විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තෝබර් 30
Appearance
(විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තොම්බර් 30 වෙතින් යළි-යොමු කරන ලදි)
ඔක්තොම්බර් 30: ඉන්දියාවේ, තමිල්නාඩුවේ, තේවර් ජයන්ති උත්සවය පැවැත්වේ.
- 1918 - පළමු ලෝක යුද්ධය: ඔටෝමාන් අධිරාජ්‍යය මිත්‍ර පාක්ෂිකයින් සමඟ මුඩ්රෝස් සටන් විරාමය අත්සන් කළේ ය.
- 1961 - සෝවියට් සංගමය මෙතෙක් පුපුරුවා හරින ලද බලවත්ම පුපුරණ ද්‍රව්‍යය වන සාර් බෝම්බය පුපුරුවා හැරියේ ය.
- 1980 - එල් සැල්වදෝරය සහ හොන්දුරාස් 1969 පාපන්දු යුද්ධයේ දී ඇති වූ දේශසීමා ආරවුල ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට එකඟ විය.
- 1991 - ඊශ්‍රායල-පලස්තීන ගැටුම: ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම සාකච්ඡා පුනර්ජීවනය කිරීමේ උත්සාහයක් ලෙස මැඩ්රිඩ් සමුළුව ආරම්භ විය.
- 1983 - වසර හතක හමුදා පාලනයෙන් පසු ආර්ජන්ටිනාවේ පළමු ප්රජාතන්ත්රවාදී මැතිවරණය පවත්වන ලදී.
- 2014 - පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගත් පළමු යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යය බවට ස්වීඩනය පත් විය.
තවත් සිදුවීම්: ඔක්තෝබර් 29 – ඔක්තෝබර් 30 – ඔක්තෝබර් 31