විකිපීඩියා:තෝරාගත් ලිපිය/03

විකිපීඩියා වෙතින්

සුපිරි සන්නායකතාව යනු සමහරක් ද්‍රව්‍යයවල, සාමාන්‍යයෙන් අතිශයින්ම පහළ උෂ්ණත්වලදී පමණක් හටගන්නා, තථ්‍ය ලෙසින් ශූන්‍ය විද්‍යුත් ප්‍රතිරෝධයක් සහ අභ්‍යන්තර චුම්භක ක්ෂේත්‍රයේ නිෂේධනය (මෙයිස්නර් ආචරණය) මගින් ලාක්ෂණික වන සංසිද්ධියකි. හෙයික් කැමලිං ඔනෙස් විසින් 1911 දී මෙය සොයාගන්නා ලදි. අයස්චුම්කත්වය හා පරමාණුක වර්ණාවලී රේඛාවන් සේම, සුපිරි සන්නායකතාවය යනු ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධියකි. මෙය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි "පරිපූර්ණ සන්නායකතාවය"ක් ලෙසින් සලකා ලුහු කොට සරළව අවබෝධ කර ගත නොහැක.

උෂ්ණත්වය පහළ බැසීමත් සමගම ලෝහ සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධතතාව ක්‍රමයෙන් අඩුවේ. කෙසේ නමුත් තඹ හා රිදී වැනි සාමාන්‍ය සන්නායකයන් විෂයයෙහිදී, අපද්‍රව්‍ය හා වෙනත් දෝෂ පැවතීම හේතුවෙන් ප්‍රතිරෝධකතාව පහළ බැසීම කෙරෙහි අවම සීමාකාරී අගයක් පැනවේ. නිරපේක්ෂ ශූන්‍යය ආසන්නයේ දී පවා සැබෑ තඹ සාම්පලයක් ශූන්‍ය නොවන ප්‍රතිරෝධයක් පෙන්වයි. අනෙක් අතට සුපිරි සන්නායකයකදී, ඉහත දෝෂ තිබියදී පවා, "අවධි උෂ්නත්වය"ට පහළ අගයක් දක්වා සිසිල් කල වහාම, එහි ප්‍රතිරෝධය එක්වරම ශූන්‍යය අගයක් දක්වා පහත වැ‍ටේ. සුපිරි සන්නායක කම්බි පුඩුවක් තුළින් ගලන විදුලි ධාරාවකට බල සැපයුමක් නොමැතිව අත්‍යන්තව නොනැසී පැවතිය හැකිය. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය