වාෂ්ප ටර්බයිනය
Jump to navigation
Jump to search
වාෂ්ප ටර්බයිනය යනු සම්පීඩක වාෂ්පයෙන් තාප ශක්තිය, උරාගෙන එම ශක්තිය ප්‍රයෝජනවත් යාන්ත්‍රික ශක්තියක් බවට පරිවර්තනය කරන යන්ත්‍රයකි. එහි වූ තාපික කාර්යක්ෂමතාවය සහ භාරයන් භ්‍රමනය කිරීමට එහි වූ අධික බලය නිසා එය සම්පූර්ණයෙන්ම ඉදිරියට සහ පසුපසට පිස්ටන් වාෂ්ප එන්ජිම ප්‍රතිස්ථාපනය කරන ලදී. වාෂ්ප ටර්බයිනය භ්‍රමන චලිතයක් ඇති කරන නමුත් පිස්ටන් එන්ජිම මඟින් භ්‍රමණ චලිතයක් ඇති කිරීමට තවත් බොහෝ සම්බන්ධීකරණ යාන්ත්‍රණ අවශ්‍යය. එය ප්‍රධාන වශයෙන් යෝග්‍ය වන්නේ එලවුම් සහ විද්‍යුත් ජනක කටයුතු සඳහාය. ලෝකයේ විදුලි බල උත්පාදනය 86% පමණ සිදු වන්නේ වාෂ්ප ටර්බයින මඟිනි. වාෂ්ප ටර්බයිනය යනු තාප එන්ජින් වර්ගයකි. එක් අදියරකට වඩා අදියර කිහිපයකින් වාෂ්ප ප්‍රසාරණය වීම මෙහි තාපගතික කාර්යක්ෂමතාව වැඩි දියුණු වීමට බලපා ඇත.