විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/Musical notability

විකිපීඩියා වෙතින්

කේෂාන් ශශීන්ද්‍ර පෙරමුදලිගේ

කේශාන් ශශීන්ද්‍ර පෙරමුදලිගේ යනු ශ්‍රී ලාංකීය ගායකයෙකු හා නලුවෙකි.

ටීවී දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 3 හිදි කිරුල දිනා සිහින තරුව බවට පත්වුනු ඔහු සිය මුල්ම ගීතය වූ රාත්‍රියේ පිපෙන්නම් ගීතය 2011දී නිකුත් කලේය.

2012 දි පිපෙන මල් ටෙලිනාට්‍යය හරහා සිය රංගන දිවිය ඇරඹූ ඔහු නලුවෙකු ලෙස මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට හා ප්‍රසිද්ධියට පත් වූයේ 2017 සිට වර්තමානය දක්වාම දෙරණ නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ අවන්ත ෆර්නෑන්ඩු ගේ චරිතය නිරූපණය කරමිනි.

එහි රඟපෑම වෙනුවෙන් 2018 සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා සම්මානයට ඔහු නිර්දේශ විය.

ෂේන් වෝඩ්[සංස්කරණය]

ෂේන් වෝඩ්
ගොනුව:ෂේන්-වෝඩ්.jpg
ෂේන් වෝඩ් මාධ්‍ය ඉදිරියේ
උපත
ෂේන් තෝමස් වෝඩ්

ඔක්තෝබර් 16, 1984 (1984-10-16) (වයස 39)
මැන්චෙස්ටර්, එංගලන්තය.
ජාතිකත්වයඉංග්‍රීසි
සක්‍රීය වසර2005–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේගායනය, පොප් සංගීතය
වෙබ් අඩවියhttp://shayneward.com/ />

ෂේන් තෝමස් වෝඩ් (1984 ඔක්තෝබර් 16, එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී) ඉංග්‍රීසි පොප් ගීත ගායකයෙකු වන මොහු එක්ස්-ෆැක්ටර් දෙවන තරඟාවලියෙන් දිනුම ලැබූ අයෙකි. මිලියන 3කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි කිරීමට සමත්වූ මොහු, රටවල් 9ක හොඳම ගීත ඇල්බමය හා හොඳම ගීතය වීමටද වාසනාව උදා කරගත්තෙකි.

ඔහුගේ පළමු තනි පුද්ගල ගීතය - " That's My Goal ", 2005 දෙසැම්බර් 21 වනදා එංගලන්තයේදී නිකුත් කෙරිනි. එය දෙසැම්බර් 31 වන විට අංක 1 ගීතය වී තිබිණි. එහි පිටපත් 313,000ක් එය විකිණූ පළමු දිනයේදීම විකිණීමට හැකිවුණි.