විකිපීඩියා:යෝජිත මකාදැමීම
Jump to navigation
Jump to search
යෝජිත මකාදැමීම යනු, වඩාත් දැඩි ඉක්මන් මකා දැමීමේඋපමානයන්ට අනුකූල නොවන මුත්, යම් ලිපියක් මකාදැමුමට සුදුසු වන බව මතභේදාකාරී නොවන ආකාරයට පිළිබිඹු කල හැකි ආකාරයකි. කිසිදු සංස්කාරකයෙක් විරුද්ධත්වය නොදක්වන්නේ නම්, නම් කෙරුණු පිටු දින හතකට පසුව මකා දමනු ලැබේ. යම් ලිපියක් මකාදැමීමට යෝජනා කල හැක්කේ එක් වරක් පමණි. මෙම ක්‍රියාවලිය නිසා මකාදැමීම සඳහා වන ලිපි (මසලි) ක්‍රියාවලිය මත බැර අඩු කෙරෙන මුත්, මසලි හි සිදුකෙරෙන සංවාදයන් මගහැරයාමක් මෙය මගින් සිදු නොවිය යුතුයි.