මාර්තු 24:

අදාළ බැක්ටීරියාවේ සෛල
1878 – එච්එම්එස් යුරිඩිස් නම් ඉංග්‍රීසි නෞකාව උතුරු ගිලී යයි. එහිදී පුද්ගලයන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1882 – ක්‍ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව (සේයාරුව) සොයා ගැනියි.
1944 – ඉතාලියේ රෝම අගනුවරදී සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 335 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1990 – ශ්‍රී ලංකා සිවිල් යුද්ධයට ඉන්දියානු මැදිහත්වීම නිල වශෙන් අවසන් වෙයි.
2008 – භූතානය නිල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වෙයි.
2015 – ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: මාර්තු 23 – මාර්තු 24 – මාර්තු 25