වාපත

විකිපීඩියා වෙතින්
ස්වභාවධර්මයෙහි හා විවිධ යානා වල හමුවන වාපත්හී නිදසුන්

වාපතක් යනු, මෙම හරස්-කඩෙහි දැක්වෙන පරිදී පියාපතක හෝ (අවරපෙත්තක, භ්‍රමකයක හෝ ටර්බයිනයක) තලයක හෝ රුවලක හැඩයකි.

වාපතක හැඩැති වස්තුවක් තරලයක් තුලින් චලනය කල විට වායුගතික බලයක් ජනනය කරයි. චලිත දිශාවට ලම්බකව පවතින මෙම බලයෙහි සංරචකය හැඳින්වෙන්නේ ආරෝහණය ලෙසිනි. චලිත දිශාවට සමාන්තරව පවතින සංරචකය රෝධය ලෙසින් හැඳින්වෙයි. උපධ්වනි පියාසැරි වාපත් සතු නෛසර්ගික හැඩයෙහි ප්‍රමුඛ දාරය රවුම් සහ අවර දාරය මුවහත් වන අතර බොහෝවිට අසසමමිතික උන්දමක් සහිත වෙයි. මේ සමාන කාර්යයක් සඳහා සැලසුම් කල හා කාරක තරලය ලෙසින් ජලය භාවිතා වන ලෝපත් ජලපත් ලෙසින් හැඳින්වෙති.

වාපතක ආරෝහණය ප්‍රාථමික වශයෙන් ඇතිවන්නේ එහි ප්‍රහාරක කෝණයෙහි සහ හැඩයෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. සුදුසු කෝණයකින් දිශාගත කල විට, වාපතක් විසින් එය මත පතිතවන වාතය අපක්‍රමණය කරන අතර, එම අපක්‍රමණයට විරුද්ධ දිශාවට බලයක් වාපත මත ඇති කරයි. මෙම බලය හැඳින්වෙන්නේ වායුගතික බලය ලෙසින් වන අතර එය සංරචක දෙකකට විභේදනය කල හැක: ආරෝහණය සහ රෝධය ලෙසිනි. ආරෝහණයක් නිපැයීම සඳහා බොහෝ වාපත් වෙත ධන ප්‍රහාරක කෝණයක් ලැබිය යුතු වුවද, උන්දමැති වාපත් විසින් ශුන්‍ය ප්‍රහාරක කෝණයකදී පවා ආරෝහණය ජනිත කල හැකි වෙයි. වාපතක් සමීපයේදී වාතය මෙසේ "හරවා යැවීම" නිසාවෙන් වක්වූ අනාකූල රේඛා ජනිතවීමෙන් වාපතෙහි එක් පසෙක අඩු පීඩනයක්ද අනෙක් පසෙහි වැඩි පීඩනයක්ද ඇති වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=වාපත&oldid=251553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි