විකිපීඩියා:මූලධර්ම

විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට මූලධර්ම පද්ධතියක් සකසා ගැනීමේ කර්තව්‍යය ඇරඹීමේදී නිතැතින්ම අපගේ මනැස යොමු වන්නේ ඉංග්‍රීසි විකිපීඩියාව වෙතටය. ප්‍රජාවගේ සාරධර්ම සහ මූලධර්ම මේ යැයි දැක්වෙන ඒක රාශී, ස්ථීර ප්‍රකාශයක් ඉංග්‍රීසි විකිපීඩියාව වෙත හෝ සොයාගැනුම උගහටය. එය පැවැති පසු ගිය කාලය පුරා, ඉංග්‍රීසි විකිපීඩියාවේ සංස්කාරකවරුන් කිහිප දෙනෙක් මෙම සාරධර්ම හා මූලධර්ම පිළිබඳ සාරාංශ මෙන්ම කුමක් වැදගත් වන්නේද යන්න හුවාදක්වමින් ඔවුන්ගේ අදහස් ගැබ් කොට විවිධ රචනා ලියා දක්වා ඇත. මෙම ජනප්‍රිය පිටු වල ලැයිස්තුවක් පහත දැක්වේ:

මෙම සමස්ත පිටු මාලාවෙහි අභිමතාර්ථය වන්නේ සංස්කාරකවරුන්ට තොරතුරු සැපයීම හා උපකාර වීමයි. මෙම පිටුවලින් කිසිවක් ඉංග්‍රීසි විකිපීඩියා ප්‍රජාවෙහි නිල ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශ නොවේ.

මෙනයින් සිංහල විකිපීඩියාව සඳහාද මෙම ලිපි වල ගැබ්වන අදහස් උපයෝජනයට අවකාශ ඇති මුත් ඉන් කිසිවක් නිල ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශ ලෙසින් නොසැලකීමට අප ප්‍රජාව පරිස්සම් විය යුතුය.

මෙය බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:මූලධර්ම&oldid=133228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි