විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 13
පෙනුම
ජනවාරි 13: ටෝගෝ රාජ්‍යයේ විමුක්ති දිනය (1963);
- 1840 – ලෙක්සිංටන් නම් නෞකාවක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝං දූපත ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1908 – එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බෝයර්ටවුන් නගරයේ ඔපෙරා රඟහලක හටගත් ගින්නකින් 171 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1985 – ඉතියෝපියාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 429 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2001 – එල් සැල්වදෝරයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 800කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 2013 – ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක (සේයාරුව) දෝෂාභියෝගයට ලක් කර ධූරයෙන් පහ කරයි.
- 2020 – කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: චීනයෙන් පිටත වාර්තා වූ පළමු කොවිඩ්-19 ආසාදනය තායිලන්ත බලධාරීන් විසින් තහවුරු කරයි.