විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 12
පෙනුම
ජනවාරි 12: ටර්ක්මෙනිස්ථානයේ අනුස්මරණ දිනය (1881);
- 1866 – කොළඹ මහ නගර සභාවට පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
- 1918 – එංගලන්තයේ හැල්මර් එන්ඩ් ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 155 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1933 – ස්පාඤ්ඤයේ කාසස් විහේහාස් ප්‍රදේශයේ රක්ෂිත පොලිසිය විසින් ගොවීන් 22 දෙදෙනකු ඝාතනය කරයි.
- 1955 – එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2006 – සවුදි අරාබියේ මිනා ප්‍රදේශයේ ඇතිවූ තෙරපීමකින් මුස්ලිම් හජ් වන්දනාකරුවන් 362කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 2010 – හයිටි රාජ්‍යයේ ඇතිවූ භූමිකම්පාවකින් (සේයාරුව) පුද්ගලයන් 300,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.