ඉංග්‍රීසි විකිපීඩියාව
Jump to navigation
Jump to search
ඉංග්රීසි විකිපීඩියාව යනු නිදහස් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග්රීසි භාෂා සංස්කරණයයි. 2001 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලද එය විකිපීඩියා විශ්වකෝෂයේ පළමුවන සංස්කරණය වන අතර, 2019 අප්‍රේල් මස වන විට එය ලිපි වැඩිම ප්‍රමාණයක් ඇති සංස්කරණය වේ. 2019 ජූනි වන විට සියලු විකිපීඩියා සංස්කරණ වල ලිපි සැලකු විට එයින් 12% ක් ඉංග්‍රීසි භාෂා සංස්කරණයට අයත් වේ. 2015 නොවැම්බර් 1 දිනදී එය ලිපි මිලියන 5 සීමාව ඉක්මවිය. 2019 ජූනි 6 වැනි දින වන විට එහි ලිපි 5,870,446 ක් අන්තර් ගතව ඇත. 2015 ඔක්තෝබර් මාසයේදී ඉංග්රීසි විකිපීඩියාවේ ලිපි එකතුව සම්පීඩිත කල විට ප්‍රමාණය ගිගාබයිට් 11.5 ක් විය.
![]() ![]() විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි. | |
URL | en.wikipedia.org |
---|---|
වාණිජ? | නැත |
අඩවි වර්ගය | අන්තර්ජාල විශ්වකෝෂය |
අඩංගුභාෂා(ව) | ඉංග්‍රීසි භාෂාව |
අයිතිකරු | විකිමාධ්‍ය පදනම |
නිර්මාණය කරනලද්දේ | ජිමී වේල්ස්, ලැරී සැංගර්[1] |
ඇරඹූයේ | ජනවාරි 15, 2001 |
දැනට තත්වය | සක්‍රීය |
- ↑ Sidener, Jonathan (December 6, 2004). "Everyone's Encyclopedia". U-T San Diego. Archived from the original on January 14, 2016. Retrieved October 15, 2006.
{{cite news}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) (help)