගයෙන් විදින ජලපහරක් හෝ උදම් ජලපහරක් විය යුතුය.

සුලඟ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

බොහෝවිට ටර්බයින ද්වභාවික යුගලකින් විදුලිය නිපදවයි. එමෙන්ම solar updraft කුලුණු භාවිතා කර සාමාන්‍ය වාතය සුර්ය රශ්මියෙන් රත්කර ලබාගන්නා වාතයෙන්ද ටර්බයින ක්‍රියාකරවයි. එය සුර්ය ශක්ති ප්‍රභවයක් ද වේ.


උණුසුම් වාතය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ස්වභාවික වායු හෝ තෙල් දහනයෙන් නිකුත්වන වායු මගින් ටර්බයින ධාවනය කර විදුලිය නිකුත් කිරීම සිදු කෙරේ.

සංයුක්ත වක්‍ර[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ගොනුව:Lakeside Power Plant.jpg
අසල ඇති සංයුක්ත වක්‍ර ඇති ස්වභාවික වායු ශක්ති කර්මාන්තය

සංයුක්ත වක්‍ර (Combved cucle) ටර්බයින ධාවනය වන්නේ හුමාලය සහ වායු යන දෙකෙන්මය. ස්වාභාවික වායු වායු ටර්බයින තුළ දහනයෙන් ශක්තිය නිපදවන අතර ඉතිරිවන තාපය භාවිතා කර හුමාලය මගින් අමතර විදුලි ප්‍රමාණයක් නිපදවා ගනී. මෙම බලාගාරවල කාර්යක්ෂමතාව 60% පමණ වේ.

ඇනුවැටුම් එන්ජින්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ගල් අගරු දහන බලාගාරය(Navada U.S.A) මෙම බලාගාරයේ පරිසර දුම පාලක උපකරණ දුර්වල නිසා මෙහි නිසික්‍රියාකාරිත්වය නවතා ඇත.

කුඩා ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ අනුවැටුම් එන්ජිම මගිනි. එහිදී ඩීසල් හා වායු, ස්වභාවික වායු දහනයෙන් ශක්තිය නිපදවයි. අවශ්‍ය අමතර ශක්තිය සැපයීමට අඩු වෝල්ටීයතා ඩීසල් එන්ජින් යොදාගනී

ජීව වායුව නිපදවන තැන්වලදී දහනයට ලක් කරන අතර එනම් ගොඩකලබිම් සහ අපවිත්‍ර ජල පිරිපහදුවලදී අනුවැටුම් හෝ ක්ෂුද්‍ර ටර්බයින් යොදා දහනය කිරීමෙනි. - ප්‍රකාශ වෝල්ටීයතා පතල ඉහතදී සාකච්ඡා ලෙස සුර්යය ශක්තිය සාන්ද්‍ර කිරණ වලදී මෙන් නොව ප්‍රකාශ වෝල්ටීයතා ජනේල මගින් සුර්යය ශක්තිය කෙලින්ම විදුලිය බවට පරිවර්තනය කරයි.

සුර්යාලෝකයන් නොමිලේ ලැබුනද සුර්යශක්තියෙන් විදුලිය නිපදවීම මහා පරිමාන යාන්ත්‍රීය ශක්ති නිෂ්පාදනයට වඩා වියදම් සහිතය මෙයට හේතුව පැනලවල මිල අධික වීමය. වර්තමානයේ අඩු කාර්යක්ෂමතා සිලිකොනයේ සුර්යකෝෂ භාවිතය වියදම් අවම කිරීමට හේතු වුවද බහු සන්ධි කෝෂ වල කාර්යක්ෂමතාව 30% පමණ වේ. සමහර පර්යෙෂණාත්මක පද්ධතිවලදී නම් කාර්යක්ෂමතාව 40% දක්වා දියුණු කර ඇත. වර්තමානයේ බොහෝ දුෂ්කර බලශක්තිය නැති ප්‍රදේශවල ප්‍රකාශ කෝෂ ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරයි. සමහර නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල ප්‍රකාශ කෝෂ අමතර ශක්ති ප්‍රභව ලෙස භාවිතා කරයි.

වර්තමානයේ පවතින ප්‍රකාශ වොල්ටීයතා තාක්ෂණයේ දියුණුව නිසා විදුලි උත්පාදනය හා පරිසර දුෂණය අවම නිසා සුර්යකෝෂ භාවිතය ශීඝ්‍රයෙන් දියුණු වී ඇත. ජර්මනිය, ජපානය, කැලිෆෝනියාව සහ නවයිර් යන ප්‍රදේශවල මෙම භාවිතය වසරක‍ට40% පමණ වැඩි වී ඇත.

වෙනත් ජනන ක්‍රම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

wind turbine
සුලං බලයෙන් ක්‍රියාකරන ටර්බයින සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරන්නේ වෙනත් විදුලි ජනක යන්ත්‍ර හා සංයුක්ත වීමෙනි.

වර්තමානයේ විදුලි නිෂ්පාදනය කරන වෙනත් ක්‍රම පිළිබදව අධ්‍යයනය කර ‍ඒවා නිර්මාණය කර ඇත. මෙහිදී අවමතා ජනනය (solld-state scieration)වඩාත් පහසුක්‍රමයක් ලෙස අවධානයට ලක්ව ඇත. එමෙන්ම බොහෝ දියුණු තාවයෙන් යුතු (TT) තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති තිබුනද තාප විද්‍යුත් උත්පාදනය (TE) වඩාත් ප්‍රමුඛත්වයෙන් යුතුය. සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වවලදී තාමායන හා තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති වෙනුවට තාප විද්‍යුත් උත්පාදන භාවිතා කරයි.

බීටොවොල්ටැයික් (Betavoltaics) සහ වෙනත් ඝන තත්ත්වයේ ශක්ති උත්පාදන ශක්තිය ජනනය කරන්නේ විකිරණශීලී ක්ෂවීම මගිනි මේ අතර ද්‍රව මත පදනම් වු චුම්භක ද්‍රව ගතික ශක්ති ජනනයද අධ්‍යයනය කර ඇත. මෙහිදී ශක්තිය ලබා ගන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගිනි. මෙම ක්‍රමය ලෝක සම්මත ඉන්ධන දහන ක්‍රමය ද වේ.

විද්‍යුත් රසායනික විදුලි ජනනය වැදගත් වන්නේ සරල හා නිරතුරැව වෙනස් කල හැකි ක්‍රමයක් ලෙසය. වර්තමානයේ විද්‍යුත් රසායනික ශක්තිය ලැබෙන්නේ බැටරි හෙවත් සංවෘත විද්‍යුත් රසායනික කෝෂ මගිනි. මේවා බොහෝ විට ශක්ති උත්පාදන ක්‍රමයට වඩා ශක්ති ගබඩාකරණ ක්‍රමයක් ලෙස භාවිත වේ. නමුත් විවෘත විද්‍යුත් රසායනික පද්ධති එනම් දහන කෝෂ පසුගිය සමයේ බෙහෙවින් පර්යේෂණයට සහ සංවර්ධනයට බදුන්වී ඇත. දහන කෝෂ මගින් ස්වභාවික ඉන්ධන (Hudrogen) හෝ කෘතිම ඉන්ධන මගින් ශක්තිය ජනනය කල හැක. එමෙන්ම ශක්ති උත්පාදන හා ගබඩාකරණ ක්‍රමයක් ලෙසද යොදා ගත හැක.